දසුන් ප්‍රේමවංශ පොද්දෙණියගේ කුළුඳුල් ගේය පද රචනයෙන් ද නන්දා මාලනීයන්ගේ සුගායනීය හඬ මාධුර්යයෙන් ද විජේසුන්දර වෙිරගොඩයන්ගේ මියුරු මියැසියෙන් ද සුරංජිත මෙි ගීමිණ පාලකයන් මෙරට අධ්‍යාපනයට කර ඇති විනාශයේ තරම මොනවට පැහැදිලි කරයි.
ඉඩක් කෝ ? තැනක් කෝ ? දස්ස මිනිහට රටෙි වාසනා ගුණ සිඳුණු පිදිය යුත්තන් නොදත් දස්කම් විස්කම් ඔප්පු කරන්නට අනුබල අනුහස තල්ලුව ඔිනෑ දස්කම් විස්කම් ඔප්පු කරන්නට පන්දම් පාලිය නටන්න ඔිනෑ
|
"අනේ දෙව්දත් නොදුටු මොක්පුර " නමැති කාව්‍ය සංග්‍රහයේ කතුවරයෝ ප්‍රවීණ නාට්‍යවෙිදී සුගතපාල ද සිල්වාණෝය.ඔවුහු නාට්‍ය තරමට ම කවි නොලියූහ.එහෙත් ඔහු ලියූ එකම කාව්‍ය කෘතිය අතිශය ජනප්‍රිය විය.අනේ දෙව්දත් නොදුටු මොක්පුර කාව්‍ය සංග්‍රහය කියැවූ පාඨකයෝ එහි රසය දනිති.එදා සුගත් කී පරිදි දක්ෂයාට, උගතාට,බුද්ධිමතාට වත්මන් සමාජයේ ඉඩක් නැත.නිස්සන්, සුදුස්සන් වෙනුවට පුස්සන්, පිස්සන්, ගැත්තන් රජ කරන සමාජයකට මහෞෂධ පුතුන්ගෙන් වැඩක් නැත.උපාධි සහතිකය ලැමිනේටිං කරගෙන පාරක් ගානේ රැකියා පෝලිම්වල රස්තියාදු වන උපාධිධාරින් ගණන කෙතරම් ද?අද සමාජයේ යෙහෙන් වැජඹෙන්නේ උගතා නොව නූගතාය.මොළ නෙළු එකා දහ දුක විඳිද්දී මොළ සූරකෑ එකා සුරසැප විඳියි.මෙි අර්බුදය අසාහය නාට්‍යවෙිදී සුගතපාල ද සිල්වාණෝ මෙසේ කවියට නගති.
මොළ නෙළුෑ එකෙක් රාක්ක මොළවලින් පුරවා පොත්ගුලක හිර වී කාවන් සමඟ සටනක මොළ ගසා කෑ එකෙක් සේප්පු කාසිවලින් පුරවා රිදී යතුරු කැරැල්ල විල්ලුද කොට්ටය යට සඟවා නොමැරෙන බෙිත් සොයන සටනක
|
මොළ ගසා කන්නන්ගෙන් ගහන කුණුවී ගඳ ගසන සමාජයකට මොළ නෙළන්නන්ගෙන් වැඩක් නැත.එහෙත් මොළ නෙළන්නන් ද නෙළා ගත් මොළ සිය ප්‍රායෝගික ජීවිතය සාර්ථක කරගැනීම සඳහා නිසි අයුරින් භාවිත කළ යුතු නොවෙිද?මෙරට ගිරාපෝතක අධ්‍යාපන ක්‍රමයේ වරදින් සරසවි උපාධිධාරිහු දැඩි රැකියා අර්බුදයකට මුහුණුපා සිටිති.මෙනයින් රැකියාවට හැකියාව නැති තරුණ උපාධිධාරිහු පිරිසක් විරැකියාවෙන් පීඩනයට පත්වී සිටිති.උපාධිධාරියා සහ රැකියා වෙළෙඳපොළ අතර අවියෝජනීය බැඳීමක් තිබිය යුතුය.එහෙත් එබඳු තත්වයක් තවම උදාවී නැත.මෙරට විශ්වවිද්‍යාලයකින් බිහිවන උපාධිධාරියකුට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා අවකාශ තිබිය යුතුය.තතු එසේ වූව ද රැකියාවට ඇවැසි වෘත්තීය පුහුණුව නොමැති නම් සිවුවසරක් පුරා දහදුක් විඳිමින් ගත්ත උපාධි සහතිකයෙන් කිසිදු පලක් නැත.රැකියාවට සරිලන හැකියාව හෙවත් ශිල්පීය ඥානය නොමැතිකමින් අද උපාධිය බල්ලට ගොස් ඇතැයි කීම ද අතිශයෝක්තියක් නොවෙි.අද පඳුරකට පයින් ගැසූ විට උපාධිධාරිහු හැට හැත්තෑවක් එළියට පනිති.එහෙත් බොහෝ දෙනකුට නිවැරැදි සිංහලත් ඉංග්‍රීසිත් හරියට ලිවීමට හෝ කතා කිරීමට නොහැකිය.නිර්දිෂ්ට කෘතිවලින් ඔබ්බට කිසිදු දැනුම් සම්භාරයක් ඔවුන්ට නැත.එහෙත් ස්වයං අධ්‍යයනයක නියැළිමින් දැනුමෙන් සන්නද්ධ වූ සමයාන්තර දැනුමක් ඇති ශාස්ත්‍රාලයීය නොවන ( Non Academic ) බුද්ධිමතුන් පිරිසක් ද මෙි අතර සිටිති.ඔවුහු වෘත්තීය නිපුණතා ද දියුණු තියුණු කරගනිමින් උසස් රැකියාවල ද නියැළෙති.වනපොත් කරමින් පොතේ දැනුමට පමණක් සීමා වූ කලා, සමාජ විද්‍යා,හා ජනමාධ්‍ය කේෂත්‍රයේ කූපමණ්ඩුක උපාධිධාරිහු යටකී දක්ෂයන්ට බුද්ධිමතුන්ට බියෙන් ඊර්ෂ්‍යාව,කුහකත්වය,වෛරය වපුරති.නිවැරැදි සිංහලෙන් ව්‍යාකරණානුකූලව වාක්‍යයක් දෙකක් ගළපා ගන්නට බැරි අකෂර වින්‍යාස,වියරණ නොදත් පුහුු බැහැරි උපාධිධාරිහු කිහිපදෙනෙක් ද මෙි අතර සිටිති.යටකී ශිල්පඥානය, භාෂා දැනුම නැති ඔවුහු ගුරු වෘත්තීයට ද රිංගා ටියුෂන් කඩ ඔස්සේ සිසුන් අතරමං කරති.සිංහල භාෂාව හරිහැටි හැසිරවීමට බැරි මෙබඳු නල්ලමලේ උපාධිධාරිහු පත්තර කන්තෝරුවලට ද හේත්තු වී කේළමෙන්,පන්දමෙන් පැවැත්ම තර කරගෙන සිටිති.ඔවුහු වැඩබැරි දාසයෝය.මෙි වූකලි උපාධි සහතිකය දඩමීමා කරගෙන අත්තුක්කංසනයෙන්, පරවම්භනයෙන් පාරම්බාන අමනෝඥයෝ පිරිසක් වෙති.
මෙරට රැකියා අර්බුදයට හේතුභූත වූ කරුණු කාරණා රාශියක් ම ඇත.රැකියා වෙළෙඳපොළත් විශ්වවිද්‍යාලයත් අතර විශාල පරතරයක් තිබෙි.එකී පරතරය නැති කිරීම රජයකට පමණක් තනියම කළ නොහැකිය.එම වගකීමෙන් අඩක් සරසවියට යන විද්‍යාර්ථීයාට ද අැත.විශ්වවිද්‍යාලයෙන් නොලැබෙන වෘත්තීය පුහුණුව බාහිරින් හෝ ලබාගෙන ඉලක්කගත රැකියා වෙළෙඳපොළට ඇවැසි සුදුසුකම් සපුරා ගැනීමට විද්‍යාර්ථීන් ද උත්සාහ කළ යුතුය.මෙරට උපාධිධාරින්ගේ රැකියා ගැටලුවට බහුල වශයෙන් මුහුණ දෙන්නෝ කලා විෂය ධාරාවට අයත් විද්‍යාර්ථීහුය.විද්‍යා විෂය හදාරන සිසුහු පිරිසක් ද මෙි අතර සිටිති.එහෙත් වෛද්‍ය සහ ඉංජිනේරු වැනි පාඨමාලා හදාරන සිසුහු එම ඉලක්ක වෘත්තීය වෙනුවෙන් උගනිති.ඉංග්‍රීසි සහ පරිගණක දැනුම නොමැතිකම ද උපාධිධාරින් මුහුණ දෙන බරපතළ ගැටලුවකි.පවතින අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට කිසිදු ප්‍රයත්නයක් නොගෙන විරැකියාවෙන් පෙළෙන උපාධිධාරිහු රජයට පමණක් බැණඅඬ ගසමින් විරෝධතා පවත්වති.එහෙත් ඉන් කිසිදු පලක් නැත.
වෙනත් රටවල මෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මැන බැලීමේ විභාග ක්‍රමයක් ලංකාවෙි නැත.ඉසෙඩ් අගය ( Z - Score ) යනු දැනුම පෙන්වන මිනුම්දණ්ඩක් නොවෙි.ඉසෙඩ් අගය යනු ලංකාවෙි විශ්වවිද්‍යාල ප්‍රවෙිශය ලබාගැනීමේ මාර්ගයකි.එහෙත් එය උසස් පෙළ සිසුවකුගේ දැනුම උරගා බැලීමේ ක්‍රමවෙිදයක් නොවෙි. උපාධි සහතිකය රැකියාවක් ලබාගැනීමේ එකම සුදුකම ද නොවෙි.එබැවින් වෘත්තීය සුදුසුකම් සපුරා නොගෙන රැකියාවක් අපේක්ෂා කිරීම නුනුවණ ක්‍රියාවකි.උපාධිධාරින්ට පමණක් නොව අනෙක් පුද්ගලයන්ට ද රැකියා ලබාගැනීමට හැකිවන පරිදි මෙරට ආර්ථිකය ප්‍රසාරණය විය යුතුය.ආර්ථික සංවර්ධනයක් නැති රටක උපාධිධාරියා පමණක් නොව කම්කරුවා ද රැකියා පෝලිම්වලය.මෙි ගීතයට විෂය වන්නේ යටකී විරැකියා අර්බුදය යි.
සඳුන්හර මිටින් නොමගෙන ඉපිද මෙි බිමෙි මහෞෂධ පුතුන් තැන තැන රැඳෙන පෝලිමෙි ශිල්ප සතර දැන පිරිසිඳ කටුක ජීවිතේ සහතිකේ සෙවිලි කරගෙන කිමද මාවතේ |
සඳුන් ගැටයක් මිට මොලවගෙන උපන්නෝ මහෞෂධ පණ්ඩිතයෝය.උම්මග්ග ජාතකයේ කර්තෘ අඥාතය.එහෙත් එම ප්‍රබන්ධය කෙතරම් නිර්මාණශීලී ද? පණ්ඩිතයෝ උපතින් ම දැනුම,බුද්ධිය රැගෙන විත් සඳුන් සුවඳ මෙන් එය දසත පතුරවති.එහෙත් සරසවි අධ්‍යාපනය ලැබූ උපාධිධාරී තරුණ තරුණයන් මෙි උගත්කම ලබා ගත්තේ දුෂ්කර ගමනකින් පසුවය.ඔවුහු පීඩිත පන්තියේ මවුපියන්ගේ දරුවෝය.කටුක ජීවිතේ විඳිමින් අසීරුවෙන් ලබාගත් උපාධියට අද තැනක් නැත.ඔවුහු උපාධි සහතිකය ලැමිනේටිං කරගෙන මහපාරේ රැකියා සොයමින් රස්තියාදු වෙති.මෙහිදී රචකයා "සහතිකේ සෙවිලි කරගෙන" යන්නෙන් අදහස් කරන්නේ අමාරුවෙන් ගත් උපාධි සහතිකය ආරක්ෂා කිරීමට දරන ප්‍රයත්නය පිළිබඳ නොවෙිද?පීඩිත පන්තියට ජීවිත සටන ජයගැනීමට ඇති එකම ආයුධය අධ්‍යාපනය යි.උපාධි සහතිකය වනාහි එහි අග්‍රඵලය නොවෙිද?ජාතික ප්‍රතිපත්තියක් නැති මෙරට අධ්‍යාපනයේ විපරිත බව පෙන්වීමට මීටත් වඩා කාව්‍යෝක්ති ඇවැසි ද?
දිරිය මාපියන් හිස මල් පිපුණු හීනයේ සුපුන් සඳ වසා නෙක තරු රැසකි පීදුණේ දිනැති නොවිය තුන්ඉසුරින් රැගෙන දේශයේ නැණැති පුතුන් වල්වැදුණා සුභාෂිත පොතේ |
තම දරුවා අධ්‍යාපනයේ හිණිපෙත්තට යන සිහිනය සෑම මවුපියවරු ම දකිති.එහෙත් ඒ සිහිනය සැබෑ වන්නේ කීයෙන් කීදෙනාගේද? මෙි වූකලි ධෛර්යවන්ත ,උත්සාහවන්ත මවුපියන්ගේ හිසේ මලක් පිපුණු දවසකි.තම දරුවා උපාධි සහතිකය සුරත දරාගෙන එනතුරු මවුපියෝ නොඉවසිල්ලෙන් සිටිති.එහෙත් පෙරුම්පුරා ලබාගත් උපාධි සහතිකයෙන් දරුවන්ට සෙතක් වී නැති බවත් රචකයා කියයි.අවසානයේ දී සිදුවූයේ කුමක්ද? මෙි නැණැවත් දූ පුතුන්ට සිදුවූයේ සුභාෂිතය වැනි උපදේශනාත්මක කාව්‍ය ග්‍රන්ථයක වල්වැදීමට නොවෙිද? සුභාෂිතය වනාහි රාජසිංහ රජු සමයේ ලියැවුණු විශිෂ්ට කාව්‍ය කෘතියකි.එහි කතුවරයෝ අලගියවන්න මුකවැටිතුමෝය.මෙි වූකලි පොදුජන ජීවිතයේ සෑම අංශයක් කෙරෙහි ම බලපාන ප්‍රබල දෘෂ්ටාන්ත හා උපමා ග්‍රන්ථයකි.සත්පුරුෂ ඇසුර,රජ්‍ය පාලනය,මහත්මා ගතිපැවතුම්,පරාර්ථචර්යාව ආදී පොදුජන සුබ සිද්ධියට අදාළ උපදේශ රාශියක් මෙහි ගැබ්වී ඇත.රචකයාට අනුව උගත්කම රජවී ඇත්තේ සුභාෂිතය වැනි පතපොතේ පමණි.
සාර රන් කරල් සරසවි කෙතේ යටවුණේ රාජ අනුහසින් බොල් අස්වනුය ගොඩවුණේ නියංසාය ගම් වදිනා චණ්ඩ මාරුතේ කලට වහින්නට නැතිදෝ කඳුළු ආකහේ |
සාර රන්කරල් යනු මෙි විද්‍යාර්ථීන්ගේ තරුණ ජීවිතය යි.මෙකී අරුණෝදය බඳු තාරුණ්‍යය සිවුවසරක් පුරා සරසවිය නමැති කුඹුරට ඔවුහු දියකර හැරියහ.එහෙත් එයින් බිහිවුණු අස්වනු බොල්ය.මෙි බොල් අස්වනු බිහිකිරීමට ආශිර්වාද කළෝ කවරහුද? ඒ වෙන කවුරුවත් නොව මෙි නිසරු අධ්‍යාපන ක්‍රමවෙිදය දිගටම කරපින්නා ගෙන යන රාජ්‍යතන්ත්‍රය යි.නෙළා ගත් අස්වැන්න බොල්වී අහුරු ලෙස සුළඟට මුසුවී නම් කුමක් කරන්නද?නියඟයෙන් දැවෙන ගමට සැඩ මාරුතයක් පැමිණිය ද නිසි කලට වැසි නොවැටෙි නම් කුමන පලක් ද? වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම් දෝ ඒ අමාරුව?
වත්මන් උපාධිධාරියාට අත්වී ඇති ඉරණම දැකීමෙන් දසුන් ප්‍රේමවංශ කවියාගේ හද දැවෙයි.සිත සෝබර වෙයි.
කලාකරුවෝ මිනිස් ජීවිතයට,පරහට සිටින පිළිමලුන් කවුරුන් දැයි සෙවීමට තැත් කරති.එහෙත් ගීතය නමැති අතිසීමිත කේෂත්‍රයේ දී එබඳු දෙයක් කිරීම උගහටය. මෙි රචකයා ප්‍රශ්නයට පිළියම් සෙවීමට ද යත්න දරයි.ගේය පද රචකයා දුහුනකු වූව ද මෙි අපූරු පැදි පෙළෙන් ප්‍රවීණත්වයක්, විශිෂ්ටත්වයක් සුවිශද කරයි.ධ්වනිතාර්ථපූර්ණ යෙදුම්, ඖචිත්‍ය ගුණයෙන් පරිපූර්ණ වචන ගීතයේ සාර්ථකත්වයට දෙස් දෙයි.ලංකාවෙි විරැකියා අර්බුදය නොවිසිදෙන ගැටලුවකි.එහෙත් සැබෑ උපාධිධාරියා උත්කර්ෂට නංවමින් රචකයා උත්සාහ දරන්නේ එම අර්බුදයේ එක් පැතිකඩක් පෙන්වීමටය.ඔහුගේ ව්‍යායාමය සාර්ථක වී ඇතැයි සිතේ.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සඳුන්හර මිටින් නොමගෙන
රනේ Friday, 05 May 2023 06:57 AM
රණසිංහ මහතානෙනි ඔබට ස්තූතියි!