ජිම් කැරී නමැති නළුවා රඟපාන චාල්ස් රසල්ගේ ද මාස්ක් චිත්‍රපටයේ වීරයා නොංජලයකි. හදිසියේ සොයාගන්නා වෙස් මුහුණත් පැලඳ ගත් කල නෝංජල්කම ඔහුගෙන් පලායයි .චිත්‍රපටය තුළ වෙස් මුහුණ යනු හැඟවුම්කාරකයකි. වෙස් මුහුණ පැලඳ ගැනීමෙන් පසු රූපාන්තරණය වන චරිතය තුළ ඔහුගේ ප්‍රමෝදය දෘශ්‍යමාන වෙයි. ඇත්තටම සිදුවන්නේ වෙස් මුහුණ පැලඳ ගැනීමෙන් ඔහු රූපාන්තරණය වීම නොව එම ප්‍රමෝදය විසින් ඔහු වෙස් මුහුණක් බවට මාරු කරනු ලැබීමය. the remains of the day නම් නවකතාවේ චරිතයක් පිළිබඳ මනෝ විශ්ලේෂණීය කියවීමක යෙදෙන රෙනෙටා සැකැල් පවසන පරිදි වෙස්මුහුණ පිටිපස කිසිවක් නැත. ඇත්තේ වෙස් මුහුණ පමණක්මය .වැසී තිබේ යැයි අපට බැලූ බැල්මට පෙනීයන තිරය තුළම ආත්මයාගේ සාරය වේ. එකී සාරාත්මක මුහුණ ගවේෂණය කිරීම යනු වෙස් මුහුණ ගවේෂණය කිරීමකි. දර්ශන රත්නායකගේ දූත ගීතය භාෂාත්මක වෙස් මුහුණක්ය. භාෂාව අවිඥානය සේ ගොඩනැගී ඇතැයි ලැකාන් කියා ඇත. දර්ශන කවියා මහත් වූ කවි බසකයි ගන්නා දූත ගීතයේ භාෂාව කියවීම යනු වෙස්මුහුණක් කියවීමය. දූත ගීතය වූ කලී සොර සැමියා සමග පලා ගිය තම බිරිය ගැන සිතමින් සිටින පුරුෂයකු ගේ දුක් ගැනවිල්ලකි . ඔහු තම දුක් ගැනවිල්ල ලේනෙකු සමග පවසයි. ඇය සිටින ඉසව්ව කියා දී තම දුක ඇය සමග පවසන ලෙස කරන අයැදීමක් ලෙස මෙය ඉදිරිපත් වේ. දූත ගීතය වූ කලී සංදේශ කාව්‍ය සම්ප්‍රදාය අනුව සකස් වූ සන්දර්භයක පිහිටි කාව්‍යයකි .
සංදේශ කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ ප්‍රාමාණිකයකු වූ ජී.එස්. බී.සේනානායක දූත ගීතය පිළිබඳ කරන විවරණයක් මෙහි ආරම්භයේදීම දැක්වේ. ඒ ගැන මට කීමට ඇත්තේ පසු ධනවාදී සංස්කෘතික මිනිස්කම අහිමි වී ගිය කෙනකු අඹුව ගැන ලේනුන් සමග දොඩමළු විසින් නොසිටිනු ඇති බවය. එක්කෝ ඔහු කඩු කිරිචි බෝම්බ ආදියෙන් සන්නද්ධව ගොස් බිරිය ආපසු ඇදගෙන එනු ඇත . නැත්නම් සොර සැමියා ඉවරයක් කර දැමීමට පාතාලයේ වෙස් මුහුණුකාරයන්ට කොන්ත්‍රාත්තුවක් දෙනු ඇත. එහි සංදේශ කාව්‍ය යන්නම මේ යුගය තුළ අතාර්කික ප්‍රපංචයකි. එසේ වුවත් දූත ගීතයේ අන්තර්ගතය පිළිබඳ වෙනස් වූ කියැවීමක් මට ඇත. මගේ ඒ කියවීමේ සන්දර්භය ගොඩනගන්නේ perversion of love and hate වියමනෙහි රෙනිටා සැකැල් පවසන පහත සඳහන් ප්‍රකාශයෙනි. එනම් "පෙරළා ආදරය නොකරන කෙනකුට දිගින් දිගටම කෙනෙකු ආදරේ කරන්නේ කුමකටද?" ඇත්ත සැකෙල්ගේ ප්‍රශ්නය තවත් ප්‍රශ්න කිහිපයක අවසන් ප්‍රශ්නයයි.
ඇය කලා නිර්මාණ ගණනාවක් පිළිබඳ මනෝ විශ්ලේෂණීය කියැවීමක් තුළ මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නීය මා උදුරා දැක්වූ ප්‍රශ්නය තුළ දූත ගීතයේ කථානායකයා මුහුණ දී සිටින ශෝචනීය ඉරණම ස්ථානගත වෙයි. දූත ගීතයේ කතානායකයා තම ලේන් මිතුරා හමුවේ විධාරණය කරන විරහව දර්ශන රත්නායක කවියා හරි අපූරුවට කවියට නගා ඇත. එකී කවි පද මතුපිටින් කියවා ගෙන යන කිසිවකුට හැඟී යන දේ නම් අප කථානායකයා තම බිරිය කෙරෙහි ස්නේහයෙන් ඇලී සිටි අචල සිත් ඇති ස්වාමිපුරුෂයකු බවය. ඒකපාර්ශවික වූ මේ ලියැවිල්ල තුළ ඔහුගේ බිරියගේ ගැටලුව ඉදිරිපත් නොවේ. එහෙත් ඔහුගේම ප්‍රකාශයන් තුළ ඇය කවරෙක්දැයි සොයා ගැනීමට අපට අපහසු නැත. ස්වාමිපුරුෂයා තම අචල පතිවත් බව සොර සැමියෙකු සමග පලා ගිය බිරියට එරෙහිව පිහිටුවයි. එවිට ඔහු පරමාදර්ශී අහමක්(ideal ego) බවට තමාම පත් වෙයි . අහම ආදර්ශය යනු සංකේතීය පැවැත්ම තුළ ආත්මයා තමා හඳුනා ගන්නා ස්ථානයකි. එනම් ඔහු හෝ ඇය තමා පෙනී යා යුතු ආකාරය තමාම නිරීක්ෂණය කර ලබන තැන එතනය. දූත ගීතයේ කථානායකයාට අනුව මේ ස්ථානය පාලනය වන නියමය නම් තම බිරිය කෙරෙහි වන ස්වාමිපතිවත් බවයි. විවාහය සහ දරුවන් මේ අාදර්ශය ගොඩනගන සංකේතනීය පිළිවෙල බවට පත්වේ.මේ සංකේතනීය අනන්‍යතාවට ගොදුරු වූ කල ඔහුගේ ආශාව යටපත් කෙරේ. එනම් තමා මුළුමනින්ම සංකේතනීය වූ ව්‍යාජ අනන්‍යතාවකට දෙවනු වී තමාගේ ආශාව ආමාදර්ශය වෙනුවෙන් කැප කරන බවය.එය ඔහු පැලඳගන්නා සංකේතීය වෙස් මුහුණයි. අපට ඔහුගේ ආශාව වටහා ගත හැක්කේ මේ වෙස් මුහුණ කියවීමෙනි. ඉදින් අප ප්‍රේමවන්තයා තම බිරිය හැර වෙනත් කවර හෝ ස්ත්‍රියක සමග සබඳතාවකට තුන් හිතකින්වත් නොපෙලඹෙන බව අපට පෙන්වා සිටී. එහෙත් ඒ පෙන්වා සිටීම වෙස් මුහුණක් පමණකි. එකී වෙස් මුහුණ බැලූ බැල්මට විනීතකම ශිෂ්ටකම හෝ පතිවත් බව අඟවයි ආදර්ශය (ideal ) යනු ආත්මයේ ආශාවේ අනෙකාය. එවිට එකී ආදර්ශය ගොඩනගන විනීතකම ආචාරශීලිකම පතිවත් බව ආදියේ වෙස් මුහුණ වෙස් මුහුණු ලක්ෂණ අප ප්‍රේමවන්තයාගේ ආශාව සමග සහ සම්බන්ධ වෙයි. එනම් අන් ස්ත්‍රීන් කෙරේ ඔහුගේ නොඇලීම සේ පෙනී යන දේ අන් ස්ත්‍රීන් කෙරේ වන ආශාව සේ අපට කියවිය හැකිය.
ස්ත්‍රිය අන් අයකු සමඟ පලා ගියේ මන්ද? ප්‍රේමවන්තයා දෙන ඕලාරික වූ පිළිතුර නම් තහනම් වූ රසයකින් ඇගේ සිත ගල්වීමය. නැත්නම් ඇය වල්මත් වී සිටින බැවිනි. ඒත් ඇත්ත නම් ඇය ඔහු කෙරෙන් මිදී පලායාමට හේතු වූ ඇගේ ගැටලුව ඔහුගේ ගැටලුවක් වන බවය. ඔහු තම ළතැවිල්ල තුළ මන්ද්‍රි දේවිය ගැන කියවයි. නලැ කුමරුට බැඳි දමයන්තිය ගැන මතුරයි.මනමේ කුමරිය තම ස්ත්‍රිය හා සම කරන විට යහපත් යයි සිතයි. ලැකානියානු මනෝ විශ්ලේෂණයට අනුව අනෙකා යනු ආත්මය නිරන්තරයෙන් ගිලී ගන්නා වූ සංකේතනීය ව්‍යුහයකි .ආදරය අනෙකාට සම්බන්ධ වන්නේ කතාව මගිනි. ආදරය කතාවෙත් මතුවන්නේ කිසිදු අවශ්‍යතාවකට සම්බන්ධ නොවූ ඉල්ලීමක් ලෙසය. දූත ගීතයේ ප්‍රේමවන්ත සැමියා ඉල්ලා සිටින දේ එලෙස අවැසිතාවකට සම්බන්ධ නොවේ.මෙතැනදී ආත්මය යනු මූලික අඩුවක් විසින් සලකුණු කරන දෙකඩ වූ ආත්මයකි. ආත්මය ආශාවේ වස්තුව මුණගැසෙන්නේ මේ අඩුව තුළයි. වස්තුව( බිරිඳ) යනු ඒ අනුව ආත්මයාගේ අඩුවයි. එසේම විරුද්ධ භාෂික ලෙස එම විටම මේ අඩුව පුරවාලන්නේ වස්තුව මගිනි. ඒ අනුව බිරියගේ ගැටලුව යනු ප්‍රේමවන්ත සැමියාගේ ගැටලුවයි.ඔහුට අනුව ඇය පලායන්නේ රාගයෙන් මත්වී සිටි මොහොතකය. මේ නැවත කියවීමේදී ඔහු අපේක්ෂා කරන්නේ විරාගී ස්ත්‍රියක බව අපට පෙනී යයි. ලැකාන් අනුව ස්ත්‍රීය යනු පිරිමියාගේ ෆැන්ටසිය වේ. මේ කල්පිත ගැහැනිය පරමාදර්ශී ස්ත්‍රියක වන බැවින් විරාගීය. දැන් මේ ලියැවිල්ල පටන් ගත්තනට ආපසු යන්නේ නම් රෙනෙටා සැකෙල්ගේ ප්‍රශ්නය නැවත ඇසීමට සිදුවේ.එනම් පෙරළා ආදරය නොකරන කෙනකුට දිගින් දිගටම ආදරය කරන්නේ කුමකටද? දෙදෙනෙකු ප්‍රේම කරන විට ප්‍රේම කරන්නා එකී ප්‍රේමය ලබන්නේ තුළ ඇය නොමැති කිසිවක් සොයයි. මේ නිසා පෙම්වතා පෙම්වතිය සමඟ ආදරයෙන් බැඳෙන්නේ ඇය තුළ ඇයට වඩා වූ කිසිවක් ඇතැයි සිතමිනි.ආදරය කරන්නාගේ ආශාව එවිට ආදරය ලබන්නා සඳහා වූ ආදරයේ වස්තුව බවට පත්වේ. එහෙත් එය එතනින් නතර වන්නේ නැත. ලැකාන්ට අනුව ආදරය අර්බුදයට ලක්වන්නේ ආදරවන්තයා මේ කල්පිත වස්තුවේ ෆැන්ටසිය නිර්මාණය කිරීමෙන් නොනැවතී එය ආදරවන්තිය කරා රැගෙන යාම තුළය. එවිට ආදරවන්තිය ද තමාගේ අනෙකා තුළ ඔහුට වඩා වූ එහෙත් ඔහු සතු නොවන කිසිවක් සොයයි. දෙදෙනාටම ඔවුන් සොයන මේ දේ හමුවන්නේ නැත. දූත ගීතයේ බිරිය තම සැමියා අතහැර වෙනත් ආදරවන්තයකු සමග පලායන්නේ තමා සොයන දේ අලුත් ආදරවන්තයකු තුළ ඇතැයි අදහමෙනි. මෙහිදී අපට පෙනී යා යුතු දේ නම් දූත ගීතය යනු ආදරවන්ත සමයාගේ ෆැන්ටසිය බවයි. ජිජැක්ට අනුව fantasy මැදිහත් වන්නේ සංකේතනීය ව්‍යුහය සහ යථාර්ථය තුළ අපට මුණගැසෙන වස්තූන් අතරටය.එවිට දූත ගීතයේ ප්‍රේමවන්තයාගේ ෆැන්ටසිය ලාංකික පිරිමියාගේ ෆැන්ටසිය බවට පත්වේ. දූත ගීතයේ ඒක පාර්ශ්වික වූ ප්‍රේම විලාපයේ වෙස්මුහුණු ස්වරූප එපරිද්දෙන් දත යුතුය.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
දර්ශනගේ දූත ගීතය භාෂාත්මක වෙස්මුහුණක්