සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හද ප්‍රකම්පනය කරයි.
අලි - මිනිස් ගැටුම මෙරට කාලාන්තරයක් තිස්සේ දිග්ගැස්සෙම්න් තිබෙන අර්බුදයකි.දුෂ්කර ගම් පළාත්වල වෙසෙන ගොවි ජනතාව යටකී අර්බුදයට මැදි වී කටුක ජීවත ගත කරති.හස්තියා තිරිසන් සත්වයෙකි.එබැවින් ඌට හොඳ නරක බෙදා වෙන්කර ගැනීමට නොහැකිය.කුසගිනි දැනෙන කල වන වැදී සිටින වල්අලි රංචු පිටින් අසල ගම්මානවලට කඩා පැන අාහාර සොයමින් දුප්පත් අසරණ ජනතාවගේ වගාබම් වනසති.පැල්පත්වලට පහරදී ගොවියන්ගේ වී ගෝනි,බත් මුට්ටි ගිල දමති.අවසානයේදී බියටපත් ගම්මු ගම්බ්ම් පවා අතැර හිස් ලු ලූ අත දිව යති.එහෙත් මෙි ව්‍යසනය දකිමින් ඊට ඇහුම්කන් නොදී පාලකයෝ මරනින්දේ සිටිති.අලි වෙඩි,විදුලි වැට වැනි පැලැස්තර විසඳුම් දුන්න ද තවමත් ප්‍රශ්නයට සැබෑ විසඳුම් ලැබී නැතැයි ජනතාව මැසිවිලි නගති.
මෙි ගීතයට පාදක වන්නේ යටකී දුෂ්කර ගමක ජීවත්වී වල්අලි ප්‍රහාරයකින් මියගිය ගැබිනි මවකගේ ඛෙිදවාචකයකි.සමාජ හා ආර්ථික ගැටලුවලින් පරිපීඩිත දුප්පත් ගොවි ජනතාවට මෙබඳු විපත් සිදුවීම ස්වාභාවික නො වෙි ද?නගරයේ වෙසෙන ගැබිනි මව්වරුන්ට මෙන් එම ගම්මානවල ජීවත් වන ගැබිනි මව්වරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් ගැනීමට යාමට තරම් ප්‍රවාහන පහසුකම් හෝ වත්කම් නොමැත.මෙනයින් ඔවුන්ගේ එකම ගැලවුම්කරුවා වනුයේ දෙවියන් පමණි.මෙි වූකලී එබඳු දේව ඇදහිල්ලකට ගොස් එන අතරවාරයේ සිදුවූ විපතකි.
සංහිඳේ දෙවියන්ගෙ පාමුල
කඳුළු තියලා එන වෙලේ
වැව් කොනේ තනි එකා ඉඳලා
දිවුල් හෙව්වද උඹෙ කුසේ
අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින
හරිම මූසල මණ්ඩියේ
වැවේ දෙවියනි මේ තියෙන්නේ
අපි උදේ කෑ වැල්අලේ
සංහිඳ දේවාලයට ගොස් ඇය එහි පාමුල තබා එන්නේ තම දුක්බර ජීවිතයේ මහිම කියාපාන කඳුළුය.එබැවින් මෙි කඳුළු කිසිවකට මිල කළ නොහැකිය.මෙි වූකලී කිඹුල් කඳුළු නොව ගැබිනි මවකගේ හදවතින් ම නැගෙන ළතෙත් බව සුසැදි කඳුළුය.මෙහිදී රැලකින් මිදුණු තනි අලියෙක් ඇගේ කුසඔත් දරුගැබට පහරදී එය විනාශ කර දමයි.මෙහිදී අපට 'අලියා ගිල්ල දිවුල' යන කියමන සිහිපත් කරමින් රචකයා අපූරු චිත්තරූපයක් ගොඩනයි.ගැබිනි මවගේ ප්‍රාණය නිරුද්ධ කලලය වැනසී යන ආකාරය කීමට රචකයා යොදා ගන්නා ව්‍යංග්‍යාර්ථය සහිත බස කාව්‍යාත්මකය.එපමණක් නොව අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින යන යෙදුම් ප්‍රබල රූපක මතු කරයි.අඳුර සහ ඇත්තු යන දෙවර්ගයම කළුපාටය.මෙහි පවතින කාලකණ්ණි, මූසල පරිසරය පිළිබඳ මෙකී යෙදුම්වලින් වඩාත් තීව්‍ර නො වෙි ද?මෙි ගැබිනි මව දරිද්‍රතාව කරපින්නා ගෙන ආ කාන්තාවක් බව සුවිශද කිරීමට රචකයා තවත් ව්‍යංග්‍යාර්ථ දනවන යෙදුම් භාවිත කරයි.ඇය උදේට කෑ වැල්අලයක් ගැන සිහිපත් කරමින් රචකයා පවසන්නේ මෙි ගැම ජනතාවගේ දුප්පත්කමෙි පතුල නො වෙි ද?
රැහැයියෝ ඔය ජප කරන්නේ
වැදුම් ගෙදරක මන්තරේ
පොඩි එකා ඇහැ පියාගන්නැති
දකින්නට පෙර කිරිකලේ
වී දෙපෑලක් උකස් කරලා
ගෙනත් ඇති පංචායුදේ
අලි හිතක් ඇයි අඩිය තිබ්බේ
පොඩි පුතා සැතපුණු කුසේ
මෙි කථකයාට රෑට හඬන රැහැයින්ගේ කන්කරච්චලය පවා ඇසෙන්නේ කිරි සුවඳැති රාත්‍රියක වැදුම් ගෙදරකින් ඇසෙන ශබ්දයක් ලෙස නො වෙි ද?අලියා මවගේ කුස පෑගූ පසු දරුවා ප්‍රසූත වී ඇත.එහෙත් අලුත උපන් බිලිඳා කාගේනම් කිරි බොන්න ද?එහෙත් මවගේ දෙතන නොදැකම කිරිකැටි බිලිඳා එතැනම මිය ගොස්ය.මෙහිදී රචකයා තවත් යෙදුමකින් රසික හද ප්‍රකම්පනයට ලක් කරයි.එනම් වී පෑලක් උකස්කර ගත් පංචායුදේ ගැන සිහිපත් කරමිනි.එහෙත් එම පංචායුදේ දරුවාගේ ගෙල පලඳන්ට වරම් කොහිද?අලි හිත් එකවර දරුණු වන්නේ නැත.අලින් ප්‍රචණ්ඩත්වයට පත් වන්නේ කලාතුරකිනි.එහෙත් මේ තනියා ගැබිනි මවක් සහ දරුවකු පාගා මරා දැමීමට තරම් සාහසික වීම කෙතරම් ඛෙිදවාචකයක් ද?
කණාමැදිරියො එළිය නිවලා
ගුලිවෙලා ඇති මගෙ පැලේ
ගහක් මුදුනට හඳත් නැගලා
බලා ඉන්නැති මරබයේ
මිරිස් හේනක දුව පනින්නට
පුතත් එක්කල මහ වනේ
නංගියේ උඹ ඇවිත් යනවද
හීනයක හෙට කළුවරේ
කදෝපැණියන් හෙවත් කණාමැදිරියන් කුඩා අාලෝකයක් විහිදුවමින් රාත්‍රිය කාලයේ සැරිසරන අහිංසක සත්ව විශේෂයකි.කදෝපැණියෝ මෙකී ස්වාභාවික ආලෝකය උපතින් ම උරුමකර ගෙන සිටති.මෙි පැදිපෙළෙන් සංකේතවත් කරන්නේ කථකයාගේ කුඩා පැල්පතේ නිදන අනෙක් දරුවන් ගැනය.ගහ මුදුනින් පායන සඳ කථකයා දකින්නේ අලියාට බියෙන් ගහ උඩට වී බලාගෙන ඉන්නා සේ ය.එහෙත් මෙි දුෂ්කර ගම්මානවල හේන්පැල් රකින ගොවියෝ හුඟදෙනෙක් නිදිවර්ජිතව රාත්‍රිය ගස් උඩ පහන් කරති.වල්අලින් ගෙන් භව බෝග ආරක්ෂා කරගැනීමට ඔවුහු මෙසේ රැය පහන් කරති.මෙනයින් බලන කල ගස් මතට නැගුණු සඳ යනුවෙන් රචකයා පවසන්නේ යටකී හේන් ගොවියා ගැන නො වෙි ද?
තම පුතුණුවන් කවදාහරි උස් මහත් වූ දිනක ඔහු සමඟ වගාබිම්වල කෙළිදෙලෙන් දුව පැන ඇවිද යෑමට මෙි පියාට ද සිහිනයක් තිබිණි.එහෙත් ඒ සොඳුරු සිහිනය සද්දන්තයා බොඳ කළ දැම්මෙි ය.තතු එසේ වූව ද හෙට රෑට හෝ තමා දුටු සිහිනය සැබෑ කර යනවා දැයි ඔහු අවසානයේ මියගිය බිරියගෙන් අසයි.එහෙත් මෙි කථකයා දකින සිහිනය යළි කවරදාකනම් සැබෑවෙි ද?මෙි ගීතයේ කථකයා තුළ උපන් බලතර වියෝගින්න ඉතාමත් සංකල්පරූප පොකුරක් හරහා තීව්‍ර ලෙස ප්‍රකාශයට පත්වෙයි.මෙනයින් බලන කල මෙි වදන්වැළ සුදුර්ලභ ගීමිණක් වී ඇති බව කීම අතිශයෝක්තියක් නොවෙි.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංහිඳේ දෙවියන්ගේ පාමුල