IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


අජිත්ගෙන් ඊනියා විචාරකයන්ට කනේ පහරක්

ග්‍රන්ථ විචාරය -10

 

සුන්නද්දූලි කියවීමට පෙර - 2 


අද දවසේ පළ වන පත්තරයක් අරගෙන බලන්න. කොයි තරම් නම් සාකච්ඡා සංවාද ඒවාහී පළ වනවාද? ( මා කතා කරන්නේ ඊනියා දේශපාලන සංවාද ගැන නොවේ .අපේ රටේ සාහිත්‍ය උපාසක මහතුන් සමග කෙරෙන විකාර කතා බහ ගැනය.) ඉදින් මේ සාකච්ඡාකරුවන් ලුහුබඳින්නේ එකම විදියේ පිරිසක් පසු පස බව ඔබ නිරීක්ෂණය නොවිණි ද? බාග විට මේ සම්මුඛ සාකච්ඡා මහාචර්ය මට්ටමේ විගඩම් බවට පත්වී ඇත.

අජිත්ගේ සුන්නද්දූලි කියවීමේ දෙවැනි ලිපිය සඳහා වූ  ප්‍රවේශය යටකී අයුරින් පටන් ගැනීම පිළිබඳ සමාවන්න. එහෙත් මෙලෙස ලිවීමට මා පෙළඹවීමේ හේතුව නම් යටකී සම්මුඛ සාකච්ඡා කරුවනට අජිත් අමතකව තිබීම පිළිබඳ සංවේගයයි. අජිත් පත්තරවලට සම්මුඛ සාකච්ඡා දෙන්නේ නැහැ නොවේදැයි දැන් ඔබ ප්‍රශන කරනවා නියතය. එහි ඇත්තක් නැත්තේ ද නැත. එහෙත් අජිත් තිලකසේන 1974 සහ 1982 යන වර්ෂවල ඒ.ඩී රංජිත් කුමාර සමග සාකච්ඡා දෙකක්(නව දෙබස) පවත්වා ඇති බව මෙහිලා සිහිපත් කිරීම වටනේය.

එම සාකච්ඡා දෙක හැර සාහිත්‍ය පිළිබඳ ඔහුගේ පුද්ගල මතය පළවන අන් තැනක් නොමැත. ඔහු කිසිවිටෙක තමාගේම නිර්මාණ වලට තමාම සංඥාපන ලියමින් එව්වට අරුත් වියකැන් සපයන්නකු නොවේ. මේ නිසා අජිත්ගේ සාහිත්‍ය මතවාදය තවමත් අර සම්මුඛ සාකච්ඡා දෙකට සීමා වී ඇත. 
අජිත් තිලකසේන මීට හතළිස් වසරකට පෙර (1974) ඒ. ඩී. රංජිත් කුමාර ගේ ප්‍රශ්නයකට දී තිබූ පිළිතුර සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් අදටත් වලංගුය. රංජිත් කුමාර අසන්නේ මෙයයි. 
      
“ඔබේ කෙටිකතා තේරුම් ගන්න බැහැයි කියල සමහරු කියනවා"

අජිත් තිලකසේන : මගේ කෙටිකතා තේරුම් කර දෙන අදහසින් නම් මට එක වචනයක් කතා කරන්න පුළුවන් කමක් නැහැ.තමන්ගේ නිර්මාණ ගැන තමන්ම කතා කරන එක අද මෝස්තරයක් වෙලා තියෙන බව මම දන්නවා. සමහරු තමන්ගෙ කෙටිකතා, නවකතා, කවි වලට තන්ම අර්ථ විවරණ ව්‍යාඛ්‍යාන සපයනවා සමහරු තමන්ගේ නවකතා පහදා දෙන්න පොත් හිටන් ලියල තියෙනවා. ඒක වැරදියි කියල මම කියන්නේ නැහැ. මම කියන්නේ මොනවද ලියන්නේ කියල මම පැහැදිලිව දැනගෙන හිටිය නම් මගේ කෙටිකතා නොලියවෙන්න තිබුණා. 

( අජිත් තිලකසේන 1974 දී.)
     
අජිත්ගේ කෙටිකතා සම්බන්ධයෙන් මේ රටේ විචාරකයන්ට ප්‍රශ්නයක් ඇති බව පැහැදිලිය. රංජිත් කුමාරගේ අර ප්‍රශ්නය හරහා එළියට පනින්නේ එම අර්බුධයයි. අජිත් තිලකසේන්ගේ කෙටිකතා ඔවුන් ගිරවුන් මෙන් වනපොත් කළ සම්ප්‍රදායික මිනුම් දඬුවලට හසු නොවන බැවින් ඒවා මගහැර යාම ඇඟට ගුණ බව ඔවුහු දනිති. ඒවා ගැන කතා කරන්නට බිය සැක නැතිව ඉදිරිපත් වීම ගැන මහාචාර් ය කුලතිලක කුමාර සිංහට මම ගරු කරමි. එහෙත් එහිදී ඔහුට  සිදුවන තුවාල ගැන අපට කළ හැකි දෙයක් නැත. 
විචාරකයාගේ කාර්ය භාරය නම් ලේඛකයා සහ පාඨකයා අතර පාලමක් වීම යයි මේ මහත්වරු කල්පනා කරති. නිර්මාණකරුවාගේ නිර්මාණ අධ්‍යාශය තේරුම් ගෙන එහි සෞන්දර් යාත්මක වින්දනය පාඨකයාට තේරුම් කර දෙන්නේ විචාරකයා යන්න මින් අදහස් කරන බැව් ඔබ දන්නේය. එහෙත් හතළිස් වසරකට පෙර සිටම අජිත් තිලකසේන මේ අදහස විකාරයක් කොට සලකා අවඥාවෙන් බැහැර කළේය.කලා කෘතියක් යනු චමත්කාර ජනක වස්තුවක් පමණකැයි කී අජිත් විචාරකයන් පතුරු ගසන්නේ මෙසේය.

 

“ඔව්, විචාරකයොත් සාහිත්‍ය කෘතිවල තේරුම් සෙවීම කොයි තරම් දුරට කරනව ද කිව්වොත් ඔවුන් ඒවා විවරණය කරනවා. ඒවාට ව්‍යාඛ්‍යාන සපයනවා.. සාහිත්‍ය කෘතියක් දෙකට බෙදනවා. “ආකෘතිය” කියන එක තවත් යම් කිසිවකින් වෙන් කරනවා. ඒකට තමයි විෂය හෙවත් අන්තර්ගත දේ කියල කියන්නේ”

(කලාවයි හුදකලාවයි- අජිත් තිලකසේන )

 

විචාරකයන් පිළිබඳව අජිත් කර ඇති නර්මාලාප මදකට පසෙක ලා ඔවුන් ගැන ලියෝ ටෝල්ස්ටෝයි කියා ඇත්තේ කුමක්දැයි විමසමු.

“විචාරකයෝ පැහැදිලි කර දෙති. කුමක්ද ඔවුන් පැහැදිලි කරන්නේ? කලාකරුවා සැබෑ කලාකරුවකු නම් තමන් වින්දනය කරනු ලැබූ වේදයිතයන් අන්‍යයන් වෙත ගෙන එන්නේය.මෙහි පැහැදිලි කිරීමට ඇත්තේ කිම? කෘතිය සැබෑ කලා කෘතියක් නම් සදාචාරාත්මක වේවා, එසේ නොවේවා, කලාකරුවා විසින් ඉදිරිපත් කෙරෙන වේදයිතය නිරායාසයෙන්ම අන්‍යයන් වෙත පැමිණේ. අන්‍යයන් වෙත ගෙන එනු ලබන ඒ වේදයිතය අන්‍යයෝ විඳගනිති. එහි පැහැදිලි කිරීමට කිසිවක් නැත. කෘතිය අන්‍යයන් ආශ්වාදනය නොකරන්නේ නම් පැහැදිලි ලිරීම් මගින් එය අනුන් වෙත ආරෝපණය නොවන්නේය. කලාකරුවකුගේ කෘතියක් පුනරාර්ථ විචාරයක් කළ නොහැකිය.”

ලියෝ ටෝල්ස්තෝයි
( කලාව යනු කුමක්ද? -පරිවර්තනය: ඒ.වී සුරවීර)

 

ටෝල්ස්ටෝයි මෙහිලා කියන්නේ කුමක්ද? විචාරකයාගේ කාර්යභාරය ලේඛකයාට අත්වැලක් වීම යනුවෙන් වූ ප්‍රවාදය මින්  ඔහු එකහෙලාම ප්‍රතික්ෂේප කරයි. ටෝල්ස්ටෝයි ඊටත් වඩා වූ ලෙස එළිදරව්  කරුණක් නම් සම්භාව්‍ය කලා කෘති අනුකරණය කරන ලෙස බල කරන විචාරයේ පවත්නා අධිපතිවාදී ස්වභාවයයි.අජිත් තිලකසේන අනුදත් සාහිත්‍ය ව්‍යාපාරය ටෝල්ස්ටෝයිගේ යටකී ප්‍රවාදය සමග සම අසුන් ගනී. 

ඇත්තටම නම් අද අප රටේ විචාරය නමැති නාමකරණය ඔස්සේ පවතින්නේ ටෝල්ස්ටෝයි පවා හෙළා දුටු අධිපතිවාදී නන්දෙඩවිලිය. එක්කෝ ඔවුහු තමන්ගේම නිර්මාණ ඒවාට තමාම ලියන සංඥාපන ඔස්සේ උඩ දමා ගනිති. නැත්නම් තම හිත්වතුන් ලවා හෝ පිටකසවා ගනිති. ඔවුනට අනුව විචාරකයාගේ කාර්ය භාරය නම්  සාහිත්‍ය බලවතුන්ගේ පිට කැසීමය. 
මා හිතන විදියට අද දවසේ විචාරකයාගේ වෑයම විය යුත්ග්තේ සාහිත්‍යකරුවාට අතීතයට දිවයන ලෙස ආඥා පැනවීම නොවේ. අප දෙපා රඳවා ගතයුත්තේ මේ මොහොත මතය. අජිත් තිලක්සේන මහතා කලාව කලින් කලට නවීකරණය විය යුතු යයි තදින් ඇදහුවේය.කිසිවකු චෙකෝෆ් වගේ ලියනවා යයි කීම ඔහුටවත් චෙකෝෆ්ටවත් කරන ප්‍රශංසාවක් සේ සැලකිය නොහැකි බව අජිත් පවසයි “විද්‍යා චක්‍ර වර්ති වගේ ගද්‍ය රචනා කිරීමට හෝ රාහුල හිමියන් වගේ කවි ලිවීමට නම් අප වැඩ වසම් යුගයේ ජීවත් විය යුතුය” යනුවෙන් ඔහු  එදා රංජිත් කුමාර සමග පවසන විට ප්‍රතික්ෂේප කළේ ගතානුගතික වූ සම්ප්‍රදායික හන මිටියයි. එහෙත් සම්ප්‍රදාය ගැඹුරින් හැදෑරිය යුතු නැතැයි ඔහු කී බවක් මින් ගම්‍ය  වන්නේ නැත.
සුන්නද්දූලි යනු අප ඉහත විදාරණය කළ ශික්ෂණයක් සහිත නිර්මාණ කරුවකුගේ කෙටිකතාය. එම නිර්මාණ පිළිබඳව අප මීළඟට කතා කරමු.

මතු සම්බන්ධයි.



අදහස් (0)

අජිත්ගෙන් ඊනියා විචාරකයන්ට කනේ පහරක්

ඔබේ අදහස් එවන්න

ග්‍රන්ථ විචාරය

වරාමල් පහර කෑවෙි දෙඤ්ඤම් බැටේ විචාරයකින් නොවෙි
2024 ඔක්තෝබර් මස 15 42 0

දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ


ජාතක පොතේ සැඟවුණ වැඩවසම් වෙස්මුහුණ
2024 ඔක්තෝබර් මස 08 211 0

මීට දශක දෙකකට පමණ පෙර මම දිනමිණ පුවත්පතේ ’’මංසල’’ සාහිත්‍ය අතිරේකයට ජාතක කතා කීපයක් පිළිබඳ විචාරයක් ලිව්වෙමි.


පරිවර්තනයේ ඛේදවාචකය
2024 ඔක්තෝබර් මස 01 131 0

කිසියම් දරුවකු 2003 අගෝස්තු 24 වැනිදා උපන්නේ නම් මේ වනවිට ඔහුගේ වයස අවුරුදු විසි එකකි. තස්ලිමා නස්රින් ගේ ලජ්ජා(Lajja) නමැති කෘතිය සිංහලට නැගෙන්නේ ඒ කාලයේදී තම


මළගිය ප්‍රාණකාරයකුගේ අතීත සටහන්
2024 සැප්තැම්බර් මස 24 472 0

ඇත්ත. හරි හමන් නවකතාවක්, කෙටිකතාවක් නොලියවෙන, සංස්කෘතික කාන්තරයක දවසැරීමට අපට සිදු වී තිබේ. අප නිරායාසයෙන්ම අතීත මතක වෙත ඇදෙන්නේ එබැවිනි.


විදර්ශන සාහිත්‍ය තරගයෙන් විජේමාන්න විසි වුණේ ඇයි?
2024 සැප්තැම්බර් මස 17 448 0

පසුගිය දවසක ජනක ඉනිමංකඩ අපූරු වැඩක් කළේය. ඔහු විදර්ශන සාහිත්‍ය ත්‍යාගය නමින් නව ආරක තරගයක් සාහිත්‍ය සමාජයට හඳුන්වා දුන්නේය.


නූතන කවියේ අර්බුදය කාව්‍යාලංකාර අත්හැරීම ද?
2024 සැප්තැම්බර් මස 03 225 0

නූතන කවියේ අර්බුදය නම් කවිය අලංකාරවත් නොවීම යයි මම කල්පනා කරමි. මින් අදහස් වන්නේ කාව්‍යාලංකාර පිළිබඳ හසරක් කවීන්ට නොමැති බවය.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site