වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා. එක අතකින් මේ ලිවීම ,ඇගේ වරාමල් පිළිබඳ ලිවීම නිසා තමාට මහත් හානියක් සිදුවුණා යැයි නිරන්තරව ඇය කියා සිටින දේවල් සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් .
හැබැයි මම අදටත් හිතන්නේ ඇය සම්න්ධයෙන් වඩාත්ම සාධාරණය ඉෂ්ට කළේ මම. අනෙක් හුඟක් අය කළේ ඇය මුරුංගා අත්තෙ තියෙන එක.සමහර අය මට එරෙහිව අවි අමෝරා ගත්තා. කොහොම වුණත් ඇගේ ඒ නවකතාව ඇතුළේ මම දුටුවා ඇගේ ප්‍රතිභාව. ඇයට තිබුණු ප්‍රශ්නය වුණේ ඔපමට්ටම් වූ ගැඹුරු චින්තනයක් නොවීම.හැබැයි දැන් මට හිතෙනවා ඇය යටකී ප්‍රශ්නයට උත්තරයක් හොයාගෙන තියෙනවා කියලා.
ශාන්ති දිසානායක පස්සේ කාලෙක ගිරිකුල නමින් නවකතාවක් ලියනවා. මේ නවකතාවේ පසුවදන ලියන්නේ සමුද්‍ර වෙත්තසිංහ එහිලා ඔහු 2002 .07.28 දින ඉරිදා ලංකාදීපයට ලියූ ලිපියක කොටසක් උපුටා දක්වනවා. ඒ අනුව ශාන්ති දිසානායක යනු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේනපුර ගොවි ජනපදයේ වෙසෙන අර්ථසම්පන්න කටයුත්තකට තම කාලය කැප කරමින් සිටින දිරිමත් ගැහැනියක්. ඇත්ත. ඊටත් වඩා දේවල් ඈ ගැන ලියැවී තිබෙනවා තමයි.ඇයට දරුවන් සිටින බවත් ඇය කඩයක බඩු කිරන බවත් සොයාගෙන නොමැත්තේ ද ?
ප්‍රංශයේ පළවන Elle නමැති සතිපතා පත්තරයේ වරක් අපූරු විශේෂාංගයක් පළවී තිබුණා. එමගින් නවකතා ලියන නවකතාකාරියන් හැත්තෑ දෙනකු පමණ හඳුන්වා දී තිබුණා. මේ හඳුන්වාදීම තුළ පෙනී ගියේ ඒ ස්ත්‍රීන් අමුතු සත්ව කොට්ඨාසයක් විදියටයි. එක් එක් නවකතාකාරියගේ ඡායාරූපය යටින් ඇය ලියූ නවකතා ගණන සේම ඇයට සිටින දරුවන් ගණන ද සඳහන් වුණා. නිදසුනක් විදිහට X නමැති නවකතාකාරිය නවකතා දෙකයි.දරුවන් දෙන්නයි.Y නමැති නවකතාකාරිය නවකතා දෙකයි. දරුවන් තුන්දෙනයි ආදී වශයෙන්. එහි සඳහන් වුණා. මේ විශේෂාංගය තුළ ඇති කල්පිතය (myth ) නැතහොත් ෆැන්ටසිකරණය නිර්දය ලෙස එළිදරව් කරන අපුරු රචනාවක් රෝලන්ඩ් බාත් නම් විචාරකයා Novels and Children යනුවෙන් ලියා ඇත. ප්‍රංශ බසින් ලියන බාත් ගේ රචනාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ ළගන්නාසුලු බව ඒ සැටියෙන්ම සිංහලට නගන්නට හැකි වුණා දැයි මා දන්නේ නැහැ . කියවා බලනු මැනවි.
ස්ත්‍රීනි, එයින් නිදහස් වීමට ධෛර්යවත් වනු පුරුෂයෙන් ලෙස පෙනී සිටීමේ සෙල්ලම කරනු.උන් වගේම ලියන ඒත් ඔවුන්ගෙන් ඈත්ව නොයන ඔවුන්ගේ බැල්මට ගොදුරුව දවසට පොත් ලිවීමේ වන්දිය දරුවන්ගෙන් ගෙවනු වෙනුවට මඳකට නිදහස් කර තැබීමේ ආශ්වාදය විඳිමු.එහෙත් තමන්ගේ තරම වටහාගෙන සිටින එක නවකතාවයි එක දරුවයි. ස්ත්‍රීවාදය ටිකක් විවාහය ටිකක් අපි කලා නිර්මාණයේ ආශ්වාදය නිවස නමැති ශක්තිමත් කුලුනට තබා ගැටගසමු. මේ සංයෝගයෙන් දෙකටම වන්නේ මහත් ලාභයකි. කල්පිත තිබෙන තැන්වල අන්‍යෝන්‍ය උදව්ව වැඩදායකය.
බාත් මේ එළිදරව්ව කරන්නේ ගැහැනුන් නවකතා ලිවීම පුරුෂ ලිංගික පාලනයක් යටතේ සිදු විය යුතු බව Elle පුවත්පත අඟවා සිටින ආකාරයයි. ඔහු පවසන පරිදි පුවත්පත ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම එකවර පණිවිඩ දෙකක් දෙයි. එය ගැහැනුන්ට මෙසේ කියයි. ඔබලා පුරුෂයන් සේම වටනේය. ඉක්බිති පුරුෂයන්ට කියනුයේ ඔබලාගේ ස්ත්‍රීන් ,ස්ත්‍රීන් මිස වෙනත් කිසිවකු නොවේය යන්නයි.
සමුද්‍රගේ ප්‍රකාශය සහ රෝලන්ඩ් බාත් කියන දේ අතර වෙනස මඳකට විමසා බලන්න රෝලන්ඩ් බාත් එල්ලේ සඟරාවේ නවකතාකාරියන් පිළිබඳ විශේෂාංගයට කළ විවරණය අනුව බලන විට මේ සොයා ගැනීම තුළ ඇත්තේ නවකතාකාරියක වුවත් ඇය ස්ත්‍රියක පමණක් යන්න අවධාරණය කරන පුරුෂවාදි කුඩු කේඩු කම් බව පෙනී යනු ඇත. ඉතින් සමුද්‍රගේ ප්‍රකාශය තුළින් එළියට පනින්නේ එයම නොවන්නේද?
ශාන්ති දිසානායක පිළිබඳ සමහරු සොයාගත් දෙයට වැඩිමනක් දෙයක් මම ඇගේ ගිරිකුල නමැති නවකතාවේ කියවා සොයා ගන්නවා . එනම් ඇගේ නවකතා තුළින් වහනය වන අනුරාධපුර වාසී වූ චින්තනයයි. මෙම නවකතාවට ඇය ලියන පෙරවදනේ සඳහන් වන පරිදි ඇය ලියන්නේ 1940 දශකයේ ඇරඹි ගොවි ජනපදයක මුල් පදිංචිකරුවන් පිළිබඳවය. ඇය මෙසේ ද ලියන්නීය.
" සිය උපන් ගම්බිම් අතහැර එන්නට සිදුවීමෙන් ඇතමුන් විඳි මානසික පීඩාවද අලුත් පොළොවක මුල් අදින තෙක් ඔවුන් මුහුණ දුන් විවිධ ගැහැටද ප්‍රතිනිර්මාණය කරන්නට මා දැරූ වෙහෙස කොතෙක් සාර්ථකදැයි විමසීම පාඨකයා සතුය "
එහෙත් මෙම නවකතාවේ නව ගොවි ජනපදයක බිහිවීම නාමමාත්‍රික වූ පුවතක් පමණයි. ඒ එසේ වීම ගැන නම් ඇයට ස්තූති කළ යුතුය. නැතිනම් ඈ තවත් අනුලා විජය රත්න මැණිකේ ලියූ විදියේ වපසරියක් ලියනු ඇත. එහෙම නැත්නම් ජයසේන ජයකොඩිගේ අස්වැන්න ලියනු ඇත. ඒ වෙනුවට ඇය අර ගොවි ජනපද පසුබිම් කොට දවසහරින මිනිසුන්ගේ ලිංගිකත්වය සහ රමණයම තේමා කොටගත් නවකතාවක් ලියන්නීය.( මා මෙසේ ලියන්නේ කුමන හෝ සදාචාරවාදී පටු ආකල්පයකින් නොවන බව සැලකුව මනාය ) සරත් ආරියරත්නගේ හැත්තෑවේ කොලනිය සහ මේ කාගේ මේ කමතා වැනි නවකතාවක තරම් ගොවි ජනපදකරණයට වඩා ඇය මානුෂික ක්‍රියාකාරකම් සහ හැඟීම්වලට ප්‍රමුඛතාව දී තිබෙනවා. ඒත් ඇගේ ලිංගික පැවතුම් අධ්‍යයනය ඇය ගොඩනගන්නේ අනුරපුර වාසි ස්ත්‍රී මනසක් තුළ ෆැන්ටසිකරණය වූ ලිංගිකත්වය පිළිබඳ පාරභෞතිකයන් රොත්තක්.
මේ සොයා ගැනීමට මට ආධාරකය වූයේ රෝලන්ඩ් බාත් හැරුණු විට පැරැණි එක්ස් කණ්ඩායම පළ කරන්න ලද ලන්ඩන් සඟරාවේ 2013 පෙබරවාරි මාර්තු කලාපයයි. එහි දෛවය ස්ත්‍රිය යනුවෙන් ලියැවී තිබුණු ලිපියෙන් මඳක් කියවනු මැනවි.
" තමන්ගේ අනන්‍යතාව පූර්ණය අනන්‍යතාවක් බවට පත්වීමට ඇති අභ්‍යන්තර නොහැකියාව බහිෂ්කරණය කිරීමේ ක්‍රියාවලිය තුළ ඇය පිරිමියා නිර්මාණය කරයි. මෙතනදී මේ පිරිමියා ඇත්තටම පවතින පිරිමියකු නොව ඇයගේම නිර්මාණයකි. මෙතනදී පුරුෂාධිපත්‍යය යනු පිරිමියාට සම්බන්ධ යථාර්ථ දෙකක් නොව ස්ත්‍රින් තමන්ගේ අනන්‍යතාව නිර්මාණය කර ගැනීමට උදව් කර ගන්නා ෆැන්ටසිය ආධාරකයයි.
"... තවත් අතකින් කියනවනම් ස්ත්‍රියක් වීමට අවශ්‍ය නම් මා මනසින් පිරිමියකු ෆැන්ටසිකරණය කළ යුතුය.
" පිරිමියකු සිතින් මවා ගැනීමකින් තොරව ස්ත්‍රීත්වයක් ලබාගත නොහැක "
- ලන්ඩන් සඟරාව
දැන් මේ ලන්ඩන් සූත්‍රයට අනුව යමින් ශාන්ති දිසානායකගේ මනසේ ගොඩනැගෙන පුරුෂයා ෆැන්ටසිකරණය වූ පාරභෞතිකයක් වන හැටි පරීක්ෂා කර බලමු. එහිදී ඇගේ පාරභෞතික පුරුෂයා පමණක් නොව පාරභෞතික ස්ත්‍රියත් පාර භෞතික රමණයත් අපට එළිදරව් කර ගත හැකි වනු ඇත. පුරුෂයාධිපත්‍ය යනු ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරන ප්‍රචණ්ඩ හැසිරීම ස්ත්‍රියට එරෙහිව යෙදවීම බව ලන්ඩන් සඟරාවේ අර දෛව ස්ත්‍රිය ලිපියේ සඳහන්වේ. ඒ අනුව ශාන්ති දිසානායක නිර්මාණය කරන පුරුෂයා අනුරාධපුර ගොවි ජනපදවාසි ස්ත්‍රී චින්තනයක මැවෙන හැඩිදැඩි පුරුෂයා බව අපට පෙනී යයි. ඇයි ස්ත්‍රී ශරීරය පිළිබඳවද ජනපදකරණය වූ පාරභෞතික ගොඩනැගීමක් කර ඇත .
ඇත්ත .දැන් ඉතින් ශාන්ති දිශානායකගන් උපුටා දක්වා මා ඉහත කියා සිටි දේවල් සනාථ කළ යුතු තමයි. ඇය රමණ සාහිත්‍ය කලාවක් ගොඩනගා ඇතැයි චෝදනා නැගීමට කිසිවකුට සිද්ධවෙන තරමේ දේවල් ඇගේ නවකතාවේ තිබෙනවා. එහෙත් ඒ එකක්වත් තමන්ගේ පත්තරේ පළ කරන්නට බැරි තරම්ය යන්න ලක්බිම කතුවරයාගේ නිගමනය වුණා.කොටින්ම එකල මා ලක්බිම පත්තරයට ලියූ විචාර ලිපියට පොතේ තැනින් තැන ගෙන කර තිබූ උපුටා දැක්වීම් පත්තරේ පළ කිරීමට නොහැකි යැයි ලක්බිම කතුවරයා මා සමග කියා සිටියා. එයින් ගිරිකුල නවකතාවේ අකුරකුද උපුටා නොදක්වා ගෙදර වැඩ පැවරීමට එකල මට සිදුවුණා.
ඉතින් කොළඹ පුරවාසී ස්ත්‍රියකගේ මනසේ මෙවැනි ස්ත්‍රිය පුරුෂයා සහ රමණය පිළිබඳ පාරභෞතික ගැන හැදෑරීමට නම් සුනේත්‍රා රාජකරුණා නායක ගේ ප්‍රේමපුරාණය කියවීම මැනවී( ඇත්ත . ප්‍රේම පුරාණය මාද කියවන්නේ එදා කියවූ ලෙස නොවේ. වෙනස් වන දැනුම මා එකම තැන පල් නොකර ඉදිරියට තල්ලු කරන බව සැබෑවකි )
වන්නියේ සිට කොළඹට පැමිණි පුරුෂයන් මේ මැවීම කරන සැටි සයිමන් නවගත්තේගම ගෙන් ඉගෙන ගත හැකිය. විශේෂයෙන්ම ඔහුගේ භාවනාව කෙටි කතා පොත කියවන්න එහි එන කිඹුල්වත නම් කෙටි කතාව මේ පිළිබඳව හැදෑරීමට වැදගත් නිර්මාණයකි. මෙවිට ස්ත්‍රීන් සහ පුරුෂයෙන් තම මනසින් නිර්මාණය කරගන්නා අනෙකා මගින් තමන්ගේම අනන්‍යතාව නිර්මාණය කරගන්නා සැටි ඔබට දැන ගත හැකිය. ඉතින් ගිරිකුල නවකතාව තුළ සැඟවී සිටින අනුරපුර වාසී පාරභෞතික ස්ත්‍රිය සොයා ගැනීම මා ඔබටම භාර කරනවා.
නන්දන වීරසිංහගේ කවි ප්‍රංශයේ පශ්චාත් ධාරණවාදී සිත්තරුන්ගේ සිතුවම් පිළිබඳ මතක මගේ මනසට කැඳවයි. එබඳු වැකියකින් මෙය ලිවීමට පටන් ගැනීමෙන් ඔබ තුළ ජනිත වි
අරුන්දතී රෝයිගේ The god of small things නවකතාවට booker price සාහිත්‍ය ත්‍යාගය ලැබෙන්නේ 1997 දී ය.මෙම නවකතාව මීට දශකයකට පෙර සිංහලට නැගී තිබිණි. නවකතාවේ නම පරිවර්තකයා සිංහලට පෙර
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ශාන්ති දිසානායකගේ පාරභෞතික ස්ත්‍රිය