මම ලියන්න යන්නේ කවි පොතක් ගැන තමයි. මේ කවි පොත නූතන කවිය පෝෂණය කරන කවි පොතක් ලෙස මම හඳුන්වමි. සැබැවින්ම සිංහල කවියට හෙණ වැදුණේ කවි බස නම් වූ මිථ්‍යාවේ ගිලීයාමෙනි. කවීහු හැමෝම තමන්ට ආවේණික කවි බසක් තනා ගැනීමට විවෘත වූහ. ප්‍රතිඵලය වූයේ ඔවුන් පහළොස්වැනි සියවසට අයත් මළගිය බසක ප්‍රාණ ඇපකරුවන් වීමය.
නූතන අත්දැකීම් එක්කෝ රජ මැදුරුවල සීමැදුරු කවුළුවලින් බිමට පැන පණ නහගෙනය.දුප්පත්කමේ විලාපය බවට පත් වෙලාය. නැත්නම් හේනේ පැලේ සතා සීපාවට ගොදුරු වෙලාය. එහෙයින් ඉම්පෙදෙස් ලියමින් ආරියවංශ රණවීර කවි බස නම් වූ මිථ්‍යාවට පයින් ඇන තිබීම අපට සතුටු වීමට තරම් කරුණක් වෙයි.අප අර්බුදයක ගැටලුවක ගිලී ගොස් බව සැබෑය එහෙත් මේ අර්බුදය ග්‍රහණය කරගත යුත්තේ මුළුමහත් සමාජ ලෝකය එක් චරිතයක් සේ ගෙන විධාරණය කිරීමෙන්ද? නැතැයි මම කියමි.පුද්ගලත්වය දෙසට හෙළන අභ්‍යන්තරික වූ බැල්මකින් මේ විශ්ව ව්‍යාප්ත ගැටලුව විමසීමට තැත් කළ ඇමරිකානු මහා කවියා ටී.එස් . එළියට්ය. ආරියවංශ රණවීරගේ ගමන් මග වැටෙන්නේ එළියට් විසින් එළිපෙහෙළි කරන ලද එබඳු ඉසව්වක් දෙසටය. ඉම් පෙදෙස් හි එන පලා නමැති කවිය කියවා බලන්න. ජනතාවාදී පුස්සකුටනම් සමාජ විප්ලවයකට අඬගසන ව්‍යාජ සටන් පාඨයක් නිර්මාණය කිරීමට තරම් සුදුසු තේමාවක් තුළ රණවීර ස්පර්ශ කරන්නේ ආත්මීයතාවයේ විලාපයයි. අනෙක් අතට ඉන් කර්කශ ලෙස මිරිකෙන්නේ සිවිල් සමාජයේ දරාගත නොහැකි මධ්‍යම පාන්තික අලසකමය. එලියට්ගේ සේම ආරියවංශ රණවීරගේ ද ජීවිතය සහ කාව්‍යකරණය පිළිබඳ මතාන්තරවල මධ්‍යය සමෝධානිකය. ඉංග්‍රීසියෙන් integration කියන්නේ එයටයි. ලෝකයේ පැවැත්ම තුළ යම් නිර්මාණාත්මක අනුපිළිවෙලක් පවතින බව ඔහු විශ්වාස කරයි. ලෝකයේ මෙම ස්වාභාවික අනුපිළිවෙලට කේන්ද්‍රීය වන උපත මරණය දිවා කල රාත්‍රිය ආදී වූ සංසිද්ධීන්ගෙන් පවතින රටාව ඔහු ග්‍රහණය කරගනී. යුලිසීස් ලියූ ජේම්ස් ජොයිස් ගේ සමහර නවකතාවක(Finnegans Wake) මනුෂ්‍ය ජීවිතය අති මහත් වූ අවමඟුල් පෙරහරක් ලෙස දිස්වෙයි. එසේද වුවත් ප්‍රමුදිත බවද එහි වෙයි . මන්ද ජීවිතය සහ මරණයත් සතුට සහ ශෝකයක් එකිනෙකින් වෙන් කළ නොහැකි එකක්ම වන බැවිනි. ඉම් පෙදෙස් වූ කලී එබඳු ජීවිතය නම් වූ අවමඟුල් පෙරහරක විස්තරයක් ලෙස මම දකිමි.එම පෙරහරේ අප සිනා ගන්වන බොරු කකුල්කාරයෝ, නැට්ටුවෝ සහ සර්කස් කාරයෝද වෙති.එහෙත් ඒ සිනහව කෙළවර වන්නේ මරණය පිළිබඳ සිත හිරිවට්ටන සන්තාපයකිනි.
ඉම් පෙදෙස් ලියමින් රණවීර කවියාගේ ආසන්න වෑයම වන්නේ තමාගේම අධ්‍යාත්මයේ ගැඹුර සහ වේගය පදගත මතුපිටට ගෙන ඒමය. සහෘද පාඨකයා මේ මතුපිටින් පටන්ගෙන ක්‍රම ක්‍රමයෙන් කවියාගේ අධ්‍යාත්මය සොයා විනිවිද යයි. කවියාගේ මාධ්‍යය වන්නේ ව්‍යාජ කවි බසක් නොව තම සහෘද පාඨකයා නතුකර ගැනීමේ සමත් වර්ණ සංකේත පද්ධතියකි. ස්වකීය කවි මුද්‍රිත අකුරු තුළින් දැකීමට මිස හඬ නගා කියවීමට නොවන බව යම් තාක්ෂණික සීමාවක් තුළ කවියා වටහාගෙන සිටියි. එමගින් එළි දකින ස්වකීය කථනය තුළ කවියා ජීවිතය පිළිබඳ තමාගේම පෙරදැක්ම මතුදැක්ම සහ අභ්‍යන්තරික වූ දැක්ම සහෘදයා සමග බෙදා ගනී. ඉම් පෙදෙස් නම් වූ අවසන් කවිය කියවා බලන්න මිනිසා මහලු බවට පත්වීම මේ තරම් ගැඹුරු ලෙස ස්පර්ශ කළ අන්තැනක් මම දැක නැත්තෙමි. කවියා තමාගේ වියපත් අධ්‍යාත්මය අවදි කරයි.අවිඥානය තුළ තැන්පත් සිතිවිලි මතුපිටට කැඳවා මෙහි එන කිසිදු කවි සිතිවිල්ලක සැඟවුණු දේශපාලන අරමුණක් හෝ තර්කනයක් නැතැයි මා කියන්නේ එබැවිනි.ඔහු පුද්ගලාත්මයම කලඹමින් සත්‍යය ලුහුබඳී ඉම් පෙදෙස් ගැන කියාගෙන යද්දි මම ටී . එස් එලියට් ගැනද කතා කළෙමි.ආරම්භයේදී බටහිර කවියේ නිම වළල්ල පුළුල් වූයේ එලියට්ගේ The wasteland (මුඩු බිම)නම් මහා කාව්‍යයෙනි. එලියට් විසිවැනි සියවසේ මුල් කාලයට අයත් කවියකු බැවින් ඔහු විශ්වාසය තැබුවේ වචන මතය. මේ නිසා ඔහු කථනය මත යැපෙන මිනිස් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පද්‍යකරණය වඩාත්ම ඵලදායී මාධ්‍ය සේ සැලකීය. The wasteland තුළ වචන අරුත් බරෙන් මිරිකී යන්නේ එබැවිනි. ඒත් විය යුතු ලෙසම විසි එක්වන සියවසේ සිටින ආරියවංශ රණවීර එලියට් මෙන් වචන මත විශ්වාසය නොතබයි. එලියට් උපත සහ මරණය අතර මනුෂ්‍ය පැවැත්මත් ඉන් එපිට විශිෂ්ට රූපාන්තරණයක් වචන තුළින් විනිවිද දකින්නට වෑයම් කරයි.ඒත් භාෂාව මිනිස් සන්වේදනය මුළා කරවන සුළු මාධ්‍යයක් බව රණවීර වටහා ගනියි. එලියට් සේම රණවීරගේ නිෂ්ටාව වන්නේද උපත සහ මරණය අතර වන මනුෂ්‍ය පැවැත්ම විනිවිද දැකීමය.ඒත් වචන යනු ඒවා අසන්නාගේ හිස තුළ පමණක් ඔහුට අවැසි අරුත් සපයන විකාරයකි. ඉම් පෙදෙස් හි එන පරසම්තක දමනය නොහොත් ප්‍රකෘතිය හා තර්කය නම් වූ කවි පෙළ කියවනු මැනවි.
ඉම්පෙදෙස් නූතන කවිය පෝෂණය කරන්නේ යයි කියන්නේ මන්දැයි එවිට වැටහෙනු ඇත. සංසන්දනාත්මක ලෙස එලියට් සමග තබා කතා කළ ද රණවීරගේ ඉම් පෙදෙස් එලියට්ගේ The wasteland තරම් විශිෂ්ට කාව්‍යයකැයි කියන්නට මම හදිස්සි නොවෙමි.එහෙත් එලියට් බටහිර බවත් අපේ අප පය ගසාගෙන සිටින්නේ පෙරදිග බවත් වටහා ගැනීමෙන් පශ්චාත් එලියට් කවිය අපේ නූතන කාව්‍යකරණය තුළ මතුවී යන ලකුණු මම ඉම්පෙදෙස් තුළ දකිමි. ඉතින් මෙන්න නූතන කවිය පෝෂණය කරන කවි පොතක් යයි` ඉම් පෙදෙස් හඳුන්වාදෙමි.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
නූතන කවිය පෝෂණය කළ රණවීරගේ ’’ඉම් පෙදෙස්’’