සාපේක්ෂණී සයිමන් නවගත්තේගම සහ අජිත් තිලකසේන සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය කෙරේ ඉමහත් බලපෑම්ක් කළ ලේඛකයන් දෙදෙනකු වන බව සැබවි. දෙදෙනාම සිංහල සාහිත්‍ය වංශය සඳහා නව දොරටු විවර කර දුන්හ. එහෙත් මේ දෙදෙනා අතර යම් වෙනසක් සලකුණු කළ හැකිය. එක අතෙකින් මේ දෙදෙනාම සම්ප්‍රදායික විචාර මතවාද තුෂ්ණීම්භූතව අසරණව බලා සිටියදීම තම නිර්මාණ කාර්‍යය හැල්මේ ගලා යාමට ඉඩ දුන්හ. ඔවුහු සාහිත්‍යයේ භව්‍ය අභව්‍ය වාදය තඹයකට හෝ මායිම් නොකළහ. මේ නිසාම දෙදෙනාගේම ලියැවිලි පෙර නොවූ විරූ නිර්මාණ බවට පත් විය. ඇත්ත. එසේ වතුදු මේ දෙදෙනා අතර වෙනසක් ඇතැයි මම කිව්වෙමි. එහි මූලික වෙනස සලකුණු වන්නේ අජිත් ජීවිතය මහත් කොට ගැනීමෙනි. ඔහු ජීවිතය තරම් සමාජය මහත් කොට නොසැලකුවේය. ඔහුට අනුව(බොහෝ කලකට පෙර ඔහුම ඒ.ඩී. රංජිත් කුමාර සමග පවසා තිබූ පරිදි) “සමාජය යනු කෘත්‍රිම දෙයකි. ජීවිතය මත ඉදිවුන අටල්ලකි.”
මේ කල්පනාව නිදහස් විචක්ෂණශීලී පාඨකයාගේ ආකර්ෂණයට හේතු වනවා ඇති. එහෙත් පුද්ගලත්වය නම් පටු බිම් වපසරිය තුළ වපුරා නෙළා ගත් අජිත්ගේ සාහිත්‍ය අස්වැන්න නො බොල් වුවද ප්‍රමාණිකව කුඩා විය. සයිමන් සමාජය හා දේශපාලනය කෙරේ ඇලුණ මනසින් යුතු ලේඛකයකු වූ බැවින් තනි පුද්ගල මනස ඉක්මවා ගිය සමාජ කියැවීමකට පෙළඹිණි. මේ නිසා සයිමන් සාමූහික අවිඥානය ගවේෂණය කළ අයෙකියි සමහරු කල්පනා කළහ.
ඉතිහාසය සහ එහි අත්තක් වූ දේශපාලනය සමග පැවති පයුර්පාසානය නිසා සයිමන් තම නිර්මාණ සමස්ත මානව වර්ගයාගේම අධ්‍යාත්මය විමසීමේ ක්‍රමවේදයක් කර ගත්තේ යයි යමකුට කිව හැකිය. එහිදී ඔහු ජනකතා ඇදහිලි විසින්න් පෝෂණය කරන ලද සාමූහික අවිඥානය මත යැපුණේය. ඔහු ජන විඥානය තුළ කිඳා බැස ඇති මිත්‍යා මතික විශ්වාස විමසීමේ සූත්‍රයක් ලෙස නොයෙක් දාර්ශනික මතවාද යොදා ගනී. සංසාරණ්‍ය අසබඩ ලියද්දී ඔහුට එය මහායානික ආලය විඥානය වද්දී සාපේක්ෂණී නවකතාවෙදී ඔහු තාන්ත්‍රික ඉගැන්වීම්,වාත්ස්‍යායන සහ උපනිෂද් සාහිත්‍ය මත යැපෙයි.ඇත්ත. මේ කිසිවකින් ඔහු දාර්ශනිකයකු වන්නේ නැහැ තමයි. සයිමන් නවකතාකරුවෙකි. බාග විට ඉහත කී දාර්ශනික ප්‍රවාදවලට අදාළ පතපොත ඔහු මේ කාලය අතරතුර කියවමින් සිටියා විය හැකිය.
ඉහතදී අජිත් තිලකසේන සහ සයිමන් නවගත්තේගම පිළිබඳ සන්සන්දනාත්මක කියැවීමක යෙදුණේ මේ නිර්මාණකරුවන් දෙදෙනාගෙන් එකකු නගා අනෙකා හෙළා ලීම පිණිස නොවන බව සලකනු මැනවි.සාපේක්ෂණී නවකතාවට ආවේණික නිර්මාණ සන්දර්භය විමසීමේ සුදුසුම ප්‍රවෙශය එය විය හැකි යයි මම කල්පනා කළෙමි. එසේය. ඉතිහාසය, දේශපාලනය සහ සමාජය කෙරේ වන සයිමන්ගේ ආලය සාපේක්ෂණී නවකතාව පුරා රැඳී ඇත. මෙම නවකතාව වූ කලී යුද්ධය විසින් කාබාසිනියා කර තිබූ සමාජයක් පිළිබඳ නවකතාකරුවා තුළ ඇවිළෙන අතීත වේදනාවකි. නොස්ටැල්ජියාවකි. එහෙත් සයිමන් සමාජය මත්තෙහිම ඇලී නොසිට පුද්ගලත්වය වෙත (ආත්මීයතාව වෙත) ආපසු සැපැත් වීමද සාපේක්ෂණී තුළ උත්ප්‍රාසනීය වූ සංසිද්ධියක් වන සැටි දුට හැකිය.
සාපේක්ෂණී මුල් වරට පළ වන්නේ 1990 දීය. ( එකල මා කියවා තිබුණේ එහි ප්‍රථම භාගය පමණකි. එහි ද්විතීයික භාගය පළවූ බවක් හෝ නොපළ වූ බවක් නොදත්තෙමි. කෙසේ වෙතත් දැන් එය එකම කෘතියක් ලෙස කියවිය හැකිය) සයිමන් නවගත්තේගමගේ වෙනත් නවකතා සේම සාපේක්ෂණී නවකතාව ද කලක් ගතවන තෙක් විචාරකයෝ නොසලකා හළහ.
සාපේක්ෂණී ලියවුන කාල වකවානුව තුවක්කු සංස්කෘතිය රට ගිල ගනිමින් තිබූ අවදියයි. අතිධාවනකාරී දේශපාලනය විසින් රට ලේ විලක් කරමින් තිබිණි. තුවක්කුව සියලු සමාජ හා සංස්කෘතික බලවේගවලට ඉහළින් විශාලව නැගී සියලු මිනිසුන්ගේ සිත් ත්‍රස්ත කළේ මේ අවදියේය. සාපේක්ෂණී නවකතාව තුළ මෙම තුවක්කු සංස්කෘතියේ අන්තරාය පිළිබඳ සයිමන් තුළ අවිඥානිකව පිළිසිඳ ගත් සංඥාවක් විදාරනය කෙරේ. අතිධාවනකාරී දෙශපාලනය විසින් පෞරුෂ බව කප්පාදු කරනු ලැබූ කැරලි නායකයකු දකින සිහිනය වන්නේ තුවක්කුවයි. ඔහු සිහිනයෙන් දකින තුවක්කුව ඉතාම කුඩා පිස්තෝලයක් වැන්නකි. ඉනික්බිතිව සිදුවන්නේ කුමක්ද?
“මුලින්ම තම ඉණේ ගසාගෙන එක ගැහැනියකු මිනිසකු බිම හෙළන්නට පාවිච්චි කළ හැකි වූ කුඩා පිස්තෝලය ක්‍රමයෙන් තමන්ගේ පෞරුෂත්වයටද වඩා අතිවිශාලව කාල තුවක්කුවක් තරම් විශාල වී දහස් ගණනක් මනුෂ්‍යයන්ට හානි කළ හැකි වූ අති භයංකර වූ දැවැන්ත යුද්ධායුදයක් වූයේය.”
සාපේක්ෂණී - 148 පිටුව
කැරලි නායකයාගේ ස්වප්නය තුළ ලියලා වැඩෙන තුවක්කුවට සමගාමීව ඔහුගේ නපුංසක වූ ලිංගේන්ද්‍රිය ලියලන්නට වෙයි. මෙබඳු අතිධාවනකාරී දේශපාලන පෞරුෂයක් තුවක්කුවේ බලයට සාපේක්ෂ වුවක් බව නවකතාකරුවා එලෙස රූපිකව දකී. එම අර්ථයෙන් මෙය ආකෘතික ලෙස දෘෂ්ටාන්තයකි(aligory). එතනදී සාපේක්ෂණී තුළ සිදුවන්නේ ඉතිහාසය තුළ වර්තමානය ප්‍රක්ෂේපණය වීමකි.
සයිමන් නවගත්තේගමට කිසි විටෙක ඉතිහාසය යනු කාල වකවානු සහිත සිද්ධි ප්‍රවාහයක් නොවේ. ඔහුට එය කාලය සහ අවකාශය පිළිබඳ ගැටලුව විමසීමේ සූත්‍රයක් වෙයි. වර්තමාන කාල ප්‍රවාහයේ දැවටී සිටිමින් අප මුහුණ දෙන ගැටලුවල යථා ස්වභාවය අර්ථ සාධනය කළ නොහැකිය. එබැවින් ඉතිහාසය හැදෑරීම යනු වර්තමාන කාලය තුළ සිදුවන්නාවූ සිද්ධි ප්‍රවාහයක් ලෙස ඔහු සාපේක්ෂණී ලියයි. ඒ අනුව එය ඉතිහාසයකි. සියල්ල ඉතිහාසකරණයකි යන ෆ්‍රෙඩ්‍රික් ජෙම්සන් ගේ ප්‍රවාදය මත පිහිටන්නකි.
මේ ලේඛකයා තුළ පැළහි පැළහී මතුවන මනුෂ්‍ය පැවැත්ම පිළිබඳ දාර්ශනික මනස්ගාත නවකතාවේ කේන්ද්‍රීය පුවත තුළ මෝචනය වන්නේ කෙසේද? මෙම නවකතාව රාජ්‍යත්වයට එරෙහිව පැන නගින කැරලි සහ ඒවාට සහභාගි වන්නන්ගේ ඉරණම වටා ගෙතුනකි. එහෙත් මේ කැරලිකරුවන් “සාපේක්ෂ කාලය” තුළ සිපිරිගතව සිටින පිරිසකි. ඔවුන්ගේ පරමාර්ථ සාපේක්ෂ වශයෙන් යහපත්විය හැකි බව නවකතාකරුවා පිළිගනී. එහෙත් ඔවුන් මෙහෙයවන්නේ කවර බලවේග විසින්ද? ඒවා කාලයේ බලවේග වේ. එසේම ඒවා බාහිරය මේ නිසා ඔවුහු සැබෑ විමුක්තිය නොලබන්නෝය.
රාජ්‍යයකට එරෙහිව සටන් වදින කැරලිකරුවන්ගේ අරමුණ උදාර වූ පුළුල් පරමාර්ථ එළැඹුමක් සේ විස්තර කළ හැකිය.එහෙත් අතිශයින් පුද්ගලික වූ අරමුණක් ද රහසිගතව තිබෙන බව විමසුම් ඇසින් බලන විට පෙනී යයි. ඔවුන් බොහෝ විට සටන් වදින්නේ තමන්ගේම වූ පුද්ගලික හේතූන් නිසාය. කැරැල්ලක් යනු කුඩා කුඩා පෞද්ගලික හේතු දහස් ගණනක් ඒක රාශි භූත වූ විරෝධ රැල්ලක් බව සාපේක්ෂණී කියයි.
එහෙත් සුජීව නොහොත් භීම නොහොත් අඳුන් දිවියා නම් වූ කැරලි නායකයා තම කැරලිකාර සාමාජිකයින් මත්තේ පනවා ඇති “විප්ලවීය” තහංචිවල කැටිවී ඇත්තේ කවරාකාර වූ ආත්මාර්ථයක්ද? ඔහුගේ කණ්ඩායමේ කැරලිකාර සාමාජිකයන්ට මධ්‍ය පානය, සූදුව සහ ස්ත්‍රී ඇසුර තහනම් ය. කැරලි නායකයා කප්පාදු කළ පෞරුෂය සහිත නපුංසකයෙකි. කණ්ඩායමේ එකකු ගැහැනියක සමග රමණයේ යෙදෙනු දකින කැරලි නායකයා කෝපයෙන් දැවෙන්නට වෙයි. “උඹ කැරලි ගහන්නේ උඹේ නපුංසක කමට විරුද්ධව. !” ඔහු සමාගමෙි සිටින පූර්ණා නමැති තරුණිය අපහාස වදනින් ඔහු පෙළයි.
සයිමන් නවගත්තේගම එලෙස ලිංගිකත්වය කුහක සුචරිතවාදයෙන් යටපත් කරන නූතන කැරලිකාර නායකයන්ගේ මානසිකත්වය නිරුවත් කරයි. එවිට සාපේක්ෂණීහි යටිපෙළ වර්තමාන දේශපාලනය පිළිබඳ දෙවැනි කතාන්දරයක් වෙයි. සයිමන් මෙතැනදී යුද්ධවල පවතින පිරිමි බව සහ ස්ත්‍රීත්වය අවප්‍රමාණ වීමේ ඛේදවාචකය පිළිබඳ කතා කිරීමට පෙළඹෙයි.
පුරුෂවාදී කැරලි තුළ ලිංගිකත්වය බලයෙන් යටපත් කරනු ලබන්නකි. එහෙත් සාපේක්ෂණී නවකතාව පුරා කියවෙන කැරලිකරුවන් අවසානයේදී අත්විඳින මානසිකත්වය කෙබඳුද? තන්ත්‍රවාදී ඉගැන්වීම්වලින් ශික්ෂණය ලබන ඔවුහු ලිංගිකත්වය යටපත් කර දැමිය යුතු දෙයක් ලෙස තව දුරටත් නොසලකති. ලිංගිකාශාවන් සංතර්පණය කිරීම තුළ ඔවුහු නව ජීවමය බලයක් සාක්ෂාත් කරති. අවසානයේදී සුචරිතවාදී කුහක බව තුළ මිලින වී නොයන ලිංගිකත්වය ඔවුන්ගේ අරගලයේ සජීවී ගාමක බලවේගයක් බවට පත්වෙයි.
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තුවක්කු සංස්කෘතිය විනිවිද දකින සාපේක්ෂණී