මීට දශක දෙකකට පමණ පෙර මම දිනමිණ පුවත්පතේ "මංසල" සාහිත්‍ය අතිරේකයට ජාතක කතා කීපයක් පිළිබඳ විචාරයක් ලිව්වෙමි. එකල එම පුවත්පත් විශේෂාංගය සංස්කරණය කළේ ද ලංකාදීප මතුමහල සංස්කාරකවරයාමය.මගේ වෑයම වූයේ එම ජාතක කතා මනෝවිශ්ලේෂණය ඇසුරු කර ගනිමින් කියැවීමය. එම ව්‍යාපෘතිය ලිපි පහකින් අවසන්වී ගිය බව ඇත්තය. එහෙත් ජාතක පොත තවමත් පොත්වහන්සේ නමකි.
අප සිටින්නේ නිධානයක් මත පය ගසාගෙන බව ඇත්තකි. ජාතක පොත් වහ්ගන්සේ නම් වූ මේ නිධානයේ අගය තවමත් අපට වැටහී නැත. බටහිර දර්ශනවාදය සහ ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය එකතු වී ග්‍රීක නාට්‍ය මගින් ප්‍රකාශයට පත් වී දේව කතා නම් වූ නිධානය හාරා ගොඩ ගත්තේ මීට බොහෝ කලකට පෙරය. සොෆොක්ලීස්ගේ ඊඩිපස් රජු නාට්‍යයේ ප්‍රධාන චරිතය අදටත් මනෝ විශ්ලේෂණයේ න්‍යායික භූමිකාවක් රඟ දක්වන්නේ ඒ අනුවය.
ලියනාඩෝ ඩාවින්සි පිළිබඳ ෆ්‍රොයිඩියානු කියවීම්වලදී (ෆැන්ටසි මිනිසා- ලියනාඩෝ ඩාවින්සි නමින් මම එම වියමන බොහෝ කලකට පෙර සිංහලට නගා ඇත.) පුරාතන මිසරයින්ගේ චිත්‍රාක්ෂරවල (hieroglyphics) මව නියෝජනය කළේ ගිජු ළිහිණියකගේ චිත්‍රයක් බව ෆ්‍රොයිඩ් සොයා ගනී. ඔහු එහිදී සම ලිංගිකත්වය සහ ස්ත්‍රීත්වය පිළිබඳ ප්‍රවාද මට් (Mutt) නම් වූ අර්ධනාරී මිසර දෙවඟනක සමග සම්බන්ධ කිරීම හැදෑරීමට තරම් වටනා වූ කිසිවකි. ජාතක පොත් වහන්සේ ඉල්ලා සිටින්නේ එකී ෆ්‍රොයිඩියානු වර්ගයේ හැදෑරීමක් තුළ තම අගය මතු කරන ලෙසය.
රොලන්ඩ් බාත්ට අනුව වියමන යනු කෘතියට (work) එරෙහිව කියැවීමේ විචක්ෂණශීලී භාවිතය ස්ථාන ගත වන ඉසව්වයි. කෘතිය වියමන මෙන් පුළුල් පරාසයක නොපිහිටි පදාර්ථයක කැබැල්ලක් පමණක් වන බැවින් එය අපට හමු විය හැක්කේ පොත් ගුල්වල (නිවැරදිව නම් පොත් රාක්කවල) හෝ පොත් සාප්පුවලදී පමණකි. කෘතිය පුළුල් වියමනක් වන්නේ එය එම පොත් රාක්කයෙන් එළියට ගෙන බහු වාචක වූ කියවීමකට හසු කර ගැනීමෙනි.
බාත් අවධාරණය කරන පරිදි මෙබඳු කියවීම් තුළ බයිබලය වැනි පරම දේවවාදී කෘතී වියමන් බවට පෙරළීමට මාක්ස්වාදීහු සමත් වූහ. එහෙත් ජාතක කතාවලට සිදුවන්නේ කුමක්ද? එය තවමත් පොත් වහනසේ නමක් පමණකි. තවමත් පොත් ගුල්වල වඩා හිඳුවීම සඳහා සඟ සතු කොට පුදන පූජා භාණ්ඩයකි. ජාතක කතා සරල බසින් ලිවීම යනු ඒවා නැවත කියවීමක් නොවේය. නැවත කියවීම යනු එය ලියන්නාගේ අභිප්‍රාය නොතකා හැර කරන විසංයෝජනීය කියවීමකි. හැබැයි ජාතක පොත කෘතියක තැනින් මුදාගැනීමට මෙරට මාක්ස්වාදීන්ටද නොහැකි විය.
මාර්ටින් වික්‍රමසිංහ The Buddhist Jathaka stories and Russian Novel නමැති පොත පළ කර අවුරුදු පනහකට ත් වැඩි කලක් ගතවී ඇත. එහෙත් ජාතක පොත අපට තවමත් කර්මවාදය උගන්වන උපදේශ ග්‍රන්ථයකි. ඇත්ත. ජාතක කතා කෘතිය ඉක්මවූ වියමනක් බවට පෙරළීමේ කිසියම් වූ හෝ උත්සාහයක් දැරුවේ වික්‍රමසිංහ පමණකි. එහෙත් ඔහුට අනුව ජාතක කතා යනු පැරණිතම ඉන්දියානු කෙටිකතා ගොන්නකි.
ජාතක පොතෙහි වර්තමාන කතාව එක්තරා ආකාරයකින් අතීත කතාවට මූලාශ්‍රමය වටිනාකමක් සපයයි. වික්‍රමසිංහ ජාතක පොතේ වර්තමාන කතාව සහ අතීත කතාව අතර සබඳතාව පිහිටුවන්නේ ගියෝවන්නි බොකෑෂියෝ ගේ ඩිකැමරන් නම් කතා සංග්‍රහයේ සන්දර්භය තුළය. ඔහුට ජාතක පොත ලෝකයේ පැරණිතම කතා සංග්‍රහයක් පමණක් වන්නේ ඒ අනුවය.
ජාතක කතා ලියවෙන්නේ ප්‍රාග්ධනය සමුච්ඡනය වීමක් ගැන නොකියවෙන වැඩවසම් යුගයකය. එසේ නැත්නම් මේ කතාවල සමාජ පසුබිම වැඩවසම් ය. කෙටියෙන් කිවහොත් ජාතක පොත හරහා වැටී ඇති දැවැන්ත සෙවණැල්ල වැඩවසම් චින්තනයයි. එහෙත් දේශපාලන කියවීමකදී පූර්ව ධනවාදී සමාජයට අයත් ඊනියා සමජවාදීන් හමුවිය හැකි වැඩබිම ජාතක පොත බව පෙනී යනවා ඇත. පසු ධනවාදී ආර්ථික අවදිය තුළ පූර්වජ ලක්ෂණ පළ කරන ඊනියා පශ්චාත් නූතන පිරිමියාගේ අනෙකා ජාතක කතාවල හමුවෙයි. ලිංගික කුහක කමින් දැපුන නූතන අසනගලාට පූර්වජ අසනගත් (ජාතක පොතෙහි 262 වන කතාව වූ චූල පලෝහන සංකප්ප ජාතකය) පියාගේ නාම කරණයේ පෙර වැස්ම (foreclosure) නිසා සංකේතීය පැවැත්මට හරිහැටි ඇතුළු නොවූ පදමානකවලාට පදමානවකත් (ජාතක පොතෙහි 426 වැනි ජාතක කතාව වූ පඩහ මානවක (ඵද කුසල මාන) ජාතකය ජීවිතයේ පරිකල්පනීය අවදිය තුළ තවම කල් මරණ සයිකෝසිකයකු වූ ඉසිඩිංගලාට ඉසිසිංගත්, ජාතක පොතෙහි 518 වැනි කතාව වූ නලිනිකා- නලිනිජාතකය ) හමුවන තැන ජාතක පොතයි. මා මීට බොහෝ කලකට පෙර ලියුවේ යයි ප්‍රකාශ කළේ යට කී ජතක කතා පිළිබඳවය.
එබැවින් ජාතක පොතෙහින ජාතක කතා ලියැවුණේ වැඩවසම් සමාජ පසුබිමක වුවත් වර්තමාන සංදර්ශනවාදී සමාජ වටපිටාවක දී එම චරිත හමුවීම අපූර්ව වූ දෙයක් තමයි. ගැහැනිය සහ පිරිමියා යන වචනවල සංකේතීය අරුත් ලංකාව තුළ තවමත් කොතෙක් වැඩවසම්ද යන්න අපට පෙනීයන්නේ ජාතක පොත පිළිබඳ එබඳු කියවීමකදීය. ජාතක පොත සහ එහි ඊනියා සාහිත්‍යමය අගය ගැන කතා කරන බොහෝ අය සමාජවාදී වෙස් මුහුණු පැලඳගෙන සිටියත් එම වෙස් මුහුණු යට ඇති වැඩවසම් මුහුණ අපට ජාතක කතා තුළ දක්නට පිළිවන.
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතක පොතේ සැඟවුණ වැඩවසම් වෙස්මුහුණ