අරුන්දතී රෝයිගේ The god of small things නවකතාවට booker price සාහිත්‍ය ත්‍යාගය ලැබෙන්නේ 1997 දී ය.මෙම නවකතාව මීට දශකයකට පෙර සිංහලට නැගී තිබිණි. නවකතාවේ නම පරිවර්තකයා සිංහලට පෙරළන්නේ සුළු දෙය ඇසුරු කළ දෙවියා යනුවෙනි.
මෙම නවකතාව පිළිබඳව මම 1998 දී ලිව්වෙමි. එහිදී මම රෝයිගේ නවකතාවේ නම පරිවර්තනය කළේ සිල්ලර දෙවියෝ නමින්. කෙසේ වෙතත් The god of small things යන පාඨයෙහි සුළු දෙය ඇසුරු කළ දෙවියා යන තේරුමක් කෙලෙස අඩංගු වන්නේදැයි මම තවමත් කල්පනා කරමි. මෙම පරිවර්තනය කියවන තුරාවට මට කල්පනාවූ කාරණය නම් පරිවර්තනය යනු එක්තරා කියවීමක් බව මේ පරිවර්තකයා නොදැන සිටි බවයි. මෙහිදී අප නැගිය යුතු ප්‍රශ්නය නම් කියවීම reading යනු කුමක්ද යන්නයි. මම වියමන කියවූයෙමි. I read the text යන ප්‍රකාශය රොලන්ඩ් බාත්ට අනුව හැමවිටම සත්‍යයක් වන්නේ නැත. බාත් මෙහිලා කතා කරනුයේ කර්තෘමය වියමන නැතහොත් ලේඛකමය වියමන රයිටර්ලි ටෙස්ට් යනුවෙන් හඳුන්වන වියමනක් මත කරන කියවීමක් පිළිබඳවය.
එහිදී පාඨකයා වියමන මත නැවත ලිවීමක් කරයි. ඒත් පාඨකමය වියමනක් readerly text යන්න පාඨකයාට අමුතුවෙන් නිර්මාණය කිරීමට හෝ පරිකල්පනය කිරීමට හෝ ඉඩක් නොමැති ලිවීමකි. බාත් මෙසේ කියයි. we call any readerly text classic text ඕනෑම පාඨක වියමනකට අප කියන්නේ සම්භාව්‍ය වියමනක් කියාය. පැරණි සම්භාව්‍ය සාහිත්‍ය කෘති තුළ නූතනවාදී ලකුණු සොයමින් අතීතයට පල්ලම් බසින ඊනියා මහාචාර්යවරුන් සහ ඉන්ද්‍රජාලික සාහිත්‍යකරුවන් මේ කපේදී නොවටහගන්නා දේ නම් හඳුන්වා දෙන පාඨකමය වියමන් මත නිර්මාණාත්මක කියවීමක් කළ නොහැකි බවය. කෙසේ වෙතත් මේ ලිපිය මා ලියන්නේ රොලන්ඩ් බාත් ලේඛකමය වියමන සහ ඔයාට ක්‍රමය වියමන අතර දක්වා ඇති වෙනස්කම් පැහැදිලි කිරීමට නොවන බැවින් කියවීම පිළිබඳව වැඩිමනත් හදාරනු කැමැත්තේ නම් බාත්ගේ S/Z නම් වියමන කියවීම මැනවයි යෝජනා කරමි. නවකතාව ගැන කියන්නේ නම් ඇය මුළු කේරළයම පවුරුගාමින් කුල පීඩනයට සිනාසෙයි. බොරු සිල් රකින වංචනික කතෝලික මැහැල්ලනට ඉහ නිකට නොබලා බැටදෙයි. කේරළය යටත් කරගෙන තිබුණ comingstarදී කලබගෑනිය ඇගේ අපූර්ව භාෂාරිත්ය තුළ අන්දමන්ද වෙයි.කේරළය වූ කලී ඉන්දියාවේ වෙන කොහේවත් නොමැති ලෙස කොමියුනිස්ට් පක්ෂය බලවත්ව නැගී සිටි ප්‍රාන්තයක මෙයට එක් හේතුවක් ලෙස රෝයි දකින්නේ මෙම රාජ්‍ය තුළ සිටින ජනකායගෙන් වැඩි පිරිසක් ක්‍රිස්තියානි වීමය.මෙහි ජනගහනයෙන් සියයට විස්සක් සිරියානු ක්‍රිස්තියානි ශාන්ත තෝමස් අපොස්සුළුවරයා විසින් ක්‍රිස්තියානි කරන ලද බ්‍රාහ්මණ වංශිකයන් සිය දෙනාගෙන් තමන් පැවතෙන බව ඔවුහු විශ්වාස කරති. මාක්ස්වාදය ක්‍රිස්තියානියට අපූරු ආදේශකයකැයි සිනාසෙන රෝයි කාල් මාක්ස් දෙවියන් වහන්සේ සිටින තැන සිටුවයි.
සාතන් යනු ධනපති පන්තියයි.ස්වර්ගය යනු පන්ති රහිත සමාජයයි.පල්ලිය වූ කලී පක්ෂය මේ අන්තය කරා යන ගමන සහ එය යන ආකාරය එකක්මය එනම් යම් අපූරු දිනුමක් දෙස බලා කෙරෙන බාධක දිවීම මෙහිදී හින්දු මානසිකත්වය මෙයට හැඩ ගැසීම සංකීර්ණ ක්‍රියාදාමයක් වන බැව් රෝයි කියයි.එහෙත් මේ මතයේ තිබෙන ප්‍රධාන ගැටලුව නම් කේරළයේ සිටින සිරියානු ක්‍රිස්තියානි වැඩි පිරිසක් වතුකාර කම්මල් හිමි ධනපතියන් වීමය මුල්ට කොමියුනිස්ට්වාදයට වඩා මරණය සැපය එබැවින් ඔවුන් බොහෝවිට ඡන්දය දෙන්නේ කොංග්‍රස් පක්ෂයටයි. අරුන්දති රෝයිගේ නවකතාව පසුබිම් වන්නේ මෙබඳු දේශපාලන පරිසරයකය.කොමිස්ට්වාදය මතු නොව එය අන්තවාදී අත්තක් වූ නක්සලයිට් ව්‍යාපාරය පවා රජකළ කේරළය පසුබිම්ව තිබියදීත් මෙම නවකතාව කුලපීඩනයේ අඬෝවැඩියාවක් වීම ඉතිහාසයට කළ සරදමකි. මෙම කතාව කීම ඇරඹී මදකින් කේරළයේ ආයෙම නම් ගමේ සිට කොච්චින් බලා යන පිළිමත් මෝටර් රියක් තුළ සිටින පිරිසක් පිළිබඳ විස්තරයක් වේ. ඔවුනට අතරමගදී මාක්ස්වාදී කම්කරු පෙළපාළියක් හමුවෙයි. කාරය තුළ රාහෙල් සහ එස්තපන් නම් වූ නිවුන් සොහොයුරු සොහොයුරියෝ දෙදෙනා වාඩි වී සිටිති. අම්ම යනුවෙන් හැඳින්වෙන උන්ගේ මව පසෙක වාඩි වී සිටියාය. මෝටර් රිය පදවන චාගෝ ඔවුන්ගේ මාමාය.
රෝඩ්ස් ශිෂ්‍යත්වධාරි කම්මල් හිමියකු වන ඔහු අපූරු රැඩිකල් මතධාරියෙකි.මෝටර් රියේ සිටි අනෙක් තැනැත්තිය හිටපු පූජකවරියකු වූ baby cocome කුලගර්වයෙන් ආතුරව වෙලූතානම් කුලහීන වඩුවා සමග පැවති අම්මුගේ අනියම් ප්‍රේමයට හතුරුකම් කරනරාහේ සහ එස්තප්පාගේ ආත්තම්මාය. ඔවුන් මේ යන්නේ එංගලන්තයේ සිට පැමිණෙන චාකෝගේ කලින් බිරිය සහ සොෆී මෝල් නම් වූ ඔහුගේ කුඩා දියණිය පිළිගැනීමටය. සොෆීමෝල් ඔවුන් අතරට පැමිණීමෙන් සියල්ල කණපිට පෙරළේ. ඔවුන්ගේ ජීවිත අඳුරු අගාධයක ගිලී ගිය කේදවාචකයකින් කෙළවර වන කතාව ඇරඹෙන්නේ කම්කරු පෙළපාළියක් සම්මුඛ වීමෙන් පසුව වීම සැබවින්ම උත්ප්‍රාසජනකය. තමාගේ යටත් සේවකයෙකු වූ වෙලූූතා මේ පෙළපාළියේ කෑමොරදෙමින් යනු දකින baby කොචෝම්ම පිළිකුලින් දැවෙයි. අරුන්දති රෝයි කේරළයේ වසන්නවුන් වර්ග කරන්නේ කුල සහ පන්ති වශයෙන් නොව ස්පර්ශ කළ හැකි උන් ටච් හා ස්පර්ශ කළ නොහැකි උන් අන්තර්ජාල්ස් වශයෙනි .කේරළයේ කොමියුනිස්ට්වාදීහු පවා මේ වර්ග කිරීමෙන් නොගැලවෙති. touchables යන අපූරු යෙදුම උත්ප්‍රාසනීය ස්වරයකින් ඇය යොදන්නේ කුලීනයන්ට ලේබලයක් වශයෙනි. අවසානයේදී මේ කොමියුනිස්ට් බලය දරන ප්‍රාන්තයේ ආයෙම නම් නම් ගම්මානයේ ටචබල් පොලිසිය දැඩි කොමියුනිස්ට් මතධාරියකු අන්තර්බල් වෙලූතාට පහරදී මරා දමයි අරුන්ද තීරෝයිගේ මේ නවකතාව අද්‍යතන නවකතාවේ ආකෘතික ඇදහිලි සියල්ල අභියෝගයට ලක් කර ඇත.ඇගේ නිර්මාණය කිසිදු ආකෘතික ගුරුකුල තහංචියකින් නොබැඳෙයි.
පැකිලීමකින් තොරව සම්ප්‍රදාය කඩන ඇය පෝෂණය වන්නේ ද සම්ප්‍රදායයෙන් වීම සුවිශේෂය. මම අදහවි මම අදහමි දැන් අරුන්දිති රෝයිගේ නවකතාව යොමු කළේ පාඨකයාගේ කියවීම මත නැවත ලිවීමක් ඉල්ලා සිටින වියමනකි. එවැනි ලේඛකමය වියමනක් පාඨකයා නිර්මාණශීලී කියවීමක් වෙත මෙහෙයවයි. කෘතියෙහි ශබ්දකෝෂ අරුත් මත යැපෙන පරිවර්තකයකුගෙන් එබඳු නිර්මාණශීලී කියවීමක් අපේක්ෂා කළ නොහැකිය. කොටින්ම අරුන්දති රෝයිගේ වියමන පරිවර්තනය කරන්නා රෝයි තරම්ම නිර්මාණශීලී විය යුතු යයි මම අදහමි. මගේ පෞද්ගලික අදහස නම් the god of small things යනු පරිවර්තනය කළ නොහැකි කෘතියක් බවය. හරි හමන් පරිවර්තකයකු නම් එහි ඇති දුෂ්කරතාව නිසාම පරිවර්තනය කළ නොහැකි යැයි ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත. එහෙත් දෙවියන් පා තැබීමට අකමැති තැන්වල යක්ෂයන් පිනුම් ගසතැයි කියති. අප පරිවර්තකයා ශබ්දකෝෂාරෝ සපයනු බැරි තැන් අතහැර ලියමින් කරන කියවීම සිනාගන්වන සුලුය. විටෙක තමා අමාරුවේ වැටී සිටින බව වටහාගන්නා පරිවර්තකයා සමහර තැන් ඉංග්‍රීසියෙන්ම තිබෙන්නට ඉඩ හරි. ඔහුට නොවැටහී ඇති දේ නම් අරුන්දති මේ නවක එබඳු කියවීමක් තුළ ඉංග්‍රීසි බස චරිතයක් බවට පත්කර ඇති බවයි.ඇත්තටම නම් අපට සිංහල කිරීමට සිදුවී ඇත්තේ භාෂාවක් නොව නවකතාවේ එන විවිධ චරිත අතර වන තවත් එක් චරිතයකි. ඉංග්‍රීසිය මෙහි අනෙකුත් චරිත සමග හැසිරෙන සංකීර්ණ චරිතයකි. මෙහිදී අරුන්දතීගේ පරිවර්තකයා පරිවර්තනය යනුවෙන් කරනුයේ හැඟවුම්කාරක ගංගාවක් හැඟවුම් ව්‍යුහයක් බවට පෙරළීමය. අරුන්දතිගේ මුල් වියමන පිළිබඳ කතා කරනවා නම් ඒ පිළිබඳ ගැඹුරු මනෝවිශ්ලේෂණය කියවීමකට යා හැකිය. එහෙත් එය නිසි ලෙස පරිවර්තනය වී නැති අවස්ථාවක එබඳු කියවීමකින් සිංහල පාඨකයාට අත්වන සෙතක් නැත. එහෙයින් මම අරුන්දති රෝයි ගැන නොව සුළු දෙය ඇසුරු කළ දෙවියා යනුවෙන් එල්බී හේරත් මහතා ලියූ පොත ගැනම කතා කරමි ඉන් ඇබිත්තක් කියවන්න .
" හරියටම රෑ දහයට වෙලාව නොවරදවා එන වෙරිකාරයාගේ වෙරි මතින් තොර ඇස් ආ උඹද? කළුබැල්ලි! මගේ... උරා බීපන්" සුළු දෙය ඇසුරු කළ දෙවියා පොතෙහි එකසිය අසූ දෙවන පිටුවේ එලෙස සඳහන්ය.දැන් ඉතින් අර පරිවර්තකයා තිත් පේළියකින් දක්වා අතහැර දමා තිබෙන්නේ කුමක්දැයි අපට දෙවියන්ගෙන් අසා දැනගත යුතුව ඇත. පරිවර්තක මහතා අරුන්දතීගේ මුල් වියමනෙහි එලෙස අතහැර දමා ඇති තැන් ගණනාවකින් දෙතුන් තැනක් පහත දක්වමි. "Twins for tea It would bea The God of Small Things 141 පිටFast Faster test Never let it test Until the Tast is Taster And the Tast's Test 99 පිටTheir Prer NUN sea ayshun was perfect ඇත්ත. මේවා සිංහලට නගන්නට නම් අරුන්දතීම සිංහල වී පැමිණිය යුතු යයි ඔබ කිවහොත් මටත් කියන්නට දෙයක් නැත. එසේ නම් අරුන්දතී රෝයිගේ the god of small things හරිහැටි සිංහල වී නැති බව හෝ සිංහල කළ නොහැකි බව ඔබට වුවද පිළිගැනීමට සිදුවේ. එවිට බුද්ධිමය දේපළ පනතට එකතු කළ සංශෝධන අනුව මුල් කතුවරයාගේ අවසරය පරිවර්තනය සඳහා අනිවාර්ය කර තිබීම විකාරයක් වන සැටි බලන්න දැන් සිදුවී ඇත්තේ කුමක්ද මෙම නීතිමය තත්වය නිසා මුල් කතුවරයාට තමාගේ කෘතිය නිවැරදිව පරිවර්තනය වී තිබේදැයි පරික්ෂා කළ හැකි බවට ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ අධ්‍යක්ෂ බොහෝ කලකට පෙර කියා තිබි එයින් අරුන්දතී රෝයිගේ පරිවර්තකයා විසින් එකී ප්‍රකාශය විකාරයක් බවට පත්කර ඇත. මක්නිසාද යත් the god of small things නවකතාව පරිවර්තනය කර ඇත්තේ මුල් කතුවරයාගේ අවසරය ඇතිව බවට ඇඟවෙන සටහනක් සුළු දෙය ඇසුරු කළ දෙවියාගේ මුලටම යොදා තිබෙන බැවිනි.
නන්දන වීරසිංහගේ කවි ප්‍රංශයේ පශ්චාත් ධාරණවාදී සිත්තරුන්ගේ සිතුවම් පිළිබඳ මතක මගේ මනසට කැඳවයි. එබඳු වැකියකින් මෙය ලිවීමට පටන් ගැනීමෙන් ඔබ තුළ ජනිත වි
අරුන්දතී රෝයිගේ The god of small things නවකතාවට booker price සාහිත්‍ය ත්‍යාගය ලැබෙන්නේ 1997 දී ය.මෙම නවකතාව මීට දශකයකට පෙර සිංහලට නැගී තිබිණි. නවකතාවේ නම පරිවර්තකයා සිංහලට පෙර
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
’සුළු දෙය ඇසුරු කළ දෙවියා’ විකාරරූපී පරිවර්තනයක්