සුගතපාල ද සිල්වා පරිවර්තනය කළ funny boy(අමුතු ඉලන්දාරියා ) නවකතාව පිළිබඳව හරි අපූරු විස්තරයක් එස්. නන්දලාල් පසුගිය දවසක මතු මහලට ලියා තිබිණ.සැබැවින් මේ හරි අපූරු ලියවිල්ලකි. මා ලියන්න යන්නේ ඒ වර්ගයේ ලිවීමක් නොවෙයි. නන්දලාල් ලියා තිබුණේ සුගතපාල ද සිල්වාගේ පරිවර්තනය පිළිබඳවය. මේ ලියන්න යන්නේ සුගත්ගේ එම පරිවර්තනය පිළිබඳව විචාරාත්මක කියැවීමකි. පළමුව කිව යුතු දේ නම් ස්වාම්ගේ නවකතාව ගැන කඩපිල් ගානේ මතුවිය හැකි විචාර පිළිබඳවය. සුගතපාල ද සිල්වා පරිවර්තනය කර තිබුණේ අමුතු ඉලන්දාරියා යනුවෙන්ය. මීට එරෙහිව එල්ල විය හැකි චෝදනාවක් නම් අමු ශ්‍රී ලංකාරියාස් සමලිංගික හැසිරීම් පාරට්ටු කරන අශ්ලීල නවකතාවක් යන හංවඩුව වැඩීමට තරම් සුදුසුකම් ඇති නවකතාවක් බවයි. අප වූ කලී විසම ලිංගික කාමසේවනය පමණක්ම ස්වභාවිකවේ යැයි අදහන සමාජයකි. ඉදින් සමලිංගික ඇසුර පිළිකුලේ කෙවිටෙන් දුරලිය යුතු පාපකර්මයක් ලෙස ගන්නා සමාජයකට අමුතු ඉලන්දාරියා funny boy අමුතු සත්වයෙකු ලෙස පෙනීයාම පුදුමයක් විය නොහැකිය. වාසනාවකට මේ පරිවර්තනය කර ඇත්තේ සුගතපාල ද සිල්වාය. මේ නවකතාව නැත්නම් මේ පරිවර්තනය ඊනියා සිංහල සදාචාරවාදීන්ගේ විවේචනවලින් ගැලවුණේ පරිවර්තකයා සුගතපාල ද සිල්වාගේ පෞරුෂයට බිය ගෙන බව මම අදටත් විශ්වාස කරමි.
අනෙක් අතට සුගත් හැරුණු විට මේ තරමින් මේ පරිවර්තනය කරන්නට වෙන කෙනෙකුට හැකිවේදැයි සැක සහිතය. එය මේ කතාවේ එක පැත්තක් පමණි. අමුතු ඉලන්දාරියා වූ කලී ලිංගික නිදහස පිළිබඳ අතිශය රැඩිකල් ප්‍රකාශනකයයි ගෙන මේ පාරට්ටු කිරීම්ද මතු වනු ඇත. එවිට විසම ලිංගික ආධිපත්‍යයට එරෙහිව පිහිටුවාලූ විරෝධතා කල්පනයක් ලෙස මෙම නවකතාව අගයැවීමට ලක්විය. ඇත්ත ශ්‍යාම් සෙල්ලවදොරේ වුණත් කියන්නේ මෙලෙසය පෞද්ගලික ලෝකය හා දේශපාලනය එකිනෙක හා වෙළන ස්වරූප මා තුළ කුතුහලයක් ඇති කළා සමාජයේ හැම තලේකම ජාතිවාදයටත් සමලිංගික භීතිකාවටත් විෂම ලිංගික ඒකාධිකාරයටත් වෙනත් අසාධාරණ හා එදිරිවාදී කම්වලටත් ඇති ඉඩකඩ අරුමයක්. ශ්‍යාම්ගේ මේ අදහස් ඔහුගේ පෞද්ගලික මතවාදය සරුසාර කරයි. ඒත් ඔහු නිර්මාණකරණයට එළැඹෙන්නේ ඒ සියල්ල විසංයෝජනය කරමින්. ශ්‍යාම්ගේ පශ්චාත් නූතනවාදය ළඟින්නේ මේ විසංයෝජනීය විසිරීම තුළය. ලෝකය ප්‍රතිපක්ෂ Binary Opposition ලෙස දැකීමට හෝ විග්‍රහ කිරීමට මෙතැනදී පරිවර්තක සුගතපාල ද සිල්වාගේ විශ්වය ශ්‍යාම් සෙල්ලවදොරේ සමග සමපාත වෙයි. ශාක් ඩෙරීඩා නම් පශ්චාත් නූතනවාදී දාර්ශනිකයා කියන විදිහට සමාජ සංස්ථාව තම බලය නඩත්තු කරන්නේ මේ සාවද්‍ය වූ කර්කශ මත සමග පිහිටමිනි.එළිය සහ අඳුර ස්වභාවිකත්වය හා සංස්කෘතිය පිරිමියා හා ගැහැනිය ආදී ලෙස ඔවුහු මේ ප්‍රතිපක්ෂ බෙදා ගනිති.පාරභෞතික නැතහොත් මනසින් නිර්මාණය කර ගත් මේ බෙදුම් කඩනවලදී එකක් අනික මත තම බලය පතුරුවයි.
ඩෙරීඩා මේ ප්‍රතිපක්ෂ පිහිටුවීමට කුළුගෙඩි පහර දෙන්නේ එහි පාරභෞතික පදනම පුපුරුවා හැරීමටය. මේ ප්‍රතිපක්ෂ ප්‍රතික්ෂේප කිරීම අපට අමුතු දෙයක් නොවන බව පෙන්වා සිටීමට නලින් සුවාරිස් ද Budda's wsy to human leberation නම් කෘතිය ලියමින් වෑයම් කර ඇත ප්‍රතිපක්ෂ ගොඩනැගීම පිටුපස ප්‍රචණ්ඩත්වයට ආසක්තව අන්තවාදී වීම තුළ පිළිබිඹු වන සැටි බුදුන් වහන්සේ අවුරුදු දහස් ගණනකට පෙර උගන්වා ඇතැයි නලින් සුවාරිස් විශ්වාස කරයි. ඒත් X කණ්ඩායම මේ වන විටත් නලින් සුවාරිස් විසංයෝජනය කර අවසන් කර ඇත. ඒ කෙසේ වෙතත් මිනිසුන් ලෝකය ප්‍රතිපක්ෂ වශයෙන් වෙන් කරගෙන පවත්වාගෙන යාමට කැමතිය.මේ නිසා අපට කුඩා කාලයේ සිටම සියල්ල දෙකට බෙදා දෙයි ගැහැනු සෙල්ලම් මොනවාද පිරිමි සෙල්ලම් මොනවාදැයි බෙදා ගැනීමට අපට බල කරන වැඩිහිටි ආධිපත්‍යයේ ඛේදවාචකය අමුතු ඉලන්දාරියාහි ඇවිජිගේ ආත්මය ගිලගෙන සිටි. අන්තිමේ ගැහැනු ළමයින්ගෙන් සෙල්ලම් ලෝකයෙන් පිටතට ඇද දමනු ලැබූ අර්ජු තුළ පහළවන මෙම කල්පනාවන් ප්‍රතිපක්ෂ මත සමාජ සංස්ථා පිහිටුවාලන අධිපතිවාදී දෘෂ්ටිය ඉදිරියේ අසරණ වීම පිළිබිඹු කරයි. එහි මෙසේ කියැවෙයි.මම පිරිමි දරුවන්ගේ හා ගැහැනු දරුවන්ගේ ලෝකය අතර දෙකින් එකකට නො අයත්ව දෙකින් එකකට හෝ වැද්ද නොගන්නා කෙනෙකුව අතරමං වෙමි.මෙම නවකතාවේ අසූ තුනේ ජූලි කලබල ගැන ලියැවී ඇත. ගැටවර වියේ ලිංගිකත්වය පිළිබඳව සාකච්ඡා කරයි. සිංහල දෙමළ ජාතිවාදය ගැන තලු මරමින් රස විඳිය හැක කිසිවකුට මේ පොත හොඳ කෘතියක් ලෙස දැකීමට මේ කරුණු ප්‍රමාණවත් විය හැකිය. යථාර්ථය යනු අප විසින්ම නිර්මාණය කළ කිසිවකයි නො අදහන බොහෝ පිරිස් තම තමන්ගේ නැණ පමණින් එබඳු නිගමනවලට එළැඹෙන බව මම දනිමි. එහෙත් එය ශ්‍යාම් සෙල්වදොර් වගේ funny boy නම් වූ අල්තාරය මත තබා ම විසංයෝජනය තුළ සමාජයේ ප්‍රතිපක්ෂ වූ කොටස්වලට කැඩීම ගැනරා සුගත පාද සිල්වා නම් සාද් ආදිපාණන්ගේ දැවැන්ත රූපයක් සහිත කටවුටයක් එතනම ප්‍රදර්ශනය කිරීමක් වැනිය. ඇත්ත තමයි ශ්‍යාම් සෙල්වදොරේ අභිබවා සුගතිපාද සිල්වා මෙම පරිවර්තනයේදී මතු වී ඇත.එහෙත් තොගපිටින් වැඩකට නැති පොත් පරිවර්තනය කරන අංකුර පරිවර්තකයන්ට නිර්මාණාත්මක පරිවර්තනය ගැන පාඩමක් මේ පොතේ නැතුවා නොවේ.
විසංයෝජනය තුළ සමාජයේ ප්‍රතිපක්ෂවලට කොටස්වලට කැඩීම ගැන ශ්‍යාම් තුළ ඇති නොපහන් බව අමුතු ඉලන්දාරියා තුළ මතුවන්නේ සුගත්ගේ නිර්මාණාත්මක පරිවර්තනයේ අනුහසින් යයි කීමට මම නොපැකිලෙමි.කොයි අතින් බැලුවත් ශ්‍යාම් සෙල්ලවදොරේ මෙහි කර ඇත්තේ යථාර්ථවාදයේ ස්වාභාවික පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමය ඔහුගේ නවකතාවේ ප්‍රතිකල්පිතමය උපක්‍රමයක් බවට නැංවූ අධියථාර්ථමය අද්භූත සිදුවීම් කිසිවක් නැත ශ්‍යාම් තමා පශ්චාත් නූතනවාදී යයි කියා නොගන්නා නමුත් ලෝකයේ ප්‍රතිපක්ෂවලට කඩා එය ස්වාභාවිකත්වය ලෙස ගන්නා ලෝකයේ විසංයෝජනය කිරීම තුළ ඔහු එක් අතකින් යථාර්ථවාදයට එරෙහිව නූතනවාදී වෙයි. ළමා සෙල්ලම්වලින් පටන්ගෙන ලිංගිකත්වය කරා විහිදෙන මේ ස්වාභාවික අස්වාභාවික ලෙස වෙන් කරන බෙදුම් කඩනය අන්තිමට නතර වන්නේ රට ජාතීන් වශයෙන් බෙදීමෙනි. මේ බෙදීම විසින්ම මුදාහරින ප්‍රචණ්ඩත්වය විසින් රටක් ගිනි ගනු දැකීමෙන් ශ්‍යාම් තුළ නැගුණු කම්පාව මේ නවකතාව පුරා දෝංකාර දෙයි. බැලූ බැල්මට ශ්‍යාම්ගේ නවකතාව යථාර්ථවාදී නවකතාවකි. ඔහු යථාර්ථවාදය සේ ගන්නා මිථ්‍යාව පිළිබඳ විස්තර කිරීමෙන් සෑහේ එම කල්පිතයට එරෙහිව සල්මාන් රුෂ්ඩි, ගුන්තර් ග්‍රාස් හෝ මාර්කේස් මෙන් ප්‍රතිකල්පිත නොපිහිටුවයි.ඒත් වැදගත්ම දේ නම් යථාර්ථවාදය ලෙස නාමකරණය කළ මිථ්‍යාව ඔහු සැබෑ කොට නොගන්නා බව නිර්මාණය තුළම පිළිබිඹුවීමය ඔහු කිසිවිටක මිථ්‍යාව යථාර්ථය සේ ගෙන අවුල් සහගත ආඛ්‍යාන රීතියක පශ්චාත් නූතනවාදී ලේබලයක් දාලා ආපසු පාඨකයාට ගිල්වන්නට සැරසෙන්නේ නැත. ශ්‍යාම් සෙල්ලවදොරේ ව්‍යාජ පශ්චාත් නූතනවාදියකු නොවන්නේ එම වෙනස තුළය. එහිදී ඔහු ස්වභාවිකයයි ගන්නා නොයෙක් බෙදීම්වල පාදමට පහර දීමට සිය පෑන කුළු ගෙඩියක් බවට පත් කරගෙන ඇත.
එක්ස් කණ්ඩායම කඩා වැටී දෙසැම්බර් 26 වැනිදාට අවුරුදු විස්සක් සපිරේ.X කණ්ඩායම වූ කලී මේ රටේ සංස්කෘතික චින්තනය උඩු යටිකුරු කළ සංවිධානයකි.මේ රටට දරා ගත නොහ
සුගතපාල ද සිල්වා පරිවර්තනය කළ funny boy(අමුතු ඉලන්දාරියා ) නවකතාව පිළිබඳව හරි අපූරු විස්තරයක් එස්. නන්දලාල් පසුගිය දවසක මතු මහලට ලියා තිබිණ.සැබැවින් මේ හරි අ
මම ලියන්න යන්නේ කවි පොතක් ගැන තමයි. මේ කවි පොත නූතන කවිය පෝෂණය කරන කවි පොතක් ලෙස මම හඳුන්වමි. සැබැවින්ම සිංහල කවියට හෙණ වැදුණේ කවි බස නම් වූ මිථ්‍යාවේ ගිල
නන්දන වීරසිංහගේ කවි ප්‍රංශයේ පශ්චාත් ධාරණවාදී සිත්තරුන්ගේ සිතුවම් පිළිබඳ මතක මගේ මනසට කැඳවයි. එබඳු වැකියකින් මෙය ලිවීමට පටන් ගැනීමෙන් ඔබ තුළ ජනිත වි
අරුන්දතී රෝයිගේ The god of small things නවකතාවට booker price සාහිත්‍ය ත්‍යාගය ලැබෙන්නේ 1997 දී ය.මෙම නවකතාව මීට දශකයකට පෙර සිංහලට නැගී තිබිණි. නවකතාවේ නම පරිවර්තකයා සිංහලට පෙර
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
අමුතු ඉලන්දාරියාගෙන් ඊනියා සදාචාරවාදීන්ට කනේ පහරක්