IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


පරිවර්තනයේ ඛේදවාචකය

ග්‍රන්ථ විචාරය

 

 

   කිසියම් දරුවකු 2003 අගෝස්තු 24 වැනිදා උපන්නේ නම් මේ වනවිට ඔහුගේ වයස අවුරුදු විසි එකකි. තස්ලිමා නස්රින් ගේ  ලජ්ජා(Lajja) නමැති කෘතිය සිංහලට නැගෙන්නේ ඒ කාලයේදී තමයි. එහි සිංහල පරිවර්තනය ගැන මා පළමු වරට විචාරයක් පුවත්පතකට ලියුවේ අප තරුණයා උපන් එම දිනයේදීය. බාග විට ඔහු මේ ඉන්දියානු නවකතාවේ  සිංහල පරිවර්තනය කියවනවා ඇත්තේ යටකී ලිපිය පිළිබඳ හාංකවිසියක් නොදැනය. ඉතින් අවුරුදු විසි එකක් පරණ ලිපියක් මා එළියට අදින්නේ ඔහුගේ පහන් සංවේගය පිණිසය.අනෙක් අතට පරිවර්තන  සාහිත්‍යයට අත්ව ඇති ඛේද ජනක ඉරණම පිළිබඳ නිර්දය කියවීමක්ද මින් පළ වෙයි.
   ඇත්තටම නම් ලජ්ජා නවකතාවේ සිංහල පරිවර්තනය තුළ අප  කියවමින් සිටින්නේ එම කෘතිය පිළිබඳ පරිවර්තකයාගේ කියවීමය. එවිට පරිවර්තකයාගේ කියවීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කළ යුතුය. මේ පරිවර්තකයාගේ කියවීම මට සිහි ගන්වන්නේ රාත්‍රී සමාජ ශාලාවක වස්ත්‍ර ගලවා දමමින් නටන (striptease)නළඟනක දෙස බලා සිටින්නකුගේ කුතුහලයට වැඩි දෙයක් නොවේ. නළඟනගේ ඇඳුම් එකිනෙක ගැලවී යාමේදී ෆැන්ටසිකරණය වන ප්‍රෙක්ෂකයාගේ ප්‍රමෝදය තීව්‍ර වේ. එහෙත් එක් වස්ත්‍රයකින් තවත් වස්ත්‍රයක් වෙත යන ප්‍රමාදය තුළ නොඉවසිලිමත් වන (ගැටවර කුතුහලයකින් ඇලුණ) අප ප්‍රේක්ෂකයා ඇඳුම් ගැලවීම ඉක්මන් කරයි. නවකතාවක කතා ශරීරය පමණක් දැන ගැනීමේ කුහුලින් මැඩලුණ පාඨකයාගේ මනස අර ඉක්මන් කාරී බොළඳ ප්‍රේක්ෂකයා වෙිදිකවට පැන ඇඳුම් ගැලවීම ඉක්මන් කරන්නා සේ කතා ශරීරය පමණක් සොයා යන පාඨකයා තමා කියවන නවකතාවේ පදාස පිටින් (විස්තර වර්ණනා, දෙබස් ආදිය) අතහැර කියවයි.

   ඉතින් අවශ්‍යතාවක් වේ නම් තස්ලිමාගේ මුල් වියමන ළඟ තබාගෙන පරිවර්තනය කියවීම මැනවි. අප පරිවර්තකයාගේ කියවීම එවැන්නක් බව ඔබට වැටහෙනු ඇත. ඇත්ත. තමා කතා ශරීරය කෙරේ පමණක් ඇලුනකු බව පරිවර්තකගේ සටහනෙහි මෙසේ ලියා ඇත. 
  “තස්ලිමා මේ කෘතියේදී ඉදිරිපත් කරන තම රටේ ඓතිහාසික සිද්ධි රාශියක් නිසා මෙය වාර්තාමය නවකතාවක ස්වරූප ගනී. බොහෝ ස්ථාන නාම සහ ප්‍රදේශ නාම එලෙසින්ම දැක්වීම සිංහල පාඨකයා අසහනයට පත් කරවන්නකැයි සිතා සමහර තොරතුරු කෙටියෙන් දැක්වීමි. එහෙත් කතා ශරීරයට ඉන් කිසිදු හානියක් වී නැති බව කිව යුතුය”
    ලජ්ජා පරිවර්තකගේ සටහන්
  මෙහි පරිවර්තක සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන මහතාට තස්ලිමා ගේ මුල් කෘතිය කවර වූ හෝ කියවීමකට ලක් කිරීමට සම්පූර්ණ නිදහස ඇත. එහෙත් සිංහල පාඨකයා යනුවෙන් ඔහු හඳුන්වනු ලබන්නේ එම පරිවර්තනය කියවන අපය. ඉතින් අපත් ඔහු මෙන් තස්ලිමාගේ නවකතාවේ සමහර තැන් අතහැර කියවිය යුතු යයි තීරණය කිරීමට ඔහුට අයිතියක් තිබේද? නැත. මේ පරිවර්තකයා ඔහුගේ දළ කියවීම අප මත බලෙන් පටවා ඇතැයි මම කියමි. 
   සමහර පරිවර්තකයන් සිංහල පාඨකයා මෙසේ හෑල්ලුවට ලක් කරමින් කටයුතු කරන්නේ මන්දැයි ඔබ කල්පනා කළාද? ඔවුනට පරිවර්තනය බැරෑරුම් කටයුත්තක් නොවේ. ඔවුන්ගේ අහංකාර පරවශ කල්පනාවට අනුව පරිවර්තනය යනු මුල් කෘතිය වටහා ගැනීමට භාෂා දැනුමක් නැති අයට උදව්වක් පිණිස ලියන්නකි. වෝල්ටර් බෙන්ජමින් නමැති කලා විචාරකයා මෙය නිර්දය ලෙස හෙළා දකී. (වෝල්ටර් බෙන්ජමින්ගේ Illumination නම් වියමනෙහි එන The Task of the Translator නම් ලිපිය කියවන්න)
   බෙන්ජමින්ට අනුව කලා නිර්මාණයක අවශ්‍යම ගුණය නම් යම් ප්‍රකාශයක් හෝ තොරතුරක් (information) බෙදා දීම නොවේ. එහෙත් යම් පරිවර්තනයක අරමුණ වී ඇත්තේ විකාශන කාර්යයක් (transmitting function) පමණක් නම් පරිවර්තකයා විකශය කරන්නේ මුල් කෘතියේ තොරතුර පමණකි. ලජ්ජා පරිවර්තනය ඒ අනුව විමසන විට පෙනී යන්නේ එහි පරිවර්තකයා කලා කෘතියට අත්‍යවශ්‍ය නොවන  තොරතුර පමණක් ඉතිරි කර ඇති බවය. එවැනි පරිවර්තන නරක පරිවර්තන ලෙස වෝල්ටර් බෙන්ජමින් හෙළා දැක ඇත. 
   තස්ලිමා නස්රින් වාර්තාමය කතාවක් ලියා ඇති නිසා එය කෙලෙස පරිවර්තනය කළත් කම් නැතැයි පරිවර්තක සිතුවා සේය. ඇත්ත. තස්ලිමා ලියා ඇත්තේ බංග්ලා දේශයේ ජාතිවාදී ඇවිළීම් පිළිබඳ වාර්තාවක් තමයි. එහෙත් එම වාර්තාව පවා සංවේදීව ඉදිරිපත් කිරීමට නවකතාකාරිය දරා ඇති වෑයම පරිවර්තනය තුළ හැළී ගොස් ඇත. 
   පරිවර්තකයා මුල් කෘතියේ චරිත ඔහුට රිසි නම්වලින් හැඳින්වීම පසෙක තිබුණාවේ. සමහර තැනෙක නවකතාකාරියගේ සියුම් උත්ප්‍රාසය මායිම් නොකර තිබීම අප්‍රසන්න බව කිව යුතුය. මෙහි ප්‍රධාන චරිතය වූ සුරන්ජන් රටේ කලබල මැද තම පෙම්වතිය වූ රත්නා හමුවීමට යන අවස්ථාවක් තුතුල් ගුප්තා (Tutul Gupta) විසින් පරිවර්තනය කරන ලද ඉංග්‍රීසි වියමනෙහි 118 පිටුවේ නිරූපිතය. එම අවස්ථාවේ රත්නා කෙරෙහි සුරන්ජන් තුළ වන හැඟීම් පරිවර්තනයේදී හැළී ගොස් ඇත. 
  තුතුල් ගුප්තාගේ ඉංග්‍රීසි පරිවර්තනය මෙසේය.
   “But what of her? What was hidden in the depth of her eyes? Suranjan felt a little frustrated that he didn’t know: he said I came to find out if you were all unhurt”
   “Unhurt? The word that one meaning of for men and quite another for women. What did you really come to see?”
  
  “Both”
    සුරන්ජන් තුළ රත්නා කෙරේ වන හැඟීම් කප්පාදු කර දමන පරිවර්තකයාගේ කතා ශරීරය කෙරේ වන ඇල්ම පළ වන අයුරු දැන් කියවන්න.
   “අද තමන් රත්නා සොයා ආවේ තම ප්‍රේමය ඇය වෙත ප්‍රකාශ කිරීමට බව අලුතෙන් මෙනෙහි කර ගත සුරන්ජන් නැගිට වතුර වීදුරුවක් ගෙන එන්නට හැරුණ ඇගේ ශරීරයේ පහස ලැබුවේය”
  (රත්නාගේ සාරි කොන සුරන්ජන්ගේ ඇඟේ වදින බව සඳහන් වන්නේ පරිවර්තක විසින් නිර්දය ලෙස කප්පාදු කරනු ලැබ ඇති ඔහු තුළ ඇය කෙරේ ජනිත වන හැඟීම් පිළිබඳ විස්තරයට බොහෝ වේලාවකට පෙරය.)
  “කොහොමද ඉතින් කරදරයක් නැතුව ආවද?”
   කරදරයක් කියන වචනයේ පිරිමින්ට තියෙන්නේ එක අර්ථයයි. ඒත් අපට අර්ථ දෙකක් තියෙනවනෙ, ඉතින් කොයි තේරුමෙන්ද ඇහුවෙ?”
   “තේරුම් දෙකෙන්ම තමයි.”
   තස්ලිමා තම වියමන තුළ රත්නාගේ වදන් තුළින් මතු කරන උත්ප්‍රාසය (irony) පරිවර්තක විසින් විනාශ කර දමන සැටි විමසන්න. මේ ජාතිවාදී කලබල තුළ ස්ත්‍රීන් මුහුණ දෙන අභාග්‍ය සම්පන්න ඉරණම වූයේ ඔවුන් දූෂණයට ලක් වීමය. රත්නාගේ වදන් තුළ උත්ප්‍රාසනීය ලෙස තිව්‍රව ඇත්තේ එම අභාග්‍යයයි. කතුවරියගේ උත්ප්‍රාසයට කුමක් වුවද කම් නැත. මේ නිසා තේරුම් දෙකක් පිළිබඳ රත්නා කී දේ ඔහු විකෘති කර ලියයි. 
   මෙසේ ලියාගෙන යනවිට තස්ලිමාගේ ලජ්ජා උසස් නවකතාවකැයි පාරට්ටු කරන ලෙස නොගන්න. එය බංග්ලාදේශය තුළ හින්දුන්ට සිදුවූ හිරිහැර පිළිබඳ වාර්තා කථනයක් බවත් දුර්වල නවකතාවක් බවත් පිළිගැනීමට සිදුවේ. ඉතිහාසය ෆැන්ටසිකරණය කිරීම තුළ සල්මාන් රුෂ්ඩි ඉන්දියාව දෙකඩ වීම් හෝ පාකිස්තානය තම නවකතාවල සන්දර්භය කර ගැනීම ඉදිරියේ (රුෂ්ඩිගේ Midnight’s Children සහ Shame යන නවකතා කියවන්න.)තස්ලිමා නවකතාකාරියක ලෙස අතිශය බොළඳය. කෙසේ වුවත් ඇගේ වාර්තාමය ආඛ්‍යානය තුළ පවා එළි දැක්වෙන යම් නිර්මාණාත්මක බවක් වී නම් එය පරිවර්තනයේදී විනාශ වී ඇත. 
   ලජ්ජා නවකතාවේ සුරන්ජන්ගේ පියා වූ සුධමෝයි (පරිවර්තක ඔහු සුධර්ම ලෙස නම් කරයි) බංග්ලාදේශය අතහැර ඉන්දියාවට යාමට අකමැති වෙයි. කලබල උත්සන්න වද්දී ඔහු අංශභාග රෝගියකු වී ඇඳට වැටීම තුළ ඇති උත්ප්‍රාසය නම් රට හැර යාමට ඔහු තුළ ඇති නොකමැත්තයි. ඔහුගේ බිරිඳ වූ තිරෝන් මෝයි (පරිවර්තක ඇයට දෙන නම ශිරෝමාය) නිවසට යන එන පිරිමින් සමග පවත්වන ලිංගික සංවාසයන් පිළිබඳ ෆැන්ටසිකරණය කරන සිතිවිලි මැද අතරමං වීම මෙම අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳ ඇගේ සිහිනය නිරූපණය කරයි. අප පරිවර්තකයා පරිවර්තනයේදී විනාශ කර දමන්නේ තස්ලිමාගේ මුල් වියමන තුළ එළි දක්වා තිබූ එබඳු විචිත්‍ර සිතිවිලිය. සැබවින්ම ඔහු වාක්‍ය පදාස පිටින් අතහැර දමමින් පරිවර්තනය කරයි. . ඒ වූ කලී කිසිදු නිර්මාණශීලී බවක් පළ නොකරන දුර්වල පරිවර්තනයක් වී ඇත.



අදහස් (0)

පරිවර්තනයේ ඛේදවාචකය

ඔබේ අදහස් එවන්න

ග්‍රන්ථ විචාරය

වරාමල් පහර කෑවෙි දෙඤ්ඤම් බැටේ විචාරයකින් නොවෙි
2024 ඔක්තෝබර් මස 15 42 0

දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ


ජාතක පොතේ සැඟවුණ වැඩවසම් වෙස්මුහුණ
2024 ඔක්තෝබර් මස 08 211 0

මීට දශක දෙකකට පමණ පෙර මම දිනමිණ පුවත්පතේ ’’මංසල’’ සාහිත්‍ය අතිරේකයට ජාතක කතා කීපයක් පිළිබඳ විචාරයක් ලිව්වෙමි.


පරිවර්තනයේ ඛේදවාචකය
2024 ඔක්තෝබර් මස 01 131 0

කිසියම් දරුවකු 2003 අගෝස්තු 24 වැනිදා උපන්නේ නම් මේ වනවිට ඔහුගේ වයස අවුරුදු විසි එකකි. තස්ලිමා නස්රින් ගේ ලජ්ජා(Lajja) නමැති කෘතිය සිංහලට නැගෙන්නේ ඒ කාලයේදී තම


මළගිය ප්‍රාණකාරයකුගේ අතීත සටහන්
2024 සැප්තැම්බර් මස 24 472 0

ඇත්ත. හරි හමන් නවකතාවක්, කෙටිකතාවක් නොලියවෙන, සංස්කෘතික කාන්තරයක දවසැරීමට අපට සිදු වී තිබේ. අප නිරායාසයෙන්ම අතීත මතක වෙත ඇදෙන්නේ එබැවිනි.


විදර්ශන සාහිත්‍ය තරගයෙන් විජේමාන්න විසි වුණේ ඇයි?
2024 සැප්තැම්බර් මස 17 448 0

පසුගිය දවසක ජනක ඉනිමංකඩ අපූරු වැඩක් කළේය. ඔහු විදර්ශන සාහිත්‍ය ත්‍යාගය නමින් නව ආරක තරගයක් සාහිත්‍ය සමාජයට හඳුන්වා දුන්නේය.


නූතන කවියේ අර්බුදය කාව්‍යාලංකාර අත්හැරීම ද?
2024 සැප්තැම්බර් මස 03 225 0

නූතන කවියේ අර්බුදය නම් කවිය අලංකාරවත් නොවීම යයි මම කල්පනා කරමි. මින් අදහස් වන්නේ කාව්‍යාලංකාර පිළිබඳ හසරක් කවීන්ට නොමැති බවය.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 622 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site