එක්ස් කණ්ඩායම කඩා වැටී දෙසැම්බර් 26 වැනිදාට අවුරුදු විස්සක් සපිරේ.X කණ්ඩායම වූ කලී මේ රටේ සංස්කෘතික චින්තනය උඩු යටිකුරු කළ සංවිධානයකි.මේ රටට දරා ගත නොහැකි තරම් වූ බුද්ධිමය සංවාදයක් බවට මෝදු වෙමින් තිබියදී එය බිඳ වැටීම එක්තරා ආකාරයක සංස්කෘතික ඛේදවාචකයක් විය. එම මොහොතේ මා දීප්තිගේ පාර්ශ්වය ගත් නිසා අනෙක් පාර්ශ්වයෙන් මට ද බැට කෑමට සිදුවිය.එරික් ඉලයප්ආරච්ව් ලේඛකයා සිටියේ ද මා සිටි ආස්ථානයේය. සමහරු මට පහර දුන්නේ ආරූඪ නම්වලිනි.ජනක මහබෙල්ලන "දෙසැම්බර් කාලකණ්ණියා සමඟ මගේ රුබයියාට්" නමින් කවි පොතක් ලියන්නේ මෙන්න මේ කාලයේදීමය.එම පොත පිළිබඳ විචාරය X කණ්ඩායම බිඳ වැටීමේ සංසිද්ධිය ප්‍රස්තුතව ලියවුණා පමණක් නොව මට පහර ගැසූ X විමතිකයන්ට පහර දීමටද මම පසුබට නොවූයෙමි.මම මෙසේ ලිව්වෙමි. රට තුළ අපරාධ සිදුවීමේ පිළිවෙල බිහිසුණුය. අපරාධකරුවා නිවෙසට ඇතුළු වන්නේ වෙස් මුහුණක් පැලඳගෙන බැවින් කිසිවකුට කිසිවකු හඳුනාගත නොහැකිය. බාගවිට සැකකරු තමන්ගේ අසල්වැසියා වුවත් වෙස් මුහුණක් තුළ ඔහුට රැකවරණය සැපයේ. උතුරේ වුව ද මේ දේම සිදුවන බව මම කිව්වෙමි. හමුදා සෙබළුන් ක්ලේමෝ බෝම්බ පුපුරා මියගිය ද ඒවා ඇටවූ කෙනකු සිටියේ නැත. එයින් පරෙස්සම් වන්න යැයි කීමට මට සිදුවිය. වෙස් මුහුණුකරුවන් තමා අසලම ගැවසෙනවා විය හැකි යැයි මම ලිව්වෙමි. මහා බෙල්ලනගේ කවි පොතක් පිළිබඳ ලිවීමට ඉහත කී කරුණු අදාළ වන්නේ කෙසේදැයි කිසිවකු මගෙන් ප්‍රශ්න කළ හැකිව තිබිණි . එහෙත් එම ලිවීම මහ බෙල්ලනගේ කවිවලට අදාළ වන බව මම කිව්වෙමි බෙල්ලනගේ කවි ඊට අදාළ වන ආකාරය තවත් පසක් වනු පිණිස වෙස් මුහුණු සංස්කෘතිය පත්තර පවා ආක්‍රමණය කර තිබූ සැටි පැහැදිලි කරගත යුතුව තිබිණි. කොටින්ම මේ වෙස් මුහුණුකරුවෝ පුවත්පත්වල පිළිගත් ආචාර ධර්ම පවා මායිම් නොකළහ. නිදසුනක් ලෙස කුලියට ගත් වෙස් මුහුණකින් සිළුමිණට ලිපියක් ලියන කෙනා ඊළඟ දවසේ ලංකාදීපයට ජෙහාන් වික්‍රමසිංහ නම් වෙස් මුහුණ දමාගෙන ලිවේය. වෙස් මුහුණු කුලියට දෙන්නන් පත්තර කන්තෝරුවල සිටින බවද මම යෝජනා කළෙමි.මේ සදාචාරය කුමක්දැයි පත්තරවල ලොකු ලොක්කන්ගෙන්ම විමසිය යුතුව තිබුණු බව මගේ කල්පනාව විය. මහබෙල්ලනගේ වෙස් මුහුණුවලට අදාළ වන ආකාරය විස්තර කරන්නට නම් ඒ කවි අපේ කවි බවට පත්කර ගත යුතුමනා බව මම කීවේමි.එහෙත් බෙල්ලන ඒවා ලියා ඉවර කර තිබිණ. ඒ ලිවීම තුළ ඇති සමාජය පිළිබඳ ඔහුගේ කියැවීම මම නැවත කියෙව්වෙමි. එවිට මහබෙල්ලන ඉක්මවා ගිය අපූරු අර්ථයක් හමුවිය. හැබැයි ඒ අර්ථයාගේ හිමිකරු තවදුරටත් කවියාම නොවන හෙයින් මගේ කියැවීම් ගැන මහබෙල්ලනට වගකීමක් නොපැවරෙන බව මම සහතික කළෙමි. ජනක මහබෙල්ලන කවියා මෙබඳු කවියක් ලියා තිබිණ .
තර්කයෙන් නිර්මාල්ට
පැරදුන මම
කට දන ලුණුමිරිසක් සමග
රොටියක් කෑවා
මෙහි කියැවෙන නිර්මාල් යනු X කණ්ඩායමේ සාමාජිකයකු බව කවියා පාද සටහනකින් විස්තර කර තිබිණ. එ් තුළ නිර්මාල් ඔහුට දාර්ශනිකයෙකි. නිර්මාල් සහ කවියා අතර ඇවිළුණු වාදය කුමක්දැයි සඳහන්ව නැති බැවින් ඒ හිස්තැන පාඨකයාගේ පරිකල්පනීය අත්දැකීමකට යටත් වෙයි.බාගවිට කවියා සහ නිර්මාල් අතර විවාදයට ප්‍රස්තුත වන්නට ඇත්තේ X කණ්ඩායම දෙකඩ වීම විය හැකිය. එසේත් නැත්නම් දීප්ති නමැති ප්‍රපංචය වෙන්නටත් බැරි නැත. ඒ කුමක් වුවද කවියාට කට දන ලුණුමිරිසක් සමග රොටියක් කෑමට කරුණු යෙදී ඇත.එයින් රූපකාර්ථයක් නඟයි.ඒ කියන්නේ නිර්මාල්ට පැරදුනා යයි කවියා කියන මුත් එය රූපකයකින් කියවෙන දේ කියන කියවෙන දේ තරම් භාෂාත්මක ව්‍යාජයක් වන බවය. ඇත්ත නම් කවියා නිර්මාල්ට පැරදී නැත. තමා නොපැරදුන බව බෙල්ලන නිර්මාල් අරබයා 107 වැනි පිටුවේ තවත් කවියක ලියා ඇත.එහිදී ඔහු කියන්නේ තමා නිර්මාල්ට වැටෙන්නටම පහර දුන් බවය ඒත් නිර්මාල් නිවටයකු මෙන් සිනාසෙයි. ඇත්ත. අනූනව වැනි පිටුවේ එන කවියට ලියන ලද පාද සටහනෙන් නිර්මාල් දාර්ශනිකයකු ලෙස සලකන බව මහ බෙල්ලන ලියා ඇත. නවවැනි පිටුවේ එන කවියට අනුව බෙල්ලනගේ පාද සටහන අපට මෙසේ නැවත ලිවිය හැකිය.නිර්මාල් යනු නිර්මාල් රංජිත් දේවසිරිය.ඔහු X කණ්ඩායමේ සාමාජිකයෙකි. කවියා ඔහු උරගයකු සේ සලකයි. ඔබට තිගැස්සෙන්නට දෙයක් මා කීවේ නැත. මහා බෙල්ලන අමුතු කවියෙකි. ඔහු X කණ්ඩායම ගැනද ලියා ඇත. උරගයන් ගැනද ඔහු සඳහන් කරන්නේ එතැනදීය. X කණ්ඩායම ගැන මහ බෙල්ලන ලියාත්තේ කොහේදැයි ඔබ අසන බැවින් 21 වැනි පිටුව පෙරළා බලන්නැයි මම ඔබට කියමි.බෙල්ලන කවියා තම කවිවලට මාතෘකා පාඨ නොයොදන බැවින් මාතෘකාවක් යොදා එම කවිය මම පහත උපුටා දක්වමි. මගේ මාතෘකාව X කණ්ඩායම යන්නයි.
පෙර මහත් උත්කර්ෂයෙන්
සෝමපානය කළ මැඳුර
දැන් සිංහයෝ
සහ උරගයෝ ලඟිති
පෙර මහ රජු හිස තබා නින්දටවන් තැන
දැන් වල් බූරුවෝ අඩි තබා ඇවිද ගියෝ සහ උරගා ආදී තිරිසනුන්ද සෝමපානේ ද ආදී වූ රූපක අතරට වෙස් මුහුණ නමැති ගුණවාචී රූපකයද යෙදුණා නම් බෙල්ලනගේ කවි තවත් ප්‍රබල වීමට තිබිණ.ඒ ගුණවාචී රූපකයක් වන්නේ වර්තමාන X කණ්ඩායම වෙස් මුහුණු කරුවන්ගේ පාරාදීසයක් වී ඇති නිසා එයට වෙස් මුහුණු යැයි කිව හැකි බැවිණැයි ඔබට අමුතුවෙන් තේරුම් කර දිය යුතු නැති බව ද මගේ කල්පනාව විය. මහබෙල්ලන කවියා තම කවි වලට දිගින් දිගටම X කණ්ඩායම ප්‍රස්තුත කරගෙන තිබීම පාඨකයාට අපූර්ව අත්දැකීමක් සපයයි. X කණ්ඩායම යනු කලක් මේ රටේ සම්ප්‍රදායික බුද්ධිමය ස්ථරයන්ට තර්ජනයක් වෙමින් නව චින්තන සම්ප්‍රදායක් හඳුන්වා දෙමින් සිටි පිරිසකි. එරික් ඉලයප්ආරච්චි විචාරකයා එය නව චින්තනයක් ගවේෂණය කරන වියත් කවයක් සේ දැකීම අරුමයක් නොවීය. එහෙත් දෙකඩව ගිය පිරිසේ දැනට X කණ්ඩායම යන නාමධාරීව වෙසෙන කොටස තවදුරටත් පැරණි වියනාකවය නොවන බව බෙල්ලන උත්ප්‍රාසනය වූ කවි බසකට නගා තිබෙන ආයුරු කියවා බලන්න.
පෙළින් පෙළට මැටි බඳුන් රැසක්
තබා තිබුණ ඒ මහලු කුඹලාගේ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක මම
තනියම හිටියා
අහන්නත් පුදුමයි
ඒ මැටි බඳුන් අතර
තිබුණු සමහර බඳුන්
පැහැදිලි හඬින් කතා කළා
සමහරක් නිහඬව සිටියා
එක්වරම මුරණ්ඩු බඳුනක්
මෙහෙම ඇහුවා
කවුද කුඹලා කවුද බඳුන
මහ බෙල්ලන අපට කියන පරිදිම කුඹලා සහ බඳුන අතර වෙනස හඳුනාගත නොහැකි තරම්ය. එහෙත් එලෙස වෙනසක් නැතිකම බඳුනේම නිර්මාණයක් බව මේ කවිවල පේළි අතර පරතරය තුළ කියැවෙයි. එසේ වුවත් තමන් කුඹලා තරම් නොවන බැවින් බඳුන හීනමානයෙන් පෙලේ. මේ නිසා කුඹලා නැති අතර ඔවුහු තම තමාගේ දුර්වලකම් සහ අසෝබනකම් ගැන ස්වයං විවේචනය කර ගනිති. මේ එබඳු ළතැවිල්ලක් බෙල්ලන කවි බසට නඟා තිබූ අයුරු.
අශෝබන ලෙස තැනුණ
බඳුනක් කතා කළා
ඔවුන් මගේ ඇදේට
අපහාස කරනවා
අනේ ඇයි මාව හදනකොට
කුඹලාගේ අත වෙව්ලුවේ
ඒ වූ කලී X කණ්ඩායම දෙකඩ කළ ඊඩිපස් කැරැල්ල ආසන්නයේ සිදුවීම් කවියාගේ පරිකල්පනයට හසුවූ ආකාරය යැයි මම කිව්වෙමි. මහ බෙල්ලනගේ කවි අතිශය දේශපාලනික කවි වන්නේ ඉහත අර්ථ දැක්වූ ලෙස ඒවා Xකණ්ඩායම සමග ගැට ගැසෙන නිසාම නොවේ. මා දුටු හැටියට ජනක මහබෙල්ලන අපට සිටින එකම පශ්චාත් නූතන කවියා ලෙස මම සැලකුවෙමි. මා එසේ කියන්නේ කුඹලා සහ මැටි බඳුන අතර වෙනස අහෝසි වී ගොස් කුඹලාත් මැටි බඳුනත් එකක් ලෙස දැකීම බෙල්ලන අදේශපාලනික සංසිද්ධියක් දේශපාලනීකරණය කරන බැවිනි. බඳුනේ ළතැවිල්ල පුද්ගලික දුක් ගැනවිල්ලක් සේ තිබෙන තාක් එය අදේශපාලනික විය. ඒත් බඳුන තමා කුඹලා යයි සිතන්නට පටන් ගත් තැනින් දේශපාලනය ඇරඹේ. එවිට එහිදී සිදුවන්නේ බඳුන පසු ධනවාදයේ සංස්කෘතික තර්කනයට ගොදුරු වීමය. ඒ අනුව බෙල්ලනගේ දේශපාලනමය කවි එක්තරා ආකාරයකින් දෘෂ්ටාන්තමය ආකෘතියක් ගත්තේය. එහෙයින් මේ කවි ඛලිල් ජිබ්රාන් පිළිබඳ ඊඩිපස් කියැවීමක් වෙතත් අප කවියා ජිබ්රාන්ගේ සීමාව ඉක්මවයි මහබෙල්ලන කවියාගේ දෘෂ්ටාන්තමය කවි සිතිවිලි විවිධ දාර්ශනික අඬදබර කරාද විහිදී ගියේය. එකෙක් යම් ප්‍රවාදයක් පිළිබඳ තම කියැවීම පළ කරතැයි සිතන්න කියැවීම නොකියැවීමකැයි ගැන හම ගසයි.එවිට අනෙකාගේ නොකියැවීමේ කියැවීම් නොකියවීමකැයි මුල්කියවීමේ කතුවරයා හඬ නගයි. පොළොවේ සිටින කවියා අහසේ කෙරෙන මේ ගොන් පොරයේ නිරර්ථක බව ඉවසා සිටින නොහැකිව මෙසේ ලියයි.
ඉහළ ආකාසේ හත්දින්නන්
තරු අසල එකෙක්ද පොළොවේ
යටි පැත්තෙන් තව කෙනෙක් ද
වශයෙන් ගොනුන් දෙන්නෙක්
තම විහිදුණු අංවලින් ධෛර්යය දමා
පොළොවේ හිස් අවකාශය තුළ දරා සිටින්නේ තම තමන්ගේ ශක්තිය මතයයි
වෙන් වෙන් වශයෙන් සිතාගෙන එය තල්ලු කරගෙන සිටිත්
ඔබ හොඳින් සිතා බලන්න මුන් දෙන්නම ගොන්නු
බෙල්ලනගේ කවි කියවන විට තමාට හඬ නගා සිනාසෙන්නට සිතුණු බව කපිල කුමාර කාලිංග ලියූ සටහනක් මෙහි පසුපිටේ ප්‍රදර්ශනය විය. එහි කවර පුදුමයක් ද ඉහත දැක්වූ කවිය ම ගෙන බලන්න. එය කියවූ කළ මටද හඬ නගා සිනාසෙන්නට සිතිණි. ඒත් මා මටම සිනාසෙන්නේ කුමටදැයි කල්පනාවේ සිනාව වළකා ගතිමි. මහබෙල්ලනගේ කවි පිළිබඳ මට මීට වඩා වූ කියැවීමකට නොයමි. මේ වූ කලි මගේ ලිවීම් අරබයා ඒ දිනවල පත්තරවල ගිය වෙස්මුහුණු කාරයන්ගේ ලිවීම් බෙල්ලනගේ කවි අතර කියවීමට කළ වෑයමකි. ඔහුගේ කියැවීම් තුළ රුබයියාට් ඔහුගේ රුබයියාට් බවට පත් වී ඒ ලියවුණු අතීතයෙන් උදුරා වර්තමානය තුළ පැළ කළේය.මහබෙල්ලන තමාගේ කවි තුළ ඕමාර් ඛයියාම් සහ ඛලීල් ජිබ්රාන් නැවත කියවන්නේ යම් සේද මම ඔහුගේ කවි පද අතර පසු ධනවාදයේ සංස්කෘතික තර්කනය කියැවීමට තැත් කළෙමි.රුබයියාට් ඛයියාම් ලියූ පද්‍යායාර්ථය නොවන බව පැහැදිලිය. බෙල්ලනගේ කවි එහි පද ඉක්මවූ අරුත් කියවීමට අපව පොලඹවනසුලුය.එ් කවි පිළිබඳව මා එසේ ලියා තිබුණේ වුවද අද බෙල්ලන අජිත් තිලකසේන අනුකරණය කරමින් අජිත්ගේ පිලි සමරූපකරණය අනුකරණය කිරීම මා දකින්නේ විකාරයක් වශයෙනි. ඉකුත්දා අජිත් තිලකසේන පිළිබඳව රුහුණු සරසවියේ පැවති සම්මන්ත්‍රණයකදී මේ අදහස මගේ මුවින් එළියට පැනීම නිසා බෙල්ලන මා සමග විරසක විය.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
X කණ්ඩායමෙි පිපිරීම මහබෙල්ලන දුටු හැටි