රත්න ශ්‍රී විජෙසිංහ කවියා මීට බොහෝ කලකට පෙර ඔහුගේ “ලස්සනම අහස” නම් වූ රචනා සමුච්චයක් මා වෙත එවා තිබිණි. එම පොත පිළිබඳ මගේ කියවීම මම ඒ කාලයේම පළ කළමි. රත්න ශ්‍රී ගේ ලස්සනම අහස පිළිබඳ ලියද්දී භාෂාව යථාර්ථයක් නොවන බව මා සඳහන් කළ බැව් මට මතකය. එහෙත් භාෂාවේ මිථ්‍යාව බිඳ හෙලන එහි ආධිපත්‍යය අභියෝගයට ලක් කරන එකම සෞන්දර්යවාදී කුලකය කවීන් පමණක් වන බවද මම එහිලා සඳහන් කළෙමි. ඔවුහු තමා විශ්වාසයට ගන්නා යථාර්ථය හමුවන තෙක්ම භාෂාව උඩුයටිකුරු කර පෙරළති.
මීට අදාළව ගුණදාස අමරසේකර මහතා කවි බස සේ ඔහු අදහා ගෙන සිටි මතය යළි සලකා බැලීම වටනේ යයි මට සිතෙයි. අමරසේකර එය ලියන්නේ ඔහුගේ “අසක්දා කව” නම් කෘතියේ පෙරවදනටය.අමරසේකර මෙසේ ලියයි.
“කවියා රස ජනනය කරන්නේ වදන්වල වාගාලාපවල උපමා රූපක ආදියෙහි ගැබ් වූ ව්‍යංග්‍යාර්ථ මගිනුයි. එවැනි පැහැදිලි ව්‍යංග්‍යාර්ථ ගැබ් වූ වදන් වාගාලාප ඇත්තේ තමාට පෙර විසූ කවීන් විසින් වහරන ලද වදන් කෝෂය තුළයි. එබැවින් රස ජනනය සඳහා කවියා ඒ වදන් කෝෂය වෙත යාම අවශ්‍ය වෙයි. කවියා විසින් ගනු ලබන මේ ක්‍රියා මාර්ග නිසයි, කවි බස වෙනස් වෙමින් නොවෙනස් වන බසක් වන්නේ”
- ගුණදාස අමරසේකර
අසක්දා කව - 65 පිටුව
ඇත්තටම නම් අමරසේකරගේ යටකී ප්‍රවාදය සමග මම කරුණු කීපයක් ඔස්සේ එකඟ වෙමි.අද කාලයේ ලියැවෙන බොහෝ කවිවල දුක තොරොම්බල් කෙරෙතත් කවියක තිබිය යුතු යයි අදහන (අර අමර්සේකර කියන ආකාරයේ) කාව්‍යාත්මක බවක් නැත.වෙසෙසින්ම මුහුණු පොතේ ලියවෙන බොහෝ කවි එම අර්ථයෙන් කවි නොවේ. කෙසේ වෙතත් අමරසේකරගේ කවි බස නම් වූ ප්‍රවාදය සමග රත්න ශ්‍රී එකඟ නැත.
කවි බස පිළිබඳ ප්‍රවාදය න්‍යායික විමසුමක් වෙත එළඹෙන්නේ නම් අපට ජාකොබ්සන් නම් ව්‍යුහවාදී විචාරකයා වෙත ආපසු හැරී බැලීමට සිදුවෙයි. එවිට කවි ලිවීමේදී භාෂාවට සිදුවන දේ පිළිබඳ වෙනත් මානයක් අපට හමුවනු ඇත. ජාකොබ්සන්ට අනුව භාෂාව සමග සන්නිවේදනය සහසම්බන්ධය. භාෂාව කාව්‍යාත්මක ලෙස යෙදීමේදී සංඥාවන්ගේ සමීපස්ථ බව ඉහළ දැමෙන බව ජාකොබ්සන් පවසයි. ඒවා හුදු සන්නිවේදනය සඳහා යොදා ගැනෙනවාට වඩා කවියේදී එම සංඥාවන්ගේ භෞතික අගයට වැඩි අවධානයක් යෙදේ.
ඇත්තටම නම් කවියේදී සංඥාව එහි වස්තුවෙන් විසන්ධි කරණු ලැබේ. සාමාන්‍ය ලෙස සංඥාවන්ගේ භෞතික වස්තුව නැතහොත් ප්‍රඥප්තය (referent) අතර සබඳතාව බිඳී ගොස් සංඥාවට එක්තරා නිදහසක් හිමි වේ. ජාකොබ්සන්ගේ මෙම ව්‍යුහවාදී මතයේ තීව්‍රතාව සලකුණූ වන්නේ භාෂාව තුළ කාව්‍යාත්මක ක්‍රියාකාරිත්වය (poetic function) ප්‍රධාන වන විට සන්නිවේදනය එහි පණිවිඩය මත කේන්ද්‍ර ගත වීමෙනි. කවරකු විසින් කා හට කුමක් කියන්නේද යන්න නොව එතනදී පෙර සිටම අපගේ අවධානයට ලක් වන්නේ වචනම වන බැව් ටෙරී ඊගල්ටන් නම් විචාරකයා පවසයි. (ටෙරී ඊගල්ටන්ගේ Literary Theory: An Introduction).
ජාකොබ්සියානු ව්‍යුහවාදයට අනුව රූපක (metaphors) උපදින්නේ සංඥාවන්ගේ සමානතාව තුළය. රූපකයක් ගොඩනගන්නට එක් සංඥාවකට (වචනයකට) සමාන වූ සංඥාවක් සමග සම්බන්ධ විය යුතුය. රූපකය මහාචාර්ය එ.වී. සුරවීර මෙසේ අර්ථ දක්වයි:
රූපකය/ රූපලංකාරය-Metaphor
කාව්‍යාලංකාර ප්‍රභේදයකි. සැඟවුන බේදයකින් සමන්විත උපමා උපමේය යන දෙක එකක් වශයෙන් ගැනීම රූපාලංකාරය නම් වේ. එසේම එය මෙන්-සේ -වැනි-එව් ආදී උපමා ද්‍යොතක නිපාතයන්ගෙන් තොරව යෙදුන උපමා උපමේයන්ගෙන් සම්බන්ධ යයි කිව හැකිය. මුව පියුම යන්න ලක්ෂණ විසින් හා බැඳීම් විසින් එක සමානය. මෙයින් මුවය- පියුමය යනුවෙන් වස්තු දෙකක් නැති ලෙසින් මුවම පියුම ලෙස ගෙන තිබේ. එය රූපකයකි.
-සාහිත්‍ය විචාර ප්‍රදීපිකා
ඒ,වී සුරවීර
නීට්ෂේට අනුව රූපකය භාෂාව තුළ අතාර්කික සාධකයක් බව ඩෙරීඩා පවසයි.(ෂාක් ඩෙරීඩාගේ Margins of Philosophy) ඇත්තටම නම් රූපකයේ අතාර්කික බව සොයන්නට නම් ඊඩිපස් සංකීර්ණය වෙත ආපසු යා යුතුය.
ෆ්‍රොයිඩියානු ඊඩිපස් අවදිය වෙත එළැඹීමට පෙර දරුවාට තමාගේ ලිංගික වෙනස පිළිබඳ වැටහීමක් නැත. මේ ලිංගික වෙනස හැඟවුම්කරණය කරන්නේ පියාගේ ප්‍රවේශයයි. ලැකාන් නමැති මනෝ විශ්ලේෂකයා විසින් තම ප්‍රවාද තුළ වහරනු ලැබූ එක් ගුරු පදයක් (key-term) වූ පැල්ලසය (phallus) නැතහොත් ශිෂ්ණය මගින් ලිංගික වෙනස පිළිබඳ එකී සංඥාකරණය ප්‍රකාශයට පත් වෙයි. දරුවා නිසි ලෙස සමාජ ගත වන්නේ ලිංගික වෙනසෙහි අවශ්‍යතාව පිළිගැනීමෙන් සහ ස්ත්‍රී පුරුෂ ලෙස තමාගේ භූමිකාව වටහා ගැනීමෙන් පමණකි.
දහඅට මස් වියැති දරුවකු කැඩපතක් ඉදිරියේ තමාව හඳුනා ගනිමින් සිටින අයුරු සිහියට නගා ගන්න. ලැකාන් හඳුන්වන කැඩපත් අවදිය(mirror stage) එයයි. ශාරීරික ලෙස තවමත් සම්පූර්ණ නො වූ දරුවා කැඩපතින් පෙනෙන තමාගේ රුව පරිපූර්ණ රූපයක් (unified image) ලෙස ගනී. දරුවා සහ කැඩපතින් පෙනෙන රූපය තවමත් පරිකල්පනීය වන එක් අතෙකින් එය ඔහුගේ රූපය වන අතර අනෙක් අතට එසේ නොවේ. දරුවා තමාගේ ආත්ම (subjectivity) ගොඩ නගන්නේ එතැන් සිටය. එම ගොඩ නැගීමේ කැඩපත් ස්වභාවය නිසා එය අත්‍යවශ්‍යයෙන්ම ආත්මරාගී නැතහොත් නාසිස්මික (narcissistic) වේ. බාහිර ලෝකයේ වන වස්තූන් මගින් “මම” යනු කවරෙකුදැයි හඳුනා ගැනීම නිරන්තරව සිදු වන්නේ මෙම නාසිස්මික ක්‍රියාවලිය තුළය.
කවියකු තමාගේ කවි තුළ රූපක (metaphors) ගොඩ නගන්නේ එබඳු කැඩපත් ක්‍රමයක් තුළය. කැඩපතක් ඉදිරියේ සිටින දරුවාට එය හැඟවුම්කාරකයකි (signifier). එම කැඩපත තුළ ඔහු දකින රූපය හැඟවුමයි(signified). දැන් මම ඊගල්ටන් උපුඉආ දක්වමි.
Here signifier and signified are as harmoniously united as they are in Saussure’s sign. Alternatively we could read the mirror situation as kind of metaphor: one item (the child) discovers a likeness of itself in another (the reflection)
Literary Theory: An Introduction – by Terry Egleton.
(මෙහිදී හැඟවුම්කාරකය සහ හැඟවුම අර සෝෂියර්ගේ සංඥාව පරිදිම සුසංගතික ලෙස එකමුතු වේ. ඊට විකල්පව කැඩපත් අවස්ථාව අපට රූපක විශේෂයක් ලෙස කියවිය හැකිය. එක් අයිතමයක(දරුවා) සමාන බව වෙනත් දෙයක (පිළිබිඹුව) තිබෙනු හමුවෙයි.
ටෙරී ඊගල්ටන් පවසන පරිදි දරුවාගේ කැඩපතාවස්ථාව රූපක විශේෂයක් ලෙස කියවිය හැකිය. එලෙසින්ම කවියා බාහිර ලෝකය තුළ තමාගේ පරිකල්පන රූපයට සමානකම් දරන වස්තූන් සොයා රූපක ගොඩ නගයි. නාසිස්මික වූ ක්‍රියාදාමය තුළ කවියා සොයන්නේ කුමක්ද?
රත්න ශ්‍රී කවියා ගොඩ නැගූ මෙබඳු රූපක පිළිබඳ නිදර්ශන කිහිපයක් පහත දක්වමි.
“මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුනේ
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ”
( වස්සානේ- කාව්‍ය සංග්‍රහය )
රණවරා ගහේ මල් පිපෙන කාලෙට
සඳ සරා කුමරිය ඇවිත් කන්දට
අත වනා කියයි මට ගමට එන්නට
සකි සඳේ ඇඬුම් මිස බැරිය සී පද
( සුබ උදෑසන - කාව්‍ය සංග්‍රහය )
සොඳුර නුඹ ළිහිණියක
රැයේ අඳුරට හඬන
මමද ළිහිණියෙක් වෙමි
නුඹේ කඳුළට හඬන
( සුබ උදෑසන- කාව්‍ය සංග්‍රහය )
මෙම රූපක හරහා කියවෙන දේ පිළිබඳ සරල ජනප්‍රිය නිගමනයක් ලෙස අවශ්‍ය නම් අතීතකාමී(ලේබලය ඇලවිය හැක.එහෙත් කවියකු ලෙස රත්න ශ්‍රී අහිමි වූ කිසිවක් පසු පස ලුහු බඳී යයි කීම ඊට වඩා විචක්ෂණශීලී වේ. කවියාගේ මේ හඹායාම) මුල් ඇදුන තැන් සොයන්නට නම් අපි තවත් ගැඹුරු මනෝ විශ්ලේෂණීය කියවීමකට මුල පිරිය යුතු වෙමු.
මතු සම්බන්ධයි
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කවි - නොකවි බයිනරියක නිරාෂගේ කවි 2