එක්තරා කාලයක අරුන්ද රෝයි අපේ රටේ සාහිත්‍යකරුවන් අතර අධිනිශ්චය වී තිබිණි. කොටින්ම සති අන්ත සිංහල පුවත්පත්වලට අරුන්දතී රෝයි නැතුවම බැරි විය. අවම තරමින් පිටු භාගයක්වත් මේ බුකර් සාහිත්‍ය සම්මානලාභිනිය විසින් උදුරාගෙන තිබිණ.රොයි ගැනත් the god of small things නවකතාව ගැනත් කතා කිරීම සුදුසු නොවන්නේ යැයි කවුරුවත් කිව්වේ නැත. එහෙත් සියල්ලන්ම පාහේ රෝයිගේ පොත් උඩින් පල්ලෙන්වත් නොකියවා පසුගිය අවුරුද්දක් පුරාම නිවුස්වීක් ඉන්දියාටුඩේ ෆන්ට් ලයින් වැනි විදේශ සඟරාවල පට්ට ගැහූ කරුණු මත යැපුණු බව පෙනී ගියේය. මේ අතරින් එකල කැපී පෙනුන ලිපියක් වූයේ සරත් අමුණුගම ලියා තිබූ ලිපියකි. සාපේක්ෂ ලෙස මා අමුණුගම සමග එකඟ නොවූ කරුණු දෙකක් තිබිණි. ඉන් එකක් ඔහුගේ ලිපියේ එළැඹුම සමග ඇති දබරයයි. අනෙක් කරුණ එතරම් වැදගත් කමක් පෙනී නොයෙතත් රෝයිගේ භාෂාව විලාසය පිළිබඳව කතා කරන්නෙකුට අවැදගත් නැත. එම අවැදගත් කරුණ ගැන මම කතා කළෙමි. අරුන්දතී රෝයිගේ නවකතාවේ දැක්ක god of small things පාඨ නාමය අමුණුගම මහතා පරිවර්තනය කර තිබුණේ "පුංචි වැඩට දෙවියෝ"යනුවෙනි. ඒ කිසිසේත් නිවැරදි පරිවර්තනයක් නොවේ. රොයි අදහස් කළ දේ ඉන් කියවෙන්නේ නැත. මෙම පොතේ small things යනුවෙන් පරිච්ඡේදයක් එයි. එයින් කියවෙන්නේ අම්මු නම් කුලවමිය සමග පෙමින් බැඳී සිටින වෙලුතා නම් කුල හීන වඩුවා පිළිබඳවය. රෝයි කියන දෙවියා වෙලූතා මිස අනෙකු නොවේ.
ඔහු පුංචි වැඩ කරන දෙවියකු නොව සිල්ලර දෙයට ප්‍රේම කළ දෙවියෙකි. පුංචි දේවල්වලට අධිපති දෙවියන් යයි කීවානම් අඩු තරමින් ඉන් රෝයි කියන්නට අදහස් කළ දේවල් ගම්‍ය වීමට තිබිණ . කෙසේ වුවත් පුංචි දේවල්වලට අරක් ගත් දෙවියකැයි කියවන විට රෝයිගේ භාෂාවේ වූ කලාත්මක භාවිතය තුට්ටුවකට දැමීමකි. The god of small things මුල් වරට කියැවීමෙන් උද්දාමයට පත්වූ මම එහි ප්‍රහර්ෂය නිවී යන්නට පෙර එකල ලිපියක් ලිව්වෙමි. එය සිල්ලර දෙවියන් කියවීම මැයෙන් 1997 ජූලි 2 වැනිදා පළවිය. The god of small things යන්නෙහි අර්ථය පුංචි දේවල්හි දෙවියෝ යන්න වුවද එලෙස ලියන්නට මම මැලි වූයේ ඒ රෝයිගේ භාෂාව විලාසයට කරන සරදමක් වූ බැවිනි. සිල්ලර දෙවියෝ යන්න නිවැරදි පරිවර්තනයක් යැයි මම නොකියමි. ඒත් රෝයි ගැන ලියූ සති අන්ත පත්තර දෙකක්ම එකල The god of small things යන්නට සිල්ලර දෙවියෝ යැයි යොදා තිබුණේ එහි ප්‍රභවය ගැන කෙළබිඳක් නොහෙලමිනි. නවකතාවක නම පරිවර්තනය කිරීම පොත පරිවර්තනය කරනවාටත් වඩා අසීරු දෙයක් විය හැකිය. නවකතාවක නම එහි මුඛ්‍යාර්ථය හකුළුවා ගනී.විශේෂයෙන්ම එය ලියැවුණේ සම්ප්‍රදායික මතිමතාන්තර වලට පයින් ගැසූ නව ආඛ්‍යාන රීතියක් තුළ නම් ගැටලුව තවත් සංකීර්ණ වෙයි. විශේෂයෙන්ම භාෂාව භාවනාවක් සේ කෙනෙක් ඒ තුළ සමාධිගතව ලියන පශ්චාත් නූතනවාදියකු වූ මිලාන් කුන්දේරා වැනි නවකතාකරුවන්ගේ ග්‍රන්ථ නාම පරිවර්තනය අතිශයින්ම දුෂ්කරය. මිලාන් කුන්දේරාගේ ද Unbearable Lightness of Being නම් කෘතියේ බීන් යන වදන පරිවර්තකයින් අන්දමන්ද කළ යෙදුමකි. මක්නිසාදයත් කුන්දේරා Being යන්න මේ යොදන්නේ ජීවිතය යන අරුතෙන් නොවීමය. පැවැත්ම යන අරුත් නඟන මෙහි මරණින් පසු සිහින දකින්නේ නම් පැවැත්මෙහි භීතිකාව පහව නොයයි. බීන් යන්න ජීවිතය යනුවෙන් පරිවර්තනය කිරීම නොගැළපෙන බව කුන්දේරාම වෙනත් තැනක කියා ඇත. එසේම unbearable lightness යන්නද ඔහු පියාපතක්වත් සැහැල්ලුවක් හැඟවීමට යෙදවූවක් නොව උත්ප්‍රාසනීය ලෙස දරාගත නොහැකි බරක් දනවන්නකි. අරුන්දති රෝයිද භාෂාව මතම යැපෙන ලේඛිකාවකි. එයින් ඇගේ නවකතාවේ නම පරිවර්තනය කිරීමේදී ආවාට ගියාට කිරීම නුසුදුසුය. සරත් අමුණුගම සිය ලිපිය අවසන් කරන්නේ පුංචි වැඩට දෙවියෝ ලියූ රෝයිට බුකර් හිමිවීමෙන් පෙනීයන්නේ පශ්චාත් නූතන විචාරයේ මළගම අත ළඟ බවයි යන සාහසික ප්‍රකාශයෙනි. ඔහුගේ ලිපියේ සමස්තයට නොගැළපෙන්නේ වුවද අමුණුගම මෙහිදී පශ්චාත් නූතනවාදීන් යැයි කියාගන්නා විකාරකාරයන් කිහිප දෙනෙකුගේ කියුම් කෙරුම් පශ්චාත් නූතනවාදය ලෙස වරදවා ගැනීමෙන් මෙවැන්නක් කියන බව එකල මගේ අදහස විය. එසේ නොවන්නට අරුන්දතී රෝයිගේ සිල්ලට දෙවියෝ පරස්සෙමින් කියෙව්වානම් නූතනවාදයේ සෙවණැල්ල එහි වැටී තිබෙන හැටි පෙනෙන්නට ඉඩ තිබිණ. පශ්චාත් නූතනවාදය නූතනවාදයේම විකාශයක් වීම නිසා තාක්ෂණය එකක්ම විය. පෙළ ඉක්මවා යන අරුත් මතු කරන මෙම සාහිත්‍ය රීතිය හරහා නිපන් නිර්මාණවල භාෂාව හුදු සන්නිවේදනාත්මක මෙවලමක් පමණක් නොවන්නේය. ඒ කෘතිය තුළම කැකෑරෙන යම් බලවේගයකි. සැබවින්ම පශ්චාත් නූතනවාදී සාහිත්‍ය නිර්මාණ භාෂාව භාවිතය තුළ හඳුනාගැනීමේ සුවිශේෂ ලක්ෂණ ප්‍රකට කරයි. සල්මාන් රුෂ්ඩි අරුන්දති රෝයි පමණක් නොව නව රැල්ලේ ඉන්දියානු කෙටිකතාකරුවන්ද පෙර නොවූ විරූ භාෂා සන්දර්භයක් නිපදවීම තුළ ප්‍රකට කරන්නේද එම පශ්චාත් නූතනවාදී ලක්ෂණමය.
මෙහිදී විශේෂයෙන්ම කිව යුතු කිසිවක්වේ නූතන ඉන්දියානු නව රැල්ලේ කෙටිකතාකරුවන් මේ එකම ගුරුකුල අඩයාලමක්වත් නැති බවය.ඔවුහු කිසිම දර්ශන වාදයක හිරව නොසිටිති. විෂය මූලික වූ ආඛ්‍යාන ශෛලියක් නිශ්චිත ආකෘතියක නොපිහිටීමත් භාෂාත්මක අත්හදා බැලීමත් ඔවුන්ගේ නිර්මාණවල කැපී පෙනෙයි.ඔවුන් වදන් භාවිත කරමින් කරන්නේ භාවනාවක යෙදෙන්නාක් මෙන් හැබැයි පශ්චාත් නූතනවාදී යයි බටහිර ලේබලයෙන් අඟවා සිටින අයුරේ පශ්චාත් නූතනවාදී බවක් මේ නිර්මාණවල නැත. ඒ නිසාම ඒවා පශ්චාත් නූතනවාදී නොවේ යැයි කියන්නටද බැරිය. සමහරු මේවා නව නූතන යනුවෙන්ද හඳුන්වති. සැබවින්ම අරුන්දති රෝයිලා අයත් වන්නේ මෙබඳු නූතනවාදයකටය. අරුන්දතී රෝයිගේ කතා කලාව සරල ශෛලියක් ලෙස ලඝු කොට දැක්වීමට අමුණුගම උත්සාහ කර තිබිණි.රොයිගේ කතා කලාව කුමක්ද රෝයි ද අතීත සම්ප්‍රදායන් ආපසු කැඳවන්නේය. ඉන්දියානු නව රැල්ලේ කෙටිකතාකරුවන්ගේ කෙටිකතා අන්තර්ගතය ද නූතනවාදය සේම පශ්චාත් නූතනවාදය ද තාක්ෂණය එකක්ම වූ බව මම එකල ඇදහුයෙමි. ඒත් බටහිර නූනූතනවාදය මාර්කේස් වැනි ලතින් අමෙරිකානු අධියථාර්ථ වාදීන්ට බලපෑවේ නැත. රුෂ්ඩි ඉන්දියානු කතා කලාව තම ආඛ්‍යාන ශෛලිය ලෙස තෝරා ගත්තේය.ඔහු midnights children ලියන්නේ ඉන්දියානු පුරාණෝක්තියක් කියන පරිදිය. කුල පීඩනයෙන් ගිලන් වූ කේරළය ගැන කියන්නට අරුන්දතී තෝරාගන්නේ කතකලි සම්ප්‍රදායයි. අරුන්දති රෝයිගේ නවකතාව කිසිසේත් මුල මැද අග සහිත සරල නවකතාවක් නොවේ. ඒත් ඒ කේන්ද්‍රීය පුවත සරල ප්‍රේමයමයි. එ් වූකලී කුලවමියක සහ කුලහීන වඩුවකු අතර පැවති පරණ තාලයේ පෙම් පුවතක්.මේ එම පැරැණි ප්‍රේම කතාවල පැවති රොමැන්ටික් රුව ගුණ එසේම පැවතිය දී රෝයි කතකලි සම්ප්‍රදාය තුළ ඒ පිහිටුවන්නේ පෙල ඉක්මවා යන අරුත් නඟන විලාශයකින්. පැරණි සාහිත්‍යයේ පවතින අද්භූත රොමෑන්ටික් ලක්ෂණ නූතනවාදී සාහිත්‍යකරුවන් විසින් ආපසු කැඳවන ලැබ ඇත. ඒත් රොමැන්ටික්වාදී කලාකරුවන් සමකාලීන මිනිසාගේ මානසික යථාර්ථය ඥානනය කළාට වඩා දුරක් නූතනවාදී නවකතාකරුවෝ යති. මෙහිදී සිදුවන්නේ රොමෑන්තික් කලාව තාක්ෂණමය භාවිතයකට ගැනීමක් පමණකි. අරුන්දති රෝයිගේ නවකතාවේ 218 සහ 219 යන පිටුවල කතකලි පිළිබඳ විස්තරයක් යැයි එය නවකතාවේ කොටසකටත් වඩා කතකලි පිළිබඳ විචාරයක් වැනිය. ඒත් රෝයිගේ කතා කලාව උපත ලැබුවේ කොතනින් දැයි සිතන්නට එම විස්තරය අපට අනුබල දෙයි.මහා කතා සම්ප්‍රදායන්හි ජය නොගන්නේ කවුරුන්දැයි කියා අපට කල් තියාම දැනුමක් ඇති බව රෝයි එකී කත කලි විස්තරේදී කියන්නීය. ඒත් එය යළි යළිත් දැනගැනීමට ලොල්වීම ස්වභාවයකි මේවායේ ඇති අබිරහස් ඉන්ද්‍රජාලයද ඒමය. රෝයි ගේ කල්පනාවට අනුව මේ සියල්ලෙන්ම සිල්ලර දෙවියෝ පෝෂණය වෙයි.සම්ප්‍රදායික ඉන්දියානු කතා කලාවේ අද්භූත රීතිය මෙලෙස යොදා ගන්නා රෝයි පෙළ ඉක්මවා යමින් මතු කරන යථාර්ථය නම් මරණය සහ මිනිස් කුරිරු බව විසින් උත්පාද කරනු ලබන ව්‍යසනයන්ගේ කඨෝර බව පමණක් නොව ජීවිතය ද මෘදු බවද බව ද වේ. සරත් අමුණුගම සිල්ලර දෙවියෝ හී යට කී කිසිවක් නොදැක පශ්චාත් නූතනවාදයේ මළගම ප්‍රාර්ථනා කළේය. පශ්චාත් නූතනවාදී විචාරය හෝ සාහිත්‍යය යනු ප්‍රතිරූප බිඳවිය යුතු යැයි මතහදන ඩාඩාවාදී ප්‍රතිකාලාවක් නොවේ. සංකීර්ණත්වය හරහාම සංකීර්ණ වූ යථාර්ථයක් ස්පර්ශ කිරීමට දරන වෑයමකි. අරුන්දතී රෝයිගේ සිල්ලර දෙවියෝ එබඳු ප්‍රයත්නයක මහත්ඵලයක් බැව් මම කියමි.
එක්තරා කාලයක අරුන්ද රෝයි අපේ රටේ සාහිත්‍යකරුවන් අතර අධිනිශ්චය වී තිබිණි. කොටින්ම සති අන්ත සිංහල පුවත්පත්වලට අරුන්දතී රෝයි නැතුවම බැරි විය.
සමන් නන්දලාල් මුහුණු පොතෙහි සටහනක් තබමින් තමන් පොතක් ගැන ලංකාදීප ’’මතුමහල’’ විශේෂාංගයට ලියන ලිපිය නවත්වන බව නිවේදනය කර තිබිණ. ඒ අතරම තමාගේ ලිවීම විචා
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අරුන්දතී රෝයි කැරිස්මාව