සිසිර දිසානායකයන්ගේ ගේය පද රචනයෙන් ද ප්‍රවීණ ජන සංගීතවෙිදී ලයනල් රන්වලයන්ගේ ස්වර සංරචනයෙන් ද ජනගී කෝකිලාවී වසන්තා මධුරාංගනීගේ සුගායනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණ රසයෙන් ද මානවබන්ධුත්වයෙන් ද අප හද ප්‍රකම්පනය කරවයි.
මෙි ලෝකයේ ප්‍රිය විප්‍රයෝග අනන්ත අප්‍රමාණය. අප දිවිහිමියෙන් පෙම්කළ ප්‍රියජනයෝ අපගෙන් වියෝ වෙති. ඇතමෙක් මරණ අන්තරාදී ස්වභාවික හේතුන් මත අප හැර යති. සමහරු සමාජ ආර්ථිකාදී ගැටලු දරාගැනීමට නොහැකිව ජීවිතයෙන් හෙම්බත්වී නොකල්හි දිවිනසා ගනිති. තවත් අයෙක් හදිසි ආපදාවකට ගොදුරු වී සදහටම සුතනඹුවන් අතැර යති.එබඳු විප්‍රයෝග අප හද ප්‍රබල ලෙස පෙළයි. මෙි ශෝකය සාහිත්‍ය කලාවෙිදී "කරුණ රසය" යනුවෙන් අර්ථ ගැන්වෙයි. මෙි ගීතයෙන් ප්‍රකාශිත වන්නේ එබඳු වියෝගයක් හේතු කොටගත් කරුණ රසයයි. මෙහි කථකාවගෙන් වෙන්වී ගොස් ඇත්තේ ඇයගේ සැමියා යි. ඔහු මියගියේ හදසි ආපදාවකිනි. ඒ බඹර කපන්නට ගොස්ය. බඹර කැපීම වූකලි ලංකාවෙි පැරැණි ජනසමාජය හා බැඳුණු අතිශය දුෂ්කර, ජීවිත අවදානමක් ඇති ජීවනෝපායකි. බඹරුන්, මීමැස්සන් ආශ්‍රිත පැණි, ඉටි එකතු කිරීම හුදෙක් ලංකාවට පමණක් ආවෙිණික වූ කර්මාන්තයක් නොවෙි. ලෝකයේ විවිධ රටවල විශේෂයෙන්ම ගෝත්‍රික සමාජවල මෙි වෘත්තිය දක්නට හැකිය. ආදිවාසීහු ඉන් උපරිම ඵල නෙළා ගනිති. විසල් ගල්කුළු බඳෙහි බැඳි බඹරවද කපන්නෝ කවරහුද? ඔවුහු පීඩත පන්තියේ අසරණයෝය. තම ජීවිතය පවා පරදුවට තබා අවදානම් රැකියාවක නියැළෙන බඔර කපන්නෝ ඉවසිලිවන්තයෝය. ඉවසීමත් අභීතකමත් නැත්තෝ එබඳු රැකියා තෝරා නොගනිති. බඹර කපන්නා සවිමත් කඔයක එල්ලී ප්‍රපාතය පෙනි පෙනී පහත බසින්නේ සිය ජීවිතය කඹය දරන්නාගේ දෝතට බාරදෙමිනි. එහෙත් මෙකී කඹය දරන්නා විශ්වාසවන්තයකු විය යුතුය. ඔහු අතින් හැරපොට ගිලිහුණොත් සියල්ල හමාරය. බඹර කපන්නාගේ සුතනඹුවන් ද අනාතය.
මෙනයින් බඹර කපන්නා හැරපොට දෙන්නේ මස්සිනාටය. බිරියගේ අයියණ්ඩියට හෝ මලණුවන්ටය. ඔවුහු දෙමස්සිනෝය. කිසිදු සහෝදරයකු තම නැගණිය හෝ අක්කණ්ඩිය වැන්දඹුක වනවාට අකමැතිය. එබැවින් මස්සිනා කඹය අත්නොහරින බව සහතිකය. කෝන්තරකාරයෝ හැරපොට කපති. එහෙත් අත්වැරදීමකින් හෝ කඹය ගිලිහුණ ද තම බිරිය හා දරුවන් රැකබලා ගැනීමට මස්සිනා ඉදිරිපත් වන බව බඹර කපන්නා දනී. මෙි වූකලි විශ්වාසය මතම ගොඩනැගුණු රැකියාවකි. වෙස්සන්තර ගී විරිත පාදකකර ගෙන නිර්මාණය කොට ඇති මෙහි සංගීතය ද අතිවිශිෂ්ටය. බුත්සරණෙහි දැක්වෙන වෙස්සන්තර කාව්‍ය තුළ තම මව දන්දීම පිළිබඳ ජාලිය කුමරු නගන සංවෙිගාත්මක පැණසර පැනය මෙහිදී සිහිවෙයි.
බුදුබව පැතුව දරුදුක නෑදෝ
අම්මා නම් අප බැඳලා දේදෝ
ගොං බැඳ තැළුවට කිරි එරවාදෝ
සක්වළ දෙවියා අසලක නෑදෝ
බඹර කපන්නෝ පාළුව, කාන්සිය මකාගැනීමට බඔර කවි කියති. ඔවුහු සිය රැකියා අවදානම අමතක කිරීමට විවිධ සිවුපද ගොතති. මෙි සියලු කවි ගී ජීවිත යථාර්ථය පිළිබිඹු කරන කැඩපතක් බඳුය.
නව නවා බඹර අතු අග යන කලට
නැමි නැමී කඳින් බරවිය අතු අගට
වදේ කඩා බැරිවුණි එය බාගන්ට
මුලෙන් කඳ බිඳුණි දෙන්නගේ කරුමයට
කුසේ උපන් ලොකු අයියා කරපු හැටී
ගසේ සිටියදී හැරපොට කපා බසී
බඹරු සිය දහස් ඇඟ ලේ උරා බොති
පලයන් අයියණ්ඩි මම එන ගමන් නැති
පන්ති සමාජයේ වෙසෙන දුප්පත් පීඩිතයන්ගේ ජීවිත දුකින්, දොම්නසින්, දහදියෙන්, ලෙයින්, කඳුළින් පිරී ඇත. පීඩත මිනිසා පන්තිමය සූරාකෑමෙි උරචක්‍රමාලාවට හසුවී ජීවිත කාලයම ධනපතියාට කඹුරයි. ධනපතියෝ පීඩතයා පෙළමින් අතිරික්ත ශ්‍රමය සූරාකති.
බඹර කපන්නට ගොස් ගල්පල්ලෙන් වැටී මියගිය සැමියා පිළිබඳ තම මලණුවන්ගෙන් තතු විමසන අසරණියකගේ ශෝකාලාපයයි මෙි.
සඳසාවි මා
සඳමඬලේ පාළුවෙි මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා
සිය සැමියාගේ අකල් වියෝවෙන් ළතැවෙන මෙි කථකාව මතක මං පෙතෙහි වැළපෙමින් ළතෝනී දෙන්නීය. එකල සිය වල්ලභයා සමඟ සුඛප්‍රහර්ෂයෙන් කල්ගෙවූ ඇය අද වැන්දඹුවකි. තම ප්‍රාණසම සැමියා ඇයට සඳකි. සඳට තනි රැක්ක සාවිය ඇයයි. එහෙත් ඒ සොඳුරු සොමි කිරණින් එකලු වූ සඳමඬල අද අඳුරුය. පාළුය. බඹර ගලින් ලිස්සා වැටුණු එරන් සඳ නිවී ගොස්ය. සඳට තුරුලුවී සිටි සාවිය ද තනිවී ඇත. ඇය සිය මලණුවන්ගෙන් හඬා වැළපෙමින් අසන්නේ බඹර කපන්නට ගිය තම සැමියාට සිදුවුණු සන්තෑසිය කුමක්ද යන්නය. "සඳ නිවුනිද කියපන් මයෙ මලයා " මෙය අතිරමණීය කාව්‍යෝක්තියක් නොවෙිද?
දෙමස්සිනාලා මල්පැණි බීවාදෝ
බඹර කපන්ටා - බඹර කපන්ටා
බමන මතින් කරණම් ගැසුවාදෝ
තනිවූයේ මාවයි මයෙ මලයා
ඔවුහු දෙමස්සිනෝය. දෙදෙනා මධුවිතින් සප්පායම් වී බඹර කපන්නට ගියා දැයි ඇය අසන්නීය. සැමියා තම සොහොයුරා සමඟ සෝම පානයෙන් මත්වී බමන මතින් ගල්පල්ලට කරණමක් ගැසුවාවත් දැයි ඇයට සිතෙයි. තතු කෙසේ වූවද අවසානයේ ඊට වන්දි ගෙවන්නටත් දුක් විඳින්නටත් තනිවෙන්නටත් සිදුවූයේ තමන්ට නොවෙි දැයි ඇය සිය මලණුවන්ගෙන් අසයි. ප්‍රියසංයෝගය යම් ආනන්ද ප්‍රහර්ෂයක් දනවයි නම් ප්‍රියවිප්‍රයෝගය ඊට නොදෙවැනි ශෝකසන්තාප දනවයි.
සිත පෑරීලා
බඹරුන් ඇන්නාදෝ
අම්මාපල්ලා - අම්මාපල්ලා
උන් ඒවග දන්නෙ නැතිවාදෝ
තනිවූයේ මාවයි මයෙ මලයා
නිසැමි ලියෝ අසරණියෝය. සස්වාමික ලියන්ට මෙන් ඔවුනට රැකවරණ නොමැත. එකල්හී ගැහැනියකගේ පීඩනය තවත් දරුණු නොවෙිද? මෙි කථකාව සිය මලණුවන්ගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න අසන්නීය. එහෙත් ඒ කිසිදු ගැටලුවකට විසඳුම් සොහොයුරා තුළ නොමැත. ඔහු දන්නෙ තම මස්සිනා ගල්පල්ලෙන් වැටී බිමට පතබෑවුණු බව පමණි. එහෙත් ඇය විමසන්නේ තම සැමියා කිසියම් සිත් රිදවීමකින් බඹරුන්ට බිලිවූවාද යන්නය. එසේත් නැත්නම් හදිසියේ හදවත නැවතුණාවත් ද ? බඹරුන් ඇන්නාදෝ යනුවෙන් ව්‍යංගයෙන් අසන්නේ එය නොවෙිද? කෙසේ වෙතත් ඇයට මෙි සියල්ල උභතෝකෝටිකයකි.
මෙි කථකාව පීඩත පන්තියේ ලියකි. නිසැමි ඇයට අදින් පසු ජීවත්වීමට සිදුවන්නේ තනිවමය. තනිකඩ ජීවිතය අමිහිරිය. අසුන්දරය. එකම දෙය පුනරුච්චාරණය කළ ද මෙි ගීතයේ ඇතැමි පද හෘදයාංගමය. හදබසට සමීපය. එහෙත් කථකාවට දැනෙන වියෝදුක කාව්‍යමය යෙදුම් මගින් ධ්වනිත නොකොට වාච්‍යාර්ථයෙන් කියා පායි. රචකයා පද පූරණයට වැඩි ඉඩක් ලබාදීම නිසා ගීසපුව වැහැරෙයි. අම්මාපල්ලා, කියපන් මයෙ මලයා, තනිවූයේ මාවයි මයෙ මලයා, උන් ඒවග දන්නෙ නැතිවාදෝ යනාදිය වියෝදුක ධ්වනිත කිරීමක්, ඇඟවීමක් නොව පොල්ලෙන් ගැසුවාක් මෙන් සෘජුවම කියාපෑමකි. සාහිත්‍යයේදී මෙබඳු වදන් හැඳින්වෙන්නේ "රසසුන් ගම්වැසි වදනරුත්" යනුවෙනි. සඳසාවි මා ගීසපුවෙි පෝෂණයට සුන්දරත්වයට මෙකී කරුණු පරහට සිටිය ද එහි ගොඩනැඟී ඇති සුවිශිෂ්ට මියැසියත් කර්ණරසායන හඬ පෞරුෂයත් හෙතුවෙන් සියලු අපල උපද්‍රව දූරීභූත වී යයි.
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.
ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමි
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සඳසාවි මා
yamuna Monday, 28 November 2022 11:35 AM
ඉතාමත් අර්ථවත්, ලයාන්විත පදමාලාවක්...!
සුදර්මන් දය Monday, 28 November 2022 11:14 PM
ඉතාම අලංකාර ලිපියක්. සඳ සාවී ගීතය ඉතාම ලස්සනයි.. සුබ පතමි...!
රනේ Wednesday, 30 November 2022 05:47 PM
මෙවන් දුෂ්කර තත්ව විචිත්‍රනය කරන්නට කලාව හැර අන් යමක් තිබේදැයි සැක සහිතයි...
NIMAL Sunday, 04 December 2022 12:46 AM
තම ජීවිතය පවා පරදුවට තබා අවදානම් රැකියාවක නියැළෙන බඔර කපන්නෝ ඉවසිලිවන්තයෝය. ඉවසීමත් අභීතකමත් නැත්තෝ එබඳු රැකියා තෝරා නොගනිති. බඹර කපන්නා සවිමත් කඔයක එල්ලී ප්‍රපාතය පෙනි පෙනී පහත බසින්නේ සිය ජීවිතය කඹය දරන්නාගේ දෝතට බාරදෙමිනි. එහෙත් මෙකී කඹය දරන්නා විශ්වාසවන්තයකු විය යුතුය. ලංකාවේ දේශපාලන කඹය බාරදීමද එවැනි තත්වයකට පත්ව තිබේ