නන්දන වීරසිංහගේ කවි ප්‍රංශයේ පශ්චාත් ධාරණවාදී සිත්තරුන්ගේ සිතුවම් පිළිබඳ මතක මගේ මනසට කැඳවයි. එබඳු වැකියකින් මෙය ලිවීමට පටන් ගැනීමෙන් ඔබ තුළ ජනිත විය හැකි වැරදි වැටහීම මට පැහැදිලිය. මගේ වෑයම නන්දනගේ කවි පෝල් සෙසාන් වෑන් ගෝ හෝ ගොගැන් වැනි පශ්චාත් ධාරණවාදී සිතරුන්ගේ සිත්තම් සමග සැසඳීමටයයි නොසිතනු මැනවි. මා ධාරණවාදීන් ගැන සඳහන් කළේ සිංහල කවිය මීට බොහෝ කලකට පෙර පටන් ගත යුතුව තිබූ තැනක නන්දන වීරසිංහ" මහත් සඳ පිනි බිඳක" කවි පොත ලියද්දි සිටි බව කීමටය. ප්‍රංශ පුරෝගාමී avent gard කවීන්ගේ ආකල්ප වැඩුණේ සම්ප්‍රදාය නොඉවසන කමක් සමගය. ඒත් ප්‍රංශයේ වුවත් කවියට පෙර අනෙක් කලාවන්හි පුරෝගාමීහු ඉක්මන් වූහ. විශේෂයෙන්ම සිතුවම් කලාව සහ සංගීතයේදී ධාරණවාදීහු ඇකඩමික හා සම්ප්‍රදායික ස්ථරයන් කඩා බිඳ දැමූහ. ධාරණවාදය ගැන මේ තරම් කතා කරන්නේ පුරෝගාමී කලාවේ ආරම්භය එතන බැවිනි. සම්ප්‍රදාය ප්‍රශ්න කළ ආරම්භක කලාකරුවෝ වූයේ ධාරණවාදීයෝ ය. ඉතින් මහත් සඳ පිනි බිඳක ලියද්දි නන්දන වීරසිංහ සිටියේද එදා ප්‍රංශයේ ධාරණවාදීන් සිටි තැන යයි මා කියන විට ඔහුගේ සම්ප්‍රදාය ප්‍රශ්න කිරීම එක් අතකින් පැහැදිලිවන බව ඇත්තය. කවි බස පිළිබඳව ගුණදාස අමරසේකර ඇති දැඩි කර ඇඟේලා නලවන ප්‍රලාප නන්දන වීරසිංහ මායිම් නොකළේය.කවියේ කෝට්ටේ යුගය තෙක් ආපසු ඇදගෙන යාමේ වෑයම ඔහු තම කවියෙන් පිළිකෙව් කර ඇත. ඒ තරමින් නන්දනගේ කවි සම්ප්‍රදාය විරෝධී සේම නූතනවාදී බව මම පිළිගනිමි. එසේම ඔහු ධාරණවාදී සිත්තර කුමෙන් පරිකල්පනය බැහැර කර තම ඇසට දකින දේ එලෙසින්ම ප්‍රකාශ කිරීමේලා යුහුසුලු වෙයි. කියවා බලන්න මේ කවිය
නෙත් රිදවන හිස් බව ඇති
පාළු සිතිජ රේඛාවේ
වලා පෙළක් නිති වෙහෙසයි
කඳුමඩුලු මවා රිසි සේ
මෙවැනි කවි ගණනාවකින් කවියා තම අනුභූතිය සෘජුවම ප්‍රකාශ කිරීමේ ප්‍රවණතාවක් පළකරයි. එය බොහෝ කොටම ජපාන සෙන් බුදු දහම වැනි චින්තනයකින් පෝෂණය වූ කවිකමක් ලෙස වර්ග තුන හතර කළ හැක වචනවලට අර්ථකථන සැපයීම බැහැරලීම තුළ නන්දන දෘශ්‍ය සංවේදනාවන් පමණක් පිටපත් කරයි. නන්දනගේ කවිය හයිකු කවියක් නොවේ. මා එසේ කියන්නේ නන්දන වීරසිංහ තම කවි පොතට ලියා ඇති පෙරවදන ඔස්සේ නොමඟ යන සහෘදයා ඔහුගේ කවියේ සංක්ෂිප්ත බව හයිකු කවියේ ලක්ෂණයකයි වරදවා ගත හැකි බැවිනි. හයිකුවක කවි පද පේලි තුන හතර සහෘදයා පරිකල්පන ලොවකට කැඳවන දොරටුවකි. මේ නිසා හයිකු කවිය සම්පූර්ණ වන්නේ කවිය ලියන විට කවියා අරා සිටි ආස්ථානය පිළිබඳ සහෘද පරිකල්පනය සමගිනි. එහෙත් තම දෘෂ්‍ය සංවේදනාව පිටපත් කරන නන්දනගේ කවිය එවැනි පරිකල්පනයකට ආරාධනා නොකරයි.( මීට බොහෝ කලකට පෙර මා ආරියවංශ රණවීරගේ මිණි පැමිණි නම් වූ හයිකු කවි පරිවර්තනයට ලියූ විචාරයකින් හයිකු කවියා තම සහෘදයා පරිකල්පනීය ලොවකට කැඳවන යුරු පැහැදිලි කර ඇත්තෙමි) සම්ප්‍රදායික කවියා වචනවල අරුත් කළේ වන බැතියෙන් අන්ධ වූවකි.එබැවින් ඔහුගේ ඊනියා කවි බස ගොඩනගන්නේ කල්පිත ගොන්නක් පමණි. එහෙත් නූතන කවියා භාෂාව පූර්ව සංඥාමය ආස්ථානයක්(pre-semiological state of language ) කරා ආපසු රැගෙන යයි. ඉන්පසු ඔහු ලබා ගන්නේ වචනවල අරුත් නොව යම් දේවල් වලම අරුත්ය. මෙහි සැබෑ තේරුම නම් නූතන කවිය යම් දෙයක් එලෙසින්ම(the thing in itself ) ග්‍රහණය කර ගැන්මේ යුහුසුලු වන බවය. මෙය කවිය ප්‍රතිභාෂාමය තත්වයක් කරා රැගෙන යන ගමනක ඇරඹුමයි.ඒ අනුව බලන විට නන්දන වීරසිංහ මහත් සඳ පිනි බිඳක ලියන විට සිටියේ ප්‍රාථමික අවස්ථාවකය.වචනවල තේරුම ආකෘතියක් පමණකැයි විශ්වාසයට ගන්නා එකම පිරිස නූතන කවීන් පමණක් වන බව රෝලන්ඩ් බාත් වරෙක පවසා ඇත. සැබෑ යථාර්ථවාදීන්වන ඔවුහු සුළුවෙන් සෑහීමට පත් නොවෙති මේ නිසා නූතන කවිය භාෂාවේ මරණය ලෙසද හැඳින්වීමට ද විචාරකයෝ යුහුසුලුවෙති. එහෙත් අජිත් තිලකසේන "මල් වැනි ගල්"නමින් සංයුක්ත කවි පොතක් ලියා අවුරුදු විසිපහකට පමණ පසුව පළ වූ නන්දනගේ මහත් සඳ පිනි බිඳක කල්පිතයට ගොදුරු නොවී සිටිය හැකි ශක්‍යතා පළ නොකළේය. මෙහි වරද ඇත්තේ ඔහු වචන මත විශ්වාසය තැබීම පිළිබඳ සවිඥානික වන අතරම තම කවිය පිළිගත් සංකල්පනා හෙවත් කල්පිත ලෙස ඉදිරිපත් වන්නට ඉඩ හැරීමයි.මේ කවිය කියවා බලන්න.
තරු කැටක් නැති ගගනත
මේ හුරුපුරුදු සඳවත
රුදාගෙන දෙයි දෑසට
උදාවනු මැන යළි හෙට
වලා දුහුලකවත් එතී ගෙන
කවියා මෙහි වදන් හසුරුවන ආකාරය තුළ භාෂාවේ අවකාශගත වූ කිසිවක් නැතහොත් ස්පර්ශ කළ හැකි නිශ්චලත්වයක් රොලන් බාත් ගේ වචනවලින් කියනවා නම් tangible analogue of silence , බවට පත් නොකරයි. ඉන් දේවල් ඒ ලෙසින්ම ග්‍රහණය කර ගැනීමට ඉඩ නොසලසයි. බැලූ බැල්මට හැඟවුම්කාරක ගොන්නකි යයි පෙනීයනමුත් කවියාගේ වදන් ඉදිරිපත් වන්නේ සංකල්ප පොකුරක් ලෙසිනි. "තරු කැට ගගනත සඳවත වලා දුහුලක" ආදී යෙදුම් ඔස්සේ නන්දන යම් දේවල්වල අරුත් කෙරේ බර තබන සැටි විමසනු මැනවි. නන්දනගේ කවියක් සිත්තමක් කොට සිතුවහොත් ඔහුගේ වදන් පෝල් සෙසන්ගේ චිත්‍රයක දක්නට ලැබෙන වර්ණ පදාස වැන්න. සෙසන්ගේ චිත්‍ර අමුර්ත abstract කලාවක් වෙත තබන තරමින් නන්දන ගේ කවියද දීර්ඝ ගමනක එක් පියවරක් විය. විශේෂයෙන්ම භාෂාමය ව්‍යුහයක් තුළ සෞන්දර්ය රසය ජනනය කිරීමේ ආස්ථානය පිළිබඳ නන්දන සැක කරයි. නන්දන කවියකු ලෙස කොළඹ කවියේ( මහගම සේකර ද කොළඹ කවියේ දිගුවක් සේ මම දකිමි) මුල් සිඳ ගන්නේ එලෙසිනි.මහත් සඳ පිනි බිඳක කෘතියේ එන මුතුන් මිත්තන් ඉතිරි කර ගිය මහා පෙට්ටගම ඇර බලමි මම ආදී වූ කව කියවා බලන්න. වචන මත බර තැබූ ගැඹුරු සිතිවිල්ලක් කවියා සම්ප්‍රේෂණය කරයි. එක්තරා ආකාරයකින් ගතානුගතික චින්තනය විසංයෝජනය කිරීම කවි සිතිවිල්ලක් කිරීමකි නන්දට තම පෙරවදනේ සඳහන් කරන පරිදිම ඔහු තම සංවේදනාව ඊනියා විෂය ගත විවරණ නිගමන ප්‍රතිකතන මගෙන් කිළිටි කර නොගනී. ඒ තරමින් නන්දන ප්‍රගතිශීලී කවියකු, (මෙහි ප්‍රගතිශීලී වන යන වදන මා වහරන්නේ ජනතාවාදී අරුතකින් නොවේය) වන නමුත් කවියා සෞන්දර්ය දිශානතීන් ගවේෂණය කළ යුත්තේ භාෂාත්මක හා සංස්කෘතික ව්‍යුහයන් විසංයෝජනය කිරීමෙන් බව තවදුරටත් වටහා ගත යුතුව ඇත. සමහර විචාරකයෝ නූතන කවිය භාෂාවේ මරණය ලෙස හඳුන්වන බව මම ලිපියේ එක් තැනක සඳහන් කළෙමි. ඇත්ත. නූතන කවිය තරම් භාෂාව කෙරෙහි අවිශ්වාසය පළ කරන වෙනත් කිසිවක් නැති තරම්ය. සමහරවිට සංයුක්ත කවිය (concrete poetry ) බිහි වනුයේ තාක්ෂණය සමඟ කවිය දෘෂ්‍ය රූපයක් ලෙස වර්ධනය වීමටත් වඩා අර භාෂා කාන්සිය හේතුවෙනි.නන්දන වීරසිංහ සංයුක්ත කවි ලිවිය යුතු යැයි මම යෝජනා නොකරමි. ධාරණවාදීන් මෙන් අවෛෂයික අමුර්ත කවි කලාවක් කරා වැටුණ පාරකට පිවිස එක් අඩියක් පමණක් පෙරට තබා සිටි කවියකු ලෙස නන්දන මම හඳුනාගෙන සිටියෙමි.කොළඹ සමනල කවියෙන් මිදී කවියකු ලෙස නන්දන මේ කවි පොත ලියමින්හ් අරඹන ලද ගමන සිංහල කවියට ආශිර්වාදයක් විය. නන්දන අද පරිපාකයට පත්කර සිටින්නේ ඔහු තැබූ ඒ පළමු පියවරයි.
නන්දන වීරසිංහගේ කවි ප්‍රංශයේ පශ්චාත් ධාරණවාදී සිත්තරුන්ගේ සිතුවම් පිළිබඳ මතක මගේ මනසට කැඳවයි. එබඳු වැකියකින් මෙය ලිවීමට පටන් ගැනීමෙන් ඔබ තුළ ජනිත වි
අරුන්දතී රෝයිගේ The god of small things නවකතාවට booker price සාහිත්‍ය ත්‍යාගය ලැබෙන්නේ 1997 දී ය.මෙම නවකතාව මීට දශකයකට පෙර සිංහලට නැගී තිබිණි. නවකතාවේ නම පරිවර්තකයා සිංහලට පෙර
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
සමනල කවි මග අත්හළ මහත් සඳ පිනි බිඳෙක