පසුගිය සතියේ සුනේත්‍රා ....
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී වීම අවැදගත් බව සුනේත්‍රාගේ පොත ගැන කතා කරද්දි මම කීවෙමි. මගේ මතය නම් ස්ත්‍රීවාදී සාහිත්‍ය ව්‍යාපාරයේ අවසාන ඉරණම විය හැක්කේ උතෝපියානු චින්තන ප්‍රවාහයක අතරමං වීම බවය. ජනතාවාදය මනෝ රාජිකයයි මා නගන මැසිවිල්ල ඒ හැටියටම ස්ත්‍රීවාදී සාහිත්‍යයට ද අදාළ ය. මා කියන මෙවදන් ස්ත්‍රීවාදී විචාරකයන්ගේ නොපහන් බවට හේතු විය හැකි බව මම දනිමි. ඉතින් මේ ස්ත්‍රීන්ගේ ගැටලු ස්ත්‍රී කේන්ද්‍රීය ලෙස විමසිය යුතු බව ඇත්තය.
මෙතෙක් සියලු සමාජ ගැටලුවලට විසඳුම් සෙවුනේ පුරුෂ කේන්ද්‍රීයව වීම නිසා ස්ත්‍රීන් පීඩනයට ලක් වී ඇති බවක් මම පිළිගනිමි. ඒත් මදාම් බොවාරිගේ හෝ ඇනා කැරනිනාගේ ඉරණම ඔවුන් නිර්මාණය කළ පුරුෂ නිර්මාණකරුවන් මත පැටවීම ස්ත්‍රීවාදී විචාරය නම් අසාධාරණය. බෝවාරී මැතිනිය සහ කැරනිනා මහත්මිය සැබෑ ස්ත්‍රී ප්‍රතිරූප නොවන්නේ ඔවුන් පුරුෂ නිර්මාණ බැවිණැයි මේ විචාරකයෝ මැසිවිලි නගති. පිරිමින් ගැහැනුන් වටහා ගන්නවා දකින්නට මේ ස්ත්‍රීවාදීන්ට වුවමනා නැත. එහෙත් ගැහැනුන්ට නම් පිරිමින් ගැන හරි හමන් වැටහීමක් ඇති බව ඔවුන් විශ්වාස කරන්නා සේය. බ්‍රොන්ටේ සෝයුරියන් හෝ ජේන් ඔස්ටින් නිර්මාණය කළ පිරිමි චරිත ගැන කාටවත් දොසක් නොපෙනෙන්නේ ඒ නිසාය . ඇන්තනීබර්ගීස් නම් පුවත්පත් විචාරකයා කියන්නේ ස්ත්‍රීන් විශිෂ්ට නිර්මාණ කරන්නේ නම් තමා තරම් සතුටු වන අන් කෙනෙක් තවත් නැති බවය. හැබැයි ඒ කලාකරුවාට වඩා කලා නිර්මාණය වැදගත් යැයි ඔවුන් පිළිගන්නා දවසට යයි ඔහු උපහාසය දිවේ තොලේ නොගෑවී කියයි. දැන් මම මෙවැනි චින්තන සන්දර්භයක පිහිටමින් පුෂ්පා රම්ලනී පරිවර්තනය කළ තුන්වෙනි රාත්‍රිය කෙටි කතා එකතුව තුළට එබෙමි. මෙම පොතට පෙරවදනක් ලියන සුනිලා අබේසේකර මෙහි සමාජය විසින් පනවන ලද සීමා හේතුවෙන් පීඩාවට පත්වන ස්ත්‍රීන් ගැන කියවෙනවා යයි කීම නිවැරදිය .මේ කෙටි කතා එකතුවේ සෑම කෙටිකතාවකින්ම පුරුෂෝත්තමවාදයේ හිංසනයට ලක්වන ස්ත්‍රීන්ගේ විලාපය නැගෙයි.
සමහර විට අතීත පුරුෂ නිර්මාණ තුළ රූකඩ චරිත ලෙස හැකිලී ගිය ස්ත්‍රීන් මෙම කෙටිකතාවලින් එළියට පැන තමන්ගේ වේදනාව කියාපානවා වැනිය. එකී සමාජ ගැටලු විමසීමේ ස්ත්‍රී කේන්ද්‍රීය බව එසේ වුවත් මෙම කෙටිකතාවල ඇති නිර්මාණාත්මක බව නම් ස්ත්‍රිවාදී සීමා තුළ කොටුවී හැකිලී යන බව මම කියමි. යම් ජන වර්ගයක් තමන් එබඳු ජනවර්ගයක් වීම නිසාම යම් පීඩනයකට ලක්වන බව කල්පනා කරතැයි සිතමු. එවිට ඔවුන්ගේ විමුක්ති අරගලය තුළම යම් සාහිත්‍යයක් ගොඩනැගෙයි. ඒත් මාර්ගික විමුක්තිය නිෂ්ටාව කර ගන්නා එවැනි සාහිත්‍යයක් ඔවුන්ගේ අරගලයේ කිහිලිකරුවක් පමණක් වීම වැළැක්විය නොහැකිය. මහා රුසියානු සාහිත්‍ය වැඩුණේ මිනිසුන්ගේ දුක් පීඩාවන්ගෙන් පෝෂණය වෙමින් වුවත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු දේශය තුළ නිර්මාණකරණය පිරිහී ගියේ එයට නිෂ්ටාවක් නියම වී තිබුණු බැවිනි. ස්ත්‍රීවාදී සාහිත්‍ය විසින් ඔවුන්ගේ නිර්මාණකරණයට නියම කරන නිෂ්ටාව වන්නේ සියල්ල ස්ත්‍රී කේන්ද්‍රීය වූ චින්තන ලෝකයක තිබූ බැවිනි.මේ නිසා නිර්මාණයේ වාර්තා ස්වරූපය ඔවුහු නොසලකා හරිති. සංග්‍රහයේ මුලින්ම එන ලලිතාම්බිකා අන්තර්ජනම්ගේ කුරිරු සම්මතය නම් කෙටිකතාව ගැන බලන්න.පුරුෂ කේන්ද්‍රීය වූ සමාජ තහංචි නිසා පීඩාවට පත් ගැහැනියගේ විලාපය ඉන් ප්‍රතිරාවය වන බව ඇත්තය. එහෙත් කතා ආඛ්‍යානය තුළ ගැහැනිය සභාවක් ඉදිරියට කැඳවා මුළු ස්ත්‍රී වර්ගයා වෙනුවෙන්ම පෙනී සිටීමට සැලැස්වීම ප්‍රචාරකවාදීය. මෙම ප්‍රචාරක වාදී බව කෙටිකතා දෙක තුනක හැර සමස්ත කෘතියේම ආවේණික විලංගුවක් වෙයි. ස්ත්‍රීවාදී සාහිත්‍යයක් බිහිවීමේ බිජුවට වන්නේ තමා එහි තනිවී සිටින බව ගැහැනියට හැඟීමය.මේ පරාරෝපිත හැඟීම ආත්ම විලාපයක් සේ පුපුරා යාම අද ස්ත්‍රීවාදී සාහිත්‍යය වී ඇත. මෙබඳු ලාංකීය වූ සාහිත්‍යයක් සේ කැපී පෙනෙන ලේඛිකාවක වූයේ තිළිණා වීරසිංහය. ඇගේ නාඳුනන ගැහැනිය සහ පිටුවහල් කළ තරුණිය වැනි කෙටිකතා තුළ ප්‍රකාශයට පත් වූයේද එම ආත්මීය විලාපය පමණකි. ඇගේ ආඛ්‍යානයේම වාර්තාකාරී විය. එහෙත් සිමොන් ද බෝවා සහ ඉසබල් ඇලන්ඩය වැනි ලේඛිකාවන්ගේ නිර්මාණවල පවතින නිර්මාණශීලී බව ඊට වෙනස් වන ආකාරය විමසීම මේ ස්ත්‍රීවාදයේ කර්කශ බවට ඔසුවක් විය හැකි යැයි මම යෝජනා කරමි. දැන් යළිත් මේ කේරළ කෙටිකතා ගැන කතා කරන්නේ නම් නූතන සාහිත්‍ය තුළ ස්ත්‍රීවාදය ප්‍රකාශයට පත්වීමේ දී පිළිබිඹු කරන සීමාවන්ගෙන් මෙම කතා සියල්ලම පීඩා විඳින බව මම කියමි.
මේ කතාවලින් නිරූපණය වන්නේ තමන් වෙත පැමිණෙන සියලු වේදනා විඳ දරා ගනිමින් ඉවසා සිටින අසරණ ස්ත්‍රීන් පිළිබඳවය. වී.සරස්වතී ගේ දැල එළීම නම් කතාව එවැන්නකි. මේ පීඩාව ජීවිතය සමඟ කොතෙක් බැඳී පවතීද යන්න පිළිබඳ විවාදයක් නැත ඒත් නිර්මාණාත්මක සාහිත්‍ය ආඛ්‍යානයේ ඒ හැටි දුරක් යාමට මේ තේමා ප්‍රබල නොවේ. මෙම කෙටිකතා ලියන බොහෝ කෙටි කතාකාරියන් ප්‍රචාරාත්මක ලෙස ස්ත්‍රී කේන්ද්‍රීය වූ මතවාද කතාව අතරට රුවන්නේ එබැවිනි. සරස්වතී අම්මා ඇගේ කෙටිකතාව අවසන් කරන සැටි කියවා බලන්න.ඔහු වික්ෂිප්ත වූයේ අසාමාන්‍ය රූප සම්පත්තියෙන් හා යහපත් ගුණාංග වලින් පිරිපුන් ඇයවන් ගැහැනියක් විවාහක නම් විවාහය නම් ශුද්ධ වූ අල්තාරයේ පිදුම් නොලබා කෙනෙකුගේ කායික සතුට වෙනුවෙන් වෙළෙඳ භාණ්ඩයක් අලෙවිවීම මෙම කථනයන්හි ඇති අනෙක් දුර්වලතාව නම් ඒවා විස්තරාත්මක වන නමුත් ප්‍රමාණවත් තරම් විචාරශීලී නොවීමය.මේ කෙටිකතා කිසියම් ප්‍රබලතාවකින් ගැටලුවේ මතුපිට ස්පර්ශ කරයි. ඒත් ඒවාට පිට දුන් සමාජ හෝ මානසික සංරචකයන් වෙත ගැඹුරට කිඳී බලන බවක් පෙනී යන්නේ නැත. මේ නිසා ස්ත්‍රීන් සූරාකෑමේ වටපිටාව නිර්මාණය වන ආකාරය සිදුවීම් අතරින් ගිලිහී බිමට ස්ත්‍රීන්ගේ ගැටලුවල වගඋත්තර කරුණු ලෙස පහසු ඉලක්කය වන්නේ පුරුෂයාය. ඒත් ස්ත්‍රීන් ම ස්ත්‍රීන්ගේ පීඩකයන්වන අවස්ථා කොතෙක් වේද කතා වස්තු ලුහු බැඳීමේදී මෙම කේරළ කතාකාරයන් එසේ සීමාන්තික වීමෙන් පුද්ගලත්වය ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව විමසීමේ මග අහුරා ගනී. එහෙත් මේ සීමාවන් තුළ සිටිමින් md රෙන්නම්මා ලියන වැස්සී නම් කෙටි කතාව සිත් කම්පනය කරනසුලු අත්දැකීමක් වෙයි.එම කෙටිකතාවේ කනකම් නමැති ගැහැනිය තම ස්වාමිපුරුෂයාගේ ආදරය දිනා ගැනීමට දැනුම් අතරට වැඩීම යථාර්ථවාදී කෙටිකතා ආඛ්‍යානය තුළ කලාත්මක පිරිපුන් බවක් දරා ගනී. අනෙක් අතට ඉන් ගැහැනිය තිරිසනුන් කොට සිතන පුරුෂවාදී ආකල්පය ඇය තියුණු උත්ප්‍රාසයකින් නිරුවත් කොට දක්වන්නීය. දෘෂ්ටිවාදයක් ලෙස ස්ත්‍රීවාදය නිර්මාණ සාහිත්‍යයට විලංගුවක් වන බව මගේ කල්පනාවය. මෙම කේරළ කෙටිකතා ගොඩ පවා නිර්මාණාත්මක සීමාවන් තුළ සිරගත වන්නේ එබැවිනි. ඒත් මේ සියලු සීමාවන් මැද නූතන සාහිත්‍ය ව්‍යාපාරය තුළ ස්ත්‍රීවාදය වැදගත් මෙහෙවරක් කරන බවද මම කියමි. සමාජය තුළ ස්ත්‍රියකගේ භූමිකාව කවරේදැයි විමසන්නේ ස්ත්‍රීවාදී සාහිත්‍යයයි.ඒ නිසා එයට ලාංකීය සාහිත්‍ය තුළ පවා නවපන්නේ එළැඹුමකට අවකාශ ඇත. එයින් මේ ස්ත්‍රීවාදී කේරළ කෙටිකතා සිංහලයට නැගීම වැදගත් මෙහෙවරක් බව මම නොපැකිළව කියමි.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
නිර්මාණ සාහිත්‍යයට විලංගුලන ස්ත්‍රීවාදය