අප්‍රකට ගේයපද රචක සිරිසමන් විජේතුංගයන්ගේ සුප්‍රකට පද සංකල්පනාවෙන් ද සුකීර්තිමත් ගාන්ධර්ව ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ සුගායනයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප්‍රලම්භශෘංගාරරස දනවයි.
පේරාදෙණි සරසවිය හා බැඳුණු පතළ ප්‍රේම ගීතාවලියක් ඇත.මෙි අතුරින් අාචාර්ය අජන්තා රණසිංහයන් ලියූ පණ්ඩිත් අමරදේවයන් ගැයූ "හන්තානේ කඳුමුඳුන සිසාරා," ප්‍රේමකීර්ති ද අල්විසුන් ලියූ මර්වින් පෙරේරා ගැයූ "මෙි නගරය"' ධම්මික බණ්ඩාර ලියූ අමරසිරි පීරිසුන් ගැයූ හන්තානට පායන සඳ යන ගීත අතිශය ජනප්‍රිය විය.තතු එසේ වූව ද පේරාදෙණි සරසවි ප්‍රේමය ගැන තවත් රමණීය ගීතයක් ආචාර්ය දයාරත්න රණතුංගයෝ ද ගැයූහ.එහෙත් එම ගීතය යටකී ගීත තරම් ඉස්මතු නො වී ය.මෙහි රචක සිරිසමන් විජේතුංගයෝ අප්‍රකට ගේයපද රචකයෙක් වෙති.ඔහු ලියූ වෙනත් ගීත ද මා අසා නැත.එහෙත් මෙි ගීමිණ යටකී ගීමිණි තුන තරම් ම රමණීය නො වෙි ද?
මෙනයින් බලන කල පුරාවිද්‍යා කේෂ්ත්‍රයේ සේවය කළ සිරිසමන් විජේතුංගයන් මෙබඳු රසවත් විශිෂ්ට ගීයක් ලියුවෙි කෙසේදැයි ඇතමකුට සැක පහළ වීම ද අරුමයක් නොවෙි.එහෙත් සිරිසමන් විජේතුංගයෝ ජාතික පුවත්පත්වලට කාලයක් තිස්සේ පුරාවිද්‍යා ගවෙිෂණ ඇතුළු වැදගත් ලිපි ලියන මාධ්‍යවෙිදියෙක් ද වෙති.ඔවුහු තවමත් එම කාර්යයේ අඛණ්ඩව නියැළෙති.මෙි ගීතයේ පෝෂිත විප්‍රලම්භශෘංගාරය රමණීය කාව්‍යෝක්තියක් නො වෙි ද? රචකයා ප්‍රකට කවියකු නො වූ ද මෙහිදී ප්‍රබල සංකල්පරූප,ව්‍යංග්‍යාර්ථ පමණක් නොව චිත්තරූපික පරිසරයක් ද ගොඩනගයි.ලොව වියෝගී අනෙක් ප්‍රේම වෘතාන්ත මෙන්ම සරසවි පෙම්පලහිලව් ද එහි අධ්‍යාපන කාල සීමාව අවසන් වන විට හමාරවෙයි.එහෙත් කලාතුරකින් හෝ සරසවි ප්‍රේමය ජයගත්තෝ නියම ආදරවන්තයෝය.ඔවුහු සිවුවසරක ප්‍රේම විජිතය ජයගත් සුදුර්ලභ වාසනාවන්තයෝය.එහෙත් සමාජ විෂමතාව හමුවේ සියලු ආදර අන්දර කැඩී බිඳී සුනුවිසුනු වී යයි.සිවුවසරක පෙම් විජිතය බිඳි ගිය පසු උනුන් එකිනෙකා විඳින වෙිදනාව,පරිදාහය කෙතරම් ද? එහෙත් සමහරවිට මෙි වියෝව,හුදෙකලාව පාළුව කාන්සිය තනිකම දැනෙන්නේ එක් පාර්ශ්වයකට පමණක් ද විය හැකිය.
සරසවි ප්‍රේමය ඇතමකුට තාවකාලික විනෝදයකි.ප්‍රහර්ෂයකි.මිත්‍ර සන්ථවයකි.එහෙත් තවකෙකුට එය සදාකාලික ප්‍රේමයකි.මානවබන්ධුත්වයේ අග්‍රඵලයකි.සදානන්දයකි.මෙි වනාහි ලෝදහම නො වෙි ද? පිරිමින් පතන ගැහැනු පිරිමින්ට ද ගැහැනුන් පතන පිරිමි ගැහැනුන්ට ද නොලැබෙත්.මිනිසා පෙළන මෙි වියෝගය,විරහගින්න,වෙිදනාව පිළිබඳ පෙර කල හර්තෘහරි නමැති කවියා මෙසේ කීය.
ඇය ගැන ම නිරතුරු සිතමි මම
ඇගේ නැත මා කෙරේ ඇල්මක්
ඇය පතයි පිරිමියකු අන් කිසි
වෙනත් ලියකට ඔහු ඇලුම් වෙි
මා ගැන ද අන් ලියක් තැවෙනී
මෙි කවිය දුටුවිට හැඟෙන්නේ ප්‍රේමයේ අයථාර්ථවත් බව නො වෙි ද? මෙනයින් බලන කල ප්‍රේමය පරමරමණීය, සුඛාස්වාදනීය,සදානන්දනීය යථාර්ථයක් වන්නේ කලාතුරකිනි.මෙි ගීතයේ කථකයගේ සිත සැමරුම් පටුවතේ පස්සට ඇදී යයි.එවිට ඔහුට සිහි වන්නේ කුමක්ද? එකල්හී ඇය සමග ගතකළ සුන්දර අවස්ථා ය.මෙි සියලු දේ සිදුවුයේ සුන්දර හන්තාන අඩවියේ පිහිටි පේරාදෙණි සරසවි පරිශ්‍රට අවටය.පේරාදෙණි සරසවිය අතිසුන්දරය.මෙහි කවුරුුන් තුළ නම් පෙම්හැඟුම් ජනිත නො වෙි ද? ආදර මල් සුපුෂ්පිත නො වෙි ද?
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ
දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ
කොමළ පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවණේ
මෙි කථකයා ආකාශපුෂ්පයක් සදසි වූ පේරාදෙණි පෙම්සමරු දිගහරින්නේ කෙතරම් රමණීය ආකාරයට ද? සිවුවසරක අධ්‍යාපන චාරිකාව නිමවීමට තව ඇත්තේ එක් දිනයක් පමණි.මෙි මොහොත ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයේ අවසන් සොඳුරු සුයාමය යි.එහෙත් ඇය දෑස් කඳුළින් පුරෝගෙනය.මෙි වියෝගය දරාගත නොහැකිව ඇය හඬන්නීය.සුසුම් හෙළන්නීය.ඉකිගසන්නීය.මෙහිදී කථකයාට සිහිපත් වනුයේ ඇය සමග ගෙවූ ඒ සොඳුරු අතීතය යි.හන්තාන කන්ද,මහවැලි ගං කොමළිය පේරාදෙණි සරසවිය වටකළ අමිල නිධානයකි.ලාංකේය ප්‍රේම ගීතාවලියේ අනවරතයෙන් ඇසෙන යටකී නිදන් වස්තු අතිශය චිත්තරූපිකය.සෞන්දර්යාත්මකය.විචිත්‍රෝපශෝභිතය.දොඹ සූරන මහ වැසි නා කපනා වැසි,අනෝරා වැසි,නිළි වැසි යනුවෙන් වරුසා රාශියකි.එහෙත් මෙි සියලු වැසි අතර කථකයාගේ මතක පොත අලුත් කළ එක වැස්සක් ඇත.ඒ ඇය සමග තනි කුඩය යට තරුලු වී දොඹ සූරන වැස්සේ ගිය ගමනය.උනුන් එකිනෙකා දොඩමළු වෙමින් ගිය ඒ ගමන් බිමන් ඔහුට කෙසේනම් අමතක කළ හැකිද? එපමණක් නොව මෙහිදී මහවැලිය දෙපස සපු සෙවණේ ලතා මඬුලු යට පෙම්සුව විඳි හැටි ද කථකයාට සිහිපත් වෙයි.
කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ළපළු හෙවණේ සරතැස නිවුණේ
අපේ මියුරු සිහින පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ
පේරාදෙණි සරසවිය යනු හෙළකලා අසිරි රැඳි මහමැඳුරකි.මහල් තුනකින් සුසැදි සරසවි පායේ මල් ලිය කැටයම් සුන්දර සිතුවමක් වැනිය.සෑම ගොඩනැගිල්ලක් ම සොඳුරු කලා රස පිරි වෙසෙස් තැනකි.ඈත ගුවන සිසාරා විහිද යන හන්තාන කඳුවැටිය යි,මෑත සිහිල් දිය ලෙළෙන මහවැලි ගං කොමළිය යි,අතිශය චමත්කාරජනකය.මෙබඳු පරිසරයක මානව මානවිකාවන්ගේ සිත් තුළ කලාත්මක සිතුවිලි අවදි නො වෙි ද? ආර්ථික අහේනිය නැති විද්‍යාර්ථියාට ඒ වූකලි සැබැවින් ම කලා ශිල්ප රාජ ඉසුරු සපිරි කේතුමති රජදහනකි.
පේරාදෙණි සරසවි පුස්තකාලයේ සෙල් ටැම් පෙළ,කලාගාරයේ බිම්මහල එහි වැස්සකට හෝ ගොඩවූ අයකුට අමතක කළ නොහැකිය.
කෝල බැලුම් හෙළා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ
මෙි ගීතයේ අවසන් අන්තරා කොටසින් කියැවෙන්නේ කුමක්ද? මෙහි කැටිවුණු සංක්ෂිප්ත අර්ථය නම් යළිත් උනුන් එකිනෙකාට පෙර පරිදි ළං විය නොහැකි බවය.ඇගේ රූපසම්පත්තිය කෙතරම් සොඳුරු වූව ද මෙි කථකයාට හෙටින් පසු එහි මිහිර විඳීමට වරම් නැත.මෙි වූකලි ඔවුන් එකිනෙකා මුණගැසී සමුගැනීමට වැරදරන අවසන් හෝරාවයි.දැන් දෙදෙනාගේ ප්‍රේම විජිතය කඩා වැටීමට ආසන්නය.මෙි සොඳුරු සියලු දේ සිහිනයක් ම පමණි.මෙහිදී කථකයා තම හිත් වෙිදනාව මුදාහරින ආකාරය ද අපූරුය.ඔහු එය පවසන්නේ කෝල බැලුම් හෙළමින් ඔබමොබ පියාඹන පරවියන්ටය.හන්තාන කුමරිය යනු හන්තාන කන්ද යි.මෙි වූකලි රමණීය කාව්‍යෝක්තියක් පමණක් නොව ප්‍රබල රූපකයකි.හෙට දින ඔහුට සමුදෙන්නට සිදුවන්නේ හන්තාන කුමරියට පමණක් නොව තමන් පණමෙන් ආදරය කළ පෙම්වතියටය.අතීතයට මුසු වූ ප්‍රේමයක සැමරුම් සිහි ගන්වමින් සිවුවසරක සරසවි ප්‍රේමයට තිත තබන මෙි ගීමිණ කරුණරස මිශ්‍ර විප්‍රලම්භශෘංගාරරසය අප තුළ ජනනය කරයි.
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
සරසවියෙදි හෙට විතරයි
sampath sudarshana Tuesday, 06 August 2024 07:56 AM
විශිෂ්ටයි
CHINTHANA Wednesday, 07 August 2024 12:16 PM
දෙන්නට වෙන් වෙන්න හේතුවක් සඳහන් වෙන්නේ නෑ. සරසවි පාඨමාලාව නිමාවීම වෙන් වෙන්න හේතුවක් වෙන්නේ කොහොමද? ඒ කාලේ වගේ නෙවෙයි දැන්නම් සරසවි ප්‍රේමයන් බොහෝවිට විවාහය තෙක් යනවා.