ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද එඩ්වඩ් ජයකොඩිගේ සුගීතවත් හඬින් ද සරත් ද අල්විසුන්ගේ සුස්වර මාධුර්යයෙන් ද විචිත්‍රෝපශෝභිත මෙි ගීමිණ තුන්කොන් ආදර අන්දරයක විප්‍රලම්බ ශෘංගාරය මෙන්ම කරුණරසය දනවයි.
ලෝ දහමින් වැදෙනා රළු පහරින්
ගත සිත රිදෙනා කල නිතියෙන්
නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සුවදෙනා
(සිංහබාහු)
භක්ති ප්‍රේමය ගෞරවය හෝ
කුමක් කීවද ඒ එකක්වත්
නොවේ සෙනෙහස
ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක්වත් නොවේ සෙනෙහස
දිවා රෑ දෙක හද සමීපේ
දෑස නොපියා බලා ඉන්නා
දෙයකි සෙනෙහස
නොලැබ පරිභව මුත් කිසිත් අන්
මොළොක් තෙපුලක් ලබා ගැන්මට
ජීවිතය තුරු
මුහුණ මත ඇස් රඳා ඉන්නා
දෙයකි සෙනෙහස
(පෙමතො ජායතී සොකො)
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ යටකී නාට්‍ය ද්වය සම්පාදනය කරමින් උත්තරීතර ප්‍රේ්මයේ වටිනාකම සුවිශද කළෝය.ඔවුහු මෙම වෙිදිකා නාට්‍ය ඇසුරින් මැණික්කරුවකු ස්වකීය මැණික් කපා කොටා ඔපමට්ටම් කොට එහි ප්‍රහර්ෂවත් බවක් විශෝධනීය බවක් උත්ප්‍රේරණය කරන්නා සේ ජීවිතය වටා රොක්ත වූ සමාජ හා පුද්ගල වෙිදයිත ඇසුරින් ප්‍රේමය විශ්ලේෂණය කරති.මහැදුරු සරච්චන්ද්‍රයන් කී පරිදි ආදරය තරම් මනසට මෙන්ම මසසට සුවදෙන තවත් රසාංජනයක් ලොව කොහි වෙිද? ලෝක සම්මතයට පිටුපා වනාන්තරයේදී හමුවූ සිංහයකු සමග සරණයාමෙි වරදට නොවේ ද සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවිය මෙි දුක් විඳින්නී? පෙමතො ජායතී සොකො ගීත නාට්‍යයේ උද්දාල බමුණා වනාහි ගැහැනුන් පිළිකුලෙන් හෙළා දුටු පුද්ගලයෙක් වූයේ ය.එහෙත් අවසානයේ ඔහු රොඩී ගැහැනියක වන ස්වර්ණතිලකාගේ රූපසොබාවට වශී වී යටකී පැදි පෙළෙන් සෙනෙහස යනු කුමක් දැයි අර්ථනිරූපණය කරයි.ප්‍රේමයේ සැබෑ තතු එසේය.ආදරය සුව දෙන්නාක් මෙන් විටෙක ශෝකය ද කැටුව එයි.එහෙත් ශෝකයත් රසයකි.සාහිත්‍ය කලාවෙිදී මෙයට කරුණරසය යැයි කියති.ශූර නිර්මාණකරුවෝ ශෝකාන්ත නාට්‍ය හදති.ලොව වඩාත් ම ජනප්‍රිය කලාකෘති කරුණරසය උපදවන ශෝකාන්ත නොවේ ද?
මෙි ගීතයෙන් කියැවෙන්නේ වැලි කෙළියේ පටන් මෝරා එමින් තිබී පරව ගිය ප්‍රේම පුෂ්පයක් ගැනය.මෙි වූකලි විකසිත පෙමක් නොව මුකුලිත ආදර අන්දරයකි.ඔවුහු තිදෙනා කුඩා කල සිට එකට හැදී වැඩුණෝය.ගැමි දරුවෝ කවදත් ළෙන්ගතු පෙමින් කෙළිදෙලෙන් පැටිවිය ගෙවති.එහෙත් ඇතැම් ළෙන්ගතුකම් තාවකාලිකය.සමහරක් සදාකාලිකය.මෙනයින් නුගිනුරා පෙමින් වෙළෙන නව යොවුන් ආදරවන්තයෝ අනාගතය පිළිබඳ අහස් මාලිගා මවමින් කාල්පනික ලෝකවල අතරමං වෙති.මෙහිදී සත්‍යප්‍රේම භුංගරාජයෝ කවදත් පරාජිතයෝය.ඔවුහු අප්‍රකාශිත ඒකපර්ශ්වික ප්‍රේමයෙන් සදාකාලිකව ම බැටකති.එහෙත් මෙලොව ප්‍රේමය ප්‍රේමයේ සීමා තුළ ම නොරැඳේ.එය බාහිර සමාජ ආර්ථික ජීවිතයට නතුවෙයි.සංකේත ප්‍රාග්ධනයට ලොබ බඳින තරුණියෝ බොරු ජේත්තුකාර සමනලුන්ට රැවටී තම පාරිශුද්ධභාවය ද කෙලෙසා ගනිති.සමනලයෝ මලින් මලට පැණි බී ඉගිල යන්නෝය.උන් එකමලකින් සෑහීමකට පත් නොවෙයි.මෙි ගීතයේ ප්‍රබල රූපක,ව්‍යංග්‍යාර්ථ රාශියක් ඇත.මෙහි දිසි අරුතට වඩා වැසි අරුත ප්‍රබලය.සමනලයා - මල - ළමයා යනාදී සංකේතාර්ථ උපමා රූපක මගින් ගීතය වඩාත් රමණීය කාව්‍යෝක්තියක් වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ.
මෙි ගීතයෙන් කියැවෙන්නේ සමනලයකු මලකින් රොන් බී පියඹා යෑමක් ගැන නොවේ.මෙහි ඇත්තේ තුන්කොන් ප්‍රේම වෘත්තාන්තයකි.පොඩි ළමයා යනු මෙකී ආදර අන්දරයේ සැබෑ පෙම්වතාය.මල හා අකලංක පෙමින් වෙළුණු සත්‍යප්‍රේම භුංගරාජයාය. සමනලයා වනාහි මලකින් මලකට රොන් ගෙන ඉගිලෙන සල්ලාලයෙකි.සල්ලාල ආදරවන්තයෝ මලක මහිම නොදනිති.ඔවුහු මලේ මකරන්ද උරා බී මලසුනේ හෙළා පොඩිකර පාගා දමා අන්මල් සොයා ඉගිලෙති.මෙි ගීතයේ ප්‍රබල ව්‍යංග්‍යාර්ථ,සංකේතාර්ථ,උපමා රූපක රාශියක් තිබුණ ද ගේය පද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන් ඊට නිශ්චිත අර්ථයක් දී නැත.ඇතමකුට මෙය ළමා ගීතයකි.තවකෙකුට විරහා ගීතයකි.සාමාන්‍යයෙන් විශිෂ්ට කලාකෘතියක බැලු බැල්මට නිශ්චිත අර්ථය සුවිශද නොවෙි.එහි තේරුම එකවර සංජානනය නොවෙි.ලෝකයේ බිහිවුණු සියලුම උසස් කලාකෘතිවල තිබෙනුයේ අර්ථඡායා පමණි.මෙි ගීතපාදවලින් ද එබඳු අර්ථඡායා මතු නොවෙිද?
සමනලයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ
මෙි වූකලි තවත් පාරාජිත පෙම්වතකුගේ හෘදයාංගම පාපෝච්චාරණයකි.ඉකුත් වී ගිය ප්‍රේමයක් ගැන ළතැවිල්ලෙන් පසුවන ඔහු සිය මතක පටු මං පෙතේ විප්‍රලම්බ ශෘංගාරයක නියැළෙමින් පියමං කරයි.මෙි ගීතයේ ස්ථායි කොටස ඇසෙන කල්හි එහි කුමන අරුතක් තිබෙිදැයි ඔබ කුකුස් සහගත වන්නට පුළුවන."සමනලයා - මල හා ළමයා සේ" යන්නෙන් කුමක් පැවසේද? සමනලයා හා මල නම් සොබාදහමේ සොඳුරු දායාදය ය.එහෙත් අහිංසක සුන්දර සමනලයා එක මලකින් පමණක් රොන්ගෙන සෑහීමකට පත් නොවේ.සමනලයා රූපාන්තරණයට නතු වූ සතෙකි.එබැවින් ඌට තම වෙිශය ඔිනෑම මොහොතක වෙනස් කළ හැකි නොවේ ද? මල යනු වර්ණ ගන්ධ ගුණෝපේතව,සුපුෂ්පිතව, සුදිලෙන සෞන්දර්යත්මක වස්තුවකි.කවියෝ ගැහැනිය මලට සමාන කරති.ළමයා වනාහි ද කාගෙත් ආදරය දිනා ගන්නා සොමි සඳ වැනි වස්තුවකි.මෙබඳු රූපක තුනක් යොදාගැනීමෙන් ම රචකයාගේ පරිකල්පන ශක්තියේ විශිෂ්ටත්වය මොනවට පැහැදිලි වෙි.මෙකී රූපක හැඩයෙන් පැහැයෙන් වෙනස් වූව ද මෙි සියල්ල එකම පන්නයේ වස්තුන්ය.එබැවින් මෙි මිතුරන් තිදෙනා ද පැටිවිය ගතකර ඇත්තේ සමනලුන් මල් හා ළමයින් මෙනි.එහෙත් වැඩිවියට පත්වීමත් සමඟ ඔවුන්ගේ මෙි සමනල් මල් ළමා ලෝකය සුනුවිසිනු වී ගියේය.එය ජීවිතයට අරුමයක් නොවේද?
මලට වසා පැණි බී රිසි සේමා
සමනලයා පියැඹූ දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා
මෙි මිතුරන් තිදෙනා සමනල පියාපතක් වන් සැහැල්ලු ජීවිතයක් ගතකළ ද එහි සිටි සමනලයකු බඳු සල්ලාල ආදරවන්තයා එකවරම මල ඩැහැගෙන රිසි සේ පැණි උරා බී ඉගිල ගියේය.එහෙත් තමා හදවතින්ම පෙම්කළ ආදරවන්තිය විනාශ මුඛයට ඇද දමා යනතුරු මෙහි කථකයා හෙවත් පොඩි ළමයා ඔහේ බලාගෙන සිටියේය.තමා පෙම්කළ තරුණියට හදිකර යනතුරු බලා සිටින පෙම්වතා නෝංජලයකු නොවේ ද?දැන් පශ්චාත්තාප වීමෙන් පලක් වෙිවිද?මෙි ජරාජීර්ණ සමාජයේ පෙම් බැඳුම්වල අවසාන ප්‍රතිඵලය ඛෙිදවාචකයක් ම නොවෙිද?සංකේත ප්‍රාග්ධනයට ලොබ බඳින්නෝ තත්ක්ෂණයෙන් අහස් මාලිගාවෙන් බිමට ඇද වැටෙති.එමෙන් ම දුප්පත් අහිංසක සැබෑ ආදරවන්තයෝ ධනය,බලය නැතිබැරියාව හමුවෙි පසුබැස නිහඬ වෙති.
මලට නොවේ දැනුණේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
ඒ මල නොදනී ඒ මල පරවී
සමනලයා කොතැනේ
තම සල්ලාල පෙම්වතාගෙන් සල්ලං වූව ද මෙි තරුණියට ඒ ගැන වගෙ වගක් නොවන බව නොවෙිද මෙි කියන්නේ ?එහෙත් මලේ රොන් උරා බී පෙති සුනුවිසිනු කළ ඒ සමනල පෙම්වතා ගැන පොඩි ළමයාගේ හිතට වදදෙයි.අද මෙි කඵ සමනලයා කොහේ ඇත්දැයි ඔහු කල්පනා කරයි.මලට සිදුවුණු සන්තෑසිය මල නොදනී.එහෙත් මලට සැබැවින් ම පෙම්කළ පොඩි ළමයා හදවතින් ම හඬා වැටෙයි.මෙි මිතුරන් තිදෙනා අතර විකසිත වූ ප්‍රේමයේ ප්‍රහර්ෂය මෙන්ම වියෝගයේ කඳුළ ධ්වනිත කිරීමට ප්‍රේමකීර්ති නම් සුකීර්තිමත් ගේය පද රචකයා යොදාගත් සමනලයා-මල හා ළමයා නමැති රූපක කෙතරම් ප්‍රබලද? සරත් ද අල්විසුන්ගේ මියුරු මියැසියත් විශාරද එඩ්වඩ් ජයකොඩිගේ කර්ණරසායන හඬ පෞරුෂයත් ගීතයේ සාර්ථකත්වයට දෙස් දෙයි.මෙි වූකලි ප්‍රබල කාව්‍යෝක්ති සහිත තවත් එක් අනගි ගීමිණිරුවනක් නොවේ ද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමනලයා මල හා ළමයා සේ