IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


දේශීයත්වය පිටුදැකීමෙන් ඇතිවන වින්නැහිය නොදකින ලිබරල්වාදියෝ

සටහන - චමින්ද මුණසිංහ

ලෝකයේ සෑම තැනකම පාහේ ආරවුල්ය. මේවා නිකම්ම ඇතිවූ ඒවා නොවේ. මෙම ආරවුල් හොඳින් අධ්‍යයනය කළහොත් ඒවාට පදනම් වී ඇති සාධක හඳුනා ගන්නට පුළුවන. ශිෂ්ටාචාර අනුව මේ ආරවුල් නිර්මාණය වී ඇති ආකාරය බොහොම පැහැදිලිව පෙනෙන කරුණකි. බටහිර ශිෂ්ටාචාරයත් මැදපෙරදිග ශිෂ්ටාචාරයත් අතර සෑම දිනකම පාහේ ගැටුම්ය. මේ ශිෂ්ටාචාර දෙකේ ගැටුමට පදනම වී ඇත්තේ ආගමය. මිනිස් ශිෂ්ටාචාරයේ තිබෙන වැදගත්ම අංගයක් වන්නේ ද ආගම බව කිසි ලෙසකින්වත් අමතක නොකළ යුතුය.

එනිසා ආගමට විරුද්ධව කටයුතු කිරීමට කිසිවකුටත් නොහැක. ආසියානු කලාපයේදී හින්දු ආගමට එරෙහිව කටයුතු කළ හැකිද? නොහැක. ඒ වගේම බුද්ධාගමට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාවක් නැත. මේ සාධක ශිෂ්ටාචාරයත් සමඟ දැඩිව බැඳී ඇති සාධකය. වසර දස දහස් ගණනක් තිස්සේ ජනතාව සමඟ බද්ධ වී ඇති මෙකී කාරණා ජනතාවගෙන් ඉවත් කිරීමට කිසිදු හැකියාවක් නැත.

කටයුතු කළ යුත්තේ රටේ අවශ්‍යතාව ජනතාවගේ අවශ්‍යතාව නිවැරැදිව තේරුම් ගෙනය. ඇතැම් සිවිල් සංවිධාන මේ තත්ත්වය වටහාගෙන නැත. ඒ අය උත්සාහ කරන්නේ වෙනත් රටවල අවශ්‍යතාවලට ගැළපෙන පරිදි මේ රටේ කටයුතු හැඩගැස්වීමටය. බටහිර අවශ්‍යතා මෙරට සමාජයට ගෙන ඒමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැත. අපට අයිති සංස්කෘතියක්, ඉතිහාසයක් තිබේ. මේවා අවශ්‍ය නොවන බවට තර්ක ගොඩනගන අය සිටිති. එසේ තර්ක ගොඩනගන බලවේගවලට අවශ්‍ය වී ඇත්තේ බටහිර වුවමනාව අපේ සමාජයේ පැළපදියම් කිරීමටය. මේ රටේ ජනතාව හැදියාවෙන් යුතුව ගොඩනැගී ඇත්තේ අපටම ආවේණික වූ සංස්කෘතියේ ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් බටහිර වුවමනාව වෙනුවෙන් මෙහෙයවෙන ඇතැම් සිවිල් සංවිධාන අපේ ආවේණිකත්වය යටපත් කර වෙනත් අවශ්‍යතා ඒ මත රෝපණය කිරීමට කැස කැවීම කනගාටුදායක තත්ත්වයකි. ඕනෑම ශිෂ්ටාචාරයකට අයිති කොටසක් තිබේ. එය අමතක නොකළ යුතු ප්‍රමුඛ සාධකයකි.

මතුපිටින් පෙන්නුම් නොකළද ලොව සෑම දෙයක්ම සිදුවන්නේ ශිෂ්ටාචාර අනුවය. ගැඹුරු යථාර්ථය එයයි. චීනය සහ බටහිර රටවල් අතර ගැටුමක් තිබෙන්නේ කුමන සාධක හේතුවෙන්ද? මෙය චීන ශිෂ්ටාචාරයේ සහ බටහිර ශිෂ්ටාචාරයේ වෙනසේ ගැටුමකි. ජපානය සහ ඔවුන් සමඟ ගැටුම් ඇතිකරගෙන තිබෙන රටක් දෙස බැලුවත් පෙන්නුම් කරන්නේ එම ශිෂ්ටාචාර දෙක අතර පවතින ගැටුමකි. බටහිර ශිෂ්ටාචාරයේ පවත්නා ක්‍රමවේද, ගතිගුණ, ආයතන පද්ධති, පාලන ක්‍රම අපේ රටවලට කාවැද්දීමේ හැකියාවක් නැත. එහෙත් ඇතැම්හු එවන් නිරර්ථක උත්සාහයක නිරතව සිටිති. නොගැළපෙන සාධක එක් කිරීමේ කිසිදු හැකියාවක් නැත. එවන් සාධක එක් කිරීම හරහා සිදුවන්නේ වෙනත් ආකාරයක පුපුරා යාමකි. විනාශයකි.

අපේ ශිෂ්ටාචාරයට ආවේණික වූ ආගම් තිබේ. ගති පැවතුම් ඊට අනුගතව සකස් වී ඇත. චාරිත්‍රවාරිත්‍ර ද එසේමය. අපේ රජවරුන් ගෙන ගිය පාලන ක්‍රම තිබේ. මේ සියල්ල ගොඩනැගී ඇත්තේ දේශීය ඌරුවටය. මිනිස් ජීවිත ගොඩනැගී තිබෙන්නේ මෙම පදනම මතය. වෙනත් ශිෂ්ටාචාරවලින් දේශීය ඌරුව යටපත් කිරීමට නොහැකිය. ලෝකයේ වෙනත් රටවල් ශිෂ්ටාචාර අතර දශක ගණනාවක් තිස්සේ පවත්නා ගැටුම්වලින් එම සාධකය තවදුරටත් තහවුරු කරගන්නට පුළුවන. යම් ශිෂ්ටාචාරයක් වෙනස් කිරීමට තවත් ශිෂ්ටාචාරයකට හැකිවූවා නම් ගැටුම් ඇතිවීමට ඉඩක් නැත. එනිසා අපේ සමාජයට, ශිෂ්ටාචාරයට බලෙන් යම් යම් සාධක පැටවීමට උත්සාහ ගන්නා අය මේ කාරණය තේරුම් ගත යුතුය.

අවධානය යොමුකළ යුත්තේ ජනතාවගේ අවශ්‍යතා සම්බන්ධයෙනි. වෙනත් ක්‍රමවේදයක අවශ්‍යතා අවධානයට ගැනීමෙන් මෙරට ප්‍රශ්න විසඳිය නොහැක. එහෙත් කාලයක් පුරා කටයුතු කර ඇත්තේ එකී රාමුවේ නොවේ. ඉන්පිටතය. යම් යම් තැන්වලදී ඉදිරිගාමී ස්වභාවයක් පෙන්නුම් කළද සමස්තය එය නොවන වග ප්‍රත්‍යක්ෂ කරුණකි. මෙරට මිනිස් අවශ්‍යතා ගොඩනැගී ඇත්තේ මේ සමාජ පරිසරයේ පවත්නා සාධක අනුවය. එකී අවශ්‍යතා සපුරාලන ක්‍රමවේදයකට යනවා විනා ඉන් ඔබ්බට ගිය නොගැළපෙන මාර්ගවලට අවතීර්ණ වීම පවත්නා අර්බුද වර්ධනය කිරීමට හේතුවකි. ආත්මාර්ථය වඩවන පිරිස් මේ යථාර්ථය අවබෝධ කර නොගැනීම බරපතළ ප්‍රශ්නයකි.

කොසෝවෝ වේවා, ඉරාකයේ වේවා පවතින යුද්ධවල මූල බීජය කුමක්ද? මේවා අභ්‍යන්තරයේ ඇත්තේ ශිෂ්ටාචාර ප්‍රශ්නයකි. ශිෂ්ටාචාරයක් කුමටදැයි යම් කෙනකු ප්‍රශ්න කරන්නට පුළුවන. මේවා හනමිටි අදහස් යැයි සිතන අය සිටිය හැකිය. සමාජයේ නවීකරණය සමඟ එවන් තර්ක, අදහස් මතුවීම සාමාන්‍ය තත්ත්වයකි. මත ගැටුම් මේ කාරණා සම්බන්ධව සමාජයේ පවතින බවද පැහැදිලිය. මතුපිට පමණක් දැකීම මෙයට හේතුවය. කොතරම් වාද විවාද, මත ගැටුම්, නවීකරණය ඔස්සේ ඉදිරියට ගමන් කළද අවසානයේ නැවතත් එන්නේ අපේ ශිෂ්ටාචාරයටමය. යථාර්ථය එයයි.

මූලික වශයෙන් බැලිය යුත්තේ අපට ආවේණික සාධක සමඟ රටට, ජනතාවට ලබාදිය හැකි දේ කුමක්ද කියාය. දේශපාලන ධාරාව මෙහිදී ප්‍රමුඛ සාධකයකි. හොඳ දේශපාලනඥයෝ අපට සිටියහ. හොඳ ගතිගුණවලින් පරිපූර්ණව ඔවුහු රටට, ජනතාවට සේවය කළහ. එහෙත් විවිධ හේතුවල බලපෑමෙන් ඒ සියල්ල විනාශ වී ගොසිනි. සදාචාරවත් නොවන තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. ඇතැම්හු බටහිර ඉත්තෝය. ඔවුන් හරහා මෙරට දේශපාලන දේහයට ගලනය වන්නේ අපේ ශිෂ්ටාචාරයට ඔබින දේ නොවේ. මේ තත්ත්වය වෙනස් කරගත යුතුය. සදාචාරවත්, ශිෂ්ටාචාරවත් දේශපාලනඥයන් බිහිකර ගැනීමේ වුවමනාවද අද ප්‍රධාන වශයෙන් මතුව තිබෙන කරුණකි. නැතිනම් සිදුවන්නේ සෑම දිනකම නොයෙක් ආරවුල්වල පැටලෙමින් සිටීමය. එයින් ජනතාවට හෝ රටට අත්වන සෙතක් නැත.

පසුගිය කාලයේ පක්ෂ දෙකක් එක්වූවේය. එසේ එක්වූයේ හුදු අරමුණු වෙනුවෙන් විනා පොදු පරමාර්ථ වෙනුවෙන් නොවේ. යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණක් එතැන නොතිබුණි. ගැටුම් නිර්මාණය වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දේශපාලන උප සංස්කෘති අතර ගැටුමක් වශයෙන්ද මෙය දකින්නට පුළුවන. එනිසා වෙනත් බලවේගවලට යටනොවී ජනතාවගේ අවශ්‍යතාව සැබෑ ලෙස තේරුම්ගෙන කටයුතු කිරීමට අවධානය යොමුකළ යුතුය.

 

 



අදහස් (6)

දේශීයත්වය පිටුදැකීමෙන් ඇතිවන වින්නැහිය නොදකින ලිබරල්වාදියෝ

kuma Thursday, 15 November 2018 06:01 AM

ඉතාම හොද අදහස් නමුත් එ අයගෙන් හිඟාකන්න යන්න නැතිව ඉන්න සංස්කෘතියත් එක්ක

:       2       147

ධනුෂ්ක Thursday, 15 November 2018 02:41 PM

අපේ රටේ තියන දේශපාලනය, අාර්ථිකය, පරිපාලනය සියල්ල බටහිර පන්නයට අයත් අායතන පද්දතිය. සංස්කෘතියත් 50%ක්වත් බටහිර පන්නයේය. එසේනම් ඔබතුම යෝජනා කරන්නේ රාජාණ්ඩුවාදයද? අපට ඔබතුමා හා එකඟ වීමට, ප්‍රථමයෙන් අැමරිකානු පුරවැසිකම අතහරින්න. අදහස නම් රත්තරන් වටී.

:       31       475

suranga Saturday, 17 November 2018 03:24 PM

ඇමරිකාවේ පුරවැසි කම අරගෙන දේශය සංස්කෘතිය ගැන කථා කරනවා මාස 3 කට සැරයක් එක අලුත් කරන්න ඇමරකාවට යනවා

:       2       10

aruna Monday, 19 November 2018 08:56 AM

ලෝකයේ ගැටුම් වලට මුල බලකාමී අවස්ථා වාදීන්ගේ සමාජය නොමග යැවීමි.

:       0       7

yamuna Monday, 19 November 2018 10:21 AM

ඉතාමත් කාලීන විග්‍රහයක් කරලා තියෙන්නේ. නමුත් පටු වාසි වලට හැමෝම යට වෙලා තමන්ගේ ආගම ජාතිය වනසා ගන්නවා

:       39       21

Ranaweera Tuesday, 20 November 2018 12:02 AM

කියන්නෙ එකක් කරන්නෙ වෙන එකක් මෙිකට හොද ප්‍රශ්තා පිරිලුව හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් .ඇමරිකාවෙ පුරවැසියෙක්ලු .

:       0       12

ඔබේ අදහස් එවන්න

මංපෙත

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් පැතිකඩක්
2019 මාර්තු මස 28 4529 0

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු නොවූ තවත් පැතිකඩක් මෙවර ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමු.


ලිබරල් සමාජය විවිධ විද්වත් ඇසින්
2019 මාර්තු මස 21 1431 0

ලිබරල්වාදය සම්බන්ධ ලිපිමාලාවේ තවත් කොටසට අපි පැමිණ සිටින්නෙමු. වහල්භාවය සහ එහි පසුකාලීන තත්ත්වය ෆැන්සිස් ෆුකුයාමා මැනවින් විග්‍රහ කර තිබේ.


පාලිත-පාලක අයිතියේ මූලික මූලධර්ම
2019 මාර්තු මස 14 2073 0

ලිබරල්වාදය ලිපි පෙළේ “ඉතිහාසයේ අවසානය” කොටසට අපි පිවිස සිටින්නෙමු.


ජාත්‍යන්තර මතවාද මාර්ගයෙන් අපේ ප්‍රගමනයට අත්වැලක්
2019 මාර්තු මස 07 1060 0

ලිබරල්වාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිකවාදය, යථාර්ථවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවත්නා මතවාද විවිධාකාරය.


ඡන්ද කල්දමා ඡන්ද අයිතිය නැතිකරද්දී නිහඬවුණේ කවුද
2018 දෙසැම්බර් මස 13 2134 4

ඉතිහාසයේ කෙදිනකවත් නොවූ තරමේ අවුලකට රට මැදිවෙලාය. උද්ගතව තිබෙන අවස්ථාව දෙස බැලීමෙන් පමණක් ඒ සම්බන්ධව යම් නිගමනයකට එළඹීමට නොහැක.


බුද්ධි අංශ අවශ්‍ය ඇයි
2018 දෙසැම්බර් මස 06 2815 6

ස්ථාවරත්වය ඕනෑම රටක මූලික අවශ්‍යතාවකි. රටේ ආරක්‍ෂාව ස්ථාවරත්වයට බලපාන ප්‍රධාන සාධකයයි. එනිසා සෑම ආණ්ඩුවක්ම, සෑම පාලකයකුම ආරක්‍ෂාව පිළිබඳ හොඳ අවබෝධයක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site