ඇත්ත. හරි හමන් නවකතාවක්, කෙටිකතාවක් නොලියවෙන, සංස්කෘතික කාන්තරයක දවසැරීමට අපට සිදු වී තිබේ. අප නිරායාසයෙන්ම අතීත මතක වෙත ඇදෙන්නේ එබැවිනි. චූලානන්ද සමරනායකගේ මළගිය ප්‍රාණ කාරයෙකුගේ අතීත සටහන් නමැති කෙටි කතා සංග්‍රහය මා එළියට ඇද ගන්නේ ඒ අනුවය. හැබැයි මෙම කෙටි කතා පොත කියවන අයකු එය අතිශය ප්‍රචාරකවාදී කතා ශෛලියක් එහි හඳුනා ගැනීමට බැරි නැතැයි මම එදත් කිව්වෙමි.එහෙත් එබඳු පටු කියවීමකට එහා ගිය වෙනත් කියවීමකදී මෙම කෙටි කතා තුළ ඊට වඩා වූ කිසිවක් ඇතැයි හඳුනා ගැනීමට බැරි නැතැයි මම කල්පනා කරමි.ඉතින් මෙහි ඇතැයි මා පරිකල්පනය කරන ඊට වඩා වූ දෙය කුමක්ද?
ස්ලාවෝ ජිජැක් වෙස් මුහුණු අරබයා කියා ඇති කිසිවකින් මෙය පටන් ගැනීම සුදුසුය. ජිජැක්ට අනුව යමකු තමාගේ වෙස් මුහුණට තදින් ඇලී සිටී නම් ඔහුට ඉන් ගැලවී ගත නොහැකිවා පමණක් නොව වෙස් මුහුණ සහ තමා අතර පරතරය පවත්වා ගැනීමටද අසමත් වේ.මෙය ලියන අවස්ථාව වන විට ජනපති ඡන්දය තවම හරියට අවසන් වී නැත. අනුමානයෙන් මිසෙක තවමත් ප්‍රතිඵලය කුමක් වෙදැයි සිතා ගත නොහැකිය.එහෙත් පසුගිය කාලය තුළ දේශපාලන විකට රූප වල වෙස් මුහුණු රංගනය හුදී ජනතාව දරා සිටියේ අමාරුවෙනි.
වෙස් මුහුණු පිළිබඳ න්‍යායික කියවීමකට ජිජැක් එළඹෙන්නේ නස්රුදීන්ගෙන් ණයට ගත් උපමා කතාවක් සමගය.එම කතාවට අනුව නිදහසේ දවස ගත කිරීමට කල්පනා කළ එක්තරා මිනිසෙක් ඒ අවට ගැවසුණු ළමයින් පිරිසක වෙනතක යැවීමට උපක්‍රමයක් යොදයි. නගරයේ වෙනත් තැනක සූකිරි නොමිලයේ බෙදන බව ඔහු ළමයින්ට පවසයි. ළමයි ඔහුගේ කීම අදහා සූකිරි සොයා ඒ දෙසට දිව යති. තමා කියුවේ මුසාවක් වුවත් එහි ඇත්තටම සූකිරි බෙදන්නේ නම් තමාටද සූකිරි අවශ්‍ය බව ඔහුට කල්පනා වෙයි. ඔහු කරන්නේ තමාටද සූකිරි අවැසි බව කියමින් ළමයින් පසු පස දිව යාමය.
මෙහිදී හාස්‍ය (humor) සහ කවටකම (joke) පිළිබඳ ෆ්‍රොයිඩියානු කියවීමක් මත පදනම් වන ජිජැක් හාස්‍ය්‍යයෙදී වෙස් මුහුණ සහ තමා අතර දුර පවත්වා ගෙන යන කෙනකු අප හොඳින්ම පවතින බව දන්න දෙයක් නොපවතින්නාසේ හැසිරෙන බව පවසයි. එහෙත් අර සූකිරි සොයා ළමයින් පසුපස දිවගිය මිනිසා එයට වෙනස් ය. ඔහු වූකලී වෙස් මුහුණට ඇලීමෙන් ඊට ඇති දුර අහිමි කර ගත්තෙකි.
මෙම කෙටිකතා සංග්‍රහයේ එන තිරිසනා කෙටි කතාවේ පැටි සූකිරි හඹා ගිය මිනිසා මෙන් බෝම්බ පිපිරීමකින් ඉතිරි වූ සුන්බුන් මැද කරන සෙවීම නැති දෙයක් සෙවීමකි. එහෙත් ඔහු ඒ දේ සොයන්නේ එය නොපවතින බව දැන දැනම නොව එහි පැවැත්ම පිළිබඳ විශ්වාසයකිනි. මේ නිසා පැටීගේ සෙවීම විකාරයක් වෙයි.එය ඉඳුරාම හාස්‍යයට වෙනස් ය.
මෙය වඩාත් පැහැදිලි වන්නේ හාස්‍යය (humour) සහ කවටකම(joke) පිළිබඳ ෆ්‍රොයිඩියානු විවරණය පිළිබඳ මඳක් විමසුමෙනි.ෆ්‍රොයිඩ් හාස්‍යය සහ කවටකම වෙන්කර දැක්වීමේදී කවටකම අවඥාවෙන් කෙරෙන සම්මාදමක් ලෙස දකී. හාස්‍යය වූ කලී සුපිරි අහම (super ego) හෑල්ලුවට පත් කරන සුළු තත්වයකි. ජිජැක් කියන ලෙස ඉංග්‍රීසි කාරයන්ට තමන් කුමන කරදරයක වැටී සිටියත් ඒ දෙස හෑල්ලු උදාසීන බැල්මක් හෙළීමට හැකිවී ඇත්තේ එබැවිනි. හාස්‍යය තුළ මතු වන්නේ එයයි.
චූලානන්ද සමරනායක තමාගේ කෙටි කතා අවිඥානික ලෙස පිහිටුවන සන්දර්භය එයයි. එවිට කෙටිකතාවේ කලාත්මක භාවය යනු කෙටිකතාකරුවාට සව්ඥානික නොවූ ඒ අපූර්ව සොයා ගැනීමය. එතැනදී පැටී යනු ජෝක් එකක් පමණක් වන බව අපට වැටහෙනු ඇත. දේශපාලුවා මරා දැමීමට බෝම්බය පුපුරුවන්නා සහ පැටී අතර වෙනසක් නැති බව කතාකරුවා හඟවයි. දෙදෙනාගේම මුවින් පුනරාවර්තනීය ලෙස පිටවන එකම වදන වන්නේ තිරිසනාය. දෙදෙනාම තම තමන්ගේ ක්‍රියාදාමයට එළැඹෙන්නේ යමක් පවතින්නේය යන දැඩි විශ්වාසයෙනි. බෝම්බකරුවා පවතින්නේ යයි විශ්වාස කරන්නේ ඔහුගේ උදාර අරමුණය. කතාකරුවා එමගින් ක්‍රියා කරවන්නේ (acting out) තමාට අමතක වූ දේය. පෙරවදනේ කියවෙන සංකේතීය විස්තර අනුව කතාකරුවා කලක් විශ්වාසය තබා සිටි අරමුණ අමතක වී ඇත.දැන් ඒ අරමුණු පැටී විසින් සොයා ගනු ලැබූ ඉමිටේෂන් මුද්‍රාව සේම වටිනකමක් නැති නොපවත්නා දෙයකි. එය එලෙස විශ්වාසයට ගැනීමට කතා රචකයා තුළ කැමැත්තක් නැත. එහෙයින් ඔහු පුනරාවර්තනීය වූ අනිවාර්යතාවක් ලෙස (repetitive compulsion) බෝම්බකරුවා මත අරමුණක් පටවයි. එවිට පැටී සහ බෝම්බකරුවා යන දෙදෙනාගේමසමගාමී ක්‍රියාවන් ජෝක් එකක් නැතහොත් කවටකමක් පමණක් වෙයි.
ෂන් පෝල් සාත්‍රෙ ලියූ බිත්තිය (The Wall) නමැති කෙටි කතාව ඔබ කියවා ඇත්නම් එහි එන කැරලිකරුවා මරණය පෙනි පෙනී හැසිරෙන ආකාරය ඔබට මතක ඇති. තමා ඇතුළු පිරිස මරා දැමීමට තුවාලකරුවන් පිටත සෙන්ඩුවාලුවේ පෙළ ගැසෙන හඬ ඇසෙන විට කැරලිකරුවා එම මොහොත තුළ පමණක් ජීවත් වෙයි. එතනදී සාත්‍රේ ගේ කතා නායකයා ජෝක් එකක් නොවේ. ජිජැක් හාස්‍යය යන්න පැහැදිලි කිරීමට හිච්කොක්ගේ The Trouble with Harry හි දර්ශනයක් විස්තර කරයි. එහිදී හැරීගේ මළ සිරුර කැලෑ අඩි පාරක් දිගේ ඇදගෙන යන මහලු මිනිසාට හමුවන තලතුනා ගැහැනිය ප්‍රශ්නය කුමක්දැයි ඔහුගෙන් අසයි. මළ මිනියට උඩින් ඔවුහු තම තමන් හමුවීමට දින යොදා ගනිති. සාත්‍රේගේ කැරලිකරුවාත් හිච්කොක්ගේ මහලු මිනිසාත් යන දෙදෙනම තම තමන් ගේ වෙස් මුහුණට ඇති දුර නිසි ලෙස පවත්වාගෙන යන්නවුන් ය.නමුත් තමන් අහිමි කතාවක් හි එන තරුණයා සාත්‍රේගේ කැරලි කරුවනට වඩා ඉඳුරා වෙනස් ය. වෙස් මුහුණට ඇලීගත් ඔහු තමාටම තමා ජෝක් එකක් වෙමින් වෙඩි කා මිය යයි.
මෙසේ තවම කෙටි කතාවල චරිත කවටකම් වල ගොදුරු බවට පත් වන්නේ ඇයි? සොල්දාදුවා ආපසු ගියේය කෙටි කතාවේ එන සොල්දාදුවා නිවාඩුවට ගෙදර යාමට කලින් ඔහුට හමුවන සියල්ල මේ සෙවීමට අදාළ හැඟවුම්කාරක වේ. ඔහුගේ ආශාව අහිමි වූ ප්‍රමෝදය කරා ඔහු දක්කයි. එහෙත් ඔහුට එය හමු වන්නේ නැත. අවසානයේදී සොල්දාදුවා ගමන පටන් ගත් තැනටම ආපසු එයි. ආත්මය සංකේතීය රේඩාර්කරණයට ඇතුළු වූ වහාම ප්‍රමෝදය අහිමි කර ගනී. ආශාව යනු මේ අහිමි වූ දේ සෙවීමට ආත්මයා පොලඹවන බලවේගයයි. හේතුවක් නැති මරණය කෙටිකතාව වූ කලී සුලෝචනාගේ මරණයට හේතු ලෙස අන් අය දක්වන අදහස්වල පෙළ ගැස්වීමකි. මේ අදහස් එකිනෙකාගේ ආශාවේ ප්‍රකශනයයි. අවසානයේදී කතා රචකයා කියන්නේ සුලෝචනාගේ මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවය.
අතිශය සරල ශෛලියකින් ලියවෙන මෙම කෙටිකතා සංග්‍රහයේ එන කෙටිකතා වල ජීවිතයේ සංකේතික සම්භවය පිළිබඳ විස්තර කිරීමක් කරයි. එහෙත් ඒ වූ කලී කතා රචකයාගේම අතීතය පුනරාවර්තනය වීමක සටහන් ලෙස අපට පෙනී යයි. ඔහු මෙම පෙර වදනෙහි ලියන දෑ ඔහුගේ කෙටිකතාවලින් වෙන් කර ගත නොහැකිය. අවසානයේදී ඒ වූ කලී ඔහුගේම මරණ සහජාශයේ පෙනී සිටීමකි.
මෙහි මළ ගිය ප්‍රාණකාරයකුගේ අතීත සටහන් යනුවෙන් කෙටිකතාවක් නැත.එහෙයින් මෙහි එන සියලු කෙටිකතා කතා රචකයාට විවිධ සංකේතීය හමුවීම් විසින් අමතක කරව්නු ලැබූ අතීතය, කතා කීම නම් වූ ක්‍රියාව මගින් පුනරාවර්තනය කරනු ලැබීමය. එනම් සංකේතීය වෙස් මුහුණ යථාර්ථය සේ ඉස්මතු කර දැක්වීමය. කෙටිකතාකරුවාට අපකීර්තිමත් ප්‍රචාරකවාදී හංවඩුව එල්ලීමට යමකු ඉක්මන් වන්නේ නම් එය එසේ වන්නේ මේ වෙස් මුහුණ කියවා ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි.
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මළගිය ප්‍රාණකාරයකුගේ අතීත සටහන්