ඇත්ත. ලංකාදීප මතුමහල විද්‍යුත් සාහිත්‍ය අතිරේකයේ සංස්කාරක තුමා මේ තීරුව ග්‍රන්ථ විචාරයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා තමයි. එහෙත් සම්ප්‍රදායික අර්ථයෙන්, කෙනකු මෙය විචාරයකැයි නොගන්නට ඉඩ ඇත. අප මෙහි ලා කියැවීමට ලක් කරන ග්‍රන්ථය සේම එය ලියැවුණු සමාජ / සංස්කෘතික පසුබිම සහ කතුවරයා ගැන කියැවීමක් ද මෙහි දුට හැකිය. හැබැයි එය වුව ද එක්තරා විදියකින් දේශපාලනික කියැවීමක් මිස කතුවරයාගේ ජීවන තොරතුරු තොරම්බ්ල් කරන සරලමතික ලිවීමක් නොවන්නේය. එසේම අදාළ වියමන මත යැපෙන අප්‍රමාණ වූ න්‍යායික කාරණාවලට මෙම කියැවීම තුළ ගැලවීමක් නැත.
එවිට, මෙම විචාරය (එය විචාරයකැයි කියනවා නම්) නැතිනම් කියැවීම සිදුවන සන්දර්භය එය බව කියවන්නා වටහා ගනී. අජිත් තිලකසේනගේ කෙටිකතා පොතක් කියවන සන්දර්භීය එළැඹුම එය බැවින් අප තෝරා ගත් කෙටිකතා පොත (සුන්නද්දූලි) සුවිශේෂවත් අජිත් තිලකසේන නම් ලේඛකයා පොදුවේත් ගනිමින් මෙම කතා බහ තුළට පිවිසෙමි. ඒ අනුව මා මෙහිලා පළමුව කියවන්නේ අජිත් තිලකසේනවය. තවත් එකක්. මෙම ලිවීම්වල අනන්තවත් පුනරාවර්තනය වීම්(repetition) ඇති. ඉන් අපට ගැලවීමක් නැත. අපි හැමෝම පුනරාවතනය වෙමින් සිටින්නෙමු.
අජිත් තිලකසේන යනු මේ රටේ විචාරකයන් තෝන්තු කළ නිර්මාණකරුවකු බව සැබෑය. අනෙක් අතට අජිත් මේ රටේ විචාරකයන්ට / ලේඛකයන්ට අහුවුණේ නැහැ කියන්නෙම ඔහු අර ඊනියා විචාර සංස්කෘතියෙන් බැහැර වෙන බවය. එවිට අජිත් තිලකසේන යනු ඔවුන් තිගස්සවනසුලු ක්ෂතිමය යථාවකි(traumatic real). මේ නිසා විචාර ලෝකය තුළ අජිත් ෆැන්ටසි කරණය වීම වැළැක්විය නොහැකිය.
සරලව කිවහොත්, ෆැන්ටසියකදී සිදුවන දේ පුදුමයි තමයි. අපි යම් කිසිවකු සමග දබරයකට පැටලුණේ යයි උප කලපනය කරමු. ඒ දබරයෙන් පසුව වුත් දබරය අපගේ ඔළුව පහුරු ගානවා ඇති. මේ ඔළුව ඇතුළේ දබරය අනෙකා පිළිබඳ අපගේ පින්තූරය වෙනස් කරයි. අනෙකා හමුවූ විට දබරය තුළ කියා ගත් දේ පමණක් නොව ඒවා පිළිබඳ අපේම නිර්වචනත් එළියට පනී. ෆැන්ටසිය යනු එම අර්ථ නිරූපණ මිස අන් දෙයක් නොවන්නේය. ඒ අනුව ෆැන්ටසිය යනු අප යම් දේවල් අර්ථ නිරූපණය කරන මාදිලියකි.
දැන් මේ ෆැන්ටසි තර්කනය අජිත් සහ විචාරකයන් අතරට ගෙන ආ විට අප දකින්නේ කුමක්ද? අජිත් තේරුම් කැළ නොහැකි ලේඛකයකු ලෙස පසෙකට දැමීමය. එසේත් නැත්නම් අසම්මත ලේබලය ඔහුගේ කරේ එල්ලීමය. අපගේ ඊනියා විචාරකයන්ගේ අජිත් පිළිබඳ ෆැන්ටසිමය අර්ථ නිරූපණය එයයි. එය පසෙක තිබුණාවේ. අප අජිත්වම විෂය කර ගනිමින් කතා කළහොත් කිව යුතු දේ නම් ඔහුගේ කෙටිකතාවල හිදැස් පිරවෙන්නේ ෆැන්ටසිවලින් බවය. මේ හිදැස් මොනවාදැයි ඔබ ට අසන්නට පිළිවන.මෙහිදී යථාර්ථය සහ පරිකල්පනය අතර අප අන්තවත් අතරමං වන බව කිව යුතුව ඇත. අපි අපේ හිස් ගෙඩි ඇතුළේම මිනිසුන්ට කතා බහ කරනවා පමණක් නොව ඔවුන් සමග යම් දේවල් කරන්නෙමු.හිස් ගෙඩි ඇතුළේ පමණක් අපි කෙතෙක් නම් අපේ ස්වප්නමය අනෙකාට පහර දී ඇත්ද? අපගේ මනස සහ අත්දැකීම් වට කරගෙන වියෙන ෆැන්ටසි, පුද්ගල සබඳතාවලට පමණක් නොව ලෝකය පිළිබඳ අනෙක් දේ වලටද අදාළය. ආත්මය (subject) සහ වස්තුව (අනෙකා) අතර පරතරය පියවෙන්නේ ෆැන්ටසිය මගිනි.
අජිත් තිලකසේනගේ කෙටිකතා තේරුම් ගැනීමට අමාරු යයි කිසිවකු කියන්නේ නම් එය කියවන්නියගේ අර්බුදයක් මිස අජිත්ගේ කෙටිකතාවල අර්බුදයක් නොවන්නේය. එහෙත් අජිත් සහ ඔහු කියන්න යන දේ අතර ගැටලුවක් තිබෙන බව ඉන් ප්‍රකාශමාන වේ. අජිත් කියන්න යන දේ (වස්තුව) සහ අජිත් අතර පරතරය මතුවන්නේ ලිවිල්ල පටන් ගන්නා විටමය. මේ පරතරය නිර්මාණය කරන්නේ භාෂාව විසින් ය.තමන්ට කීමට ඇති දේ කියා ගැනීමට භාෂාව ප්‍රමාණවත් බව ඔහුට වැටහෙයි.භාෂාව යනු පාර භෞතික ප්‍රපංචයක් බව අජිත් දන්නේය. අපට පෙනීමට තිබෙන යථාර්ථය නැත්නම් සවිඥානක ලෝකය ඒ අයුරින්ම පිළිගැනීමට ඔහු සූදානම් නැත.දැන් ඉතින් අජිත් සහ භාෂාව අතර පරතරයක් මතුවී ඇත.මේ පරතරය ඔහු පියවා ගන්නේ භාෂාමය වූ ෆැන්ටසියක් නිර්මාණය කර ගැනීමෙනි.
ඔහුගේ මුල් කාලීන කෙටිකතාවල මේ භාෂා ෆැන්ටසිය ගොඩ නැගුණේ කට වහරේ ව්‍යාකරණය හරහාය. "රාත්‍රියේ පූර්ව භාගය" වැනි කෙටිකතා පොතක ඔහු අඳින්නේ භාෂාමය වූ සිතුවමකි. එම භාෂා ෆැන්ටසිය මුද්‍රණ තාක්ෂණය සමග අත්වැල් බැඳගත් නූතනවාදී පෙර දැක්මක් විය. ඒ සියල්ලටමත් වඩා ඔහුගේ පාත්‍ර වර්ගයාගේ හඬ ලෙස මතුවුණේ සවිඥානක ලෙස උන්ගේම දෙබස් නොවේය.
මේ වන විට අජිත්ගේ භාෂා ෆැන්ටසියේ හැඩ තල වෙනස් වී ඇත.පිලි සමරූපකරණය තුළ මතුවන මේ හැඩතල කියවන්නියගේ ඇස් සමග වෙනම සංවාදයක් ගොඩ නගයි.ආත්මය සහ වස්තුව අතර පරතරය පියවාගන්නා ෆැන්ටසිය ගොඩ නැගෙන්නේ මේ සංවාදය මගිනි.
පිලි සමරූපකරණය කර ලිවීම අජිත්ට පමණක් ආවේණික දෙයකි. ( වෙනත් කෙනෙකු අජිත් අනුකරණය කරමින් පිලි සමරූපකරණය කිරීමට යාම විකාරයක් වී නවතින්නේ එබැවිනි.) මේ නිසා අජිත්ගේ කෙටිකතා පොත අපේ ඇහැට හුරු වෙන්න නැත්නම් අප ඒ අකුරුවලට හුරු වෙන්න ටික වේලාවක් ගත වෙයි.අජිත්ගේ අත්දැකීම් කෙටි කතාවක් ලෙස විකාශනය වීම එම කාලය තුළ නතර වන්නේ නැත. ඔහු පය ගසාගෙන සිටින්නේ සමකාලීන සමාජ කතිකාව මත බව අපට වැටහෙන්නට වෙයි.
ඇත්තටම නම් සමකාලීන සමාජය තුළ දවසැරීම ක්ෂතිමය අත් දැකීමකි. කැරලි කෝලාහල ,බෝම්බ කඩු කිණිසි වාණිජ ආර්ථිකය සහ ආගම වැනි දේ නිර්මාණයකට ගෙන එන්නේ කෙසේද යන්න අජිත් තිලකසේනගේ මෑත කාලීන කෙටි කතා පොතක් වූ "අරුණල්ල වැටෙනකොට විතර" නමැති කෙටිකතා පොතින් පවා පළ වෙයි.
අජිත් තිලකසේන කියන්නේ තමන්ගේ නිර්මාණ ගැන තමන්ම විචාර ලියා ගන්නා පුහු ලේඛකයෙක් නොවේ. සම්මාන ගැන තබා තම්න්ගේ පොතට ප්‍රචාරයක් ලබා දීම ගැනවත් ඔහු තැවෙන බවක් පෙනෙන්නට නැත. පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාගත නොහැකි ලංකාවේ සිටින එකම ලේඛකයා ඔහුය. මේ ක්‍රියාකාරකම් හරහා ඔහු තමා අද්භූත පුද්ගලයකු බවට පත් කර ගනී. අජිත් කියවන්නට ඔහු ගැන ඔහුම ගොඩ නගන “මම” නම් වූ ෆැන්ටසිය වැදගත් ය. අද බොහෝ ලේඛකයන් මෙය කෘත්‍රිම ලෙස ඉටු කරගන්නේ මුහුණු පොතේ උපකාරයෙනි. එහි ඇති වෙනස නම් අජිත්ගේ අපූර්ව හැසිරීම නිසා එවැනි පෞරුෂයක් ඉබේම ගොඩ නැගෙද්දී මුහුණු පොත හරහා තමාට අයිති නැති පෞරුෂයක් නිර්මාණය කර ගැනීමය.
මෙහිදී අපට රොලන්ඩ් බාත් මග හැර යා නොහැකිය. බාත්ගේ s/z නමැති වියමනෙහි බල්සාක්ගේ කෙටිකතාවක් කියවීම සඳහා භාවිත කරන පස් වැදෑරුම් කේත (five codes) වලින් එකක් වූ සංස්කෘතික කේතය (cultural code) මගින් එක්තරා කියැවීම් රටාවක් හඳුන්වා දෙයි. එහිදී පාඨකයා කරන්නේ වියමනට පරිබාහිර වූ දැනුම් ශරීරයක් අසුරෙන් එය කියැවීමය. අජිත්ගේ කෙටි කතාවක් කියැවීමකදී සංස්කෘතික කේතය තුළ ක්‍රියාශීලී වන්නේ ඔහු පිළිබඳ ගොඩනැගී තිබෙන ෆැන්ටසීමය ඇදහීම් ය.
අජිත් ගේ කෙටි කතාවක් කියවන විට ඔහු මීට දශක හතරකට වඩා වූ කාලයකට පෙර ඒ.ඩී. රංජිත් කුමාර සමග කළ සම්මුඛ සාකච්ඡාව(ඔබ එය කියවා තිබෙනවා නම්) අපගේ හිස් ගෙඩි තුළට රිංගා ගැනීම වැළැක්විය නොහැකිය. නිර්මාණයකදී වැදගත් වන්නේ ආකෘතිය මිසෙක අන්තර්ගතය නොවන බව ඔහු එහිදී පළ කළ අදහසකි.එහෙත් මා ඉහත සඳහන් කළ "අරුණැල්ල වැටෙන කොට විතර" නමැති කෙටිකතා සංග්‍රහය තුළ ඔහුට වඩා වැදගත් වී තිබෙන්නේ කියන ශෛලියට වඩා කියන්නට යන දෙය බව මට කල්පනා වෙයි. “ මට තියෙන්නේ කීමේ ශෛලියක් මිසක් කියන්න දෙයක් නොවේ”. (මා මතකය මත යැපෙන බැවින් ඒ වචන හරියටම අජිත්ගේ වචනම නොවන්නට ඇති. හැබැයි ඔහු පළ කර තිබුණේ එබඳු අදහසක්.) යනුවෙන් තව දුරටත් අජිත්ට කියන්න බැහැ.
මේ ලිපියට ප්‍රස්තූත වන "සුන්නද්දූලි" කෙටිකතා පොත ගැන කතා කිරීම මදකට පසෙක ලා මම ඔහු ලියූ වෙනත් කෙටිකතාවක් පිළිබඳ කතා කරමි. එසේ කරන්නේ අජිත් පිළිබඳ කියැවීමකට එය වැදගත් වන බැවිනි.අජිත්ගේ කෙටිකතාවේ නම “අලුත්පාර නොහොත් සිසිලියාට දරුවෙක්” ය. එම කෙටිකතාවේ අලුත් පාර යන යෙදුම අප පය ගසා සිටින යථාර්ථය රූපිකව ඉදිරිපත් කරයි. මේ යථාර්ථයේ සංයුතිය වන්නේ කුහකකම් සහ බොරු සිල් ය. අප අජිත් ගැන ගොඩ නගන ෆැන්ටසිය නම් ඔහු අවංක, අව්‍යාජ මිනිසකු ලෙස ජීවත් වීමට වෙර දරන්නකු වීමය. මේ අවංක මිනිසාට වර්තමාන යථාර්ථය මුණගැසුණ විට ඒ දෙක අතර පරතරයක් මතුවේ.එය කෙනකුට දරා ගත නොහැකි පරතරයකි. ඔහු අලුත් පාර කෙටිකතාවේ ගොඩ නගන සක් දෙවිඳු පිළිබඳ ෆැන්ටසිය මේ හිදැස පුරවන නිර්මාණාත්මක උපක්‍රමයකි. බාත් ගේ සංස්කෘතික කේතයට අනුව අවුරුදු දහස් ගණනක් තිස්සේ හදා වඩා පෝෂණය කළ සක් දෙවිඳු පිළිබඳ ෆැන්ටසි කන්දරාව මෙය කියැවීමේදී අපට බලපායි.
අජිත් එක අතෙකින් තම කෙටිකතාව ඇතුළත සැරිසරමින් සක් දෙවිඳු ෆැන්ටසිය හරහා කුහක කම් බොරු සිල් මගින් සංකේතනය වූ යථාර්ථයට හසු නොවන කිසිවක් අර්ථ නිරූපණය කරයි. අපි කෙටිකතාවට පිටින් සිටිමින් එම යථාර්ථය අත්දකිමින් සිටින්නෙමු. එහෙත් ඒ යථාර්ථයේ බිහිසුණු බව සමනය කර ගැනීමේ සිහිනයක් ද අපි දකින්නෙමු. අජිත්ගේ ෆැන්ටසිමය නිර්මාණය තුළ ප්‍රතිරාවය වන්නේ ඒ සිහිනයයි.එවිට අජිත්ගේ අලුත් පාර නොහොත් සිසිලියාට දරුවෙක් නමැති කෙටිකතාව තුළ ගොඩ නැගෙන ෆැන්ටසිය යනු අප අත් දකින යථාර්ථයම බව අපට පැහැදිලි වෙයි. අජිත්ගේ කෙටි කතාවක් කියැවීම ( නැතහොත් නැවත ලිවීම) තුළ අපට ලද හැකි තර්කාන්විත ආශ්වාදය එයයි. සාහිත්‍යකරුවකු බිහිවන්නේ ආත්මය සහ වස්තුව අතර හිදැසට ෆැන්ටසිමය වූ සම්ප්‍රාප්තියකින් බව අජිත්ගේ "සුන්නද්දූලි" කෙටි කතා පොත කියවා වටහා ගැනීමට මීළඟට අපි උත්සාහ කරමු.
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අජිත් තිලකසේනගේ ’’සුන්නද්දූලි’’ කියැවීමට පෙර