IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ඡන්දය ඉල්ලා කෝටි 160 ක් විසි කරති

(විනීතා එම් ගමගේ)

           

මහ මැතිවරණයේ අපේක්ෂක වියදම් දෙස බලද්දී මේ වනවිට අපේක්ෂකයින් විසින් වියදම් කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය තහවුරු කර ගෙන ඇති මුදල රුපියල් මිලියන 1597 ඉක්මවා ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේය.

තහවුරු කර ගත් මුදල මෙය වුවත් තමන්ට තහවුරු කර ගත හැකි වූයේ අපේක්ෂකයින් විසින් වියදම් කර ඇති මුදලින් 25% ක් 30% ක් අතර ප්‍රමාණයක් යැයි විශ්වාස කරන බව කී ගජනායක මහතා ඒ අනුව මෙම මැතිවරණයේ දී අපේක්ෂකයන් වැය කරනු ඇතැයි සිතන මුදල රුපියල් මිලියන දස දහස ඉක්මවනු ඇතැයි ද කීය.

මේ වනවිට වැය කර ඇති මුදලින් වැඩිම ප්‍රමාණයක් එනම් රුපියල් මිලියන 872 ක් වියදම් කර ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණ විසින් බවත්, සමගි ජන බලවේගය විසින් රුපියල් මිලියන 416 ක් වැය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය රුපියල් මිලියන 219 ක් ද, ජාතික ජන බලවේගය රුපියල් මිලියන 47 ක් ද, අපේ ජන බලවේගය මිලියන 22 ක් ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි විසින් රුපියල් මිලියන තුනක් ද වියදම් කර ඇති අතර මැතිවරණයට ඉදිරිපත් වන අනෙක් පක්ෂ 34 විසින් ම වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 18 ක් බව ද ගජනායක මහතා හෙළි කළේය.

මංජුල ගජනායක මහතා මේ අදහස් පල  කළේ කොළඹ නිපෝන් හෝටලටයේ අද (29) පැවැති මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගජනායක මහතා කියා සිටියේ මැතිවරණ වියදම් පිළිබඳ සොයා බලන තම නිරික්ෂණ කණ්ඩායම් විසින් කළ නිරික්ෂණය අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් කෝටි දෙකකට ආසන්න මුදලක් රුපියල් 5000 නෝට්ටුවලින් බෙදා දී ඇතැයි හෙළි වූ බව ද පැවසීය.

එමෙන්ම මාතර දිස්ත්‍රික් අපේක්ෂකයෙක් පිළිබඳව තම කණ්ඩායම් දින දහයක් නිරික්ෂණය කළ බවත් එම දින දහය තුළ ඔහු කළ වියදම් වලින් රුපියල් මිලියන 46.8 ක  සනාථ කළ හැකි වියදම් නිරික්ෂණය කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා පැය භාගයක කාලයක් සඳහා මාතර රැස්වීමකට එන අවස්ථාවේ එකී අපේක්ෂකයා විසින් රැස්වීමක් සූදානම් කර තිබු බවත් බස් රථ එකකට රුපියල් 15,000 ක් බැගින් ගෙවා බස් 103 ක් යොදා ජනතාව ගෙන්වා ගැනීම සඳහා රුපියල් විසිහත් ලක්ෂ හතලිස් පන්දහසක් වැය කර ඇති බවත් එදින රැස්වීමේ වියදම් පමණක් රුපියල් හැටතුන් ලක්ෂයක් වූ බවත් පෙන්වා දුන්නේය.

මේ තොරතුරු කිසිවක් එහි ආ ජනාධිපතිවරයා නොදන්නේ යැයි තමන් විශ්වාස කරන බව ද ගජනායක මහතා කීය.

දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ මැතිවරණ ගිණුම් වාර්තා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දී ඇති බවත් ඒවායේ ඇති වියදම් සමග බලද්දී මේ අපේක්ෂකයන් වියදම් කරන මුදල් ඒවාට අදාළ නොවන බව පෙනී යන බවත් පැවසු ඔහු එයින් පෙනී යන්නේ මේ මුදල් ඊට පිටස්තරව එන ඒවා බව යැයි ද සඳහන් කළේය.

විවිධ අන්දමේ ප්‍රචාරක උපක්‍රම මෙවර අපේක්ෂකයින් විසින් යොදා ගෙන ඇති බව එහි දී පෙන්වා දුන් ගජනායක මහතා හැඳුනුම්පත් ලෙස තම අංකය හා ඡායාරූප යොදා ගත් අපේක්ෂකයෙක් හමුවූ බවත් තවත් අයෙක් අපේක්ෂකයකුගේ පවුලම යොදා ලිතක් මුද්‍රණය කර තිබූ බවත් අනිවාර්යයෙන්ම එවැන්නක තිබිය යුතු මුද්‍රණකරුගේ නම හෝ ලිපිනය එහි නොතිබු බව ද ඔහු හෙතෙම සඳහන් කළේය.

මෙම අසමාන මුදල් වියදම් නිසා මැතිවරණ ප්‍රචාරණයේ දී සමානතාව  බිඳී ගොස් මුදල් නැති පිරිසට අසාධාරණයක් වන බවත් එයින් සිදුවන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කළයුතු සුදුසුකම් සහිත අයට එකී හේතුව නිසා එය අහිමිවීම බව ද ඔහු පෙන්වා දුන්නේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ කැඳවා තිබු මෙම මාධ්‍ය හමුවට එහි කැඳවුම්කරුවන් වන ආචාර්ය පාක්‍යසෝත සරවනමුත්තු, උදය කලුපතිරණ, සීතා රන්ජනී, සහ ඒ එම් එම් වික්ටර් යන මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (8)

ඡන්දය ඉල්ලා කෝටි 160 ක් විසි කරති

saman Wednesday, 29 July 2020 01:06 PM

මහජනයාගෙන් කොල්ලකා ගත් ධනය, මැතිවරණ සමයේ මහජනයාටම බෙදාදෙන උතුම් දේශපාලකයින් ඉන්නේ වෙන කොයි රටේද?

:       0       0

pradeepa Wednesday, 29 July 2020 02:47 PM

අපි වෙනුවෙන් එයාලගේ ධනය කැපකරනවා. මෙන්න බලාගන්න නියම වෙස්සන්තර රජ්ජුරුවන්.. අපේ රටට වාසනාවන්... මෙවන් පුතුන් තව සියගණන් පහළවෙනවා.

:       0       0

සුදත් ශ්‍රී Wednesday, 29 July 2020 02:57 PM

මැතිවරණයකට වියදම් කිරීමෙන් ඇත්තටම සල්ලි ලැබෙන්නේ ප්‍රින්ටිං කරන, කටවුට් ගහන, පොස්ටර් ගහන සාමාන්‍ය මිනිසුන්ට නේද? දේශපාලකයින් හම්බ කරගන්න විදිහ වැරදියි. ඒවා නැවැත්වීමට නීතිමය පියවරවල් ගත යුතුමයි. ඒත් ඔවුන් ඡන්දවලට දාගෙන වියදම් කරනකොට මට සතුටුයි. ඒ සල්ලි නැවත මිනිසුන්ටම ලැබෙනවානේ කියලා. එහෙම වියදම් කරලා පැරදුණොත් නම් මරේ මරු..., එතකොට සාමාන්‍ය මිනිස්සු නොදැනුවත්වම නියම ආයෝජනයක් කරලා තියෙන්නේ. ඒ නිසා වියදම් කරන දේශපාලකයින්ගෙන් හොඳට අර ගන්න, එ්ත් ඡන්දය නිවැරදි අයෙකුට දෙන්න.

:       0       0

chandima Wednesday, 29 July 2020 04:56 PM

බලයේ ඉද්දී රටේ සල්ලි හොරකම් කළ, නැතිනම් මහබැංකුව කොල්ලකෑවා. එහෙමත් නැතිනම් කොමිස් කුට්ටි ගණන් ගත්තා කියලා අපි කිව්වට ඉතින් මේ වියදම් කරපු මුදල් කන්දරාව හොයාගන්නත් ඕනෑනේ බලයට ආපු දවසක... පව් මේපාර පත්වෙන කට්ටියට හරිහැටි මේ වියදම් වුණු ගණන නොදැන වගේ බනින්න එපා...

:       0       0

gunaseana Thursday, 30 July 2020 12:42 AM

රටට, ජාතියට සේවය කරන්නනේ දෙයියනේ මේ!

:       0       0

Bamunuarachchi Thursday, 30 July 2020 01:43 AM

දූෂණ, වංචා නොකරන්න අලුත් මුහුණු ටිකක් පාර්ලිමේන්තුවට එවන්න කියලා ජනතාව කෑමොර ගහනවා. අලුතින් එන්න හදන අයත් කෝටිගණනින් වියදම් කරනවා පාර්ලිමේන්තුවට එන්න. ඒ අය කෝටි ගණනින් වියදම් කරපු කෝටිගණනක පොලියත් සමග ආපසු සොයාගැනීමයි. එතකොට අලුත් දූෂිතයෝ රටට බිහිවෙලා නැත. දන්න දූෂිතයා නොදන්න දූෂිතයාට වඩා හොඳයි.

:       0       0

සේන Thursday, 30 July 2020 04:32 AM

ඔව්, ඉතින් දිනුව දවසේ ඉඳන් හොරකම් කරන්නනේ සැලසුම් කරගෙන ඇත්තේ...

:       0       0

Kmal Koyrala Thursday, 30 July 2020 08:54 AM

මේවා පැමිණිලි කරගන්න පියවර කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

General election 2020

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට
2020 අගෝස්තු මස 07 18283 15

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමිව ඇති අතර එම මන්ත්‍රීධූර සඳහා පත්ක


කොළඹින් සරත් වීරසේකර මුල් තැනට
2020 අගෝස්තු මස 07 14438 11

මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සරත් වීරසේකර මහතා මනාප 328,092 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්විය.


හිටපු මන්ත්‍රීවරු 70කට වඩා ඡන්දෙන් පරාදයි
2020 අගෝස්තු මස 07 43049 34

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ. ඒ


මහනුවරින් වැඩිම මනාප දිලුම්ට
2020 අගෝස්තු මස 07 11670 9

මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 1,71,758 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ දිලුම් අමුණුගම මහතා පළමු තැනට තේරී පත්වී සිටී.


මඩකලපුවේ වැඩිම මනාප සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට
2020 අගෝස්තු මස 07 15065 7

මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන


පොහොට්ටු විජයග්‍රහණ රහස
2020 අගෝස්තු මස 07 19235 8

මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙළාගෙන ඇති අභාග්‍යසම්පන්න මොහොතක මැතිවරණයක් පවත්වා සිය නියෝජිතයන් තෝරා පත්කරගැනීමට ලැබීම රටක ජනතාවකට හිමි වන ප්‍රජාතන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site