නූතන කවියේ අර්බුදය නම් කවිය අලංකාරවත් නොවීම යයි මම කල්පනා කරමි. මින් අදහස් වන්නේ කාව්‍යාලංකාර පිළිබඳ හසරක් කවීන්ට නොමැති බවය. එහෙත් කවි යනු අදහස් ගොන්නක් පමණක් වන්නේ නැත. නිරාෂගේ කවිවල මා දකින සුවිශේෂය වන්නේ ඒවා කවි වශයෙන් ලිවීමට ඇති උනන්දුව එම කවිවලින් පළ වීමය.
විශේෂයෙන් ම සොබාදහමේ වෙනස්කම් සමග ගැටෙන කවි රැසක් නිරාෂගේ කවි අතර ඇත. “සියක් රූ” යනු එබඳු කවියකි. පත් හැලුණ තුරක් ඔහුගේ කවියකට ප්‍රස්තූත වෙයි. හැබැයි එම පත් හැලුණ තුර කවියාගේම මෙලන්කොලික ආත්මයේ ප්‍රකාශනයක් ලෙස අපට කියවිය හැකි රූපකයක් බවට පත් වීඇත. ෆ්‍රොයිඩියානු අර්ථයකින් මෙලන්කොලියාව යනු සන්තාපය තමා වෙත ළඟා වීමටත් පෙරම එය අත් විඳීමය.
ඒ අනුව මෙම කවිවල දැකිය හැකි විශේෂත්වයක් නම් කවියා ජීවිතය අන් තැනෙක නිර්මාණස කිරීමය. ඒ සඳහා ඔහු සොබා දහමේ නන්විධ වූ ප්‍රස්තූත දඩයම් කරයි. සියක් රූවල වියළී ගිය තුරක් ප්‍රස්තූත වද්දී ඔබ මගෙන් නාසන්න කවිපෙළ ඵල කුණුව වැටෙන අතිරික්ත ජීවිතයක් බඳු වශයෙන් තොරොම්බල් කරයි. පාස්කු නිවාඩුව බැලූ බැල්මට පෙලිකන් කුරුල්ලන්ගේ නිහඬ හැසිරීම පිළිබඳ වැනුමකි. ලලල නමැති කවි පෙළ මගින් වුව කවියා කාව්‍ය ප්‍රස්තූතයන් සොබා දහම තුළ සොයන බව කියවෙයි. ප්‍රශ්නය වන්නේ මෙබඳු නිර්මාණ හුදු සෞන්දර්ය වාදයක් ලෙසට ඌනනය වන්නේද යන්නය.
කවියාට අවශ්‍ය වන්නේ (නැතහොත් ඔහු සිදු කරන්නේ) ජීවිතය එහි සංස්කෘතික ස්වභාවයෙන් උදුරා වෙනත් නියෝජනීය සන්දර්භයක පිහිටු වීමය. එමගින් ඔහු එක් අතෙකින් ජීවිතයේ ඛේදනීය බව මග හැර යයි. එහෙත් අනෙක් අතින් ඔහු එහි වේදනාව අත් නොහරින බව පෙනී යන්නේ තමා විස්තර කරන පරිසරය පෙරළා ඔහුගේ ජීවිතයම නිර්මාණය කරන බැවිනි. පහත් දැක්වෙන්නේ මේ පලායාම නිරූපණය වන අවස්ථාවකි.
හිස් විත තියා පැත්තක
මිතුරු ගොන්නෙන් මිදී මොහොතකට
අඳුර වෙත පියනගමි රහසේම
බුබුලු නගනා බඳුන් වාගේද
ඈත නිම්නෙක මුදුන් වූ සඳ
ඒ වුනත්
කඳෝ කවි එළි පිරුන
ඈත දුර මිටියාවතක
දෑස තවරා බලා ඉන්නම්.
මින් ප්‍රකාශමාන වන්නේ ආත්මයා තුළ වන උත්කර්ෂණීය වස්තුව (එනම් ආත්මයාගේ ග්‍රහණයට හසු නොවන වස්තුව ( sublime object) විස්තර කිරීම පිළිබඳ ගැටලුවක් නොවේ. අර Seneta Salecl ඇගේ (Per) versions of Love and Hate වියමනෙහි උදීරණය කරන පරිදි අද කාලයේ ආත්මය (subject) යනු සමස්තයක් බවට තමාම පත් වී ඇති අස්ථිරත්වයකි. මෙම ආත්මයා වූකලී ගල් ටැඹක් බඳු නොවෙනස් වන තැනැත්තකු හෝ තැනැත්තියක නොවේ. හැම විටම අනන්‍යතාව වෙනස් කර ගනිමින් සිටින්නෙකි. අද කාලයේ කිසිවකු සමාජය විසින් පිරිනමන ආදර්ශ නියමයන්ගෙන් (normative ideals) බැඳී නොසිටී. අනන්‍යතාවන්ගේ නිර්මාපකයන් තමන්මය. ආත්මය පැරණි අධිකාරයන් කෙරේ තව දුරටත් විශ්වාසය නොතබා නව අනන්‍යතාවක් සෙවුනේ වුවත් ඒවා අලුතින් උපයා ගත් නිදහ්සේ බියකරු ස්වභාවය සමනය කරන නව නියමයන් ඔහුට?ඇයට අවශ්‍යය.
ඉහත කී කවිය සහ තවත් බොහෝ කවි ප්‍රකාශමාන වන්නේ අද කාලයේ ආත්මය (subject) නැතහොත් පුද්ගලයා මුහුණ දෙන එකී ගැටලුවයි. ඔහුට/ඇයට අවශ්‍ය සංකේතික පැවැත්ම (symbolic order) තුළ ඇති බියකරු බව මග හැර යාමය. එනම් යථ මග හැර යාමය. පරිසරය තුළට පිවිසී නන්විධ රූපක ගවේෂණය කිරීම තුළ ප්‍රකට වන්නේ වෙනස් විදියේ ෆැන්ටසි තුළ තමා අලුතින් නිර්මාණය කර ගැනීමය. ඩේවිඩ් ලින්ච්ගේ Lost Highway, හඳගමගේ ඇගේ ඇස අග, වැනි සිනමා පට තුළ සිදුවන්නේද එයමය.
නිරාෂගේ කවි බොහොමයක් ඉහත කී ආකාරයේ පරිසරය සමග දොඩමළු වන ෆැන්ටසි ගොන්නක් බවට පත්වීම අහම්බයක් නොවේ. ආශාව(desire) පිළිබඳ මනෝ විශ්ලේෂණ සංකල්ප ගැට ගැසෙන්නේ අතෘප්තිය සමගය.එහි අර්ථය නම් අප දේවල් වලට ආශාකරන්නේ අපට ඒවා අහිමිව තිබෙන බැවිනි. මෙම කවි අතර තිබෙන “ඔබ මගෙන් නාසන්න” මැයෙන් යුතු කවි පෙල කියවා බලන්න.
ගේ දොරින් මදක් ඔබ්බෙහි
කවුරුවත් නොඑන මානේ
කුරුල්ලෙක්වත් නොවසන
ගෙඩි ඉදි ඉදී කුණුවන
“තුරක්” යයි කට පුරා කිව හැකි
පොඩි ප්ලම් ගසක් තියෙනවා.
කවියාගේ පාරභාෂාව (meta language) එනම් භාෂාවම ප්‍රස්තූත කර ගත් භාෂාව තුළ ඔහු තම අවිඥානික ආශාව ෆැන්ටසිගත කරයි. ජීවිතය සුවසේ අත් විඳිය හැකි තැනක් නොවේ. එය අවුල් කරණු ලබන්නේ අතිරික්තය (excess) විසිනි. ඔහු මේ කවිය තුළ ස්පර්ශ කරන්නේ එම අතිරික්තය බව පැහැදිලිය. එලෙස සලකුණු වී වැටෙන තුරක් තරම් ජීවිතය සඵල වී නැති තැනෙක ජීවිතය වන්නේ ෆැන්ටසිමය ලෙස ගොඩ නගන කිසිවකි.
මෙහි අප අවධාරණය කළ යුතු දේ නම් එහි තිබෙන්නේ අශාව පමණක් නොවන බවය. කෙනෙකු තුළ වන ඊට වඩා වූ දෙය එක් අතෙකින් ආශාවේ වස්තුව වනවා සේම හඹා යාමේ (drive) වස්තුවද වේ. හඹා යාම යනු ජීවිතයේදී හමුවන පාර්ශ්වීය වස්තූ(partial objects) කෙරේ ඇල්ම සේ ගත හැකිය.වස්තුව (objects) යනු එකවිටම කෙනෙකු අගය කරණ කිසිවක් වනවා සේම තමා පොලඹවා ගන්නා දෙයද වේ. එසේම ඔහු එයට වෛර කිරීමට ද පිළිවන. අප මේ අවධාරණය කරන කවිය තුළ අශාව හඹා යාම සහ වෛරයද උපචාර රූපකයක් (metonymy) ලෙස පිහිටන්නේ භාෂාත්මක ෆැන්ටසි විශ්වයක් තුළට ගොනු වෙමිනි.
මිනිස් ආත්මය ආශාව හඹා යන ආකාරය කවියා අත් විඳී. ඔහු විප්‍රවාසීව සිටීමේ අර්ථය එය මිසෙක අන් කුමක්ද? තමාගේ පවුල ස්වකීය ජීවිතයද වන්නේ යයි මායාවී ලෙස (illusionary) ඔහු අර්ථ කථනය කරයි. ඒ බව ඔහුගේ සමහර කවියකින් විශද වන අතර කවියා තමාම ලියා ඇති දෙයින් එය තීව්‍ර කරයි. ඔහු “පාස්කු නිවාඩුව” යනුවෙන් නම් කළ කවියක සන්දර්භය එය නොවන්නේද?
දුරඈත අප්‍රකට කළපුවල
රංචු සේ ගැවසෙන
යෝධ පෙලිකන් කුරුල්ලෝ
නිසොල්මන් ය
නිහඬය
තබමින් පුළුල් අඩි
වගුරු පස් ආනවල
සීරුවට සොයති කිසිවක්
මෙම කව සරල දෘෂ්ටාන්තමය කියවීමකට ඌනනය නොකර පුළුල් න්‍යායික ප්‍රවේශයක් ගත හැක්කේ කෙසේද?අවැසි නම් කෙනෙකුට මෙය විදෙස් ගත වන ලාංකිකයන් පිළිබඳ දෘෂ්ටාන්තයක් ලෙස සරල කියවීමකට යාමටද පිළිවන. එහෙත් ෆ්‍රොයිඩ් ලුබ්ධිය (libido) යනුවෙන් හඳුන්වන්නේ ආත්මයා(subject) විවිධ ආකාරයෙන් ලිංගික තෘප්තිය සෙවීමේ ශක්‍යතාවටය. ලිංගිකත්වය තුළින් හැරුණ විට ආත්මය ආහාර ගැනීමෙන්, මළ පහ කිරීමෙන්, බැලීමෙන්, ලිවීමෙන්, කතා කිරීමෙන් ආදියෙන්ද තෘප්තිය සොයයි. ලුබ්ධිය ගැට ගැසෙන්නේ ලුබ්ධිමය වස්තූන්ටය. ආත්මයට අදාළව තීරණාත්මක වන්නේ එකී පාර්ශ්වීය හඹායාම් වල (drives) පැවතීමය. ආත්මයා එක් අතෙකින් මෙම පාර්ශ්වීය හඹායාම් මගින් තීරණය වන අතර අනෙක් අතට ඔහු අනන්‍ය වන්නේ අනෙකා නැතහොත් සමාජ සංකේත ව්‍යුහයටය.
හඹායාමේ විරුද්ධාභාෂය නම් එය සංකේතකරණ ක්‍රියාවලියේදී ඉතිරි වනදෑ (excess) විමය. අනෙකාගේ ක්ෂේත්‍රයට එහි සබඳතාවක් නැතැයි ඉන් අදහස් නොවේ. නිදසුනක් ලෙස බැලීම නමැති කාරණයේදී (scopic drive) ආත්මය යනු යම් වස්තුවක් දෙස බලා සිටින කිසිවකු පමණක් නොවේ. ආත්මය තමා දෙස පෙරළා බැලීමට නැතහොත් බද්ධ දෘෂ්ටියට (gaze) අවකාශ සලසයි. ඒ අනුව ආත්මය (කිසිවෙක්) යමක් දෙස බලන විට තමාද අනෙකාගේ බැල්මෙහි ගොදුරක් වීමට ඉඩ හරී.
අප ඉහත දැක්වූ කවිය පාර්ශ්වීය වස්තූ හඹා යන ආත්මයාගේ ෆැන්ටසිමය විතැන් වීමක් ලෙස අර්ථ ගැන්විය හැකිය. පෙලිකන් කුරුල්ලන් වගුරු පස් ආනවල කිසිවක් සොයන බව කීමෙන් ගම්‍ය වන්නේ එවැන්නකි. එහෙත් ඔවුන් සංකේතීය අනෙකාගේ දැක්මෙහි ගොදුරු වන සැටිද එම කවියේ විස්තර වෙයි. දුර බැහැර කළපු වලට (විදෙස් රටවලට) ගොස් උන් යමක් සොයන විට (ඉසුරු සරි කරන විට) අනෙකාගේ දැක්මෙහි ගොදුරක් වීම නොවළැක්විය හැකිය.
මේ අයුරින් නිරාෂගේ කවි තුළ අප දිගින් දිගටම කියවන්නේ ජීවිතය එලෙස ෆැන්ටසි ආඛ්‍යාන තුළ විතැන් වීමකි. “කුරිරු සතුටකට පසු” නම් කවියේ නිහඬව සිටින මල බැඳුන ඝණ්ඨාව ජීවිතය සමාජ අනෙකාට එරෙහිව ගොඩ නැගීමේ ආතුර වූවකු තුළ නැගෙන ෆැන්ටසි දැක්මක රූපකමය ප්‍රකාශනයක් වන්නේ එපරිදිමය. අනෙක් අතට මල බැඳුන ඝණ්ඨාව යථ නැතහොත් සැබෑව (real) අඟවයි. එය සංකේතකරණය කළ නොහැකි කිසිවක් ලෙස ඉදිරිපත් වෙයි. එසේම අපගේ මේ කියවීමෙහි ඇරඹුමේදී සටහන් කළ භාෂා වධකාගාරයක් තුළ වධයට පත්වීම යන කාරණය යළි සිහියට නගා ගතහොත් “රාත්‍රිය නිදි වරයි” නම් කවිය තුළ කැපී පෙනෙන්නේ එයම බව පෙනී යයි. කවියාගේ ආත්මීය වැලපීම යටකී සෑම කවියකින්ම හඬ නැගෙන්නා සේය.ඒ අනුව නිරාෂගේ කවි සීරුවෙන් කියවන කියවන්නිය හදාරන්නේ සංකේතීය පැවැත්ම තුළ කිඳී යන ආත්මයාගේ (නො) පැවැත්මය.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
නූතන කවියේ අර්බුදය කාව්‍යාලංකාර අත්හැරීම ද?