ශ්‍රී නිහාල් ජයසිංහයන්ගේ ගේය පද රචනයෙන් ද හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායකගේ භාවානුරාගී ස්වර මාධුර්යයෙන් ද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ ස්වරාලංකාරයෙන් ද මනරම් වූ මෙි ගීමිණ ශෘංගාරරස දනවයි.
අප වසන සමාජයේ බොහෝ පෙම් බැඳුම් විවාහ බැඳුමින් අවසන් නොවෙි.ජරපත් ධනේශ්වර සමාජයේ ජාති,කුල,පන්ති භේද, ආර්ථික සතුරෝ සියලු පෙම් බැඳුම් සුනුවිසුනු කරති.මෙනයින් යටකී පෙම් බැඳුම් තථ්‍ය ප්‍රේමයේ සැබෑ පදනම වන කායසංසර්ග රාගය මත ගොඩනැගෙන ඒවා ද නොවෙි.
මෙි සියලු බැඳුම් දලුලා වැඩෙන්නේ සංකේතීය ප්‍රාග්ධනයට ලෝලයෙනි.මෙනයින් බලන කල අප වසන සමාජයේ තථ්‍ය ප්‍රේමය කියා දෙයක් ඇත්තේ ම නැතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.එහෙත් විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර මිනිස් සන්තානයේ හට ගන්නා ප්‍රේමය පරමරමණීය නොවෙිද?ධනබලය කඩා වැදී මානවබන්ධුත්වය කුඩුපට්ටම් කරනතුරු ආදරවන්තයන්ට ප්‍රේමය චමත්කාරය පිරි සොඳුරු විජිතයකි.ආරම්භයේදී මෙන් ම විකාසනයේදී ද ප්‍රහර්ෂයෙන් පිරිණු රස මංජරීයකි.පෙම් කුසුම සුපුෂ්පිත කරගැනීමට උනුන් එකිනෙකා කෙතෙරම් වෙහෙස මහහන්සි විය යුතුද? අවසානයේ පොහොර,ජලය යොදා උස්මහත් කළ ප්‍රේම පුෂ්පය විකසිත වී දෙසිතට ම සුවඳ උද්වහනය නොකරයි ද?
තතු එසේ වූව ද සොබාදහමේ ද මානවසමාජයේ ද බලපාන චලනනියාමයට,විපරිණාමයට ප්‍රේමය ද ගෝචරය.විපරිණාමයට ගොදුරු නොවන කිසිවක් ලොව නැත.ඒවාට වෙනස් ඉරණමක් ප්‍රේමයට විතරක් ද හිමි නොවෙි. එහෙත් දෙදෙනකු අතර ප්‍රේමය ඉපදී වැඩී එන කල්හි උපදින ප්‍රහර්ෂය මෙි ගීතයෙන් සුවිශද නොවෙිද?මෙි වූකලි සම්භෝග ශෘංගාරය වෙනුවෙන් උනුන් එකිනෙකා කැඳවන ප්‍රේමයේ සොඳුරු සුයාමය යි.මෙි ගීතයේ පෙම්වතුන් මෙි කතා කරන්නේ එකී ප්‍රේමයේ පරමරමණීය සුඛාස්වාදනීය නිමෙිෂය පිළිබඳ නොවෙිද?
පි:
හංසරාණී ආදරේ
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ
මගේ සිත උදුරා ගනූ
ගැ:
හංසයානෙණි ආදරේ
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ
මගේ සිත උදුරා
මෙි කථකයා තම පෙම්වතිය දකින්නේ හංස රාජිනියක් විදියට ය.ඇය ජල කෙළියේ යෙදෙන්නේ සාමාන්‍ය විලක නොව මදාරා පරසතු විලකය.මදාරා පරසතු විල තිබෙන්නේ දිව්‍ය ලෝකයේ ය.මදාරා පරසතුමල්වල වර්ණ- ගන්ධ ගුණ සම්පත්තිය කෙතරම් විභූතිමත් ද?එපමණක් නොව ඔහු තම හංස රැජන බඳු පෙම්වතියට මීවිතේ මදිරා බීමට ද ඇරියුම් කරයි.මදිරා යනු මධු හෙවත් මී ය. මීපැණි යනු රසදිව නහර ප්‍රීතියෙන් පිනා යන ප්‍රණීත පානයකි. එය ලොව මධුරතම මිහිර ලෙස ද සැලකේ.එපමණක් නොව තම සිත උදුරා ගන්නා ලෙස ද ඔහු ඇයට ආයාචනා කරයි.මෙනයින් බලන කල දෙදෙනාම මදාරා පරසතු විලේ දිය කෙළින හංසයෝය.මෙහි කථකාව ද තම පෙම්වතාට යටකී ඇරියුම ම කරන්නීය.ඇයට ද තම ප්‍රාණසම පෙම්වතා පෙනෙන්නේ හංසයකු ලෙසය.ඔවුහු එකිනෙකා ප්‍රේමයෙන් පමණක් නොව රාගයෙන් ද කුල්මත් වී වල්මත් වී සිටිති.
පි:
ඉගිල්ලෙන්නට තටු සලා
පියාපත් සවිබල වෙලා
අඳුර ආලෝකය වෙලා
සොඳුර සිහිනය එළිවෙලා
ගීතයේ පළමු අන්තරා කොටසින් කියැවෙන්නේ මෙි පෙම්වතුන් යුවළ පීඩිත පන්තියේ දෙදෙනකු බව නොවෙිද?ප්‍රේමයේ දී බොහෝ ආදරවන්තයෝ සිහින මාලිගාවල ජීවත්වෙති.කාල්පනික ලෝකයේ සැරිසරති.මෙනයින් මෙි යුවළ සිහින මවන්නේ මදාරා පරසතු විල වැනි දිව්‍යලෝකයක ජීවත් වීමට නොවෙිද?ඔවුහු මෙි මොහොතේ ශෘංගාරයෙන් මුසපත් වී ප්‍රේමයේ පරමානන්දය වින්දනය කරති.එවිට පෙම්වතුන් දෙදෙනාටම දැනෙන්නේ අඳුරු ලොව සොඳුරු ආලෝකයෙන් පිරී ඇති බවයි.දැන් හංස යුවළට රිසි සේ පියඹා යන්නට පියාපත් ශක්තිමත් වී ඇති බව ද කියති.ඔවුන්ට සිතෙන්නේ තමා දුටු සොඳුරු සිහිනය සැබෑ වී ඇති සෙයකි.
ගැ:
ආදරේ මල් පල දරයි
දුගී පැල රස මුසු කරයි
රිදී මිණි මුතු මිල නොවෙයි
මාලිගය සිත ගිය තැනයි
පෙම්වතුන් දෙදෙනකුගේ ආදරය මල්ඵල ගැන්වුණු පසු උපදින ප්‍රහර්ෂය කෙතරම් දැයි කිව නොහැකිය.එබඳු නිමෙිෂයකදී ඔවුහු ලොව සියල්ල සුබවාදී මනසින් දකිති.මෙහිදී දෙදෙනා කල්පනා කරන්නේ මිල මුදල් රන් රිදී මිණිමුතු නොව තම ප්‍රේමයේ සුඛානන්දය ගැනයි.ආදරයෙන් වෙළී සිටිනා පෙම්වතුන් දෙදෙනාට ම හැඟෙන්නේ තමන් විශ්වයේ කූටය වෙත නැඟගත් බවකි.මෙනයින් බලන කල සිත ගිය තැන මාලිගාව කියන කතාව පෙම්වතුන්ට ම ගැළපෙන්නක් නොවෙිද? තතු කෙසේ වූව ද ස්ත්‍රී පුරුෂයන් තුළ උපදින ලිංගික ප්‍රේමය පරමරමණීය යි; සඳ එළියට සේ පාරිශුද්ධ යි; සුරම්‍ය යි.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හංසරාණී ආදරේ