පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (5) පැවැත්වේ. මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ දහසය වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. මෙතෙක් පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණ සියල්ලටම වඩා මෙවර මැතිවරණය සුවිශේෂීය. කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේ මෙවර මහ මැතිවරණය රටට අභියෝගයකි. එම අභියෝගය ජයගන්නා ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ක්‍රියාවලිය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය:- පූර්ව මැතිවරණ සූදානම කොහොම ද?
පිළිතුර:- මහ මැතිවරණයට සියල්ල සූදානම් කිරීම අපි මාස ගණනාවක සිටම සිදුකළා. කොරෝනා පැතිර යමින් තිබියදීත් රටේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙද්දීත් මැතිවරණ නිලධාරීන් රාජකාරි කළා. අපට සූදානම් වෙන්න කාලය තිබුණා. ප්‍රශ්නයක් නැහැ.
ප්‍රශ්නය:- මෙවර මහ මැතිවරණය මැතිවරණ කොමිසමට අභියෝගයක් නේද?
පිළිතුර:- අපි මුලටම යමු. ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය 1947 වර්ෂයේදී පැවැත්වූවා. එතැන් සිට 2015 මහ මැතිවරණය වෙනකොට මැතිවරණ පහළොවක් තිබ්බා. මෙවර පැවැත්වෙන්නේ දහසය වැනි පාර්ලිමේන්තු මැතිවරණය. 1977 දී පැවැති මහ මැතිවරණයත් ඇතුළුව ඊට පෙර පැවැති මහ මැතිවරණ සියල්ල කේවල මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතේ පැවැති ඒවායි. ඒ කියන්නේ ආසනයකට තරග කරන ක්‍රමය. ආසනයකට තරග කරන අපේක්‍ෂකයන් අතුරින් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් තැනැත්තා එදා කොට්ඨාසයේ එහෙම නැත්නම් ආසනයේ මන්ත්‍රීවරයා ලෙස පත්වුණා. ඉන්පසුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නා. පෙරට වඩා ප්‍රමාණයෙන් විශාල මැතිවරණ කොට්ඨාස ඒ කියන්නේ බොහෝවිට දිස්ත්‍රික්ක 22ක් යටතේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එක් එක් දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනීම සිදුවෙනවා. සමානුපාතික ක්‍රමය යටතේ ජාතික ලයිස්තුවක් හඳුන්වා දුන්නා. ජාතික ලයිස්තුවෙන් මුළු ලංකාවටම මන්ත්‍රීවරුන් 29ක් පත්කර ගන්නවා. තරග කළ දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර බෙදී යනවා. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය 1989 දී පැවැත්වුණා. මේ ආකාරයෙන් ලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණ 15ක් පැවැත්වුණා. ඒ සියලු මැතිවරණ ගැන පොදුවේ හිතුවොත් විවිධ අභියෝග, අත්දැකීම් තිබෙනවා. අපේ ඡන්දදායකයන් ඒවාට මුහුණ දුන්නා. දැන් ඔබේ ප්‍රශ්නයට එන්නම්. කොරෝනා නිසා මේ මැතිවරණය අපට අභියෝගයක් වුණාය කියලා අපි හිතන්නේ නැහැ. අද ඉතාම සාර්ථක මැතිවරණයක් පැවැත්වෙනවා.
ප්‍රශ්නය:- මහ මැතිවරණය අවස්ථා දෙකකදී කල් දැම්මා නේද?
පිළිතුර:- ඔව්. මහ මැතිවරණයට ජනාධිපතිතුමා දිනයක් දුන්නා. එතුමාට හිමි බලතල අනුව එතුමා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මහ මැතිවරණයට දින නියම කළා. හැබැයි රට පුරා කොරෝනා තදින් ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයක් දැක්ක නිසා අපි කල් තිබ්බා. සියල්ල කළේ නීත්‍යනුකූලවයි. මැතිවරණ කොමිසමට නීතියෙන් හිමිව තිබෙන ප්‍රතිපාදන අනුව කටයුතු කළා. ජනතාවගේ සෞඛ්‍යය ගැන හිතුවා. අපි සෞඛ්‍ය අංශවලින් නිරන්තරයෙන් උපදෙස් ලබාගත්තා.
ප්‍රශ්නය:- කොරෝනා සම්පූර්ණයෙන්ම පාලනය වී නැති නිසා ජනතාවට යම් සැකයක් තිබෙනවා?
පිළිතුර:- කිසිම සැකයක් තියාගන්න එපා. මැතිවරණ කොමිසම කියන්නේ එකම දෙයයි. ඡන්දපොළ සියයට සියයක්ම කොරෝනා අවදානම නැති තැනක්. ඇතැම්විට ඔබේ නිවසටත් වඩා ඡන්දපොළ සෞඛ්‍යාරක්‍ෂිතයි. ඡන්දපොළේදී වයිරසය ආසාදනය විය හැකි සියලු ආකාර වළක්වා තිබෙනවා. ඒ සඳහා දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.
ප්‍රශ්නය:- මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අඩුවිය හැකි බවට ඇතැම් පිරිස් මත පළ කරනවා?
පිළිතුර:- අපේ රටේ ඡන්දදායකයන් වෙනත් රටවලට සාපේක්‍ෂව බුද්ධිමත්. ඡන්දපොළට එන්න උනන්දුයි. හැම මැතිවරණයකදීම පාහේ ඡන්දපොළට ඡන්දදායකයන් වැඩි පිරිසක් එනවා. ඡන්දය ජනතාවගේ අයිතියක් වගකීමක්. ‘ඡන්දය ඔබේ අයිතියයි’ කියලයි අපි කියන්නේ. බියක් සැකයක් නැතිව ඡන්දපොළට යන්නැයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඡන්දදාකයන් ඒ සඳහා උනන්දුවනු ඇතැයි අපි අපේක්‍ෂා කරනවා. මැතිවරණ කොමිසමට ඡන්දදායකයන් විශ්වාසයි.
ප්‍රශ්නය:- ඔබ හිතන්නෙ ඡන්දදායකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කරාවි කියලා ද?
පිළිතුර:- අනිවාර්යයෙන්ම. මෙවර ඡන්දදායකයන් 16,200,000 (එක්කෝටි හැටදෙලක්ෂයක්). ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. ඒකෙන් 1,300,000ක් (එක්කෝටි තිස් ලක්ෂයක්) ඒ කියන්නේ සියයට 80ක්වත් ඡන්දය ප්‍රකාශ කරාවි යැයි මැතිවරණ කොමිසම විශ්වාස කරනවා.
ප්‍රශ්නය:- කොරෝනා බිය නිසා ඇතැම් රාජ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරිවලට නොපැමිණීමේ අවදානමක් තිබෙනවා ද?
පිළිතුර:- රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණ රාජකාරි පැහැර හරින්න බැහැ. සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණ රාජකාරි පැහැර හැරියොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පෞද්ගලික ලිපි ගොනුවලට ලිපි දානවා. ඔවුන්ගේ තනතුරු, උසස්වීම්, වැටුප් වර්ධක ආදියට ඒවා බලපානවා. ඒ නිසා බොරු කොරෝනා බියක් අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරිවලට පැමිණිය යුතුමයි. ඡන්දපොළ සියයට සියයක්ම කොරෝනා තොර කලාපයක්.
ප්‍රශ්නය:- මැතිවරණ රාජකාරියේ නිරතවන රාජ්‍ය නිලධාරීන්ට පහසු ඇඳුමකින් රාජකාරි කිරීමේ අවස්ථාවක් නැති බවට කොමිසමට චෝදනා එල්ල වෙනවා නේද?
පිළිතුර:- රාජ්‍ය නිලධාරිනියන් සාරිය ඇඳගෙන මැතිවරණ රාජකාරි කළ යුතු යැයි අපි අනිවාර්යය කර නැහැ. හැබැයි කොට සායකුයි ස්කිනියකුයි ඇඳගෙන එන්න බැහැ. තමන්ගෙ කාර්යාලයේ රාජකාරියට යන ආකාරයේ ඇඳුමකින් සැරැසී සිටීම අවශ්‍යයි. දේශපාලන පක්ෂ පාටවලට නැති පාටක ඇඳුමක් විය යුතුයි. පිරිමි ගැහැනු කියලා වෙනසක් නැහැ. නිලධාරීන්ට සරමක් ඇඳලා කැහැපොට ගහගෙන හිල් හිල් තියෙන බැනියමක් ඇඳගෙන ඉන්න බැහැ.
ප්‍රශ්නය:- කොරෝනා පැතිරීම වැළැක්වීමට ඡන්දපොළ මධ්‍යස්ථානයේ සිදුකරන ක්‍රියාවලිය කුමක් ද?
පිළිතුර:- ඡන්දදායකයන් මුව ආවරණ පැළැඳීම අනිවාර්යයි. පෑනක් ගෙදරින් ගෙනාවොත් ඉතාම හොඳයි. ඡන්දපොළට ඇතුළුවන කොටම දෑත් පිරිසුදු කරනවා. මීටරයක පරතරයකින් ඉන්න වෙනවා. ඡන්ද පත්‍රිකාව අතට දුන්පසුවත්, ඡන්දපොළෙන් පිටව යද්දිත් අත් පිරිසුදු කරනවා. ඡන්දය සලකුණු කරන කුටිය තුළ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරලා තිබෙනවා. ඇඟිල්ලේ තීන්ත තවරන්නෙත් ඉටිකූරකින්. යම් හෙයකින් පෑනක් නොගෙනාවොත් විසබීජහරණය කරපු පෑනක් ඡන්දපොළේදී ඡන්දදායකයාට ලැබෙනවා.
වෛද්‍යවරු, සෞඛ්‍ය සේවකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආදී සෞඛ්‍ය අංශ සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඉන්නවා. මට කියන්න තියෙන්නේ ඡන්දපොළට කාටවත් කොරෝනා ගේන්නවත් ඡන්දපොළෙන් කාටවත් සමාජයට කොරෝනා ගෙනියන්නවත් ඉඩක් නැහැ.
ප්‍රශ්නය:- මෙවර ප්‍රථම වතාවට ඡන්ද ගණන් කරන්නේ පසුදින නිසා ඡන්ද පෙට්ටි මුළු රාත්‍රියක්ම තනි කිරීම ගැන ඇතැම් පිරිස් සැක පළ කරනවා.
පිළිතුර:- බබා ගෙනාවේ රෝස කැලෙන් කියලා අපි කියනවා. හඳ මාමා හොරෙන් බලනවා කියනවා. දරුවන්ට බත් කවාගන්න බොරු කියනවා. ඒ වගේ ඡන්ද පෙට්ටි මාරු කරන කතා හොර ඡන්ද දාන කතා පට්ටපල් බොරු. ඡන්ද පෙට්ටි තනි කරන්නේ නැහැ. නිලධාරීන් එළිවනතුරු ඡන්ද පෙට්ටි තියන තැන්වල ඉන්නවා.
දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට නිරීක්ෂණය කරන්න පුළුවන්. සෑම ඡන්ද පෙට්ටියක්ම සීල් කරනවා. අත්සන් යොදා ස්ටිකර් අලවනවා. ඉටි බෑගයක බහා නැවත සීල් කරනවා. ඡන්ද පෙට්ටිවලට ඉබි යතුරු දානවා. යතුරු සීල් කරනවා. සියල්ල විවෘත කරන්නේ නිලධාරීන් හා පක්ෂ නියෝජිතයන් ඉදිරිපිට. කිසි ප්‍රශ්නයක් නැහැ. ඡන්ද පෙට්ටි සුරක්ෂිතයි.
ප්‍රශ්නය:- නිරෝධායනය වෙන පිරිසට ඡන්ද අයිතියක් ලැබෙන්නේ නැහැ නේද?
පිළිතුර:- නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිසට ඡන්දය දාන්න බැහැ. හැබැයි අනිවාර්ය දින 14ක නිරෝධායන කාලය නිමකර ඇති බවට සහතිකය ලැබූවන්ට ඡන්දපොළට එන්න පුළුවන්. කොරෝනා වැළැඳී සුවය ලැබූවන්ට ඡන්දපොළට එන්න පුළුවන්. ඔවුන්ට ඡන්දපොළේ වෙනම කූඩුවක් තිබෙනවා ඡන්දය සලකුණු කරන්න. මම හිතන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නේ 800ක වගේ පිරිසක්. ඔවුන්ගෙන් සියයට පනහකට පමණ ඡන්දය නැහැ. ලංකාපුර සිද්ධියත් එක්ක නිවාස 250ක පමණ සිටින පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා. දින 14ක කාලයක් නැති නිසා ඔවුන්ට ඡන්දපොළට එන්න සෞඛ්‍ය අංශ අවසර දෙන එකක් නැහැ.
ප්‍රශ්නය:- මැතිවරණ කොමිසම මුලින් කිව්වේ නිරෝධායන මධ්‍යස්ථානවලත් ජන්දය පවත්වනවා කියලයි?
පිළිතුර:- වෙනත් ස්ථානයකදී ජන්දය දීම සඳහා නව නීති අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කර තිබෙනවා. එය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න හැකි වේවි.
එතෙක් වෙනත් තැනකදී ඡන්දය දෙන්න ක්‍රමයක් සකස් කරන්න අමාරුයි. පුත්තලමේ තාවකාලිකව පදිංචිකරුවන්ට ඒ අයගේ මුල් ගම්බිම්වල ඡන්දය දාන්න ඉකුත් මැතිවරණවලදී අවසර ලබා දුන්නා. අපට මතකයි බස් එකට වෙඩි තිබ්බා. බස් එකට ගල් ගැහුවා. ඒ නිසා කිසියම් පුද්ගලයකුට තමන්ට හිමි ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලැබෙන නව නීති අලුතින් සකස් කළ යුතුයි.
ප්‍රශ්නය:- සමාජ මාධ්‍යජාලාවලින් තවමත් නීති විරෝධී ලෙස ඡන්ද ප්‍රචාර කටයුතු සිදු කෙරෙනවා?
පිළිතුර:- සමාජජාලා මාධ්‍යවල ක්‍රියාකාරීත්වය නවත්වන්න අමාරුයි. අපට විතරක් නෙමෙයි මුළු ලෝකයේම එහෙමයි. සමාජ මාධ්‍ය කියන්නේ හරියට විදුලිය සහ ගින්දර වගෙයි. හොඳට වැඩක් ගත්තොත් හොඳයි. නැත්නම් ව්‍යසනයක් වෙනවා. සමාජ මාධ්‍ය නූල කැඩී අයාලේ යන සරුංගලයක් වගෙයි. කාලතුවක්කු උණ්ඩයක් වගෙයි. මේවාට හික්මීමක් අවශ්‍යයි. මැතිවරණ නීති කැඩුවොත් අපි නිකන් ඉන්නෙ නැහැ. ඡන්දෙන් පස්සේ ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා.
අපි සමාජ මාධ්‍යකරුවන්ට කියන්නෙ නීත්‍යනුකුලව කටයුතු කරන්න, රටේ නීතියට ගරු කරන්න කියලයි.
ප්‍රශ්නය:- ඇතැම් අපේක්ෂකයන් ඡන්ද නීති කැඩූ බවට චෝදනා එල්ල වෙනවා නේද?
පිළිතුර:- ඇතැම් ඡන්ද අපේක්ෂකයන් මැතිවරණ නීති කැඩුවා. ඔවුන්ට චෝදනා එල්ල වුණා. අපි මැතිවරණ නීතියට අනුව කටයුතු කරනවා. අධිකරණයේදී ඔප්පු වුණොත් එවැනි අපේක්ෂකයකුගේ අසුන අහිමි වෙන්නත් පුළුවන්. මම එකක් කියන්නම් අපේ ඡන්දදායකයන් ඡන්දය දෙන්නෙ කාටදැයි කලින්ම තීරණය කරලයි තියෙන්නේ. ඒ නිසා මත්පැන්, හාල් පොල්, සාරි බෙදලා ඡන්දය ගන්න බැහැ. එවැනි තැගි බෝග දෙනවා නම් කාටහරි ජංගම දුරකතනයකින් වීඩියෝ කරලා අපට පැමිණිලි කරන්න පුළුවන්. අල්ලස් ගැනීම, සංග්‍රහ කිරීම සහ අයුතු බලපෑම් යන චෝදනා මත ජයග්‍රහණය කළ අපේක්ෂකයකුගේ අසුන අහිමි වෙනවා.
ප්‍රශ්නය:- මැතිවරණ කාලයේදී කුමක් කීවත් ඡන්දයෙන් පස්සෙ එවැනි නීතියක් ක්‍රියාත්මක නොවන බවට කොමිසමට චෝදනා එල්ල වෙනවා?
පිළිතුර:- එහෙම වෙන්නෙ නැහැ. නීතිය නීතියමයි. ඡන්දෙන් පස්සෙ අපට නඩු දාන්න පුළුවන්. අධිකරණයේදී ඔප්පු වුණොත් නීතිය නීතියම තමයි. මැතිවරණ කොමිසම එවැනි අපේක්ෂකයන්ට ඡන්දෙන් පස්සේ නීති ක්‍රියාමාර්ග ගන්නවා.
ප්‍රශ්නය:- ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්නෙ කොහොම ද?
පිළිතුර:- සෑම ඡන්දපොළකම වගේම සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයක්ම විසබීජහරණය කරනවා. ගණන් කරන්න නිලධාරීන් ඉන්නෙත් මීටරයක දුර තියාගෙන. දේශපාලන පක්ෂවල ඔවුන්ගේ නියෝජිතයන් ගණන් කරන මධ්‍යස්ථානවල ඉන්නවා. විස්සයි විස්ස කාමරයක මීටරයක් තියාගෙන ඉන්නකොට අපට ප්‍රශ්න ඇතිවෙනවා. ඇතැම් විට පක්ෂවල නියෝජිතයන්ට මාරුවෙන් මාරුවට ගණන් කරන මධ්‍යස්ථානවල ඉන්න වේවි. ගණන් කරන නිලධාරීන් මුඛ ආවරණ පැළැඳගෙන ඉන්නවා. නිලධාරීන්ට එකට ආහාර ගන්න ලැබෙන්නෙ නැහැ. වෙන වෙනම ආහාර ගන්න සලස්වනවා. එහෙම බැලුවම ඡන්දපොළ වගේම ගණන් කරන මධ්‍යස්ථානත් සුරක්ෂිතයි.
ප්‍රශ්නය:- ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්නෙ කොහොම ද?
පිළිතුර:- අපි හයවැනිදා පෙරවරු හත අට වෙනකොට ඡන්දය ගණන් කරන්න පටන් ගන්නවා. පළමු ඡන්ද ප්‍රතිඵලය සවස තේ පානයට පෙර නිකුත් කරන්න හැකිවේ යැයි අපි කල්පනා කරනවා. බොහෝ විට එය තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් එකක් කියන්නම්. හයවැනිදා රාත්‍රී දහය පමණ වනවිට ආණ්ඩුව පිහිටුවන්නේ කුමන පක්ෂය ද නැත්නම් කුමන කණ්ඩායම ද කියලා බලාගන්න පුළුවන්. මනාප ප්‍රතිඵල ඉවර කරන්න තවත් දවසක් ගතවේවි. හයවැනිදා ගණන් කරන්න පටන් ගත්තම අඛණ්ඩව කරගෙන යනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා අපි නිල ඡන්ද ප්‍රතිඵල ලබා දෙනවා.
ප්‍රශ්නය:- අවසාන වශයෙන් ඡන්දදායකයන්ට කියන පණිවුඩය මොකක් ද?
පිළිතුර:- ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් කොරෝනා ෆ්‍රී කලාපයක්. සැක බිය නැතිව ඡන්දපොළට එන්න. ඡන්දපොළ ඔබේ නිවසටත් වඩා සෞඛ්‍යාරක්ෂිතයි. සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න. සෞඛ්‍යාරක්ෂිතව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් සිදු කෙරෙනවා. මැතිවරණ කොමිසම වැඩ කරන්නෙ හෘද සාක්ෂියට අනුවයි. ඡන්දයට පෙරත් ඡන්දයෙන් පසුවත් දිගටම කොරෝනා පාලනයට ලබා දී ඇති උපදෙස් පිළිපදින්නැයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(*** සාකච්ඡා කළේ - රංජන් කස්තුරි)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්ක
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ. ඒ
මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 1,71,758 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ දිලුම් අමුණුගම මහතා පළමු තැනට තේරී පත්වී සිටී.
මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන
මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙළාගෙන ඇති අභාග්‍යසම්පන්න මොහොතක මැතිවරණයක් පවත්වා සිය නියෝජිතයන් තෝරා පත්කරගැනීමට ලැබීම රටක ජනතාවකට හිමි වන ප්‍රජාතන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් කොරෝනා ෆ්‍රී