ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතුන්ගේ ඊනියා සමාජවාදී රුධිරය කකියමින් කැකෑරෙන්නට වීම ගැන මා කුමක් කරන්නද? එහෙත් මීට දශක දෙකකටත් වැඩි කාලයකට පෙර මා මහේස්වතා දේවී නම් ඉන්දීය ලේඛිකාවගේ කෙටිකතා එකතුවක සිංහල පරිවර්තනය පිළිබඳව පුවත්පතකට ලියමින් කියූ දේම යළිත් ලිවීමට මට සිදුවී ඇත.එසේය. ලංකාවේ නම් ජනතාවාදය නිර්මාණ සාහිත්‍යයට විනාසයක්ම විය යනුවෙන් මම එම ලිවීම සිදු කළෙමි. මැක්සිම් ගෝර්කි නමැති රුසියානු ලේඛකයාගේ කෘතියක පරිවර්තනයක් පිළිබඳව ලියන්නට ගෙන ජනතාවාදයට මෙසේ බැණ ඇඬ ගැසීම ගැන ඔබ කරන තරවටුව මට වැටහෙයි. ඒත් රුසියානු යථාර්ථවාදී සාහිත්‍යය අප රට තුළට ඇතුළු වූයේ ඊනියා ජනතාවාදී වේශයකින් නොවන්නේද? ඉන්දියාවේදී ජනතාවාදී ව්‍යාපාරය තුළ කැපී පෙනුණු ලේඛක ලේඛිකාවන් අතිශය නිර්මාණශීලී වූ සැටි අර මහේස්වතා දේවිගේ කෙටිකතා පිළිබඳව මා එදා ලියූ ලිපියේ විස්තර කර ඇත.
ජනතාවාදී ලේඛිකාවක වූ මහේස්වතා දේවි ගේ කෙටිකතා ඉංග්‍රීසියට පෙරළන්නේද ඩෙරීඩාගේ විසංයෝජන න්‍යාය අනුව දේවල් විග්‍රහ කරන පශ්චාත් යටත් විජිතවාදී ලේඛිකාවක වූ ගයාත්‍රී ස්පිවැක් නමැත්තිය බවද මෙහිදී සිහිපත් කළ යුතුය. මැක්සිම් ගෝර්කි රුසියානු යථාර්ථවාදී සාහිත්‍යයේ පුරෝගාමියකු බව ඇත්තය. එම යථාර්ථවාදී සාහිත්‍යය රුසියානු සමාජයේ පෙරළා දැමීමට ජනතාවගේ සිත් දෙමළ තරම් එළිදරව් කිරීමක් වූ බවද ඒ තරමින්ම සත්‍යයකි. එවිට මට සිහිපත් වන්නේ 1982 තරම් කාලයේදී අජිත් තිලකසේන මහතා පළ කර තිබූ අදහස් සමුච්චයකි. ඒ.ඩී.රංජිත් කුමාර සමග කළ සාකච්ඡාවේදී මෙසේ පවසා තිබිණි "එහෙත් තම දේශපාලන අරමුණු ඉටු කරගන්නා කලාකරුවන් පොලඹවා ගන්න හදන විචාරකයෙනුත් දේශපාලකයන් විසින් නඩත්තු කරනු ලබන විචාරකයෙනුත් අපට කියාපාන්නේ යථාර්ථවාදයෙන් නතර විය යුතු බවයි. ඔවුන්ට සාහිත්‍යය යථාර්ථවාදීව තිබෙනවා දැක්මේ තද වුවමනාවක් තිබීමට හේතු තියෙනවා. ඔවුන් පෙන්වා දෙන පරිදි පවත්නා තත්වය දූෂිතයි. එය වෙනස් කළ යුතුයි.සමාජයක් වෙනස් කරන්න හදන තැනැත්තා එහි යම් තතු දැනගත යුතුයි. එහි තතු මේ යැයි පෙන්නුම් කරන යථාර්ථය පිළිබිඹු කරන සාහිත්‍යයක් තිබීම ඔවුන්ගේ කටයුතුවලට පහසුවක් වගේම අතිරේක හයියක්ද වෙනවා. දහනව වැනි සියවසේ රුසියානු යථාර්ථවාදී සාහිත්‍යය එරට විප්ලවයට මෙහෙයවූවන්ට ආධාරයක් වුණේ නැද්ද? යථාර්ථවාදී සාහිත්‍යය හේතු කොටගෙන සාර් ආණ්ඩුව පෙරළේය කියා බියක් එදා රුසියන් පාලකයන් තුළ තිබුණා." අජිත්තිලකසේන මහතා සමග එකඟ නොවී සිටීමට මට කිසිදු හේතුවක් නොපෙනේ. ඒත් ගෝර්කි කෙසේ වෙතත් ටෝල්ස්තෝයි චෙකොෆ් ඩොස්ටොව්ස්කි ගොගොල් වැනි ලේඛකයන්ගේ සාහිත්‍යය නිර්මාණ ඒ කාලයේ ජනප්‍රියව පැවති යථාර්ථවාදය ඉක්මවන තරම් නිර්මාණශීලී විය. පසු කලෙක ජේම්ස් ජොයිස් පුද්ගල අන්තර් භාජනය (monologue ) විඤ්ඤාණ ධාරා සන්දර්භයේ ඇතැම් ලක්ෂණ තෝල්ස්තෝයි යිගේ ඇනා කැරනිනා තුළ පවා පිළිබිඹුවන අයුරු විමසීම වටනේය. එහෙත් අප රටේ ජනතාවාදීන්ගේ වැඩි බුහුමනට පාත්‍ර වූයේ කෝරකය ඉන් නොනැවතුණු මේ ඊනියා විචාරකයෝ පශ්චාත් රුසියාව තුළ බිහි වූ චිංගිස් අයිත්මාතව් වැනි ප්‍රචාරකවාදී සෝවියට ලේඛකයෙන් උඩ දැමූහ. අන්තිමට අප රටේ සාහිත්‍ය සමාජ සත්තා යථාර්ථවාදය නම් වූ බහුභූතයක් දක්වා පිරිහෙළනු ලැබිණි. මේ සාහිත්‍ය පිරිහෙළීමේ ව්‍යාපාරය සඳහා ඔවුන් මැක්සිම් ගෝර්කිගෙන් අනුබලයක් ලැබීම ගෝර්කිගේ වරදක් නොවේ. දැන් සිංහලට පෙරළී ඇති ගෝර්කිගේ "ෆොමා ගොරුදයාව්" නමැති නවකතාව ද එක් පැත්තකින් රුසියානු ධනපති සමාජයේ ව්‍යාජ බව එළිදරව් කරන යථාර්ථවාදී නවකතාවකි. එහෙත් ඒ තරමින්ම මේ නවකතාව පිළිබඳ කරන සියුම් විමසුමක්ද වන්නේය .සෝමා ගොඩදය වූ රුසියානු ජනපති සමාජයට අයත් වෙළෙන්දකුගේ පුත්‍රයකු බව සැබෑය. එහෙත් ඔහු තමාගේ පන්ති සමාජය වෙතින් පරාරෝපණය වූවකි. මේ පරාරෝපිත පැවැත්ම කුරුලු පිහාට්ටුවක් තරම් සැහැල්ලු බවක් පෙනී යයි.ඒත් මේ තරුණයා මහ මෙර හිසින් ගත්තකු මෙන් මිරිකී සිටින්නෙකි. විටක හෙමිංවේගේ නවකතාවල කියන චරිත මෙන් අවන්හලින් අවන්හලට මාරු වන සාංදෘෂ්ටික ජීවිත පැවැත්මක දැවැටෙයි. මේ චරිත නිරූපණය තුළ ගෝර්කී යථාර්ථවාදී වූ එළිදරව් කිරීමක නියැලේ. ෆොමාට ප්‍රතිවිරුද්ධව පිහිටුවන ඔහුගේ පියා වූ ඉග්නාත් සහ ඇපකාර පියා වූ මායාකින් ඇතුළු වෙළෙඳ පන්තියේ සියලු නියෝජිතයන් හරහා රුසියානු ඉහළ සමාජයේ දුර්දාන්ත බව පෙන්වා සිටීමට ගෝර්කී තැත් කරයි. මේ යථාර්ථ නිරූපණය පාඨකයා විෂයෙහි සෞන්දර්ය ආස්වාදය ඉක්මවා යන සමාජමය හැඟීමක් ඉහළ නංවන්නේය. ගෝර්කිගේ අරමුණ සමාජය පිළිගන්නා බොහෝ දේවල්වල පවත්නා ව්‍යාජ බව නිරාවරණය කිරීමය. මේ නවකතාවේ අවසානය බොහෝ සෙයින්ම ගෝර්කිගේ අම්මා නවකතාවේ අවසානයට සමාන වෙයි.සමාජය ඉදිරියේ උපාසක වේශයෙන් පෙනී සිටින සුධීමතුන්ගේ ගඳ ගහන ජීවිත මෙහිදී හෙළිදරව් කෙරේ. මෙම හෙළිදරව් කිරීම රුසියානු ජනපති පන්තිය පිළිබඳ පිළිකුලක් වගා කිරීමට හේතුවන්නට ඇත. ඒත් අවසානාත්මක ලෙස ෆොමා ගොරදය වූ ඉටු කරන ප්‍රචාරකවාදී මෙහෙය හේතුවෙන් මිනිස් සිත අභ්‍යන්තරය විමසන රුසියානු යථාර්ථවාදී බැල්ම හෑල්ලු වී නොයයි. රුසියානු සාහිත්‍ය පිළිබඳ විග්‍රහයන්හි යෙදුණු බොහෝ විචාරකයන් මතු කිරීමට යෙදුණේ මේ යථාර්ථවාදී හෙළිදරව්ව පමණකි.
චෙකොෆ් ගේ හයේවාට්ටුව තුළ රුසියානු සමාජය පිළිබිඹුවන සැටි දැකීමට ඔවුහු යුහුසුලු වූහ. මේ නිසා අතිශය සියුම් ලෙස ආත්මීයතාව පිළිබඳව කරන රුසියානු විමර්ශනය අපේ විචාරකයන්ගේ ඇඟිලි අතරින් ගිලිහී ගියේය. ගෝර්කී අනෙක් රුසියානු ලේඛකයන්ගෙන් වෙන් වන්නේ ඔහු ජීවිතයට වඩා සමාජය මහත් කොට ගැනීමෙනි. මේ නිසා ෆොමා ගොරද යූ තුළ පවා රුසියානු සමාජය පිළිබඳ යථාර්ථවාදී චිත්‍රයක වර්ණ ප්‍රදේශ වැඩියෙන් කැපී පෙනේ. අපේ රටේ ජනතාවාදීන් ජාන උරුමයක් සේ ගනිමින් අප සාහිත්‍ය තුළට ගෙන එන්නේ මේ යථාර්ථවාදය යි. රුසියානු නවකතාව මගින් පුද්ගල ජීවිතය පිළිබඳ විග්‍රහයන් තුළ පළ කළ සාධනීය ලක්ෂණ අමතක කර දැමීමෙන් අපට කරුණාසේන ජයලත්ගේ ඔඩොක්කුවට වැටීමට සිදුවී ඇති බව යථාර්ථවාදයෙන් නතර නොවිය යුතුව තිබුණු බව අජිත්ලක සේන මහතාගෙන් මා උපුටා දැක්වූ පාඨයෙන් ගම්‍යවෙයි. ඒත් යථාර්ථවාදය තුළ නතර විය යුතු ලෙසට අපට බල කරනු ලබන්නේ ජනතාවාදයයි. ජීවිතය සහ සමාජයේ මතුපිටින් වාර්තා කරන සාහිත්‍යයක් විඳ දරා ගැනීමට අද අපට සිදුවී ඇත්තේ එබැවිනි. අද ෆොමා ගොරටයූ පරිවර්තනය වීම මේ ප්‍රචාරක වාදීන්ට ආස්වාදනීය විය හැකිය. රුසියානු සාහිත්‍යය අප රට තුළ පරිවර්තනය වූ ප්‍රමාණය අනුව බලන විට අද අප සිටිය යුතු තැන මෙතන නොවේ.ඒත් ෆොමා ගොරදයව්ට වඩා ගෝර්කිගේ අම්මා වැනි ප්‍රචාරකවාදී නවකතාවක් අගය කිරීමට උගන්වා තිබූ තත්වයක් යටතේ රුසියානු යථාර්ථවාදය නොවටනා දෙයක් බවට පත්කර ඇ කිසිවකු ෆොමා ගොරදයව් පරිවර්තනය වීම දකිනු ඇත්තේ අම්මා වැනි ආස්වාදනීය නවකතාවක් ලියූ ගෝර්කි පරිවර්තනය වීමක් ලෙස පමණක් විය හැකිය. ඒත් රුසියානු යථාර්ථවාදයේ ලාංකීය ඉරණම පිළිබඳ වරද ගොරකි මත නොහෙලන ලෙස මම ඉල්ලා සිටිමි.
සමන් නන්දලාල් මුහුණු පොතෙහි සටහනක් තබමින් තමන් පොතක් ගැන ලංකාදීප ’’මතුමහල’’ විශේෂාංගයට ලියන ලිපිය නවත්වන බව නිවේදනය කර තිබිණ. ඒ අතරම තමාගේ ලිවීම විචා
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෝර්කි විනාශ කළෝ ලාංකේය ජනතාවාදියෝ