ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංකල්පනාවෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ මියුරු මියැසියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ ලෝක ධර්මතාව පිළිබඳ ඉගැඹුරු සංචින්තාවක් දනවයි.
උපන්දා සිට මිය යනතුරු ම මිනිස් සිත විවිධ අතෝරයන්ට නතුවෙයි. ජීවිතය වනාහි කදුළු මිටියාවතකි.මිනිසා විඳින සතුට දුක තරම් දිගු නොවෙි.මෙනයින් බලන කල මිනිස් සිතෙහි සදාතනික දිවමන් දුක සසර නම් චක්‍රය මෙන් භ්‍රමණය වන්නක් නොවෙිද?මෙි වූකලි ආගමෙි සඳහන් වියුක්ත දුක නොව සංයුක්ත දුකකි.පොහොසතුන් මෙන් නොව දුගීහු දුක හඳුනති.ඔවුහු දුක ජයගැනීමට නිතර සටන් කරති. එහෙත් සසර දුක කාටත් පොදු දහමකි.දුප්පතුන් මෙන්ම පොහොසතුන් ද ඊට එකසේ මුහුණ දිය යුතුය.ජාති,ජරා,මරණ ඇත්තෝ මනුෂ්‍යයෝය.තතු එසේ වූව ද සම්‍යඥනය ඇත්තෝ සසර අවබෝධ කර ගනිති.දුක දිනා සසර කතරෙන් එතෙර වෙති.ප්‍රේමකීර්ති ද අල්විසුන් ලියූ මෙි ධ්වනිතාර්ථපූර්ණ ගීමිණ කෙරෙන් ගම්‍ය වන්නේ ද දුක නමැති අගාධයේ ලෝකස්වභාවය යි.එහෙත් මෙි ගීතය එම දුඃඛවෙිදනාව දූරිභූත කිරීමට දිරිබල දෙයි.
හිසේ ගිනි ඇවිළෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ
පිසින්නේ කවුරුදෝ
හිසේ ගිනි ඇවිළීම යනු කිම? මිනිස් සිතට වධ දෙන විසඳිය නොහැකි උභතෝටික ප්‍රශ්නයකට මුහුණ පෑමයි.එබඳු ගැටලුවලින් හිස අවුල් වූ කල ජීවිතයේ සියල්ල ව්‍යාකූල වෙි.එහෙත් එබඳු ගිනි නිවීමට පසේ බුදුවරු ලොව කොහි වෙත්ද?එවැන්නෝ නොවෙති.එහෙත් මිනිසාට සිතෙන්නේ කලකින් පහළවන බුදුවරයකු නොමැති කල පසේ බුදුවරයකු හෝ ඇත්නම් තම දුක උන්වහන්සේ ඉදිරියේ කියාපෑ හැකි බව නොවෙිද? අවසානයේදී මෙි ව්‍යංග්‍යාර්ථ පදපෙළෙන් සුවිශද වන්නේ කුමක්ද? මිනිස් සිතේ ඇවිළෙන ළසෝ ගින්නට විසඳුම් නැති බවය.අැසේ ඇති කඳුළුවලට වඩා යටිසිතේ උපන් කදුළු කෙතරම් ද?ඇසේ තෙත හිතේ තිබීම නම් හිත නිතර හඬා වැලපීමයි. මෙි වනාහි ලෝක ධර්මතාව නොවෙිද?
කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඬුම් ගංගා ගලා
ඒ ඉවුරේ මෙසේ
ඒ ඉවුරේ මෙසේ
ලොවේ අය දිව යතේ
මිනිසා යටි සිතින් හඬන හැඬුමි දන්නෝ කවරහුද? මෙි හැඬුම් කඳුළු ගංගාවක් මෙන් ගලා යයි.එය දුක්සසර නම් ඉවුරේ හැපෙයි.ලොවෙි වෙසෙන සියල්ලෝ එ්හා එකතු වී ඉදිරියට ම යති.මෙි නම් සංසාර චක්‍රය නොවෙිද?දුකින් දුකට ඇදී යන ජීවන යත්‍රාවට ඉමක් කොනක් කෙසේ නම් පෙනේවිද?
යුගෙන් යුගේ අත්වැල් බැඳී
යදම්වැලක් විලසින් ඇදී
නෑ නිවුණේ සදා
නෑ නිවුණේ සදා
මිනිස්කම මෙදියතේ
දුක නැති කිරීමට නම් බුදුන් කී පරිදි දුඃඛනිරෝධගාමී ප්‍රතිපදාව අනුගමනය කළ යුතුය.මෙි අවසන් අන්තරා කොටසින් කියැවෙන්නේ දුක නැති කිරීම පිළිබඳ නොවෙිද?සමාජයේ තනි තනි පුද්ගලයන් විසූව ද ඔවුන් සියලුදෙනා එකට එකතු වූ කල යකඩ දම්වැලක් මෙන් අයෝම ශක්තියෙන් සුපෝෂිතය.එබඳු ශක්තියක් මිනිස් පවුරක් බිඳිය හැකි ජගතකු ලොව කොයි අත වෙත්ද?මෙකී අයෝමය ශක්තිය අත්පත් කරගත් සමාජයකට නැතිවන්නට කිසිවක් නැත.මෙනයින් මිනිසා එකමුතුව යන ගමන අනාගතයට කෙතරම් නුනුවණ දැයි සිතා බැලිය යුතු නොවෙිද?
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
හිසේ ගිනි ඇවිළෙතේ