IMG-LOGO

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා


සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්

 

සුකීර්තමත් ගේය පද රචක සුනිල් සරත් පෙරේරාණන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් ද දයාරත්න රණතුංගයන්ගේ ස්වර සංරචනයෙන් හා ගායනයෙන් ද යුතු මෙි මහරු ගීමිණ කරුණරසය හෙවත් ශෝකී හැඟුම් දනවයි.

මිනිසා වනාහි පැතුම් සයුරක කිමිදී එහිම ඇලී ගැලී සිටිමින් අතීත මතකය ආවර්ජනය කරමින් ජීවත් වීමට කැමති අපුරු සත්වයෙකි.මිනිස් සිතෙහි උපදින පැතුම් ද අනන්න ය.අප්‍රමාණ ය.එහෙත් මිනිසාගේ පැතුම් අතර මානවබන්ධුත්වය තර කරන එක්තරා සුන්දර පැතුමක් ද ඇත.මෙි වූකලි අන් කිසිවක් නොව ස්ත්‍රියක සහ පුරුෂයකු අතර නිරායාසයෙන් උපදින පෙම් පැතුම් ය.⁣මෙකී පෙම් පැතුම් අතර පල දැරූ ඒවා මෙන්ම පල නොදැරූ පැතුම් ද ඇත.

විප්‍රලම්බ ශෘංගාර⁣ සයුරේ ගිලෙන ප්‍රේමවන්තයෝ ⁣සැබෑ ප්‍රේමභුංගරාජයෝ ය.ඔවුහු තමන්ට අහිමිවී ගිය ⁣භෞතික ශරීරය වෙනුවෙන් නිති හඬාදොඩා වැළපෙමින් කල් නොගෙවති.එහෙත් ඒ අතීත මතකය ආවර්ජනය කරමින් කාල්පනික ලොක්වල සිහින මාලිගා තනමින් ජීවත් වෙති.එයින් උනුන් කිසිවකුට කරදරයක් හිරිහැරයක් ද නැත.සැමරුම් වනාහි හැඟීම්ය.මෙි සියලු හැඟීම් පිරිපහදු කොට ගැනීමෙන් පෙම්වතාට හෝ පෙම්වතියට විප්‍රලම්බ ශෘංගාර⁣ සයුරේ කිමිදීමට හැකිය.එහෙත් මතකය කෙතරම් සුන්දර වස්තුවක් වුව ද එය අයථාර්ථවත් දෙයකි.නිෂ්ළුල ව්‍යායාමයකි.මෙනයින් අනුන්ගේ දුක්දොම්නස් කවුරු අසත් ද?අප තුළ ශෝකය දනවන මෙබඳු ගීත අපගේ ප්‍රියතම ගීත නොවෙිද?සොබාදහමත් සභ්‍යත්වයත් සමඟ ගැටෙමින් ජීවත් වන මිනිසාට කිසිවක් පාලනය කළ නොහැකිය.මිනිසා විඳින අනවරත ශෝකයේ විශ්වීය විස්මය මෙයයි.මෙකී ශෝකය සාහිත්‍ය කලාවට නැංවුණු කල්හි ආස්වාදයක් උපදියි.සුනිල් සරතුන්ගේ මෙි ගීතයෙන් කියැවෙන්නේ වියෝගයක් ගැනය.මෙි නම් අතීත ප්‍රේමයක සැමරුමකි.මෙහි කථකයා ජීවිතයේ පශ්චිම යාමය ගත කරන හුදෙකලා ආදරවන්තයෙකි.ඔහුගේ පෙම් පැතුම් ඉටුවී නැත.මෙසේ පැතුම් ඉටු නොවී යෑම මහත් දුකක් නොවෙිද? එහෙත් ඔහු ඒ දුක තුනීකර ගැනීමට විප්‍රලම්බ ශෘංගාර⁣යට අතවනයි.

 

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්

කාලය කවුළු දොරින් මිය යනවා

 

මෙි කථකයාට පමණක් නොව සන්සුන් වූ මනසක් ඇති ඔිනෑම කෙනකුට අතීත සැමරුම් ගලා එන්නේ රාත්‍රි කාලය ආසන්න වන විටය.හිරු අවරට යත්ම ඝෝෂාකාරී පරිසරය සෙමෙන් තුරන් වී යයි.මෙහිදී කාලය කවුළු දොරින් නික්ම මළහිරුට මුවි වී යන බව රචකයා කියයි.රාත්‍රි අහසේ වලාකුළු අතරින් සඳවතිය එබෙන විට සිතට කිසියම් සැහැල්ලුවක් සිසිලසක් දැනේ.මෙි ගීතය රමණීය රූපක ගොන්නකින් පිරී ඇත.

"කාලය කවුළු දොරින් මිය යනවා" යන්න රචකයා යොදාගත් තවත් අපූරු රූපකයක් නොවෙිද ? ජීවිතයේ ඇති අනියත බව මෙයින් ගම්‍ය වෙි.

 

ඈත අතීතෙන් පියවර නගමින්

කණවැල අල්ලන් කවුදෝ එනවා

බලාපොරොත්තුව ළයට තුරුළු වී

ඈ එන පෙරමඟ බලා හිඳිනවා

 

මෙි කථකයා ජීවිතයේ සැදෑසමය ගෙවමින් සිටිය ද තමන්ට අහිමි වුණු පෙම්වතිය වෙනුවෙන් තවමත් ප්‍රාර්ථනා දල්වයි.ඔහු අතීත සැමරුම් මතක පටුවත දිගේ ගමන් කරයි.එවිට ඔහුට පෙනෙන්නේ ඈත සිට කණවැල අල්ලගෙන එන කිසියම් කෙනකුගේ බොඳ වූ දසුනකි.මෙහි අර්ථය නම් තමන්ගේ ආදරවන්තිය පිළිබඳ මතකය නොපැහැලිව යන්තමින් සිතට ගලා එන බව නොවෙිද ?එවිට ඔහුගේ සිතට තුරුලු වන්නේ සුන්දර බලාපොරොත්තුවකි.වියපත් ජීවිතය යහපත් කරගැනීමට ඔහු තවමත් ඇයගේ සොඳුරු සංස්පර්ශය අපේක්ෂා කරයි.එහෙත් මෙි ප්‍රාර්ථනා කවදානම් සැබෑ වෙිවිද?

 

දුකට මිහිර දෙන පාළුව තනිකම

මා වට දැවටී කඳුළු සලනවා

අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්

ඒ අතරේ මා වෙතට ඇදෙනවා

 

බිඳුණු පැතුම් යළි සපල නොවන බව ඔහු දනී.එහෙත් සිත තුළ පවතින දුක තව තවත් මෝරා වැඩෙයි.දුකට මිහිර දීම යනු දුක වැඩි කිරීම නොවෙිද?පාළුව,තනිකම,කාන්සිය ඔහුගේ වියපත් අඳුරු දිවිය දවයි.එවිට ඔහු වසා නැගී සිටින්නේ කදුළු ඕඝයක් පමණි."අදත් එදා මෙන් නුපුරුදු සුවඳක් දැනෙනවා" යන්නෙන් කියැවෙන්නේ එකල බිඳුණු පැතුම මෙකල ද යථාර්ථයක් වී නැති බවයි.සුනිල් සරතුන් ඔහුගේ අනෙකුත් ගීතවල මෙන් මෙි ගීතයෙන් ද කාල අවකාශය සහ ජීවිතයේ අනිත්‍ය බව සංකේතවත් කරයි.මෙහිදී සංකල්ප රූප රස මංජරියක රසිකයා ගිල්වමින් බිඳී ගිය ප්‍රේමයක විප්‍රලම්බ ශෘංගාර⁣ රසය මතක් කර දීමට රචකයා යත්න දරයි.සමස්ත ගීතය අවසානයේදී පෙනෙන්නේ පරිමිත පෙම් බැඳුම්වලට අපරිමිත කාල අවකාශය තරණය කළ නොහැකි බව නොවෙිද?

 



අදහස් (0)

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්

ඔබේ අදහස් එවන්න

ගී විනිස

වීදි කොනේ මාවත අද්දර
2024 දෙසැම්බර් මස 31 1080 0

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.


සිහින නෙළුම් මල
2024 දෙසැම්බර් මස 24 1141 0

ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.


රෑ පැල් රකින
2024 දෙසැම්බර් මස 17 1258 0

අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද


ගමන නොනිමෙයි ලෝකයේ
2024 දෙසැම්බර් මස 10 1228 0

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමි


තිරය ඇරෙනවා
2024 දෙසැම්බර් මස 03 1168 1

බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන


සෙනෙහස ඉල්ලා ලියතඹරා
2024 නොවැම්බර් මස 26 1243 0

අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 414 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 209 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 200 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site