ගීතා කුමාරි මුණසිංහගේ මල් පෙති මැද ලැව් ගිනි නමැති නවකතාව පළ වන්නේ 2006 අවුරුද්දේදී ය. එම නවකතාව පිළිබඳව කතා කිරීම අදටත් වලංගුය. එදා මම එම නවකතාව මුළුමනින්ම පුරුෂ ව්‍යාපෘතිය කැයි කීවෙමි. තිගැස්සෙන්නට තරම් දෙයක් සැබැවින්ම මා පැවසුවේ නැත. මගේ එකී සොයා ගැනීම මේ නවකතාකාර ගැහැනිය වටා සිටින පුරුෂයන්ගේ අවරෝධිත අවිඥානය කියවීමක් විණි. මේ ස්ත්‍රියක ස්ත්‍රී ප්‍රේමය පිළිබඳ ලියූ නවකතාවක් නොවේ දැයි ප්‍රශ්නයක් ඇතිවන්නට ඇත. මේ නවකතාව අවසානයේ පිඹුර යනුවෙන් ඇය ලියන සටහන ඔබ කියවූයේ ද ඇයට මේ නවකතාව පළ කරවා ගැනීමට දිරිමත් කරන්නට ආධාර කළ පුරුෂ නාම ලැයිස්තුවේ ඇගේ ආදරණීය සමන් හැරුණු විට ගාමිණී අයියා, මාරයේ අයියා, ගුණසිරි අයියා,ජයසිරි අයියා, සමන්ත අයියා, දිනිඳු අයියා ආදී වූ අයියලා විශාල තොගයක් සිටියහ.එමතු ද නො ව මේ නවකතාව දොරට වැඩිදා එතැනට පැමිණි පුරුෂ කැලගේ මතින් ඇය පෙරළිකාර නවකතාකාරියක ලෙස අභිෂේක ලැබුවාය. එහෙත් මේ පුරුෂයන් හොඳින් දන්නා නමුත් ඔවුන් නොදන්නා සේ අඟවා කරබාගෙන සිටි එක්තරා කරුණක් වේ. ඒ අන් කිසිවක් නොව ඇය ලියා ඇත්තේ කසිකබල් තුට්ටු දෙකේ නවකතාවක් බවය.
ඔවුන් එසේ කරබාගෙන සිටීමට හේතුව කේ.කේ සමන් කුමාරගේ රැස් වළල්ලට බිය වීමයයි මොහොතකටවත් වරදවා නොසිතන්න. එම පුරුෂ කාරණය ඇය ලියා ඇති වදන් අතරම වහන්වී ඇත. එහෙයින් එය සොයා ගන්නට මල් පෙති මැද ලැව්ගිනි යළි කියවිය යුත්තේමය. පුරුෂයාගේ ඊර්ෂ්‍යාව ස්ථානගත වන තැන පිළිබඳ ඩේරියන් ලීඩර් කර ඇති එක්තරා විවරණයක් මෙහිදී මම අත් උදව්වට ගනිමි. පරපුරුෂයකු වෙත යන ස්ත්‍රියකගේ ප්‍රමෝදය මැන බැලීමට ඇගේ පුරුෂයාට අවශ්‍ය වෙතත් එම ප්‍රමෝදය වමාරවන භාෂාවක් නැති බැවින් වෙනත් දේ මත යැපීමට ඔහුට සිදුවේ. පුරුෂයකුට අවශ්‍ය වන්නේ ස්ත්‍රී ශරීරය කතා කරවීමට බව ලීඩර් ඉතැලෝ කැල්විනෝගේ කෙටිකතාවක් විවරණය කරමින් පවසයි. ගීතා කුමාරිගේ නවකතාව අපගේ පුරුෂයන් භාරගනු ඇත්තේ ඇගේ සිරුරේ බස වශයෙනි. සමන් කුමාරගේ බිරිඳ ලියන්නේ ස්ත්‍රීන් දෙදෙනකු අතර වන සමලිංගික සම්බන්ධයක් පිළිබඳ කතාවකි. එහෙත් ගීතා මේ වචනම භාවිත කර විසම ලිංගික කතාවක් ලිව්වේ යැයි මොහොතකට සිතන්න.එසේ නම් ඇය සමන් කුමාරගේ බිරිඳ වුවත් එහෙ දිහා හැරී බලන වැදගත් පුරුෂයකු සොයා ගැනීම අසීරුවී ඇත. ගීතා ලියා ඇත්තේ කසිකබල් තුට්ටු දෙකේ නවකතාවයකැයි මා කියන වදන් සමග ඔවුහු එකඟ වෙති. ඇත්ත නම් එය මල් පත්තරවලට ඔබින අරුමැසිවාදී බොළඳ බස් තෙපලීමකට එහා නොයන බවය. එහෙත් මේ බස ගීතා ස්ත්‍රීන් දෙදෙනකුගේ සිරුරු කතා කරවීමක් බවට පෙරළීමෙන් පුරුෂයන් තමා වෙත නතු කර ගනී. ඇය ලියන්නේ සමලිංගික ප්‍රේමයක පැටලුණු ගැහැනුන් දෙදෙනකු පමණක් ගැනය.එහෙත් ඩේරියන් ලීඩර් නගන ප්‍රශ්නය ඊට වඩා බැරෑරුම්ය .සියලුම ස්ත්‍රීන් සමලිංගික නොවන්නේ මන්දැයි අසන ඔහු ලැකාන් අතිශය තර්කානුකූල උපන්‍යාසයක් යෝජනා කර ඇති බව සිහිපත් කරයි. ලැකාන්ට අනුව සැබෑ විසම ලිංගිකයන් යනු ස්ත්‍රී සමලිංගිකත්වයයි. මෙය වටහා ගත හැකි ක්‍රමයක් නම් නාසිස්මයේ න්‍යාය යි. ප්‍රේම සබඳතා ගොඩනැගෙන්නේ ආත්මය තමාව පිළිබඳ දකින පරිකල්පනයන්ට අනුවය එහි ලීඩර් වරක් මෙසේ ලියයි The subject does his best to drag his partner into the cage of his own narcissism . ලීඩර්ට අනුව ආත්මය තම සහකාරිය තමාගේම නාසිස්මයේ කූඩුවට ඇද ගැනීමට ගන්නා ප්‍රයත්නයට නිදසුන් ගීතාගේ නවකතාවේ ඇති පදම් ඇත. තිස් හතර වැනි පිටුවේ ලියවෙන පරිදි ඉනෝ නමැති කතා නායිකාව විදර්ශී වෙත දිගු කරන නාසිස්මයේ ආකර්ෂණය එබඳුය. කරුණාකර මේ පොතේ 34 පිටුව කියවන්න. ස්ත්‍රී සමලිංගිකත්වය පිළිබඳ කාරණයේදී සහකාරිය විසින් පිරිනමන සේවය අනෙකාගේ ප්‍රමෝදය සලසයි. පිරිමි සහ ස්ත්‍රීන් අතර ඇති වෙනස නම් පුරුෂයෙන් ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීමය. තෘප්තිය ලැබීමෙන් පසු නිදහස් වන ඔවුහු වගකීමක් නොගනිති. එහෙත් ස්ත්‍රී සමලිංගික ප්‍රේමය තුළ ස්ත්‍රීන් දෙදෙනෙකු එකිනෙකාට බැඳීමේ අරුමැසි බව ගීතා පරමත්වයට නංවන්නේ ඇගේම අත්දැකීම් මූලාශ්‍රයේ අනුබලය නිසා විය හැකිය. විසම ලිංගිකත්වය ආත්ම රාගයේ පරිකල්පනය තුළ මුල් ඇදුණු බව මම කීවෙමි. එහෙත් දැරියකගේ ඊඩිපස් වර්ධනය සමලිංගිකත්වයට බලපාන්නේ කෙසේද මෙහිදී අප සාකච්ඡා කරන්නේ ස්ත්‍රියක තවත් ස්ත්‍රියක සමග පවත්නා සබඳතාවක් පිළිබඳවය. ඉනෝ සහ විදර්ශී අතර ඇති වන සමලිංගික ප්‍රේමයේ ඉනෝගේ පැත්තේ හේතු දැක්වීම ගීතාගේ ඕලාරික ප්‍රකාශනයක් පමණකි. නවකතාකාරිය ලියන මේ සංකේතීය වූ සබඳතාව බිඳ වැටීම තුළ ඉනෝ සමලිංගිකත්වය දෙසට ඇදී යාමේ සැබෑ හේතුව සටහන් නොවේ. එහෙයින් ඇය ලියන දේ අපට නැවත ලිවීමට සිදුවෙයි. මෙහිදී ඇය කිව යුතු සැබෑදේ නම් පියාගේ ආදරය තමාට අහිමි වී ඇති බවය. ඇය විදර්ශී සමග සමලිංගික ප්‍රේමයක පැටලෙන්නේ තම පියා කෝප වන බව දැන දැනමය. ඇත්තටම නම් තම පියාගේ ආදරය හමුවේ අපේක්ෂාභංගත්වයට පත්වන ඇය තමාගේ ආදරවන්තිය තමාම බවට පත්වේ. සමලිංගික ප්‍රේමය නාසිස්මක වූ ප්‍රකාශ වීමක් වන්නේ එසේය . ලැකාන්ට තර්ක කරන පරිදි ඇය සැබෑ ආදරය කුමක් දැයි තම පියාට පෙන්වා දීමට ප්‍රයත්නයක යෙදෙන්නාක් මෙනි. මේ නිසා තම ප්‍රේමය පියාට දැන ගැනීමට ඉඩ හැරීමට ඇයට අවශ්‍ය වේ. මේ අවශ්‍යතාව අවිඥානකය.ඇය වරක් තම පියා නොමැති විටෙක මෝටර් රථය රියැදුරාගෙන් ඉල්ලාගෙන අවන්හලකට ගොස් බීමත්ව රෑ බෝවී පැමිණෙන ජවනිකාව සිහිපත් කරන්න. ඇය රෑ බෝවන තෙක් අවන්හලේ රැඳෙන්නේ සිතා මතාය. හදිසි අනතුර වූ කලී ඇගේ අවිඥානක ප්‍රාර්ථනයයි. මෙම සමලිංගික ප්‍රේමයේ අවසන් ඛේදජනක දර්ශනයද පුනරුත්තික වූ මෝටර් රිය අනතුරක් වී ඇත. ඇය අවස්ථා තුනකදීම රැගෙන යන්නේ පියාගේ මෝටර් රියයි. එහිදී මෝටර් රථය හැඟවුම්කාරකයකි. හිතාමතාම මේ හැඟවුම්කාරකයට තම ජීවිතය හැසිරවීමට ඉඩ දී ඇත. මෝටරිය සම්බන්ධ වන්නේ පියාට බැවින් තමා පාලනය කිරීමට නැතුව තමාගේ ඉරණම තීන්දු කිරීමට පියාට භාරදී ඇතුවාක් මෙනි. මේ නවකතාවේ කියවෙන්නේ ස්ත්‍රීන් දෙදෙනෙකු අතර ප්‍රේමයක් පිළිබඳව වන නමුත් ඒ තුළ පිරිමියකු සිටී.ඒ පිරිමියා ඉනෝගේ පියා මිස අනෙකකු නොවේ. ගීතා කුමාරි ලියන මේ නවකතාව ප්‍රකාශයට පත්වන්නට පෙර සිටම එකී ස්ත්‍රී සමලිංගික තේමාව පිළිබඳ ප්‍රචාරය ලැබී තිබිණි. ඇය වටා රොද බැඳි පිරිමි අපේක්ෂා කළේ අන් ගැහැනියක සමග අතීතයේ දිනක පැවැත්වූ ප්‍රේම සබඳතාවක රස කතාවකි. ඒත් වර්ජිනියා වුල්ෆ්ගේ නවකතාවක් අරබයා ලීඩර් කියන ලෙසම ගීතාගේ ස්ත්‍රී නවකතාව තුළ පුරුෂ සර්ව නාමයක් සැඟවී සිටී. කුමාරිගේ නවකතාව වරහන් කර ඇගේ තේමාව වූ සමලිංගිකත්වය තොරම්බල් කිරීමේදී මේ පුරුෂයන් අමතක කරන නැත්නම් නොදන්නා සේ සිටින වැදගත් කරුණක් නම් සමලිංගිකත්වය යනු මිනිස් විෂය අරබයා විපරීත ලක්ෂණයක් වන බවය. සමලිංගික සේවනය නීතිගත සමලිංගික විවාහ සහ දික්කසාද වීම් ගැන ඕපාදූප අනන්තවත් අපට ඇසේ.එහෙත් විපරීත ව්‍යුහය යන අදහස මතු කරමින් ලැකාන් පවසන්නේ මේ විපරීත ව්‍යුහය සමාජය පිළිගන්නේ වුවද එහි විපරීත ව්‍යුහමය බව නැති නොවන බවය. මේ නිසා පුරාතන ග්‍රීසියේ පැවති සමලිංගිකත්වය එකල ඊට කවර පිළිගැනීමක් ලැබුණද විපරීත ලිංගිකත්වයක් ලෙස ලැකාන් සැලකුවේය. මින් ලැකාන් අදහස් කළේ සමලිංගිකත්වයේ සම්භවය විපරීත වන බව නොව එය ඊඩිපස් සංකීර්ණයට අදාළ වන බවය.ෆ්‍රොයිඩ්යානු සේම ලැකානියානු පිළිගැනීම්වලට අනුව අාර්චනකාමය වැඩි වශයෙන් බලපාන්නේ පිරිමියාටය. එහෙත් එය කලාතුරකින් ස්ත්‍රීන්ටද පිහිටන්නේය යන මතයට රුකුල් දෙමින් ඉනෝ ඇගේ පෙම්වතියගේ යට ඇඳුමක් ගෙදර රැගෙන යයි. එම යට ඇඳුම සමග ලබන අර්චනකාමී වූ වින්දනය ස්ත්‍රී ශරීරය කතා කරවන්නක් වෙයි. පිරිමියාගේ ලාලසාව ස්ථානගත තැන එතන බැවින් මේ නවකතාව කියැවීමට වඩාත් ආකර්ෂණය වනු ඇත්තේ ගැහැනුන් නොව පිරිමිය. එවිට ස්ත්‍රිය පිරිමියාගේ ෆැන්ටසිය වන හැටි අපි කියවමින් සිටින්නෙමු. නැත. ස්ත්‍රිය පිරිමියාගේ රෝග ලක්ෂණය වන සැටි අප හදාරමින් සිටින්නේ යැයි කීම වඩාත් නිවැරදිය.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
’’මල් පෙති මැද ලැව්ගිනි’’ කසිකබල් නවකතාවක්