X කණ්ඩායම බිඳ වැටී අවුරුදු විස්සක් ගත විය. මට අනුව මෙම බිඳ වැටීම සංස්කෘතික ඛෙිදවාචකයකි. එක්තරා ආකාරයකින් X කණ්ඩායමේ පැවැත්ම මට පෙනී ගියේ වියනා කවයක බඳු බුද්ධිමය සංවාදයක් ලෙසිනි. මේ නිසා ඒ කාලයේ ඔවුන් පළ කළ මාතොට ලන්ඩන් වැනි සඟරා හරහා විවිධ බුද්ධිමය සාකච්ඡා දැක ගැනීමට හැකි විය. කෙසේ වෙතත් ඔවුන් පළ කළ "පෘථිවිකරණය හා හෙජමොනිය" නමැති ග්‍රන්ථය පළවීමෙන් පසු මම එය එකල පුවත්පතකට ලියමින් සිටි විචාර තීරුවක් හරහා බරපතළ විවේචනයට ලක් කළෙමි නොබෝ දිනකින් ඔවුහු මාතොට හරහා මට කදිම පිළිතුරක් සැපයූහ. එම විවේචනය සැබවින්ම ඔවුන් මේ වන විටත් ප්‍රකාශ කරමින් තිබූ න්‍යායික කාරණා පිළිබඳව ගැඹුරින් හැදෑරීමට මට අනුබලදීමක් විය. ඉන් පසුව X කණ්ඩායමේ නායකයා වූ දීප්ති කුමාර ගුණරත්න කලාව සහ විසංයෝජනය නමින් වියමනක් පළ කළේය. ඒ කාලය පශ්චාත් නූතනවාදය පිළිබඳව අධිනිශ්චය වූ සමයක් විය.
මේ නිසා පශ්චාත් නූතනවාදය පිළිබඳ නන්දෙඩවිලි නන්දෙසින් ඇසිණි. සැබැවින්ම කලාව සහ විසංයෝජනය නම් වියමන තුළින් X කණ්ඩායම ඔවුන් කියන පරිදිම පශ්චාත් නූතනවාදය පාරට රැගෙන විත් තිබිණි. තව ටිකක් පැහැදිලිව කියනවා නම් යමකු විසංයෝජනය deconstruction යනු කුමක්දැයි ප්‍රශ්නයක් නැගුවොත් එයට පැහැදිලි සරල පිළිතුරක් සැපයීමට ඔවුන්ට හැකි විය. විසංයෝජනය කියන්නේ පාරභෞතික ලෝකය කඩාබිඳ දැමීම බව ඔවුහු පැහැදිලිව සඳහන් කළහ. පිරිමින් මනසින් ගොඩනැගූ ලෝකය තුළ ප්‍රතිපක්ෂ වශයෙන් මේ පාරභෞතිකය පවතී. කලාකරුවා මේ පාරභෞතිකය හෙළිදරව් කරන තරමින් වඩාත් යථාර්ථවාදී වෙයි. විසංයෝජනය අනුදත් කලා විචාරකයා කරනුයේ කලාව නොවන දේ මගින් කලාකෘතිය ව්‍යාජයක් වන සැටි විස්තර කිරීමය. මෙහිදී ලංකාවේ පැවති දෘෂ්‍ය කලාවන් මෙබඳු විසංයෝජනීය විචාරයකට හසු කර ගැනීමට කලාව සහ විසංයෝජනය තුළ වෑයම් කර තිබිණි එම විසංයෝජනය තුළ කලා කෘතිවලට සර්වකාලීන අගයක් දීමේ පාර භෞතික වුවමනාවට හෙලුවෙන් නැටීමට සිදුවිය. මෙම වියමනෙහි කැපී පෙනෙන දේ නම් කලා විචාරයේ දේශපාලනය හෙළිදරව් කිරීමයි. කලාකරුවකු බිහිවීමට නම් කලා විචාරකයකු අවශ්‍යය. විචාරකයාගේ ආධිපත්‍යධාරී ප්‍රති අත්සනට වලංගුතාවක් නොමැත. ශාක් ඩෙරිඩා ගේ Margins of Philosophy හි අවසන් දෙසුම වූ Signature Event Context සමග කලාව සහ විසංයෝජනයේ දෙවැනි පරිච්ඡේදය එකට ගෙන කියවීම මැනවි. ඒත් මෙම ලිඛිත වියමන කෙළවර ඩෙරීඩාගේ අත්සනෙහි අනුරුවක් ඇත. මෙම දෙසුම පැවැත් වූ සභාව රැස්වීමට පෙර එකී ලිඛිත වියමන යැවීමට තිබූ බැවින් තමා අත්සන් කළ බව ඩෙරිඩා ම කියයි. එහෙත් මටනම් පෙනෙන්නේ ඩෙරිඩා ගේ අත්සන විසංයෝජනයට අත්විය හැකි අනාගත ඉරණම පිළිබඳ ඔහු තුළ වූ කුකුස එළිදරව් කරන්නාක් සේය. ගයාත්‍රී ස්පිවැක්ගේ In Other Worlds වියමනට පෙරවදන ලියන කොලින් මැක් කැබේ ඩෙරීඩා සහ ස්පිවැක් අතර වෙනස ලෙස දකින්නේද විසංයෝජනයේ ඉරණම පිළිබඳ ඔවුන් දක්වන ආකල්පවල වෙනස වශයෙනි. ඩෙරිඩා මෙසේ උපුටා දක්වයි. the enterprise of deconstruction always in the certain way falls prey to its own work මෙහි දළ තේරුම නම් විසංයෝජනය ක්‍රියාවලිය හැමවිටම එක්තරා විදියකින් තමාගේම වැඩවල ගොදුරක් විය හැකි බවය.
ඩෙරීඩාගේ එම විවේචනය ස්පිවැක්ගේ රචනාවල නොයෙක් විට මතුවන බව කැබේ කීවත් නැතත් ස්පිවැක්ගේ යටත් විජිතවාදි චින්තනය ඩෙරීඩා විකෘති කරන්නක් බවට X කණ්ඩායම නගන චෝදනාව ඇත්තකි. එහෙත් මෙම විවේචනය මට සිහිපත් කළේ රොලන් බාත් Methologies හි සංඥාකරණයේදී කල්පිතය ඉටුකරන කාර්යභාරයට අදාළව සඳහන් කර ඇති දේය. සියල්ල භාෂාත්මක ගොඩනැගීමක් වන ලෝකයක කවියා කල්පිතයට එරෙහිවන නමුත් එම එරෙහි වීම යළි කල්පිතයේ ගොදුරක් වන බව බාත් පවසයි. කල්පිතය ජය ගැනීමට ඊට එරෙහිව ගොඩනගන ප්‍රතිකල්පිතය පවා කල්පිතයේ ගොදුරක් වන සැටි ද ඔහු විස්තර කර ඇත. විසංයෝජනය සම්බන්ධයෙන් ඩෙරීඩා කියන්නේද මෙවැන්නක් යැයි මට සිතෙයි. කෙසේ වෙතත් පශ්චාත් නූතනවාදය පිළිබඳව පදික වේදිකා කතාබහක් ඇවිළී ගිය කාලයක කලාව සහ විසංයෝජනය කාලෝචිත වියමනක් ලෙස සිංහල කියවන්නන් අතට පත් වූ බව මම කියමි. මෙතැනදී මවිසින් කිව යුතු යමක් ඇත. ඒ කාලේ මා පුවත්පතකට දිගින් දිගටම ලියූ සාහිත්‍ය විචාරයක් පිළිබඳව කතාබහක් මතු වී තිබුණු බවය. සැබැවින්ම ඒ කතාබහ තුළ මතුවූයේ තමන් නොදන්නා දෙයක් ගැන මහා හයියෙන් කරන කතාවකි. එහෙත් පොතක් ගැන මා ලියූ ලිපියක් හේතු සාධක සහිතව විවේචනය කළේ X කණ්ඩායම පමණකි පෘථිවිකරණය හා හෙජමොනිය පිළිබඳව බොහෝ කලකට පෙර මා ලියූ ලිපිය අරබයා ඔවුන් කළ විවේචනය මට හැදෑරීමට අනුබල දෙන්නක් වූ බව කියන්නේ එබැවිනි.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කලාව සහ විසංයෝජනය