ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝපසාං තම කෙටිකතා රචනයේදී බර තැබුවේ කතා රසය මතය. ඔහුගේ කෙටිකතා මුල මැද අග සහිත සම්පූර්ණ කෙටිකතා විය.
බණ්ඩාර සෙනෙවිරත්න නම් අප්‍රකට ලේඛකයකු විසින් කලකට පෙර මෝපසාං යළි පරිවර්තනය කර තිබිණි . අප්‍රකට යයි කිව්වාට අරලගංවිල වසන වෘත්තියෙන් වෛද්‍යවරයකු වන බණ්ඩාර කලා කටයුතු විෂයෙහි ගායක් ඇත්තෙකි. ගායනයේ සමත්කමක් ඇති ඔහු වික්ටර් රත්නායක පිළිබඳ පොත් පිංචක් ලියා ඇති අතර තව පොත් කීපයක් පරිවර්තනය කර තිබුණ බව මට මතකය.
මෝපසාං ගේ කෙටිකතා දෙකක පරිවර්තන අඩංගු වන්නේ බණ්ඩාර සෙනෙවිරත්න ලියූ කෙටිකතා කීපයක පරිවර්තන සහිත පොතකය.කලකට පෙර මේ පොත සහ ඔහු පරිවර්තනය කර තිබූ තවත් පොතක් ජනගත කරන අවස්ථාවකදී කතා කිරීමට මට සිදු විය. මෝපසාං නැවත කියවීමට මට එය අවස්ථාවක් සැපයුවේය.
මෝපසාංගේ විශේෂත්වය නම් තම කෙටිකතා වල එන පාත්‍ර වර්ගයා වෙත මනෝ විද්‍යාත්මකව එබී බලන්නට කරදර නොවීමය. සම්ප්‍රදායිකව ඔහු කෙටිකතා ලෙස ගත්තේ සංයුක්ත ආකෘතියකි (compact form). එනම් සිදුවීම් එකටෙක ගැට ගැසුණු පරිපූර්ණ බවක් ඔහු තම කෙටිකතාවලට ගෙන දුන්නේය. මේ නිසා චරිතවල විස්තර තම කෙටිකතාවේ ආඛ්‍යානික සීමාව තුළ සිදුවිය යුතු දෙයක් ලෙස ඔහු ඇදහුවේය.
දීර්ඝ කාලයක් තිස්සේ මෝපසාං සැලකුණේ සමාජ මතුපිට ගැන පමණක් කරදර වීමෙන් චරිතයක ආත්මය හෝ එකී චරිතයාගේ මනෝ භාව ගැන නොසලකා හළ නොගැඹුරු ලේඛකයකු ලෙසයි. බණ්ඩාර සෙනෙවිරත්න සිංහලට නැගීම සඳහා තෝරාගෙන තිබුණ තවත් ලේඛකයකු වූයේ 1882 සිට 1910 දක්වා කාල පරාසය තුළ ජීවත් වූ ඕ.හෙන්රි (O. Henry) නම් අමෙරිකානු ලේඛකයාය. හෙන්රි වුව බොහෝ විට සැලකුණේ ගී ද මෝපසාං කතා කරුවාගේ අමෙරිකානු අනෙකා ලෙසය.
කෙසේ වුවත් තමා අනුදත් ශෛලියට වෙනස්ව මෝපසාං ලියා තිබූ එකම කෙටිකතාව ලෙස සැලකෙන The Horla බණ්ඩාර මෙහිලා පරිවර්තනය කරයි. එම කෙටිකතාව උමතු වූවකුගේ දින සටහන් ලිවීමක් ලෙස මෝපසාං ඉදිරිපත් කරයි. එය ඉතා ගැඹුරු මනෝ විද්‍යාත්මක එළැඹුමකි.
මෝපසාං ලියූ එක්තරා කෙටිකතාවක ඉංග්‍රීසි පරිවර්තන දෙකක් මට කියවීමට ලැබී ඇත. ඉන් එක් පරිවර්තනයක් වුණේ Grave Yard Sisterhood නමැති කෙටිකතාවයි. එයම ප්‍රංශ බසින් Tombstones යනුවෙන් ඉංග්‍රීසියට පෙරළී ඇත. මෙම කෙටිකතාවේ එන ගැහැනිය එහි කථකයාට හමුවන්නේ සොහොනකදීය. ඇය තම මළ සැමියාගේ සොහොන ළඟ වැලපෙමින් සිටිනු ඔහු දකී. ඇගේ වැලපිල්ල අසා කම්පාවට පත්වන ඔහු ඇය අස්වසයි. අන්තිමේදී ඔහු සමග යන ඇය සතියක පමණ කාලයක් ඔහුගෙන් යැපෙමින් ඔහු සමග සසඟෙහි යෙදෙමින් කල ගෙවයි.
එම නගරයෙන් පිටත්ව යන මේ මිනිසා කාලයකට පසු පැමිණ ඇය හමුවූ සොහොනෙහි ඇය සිටීදැයි සොයයි. ඔහු දකින්නේ වෙනත් සොහොනක් ඉදිරියේ වැලපෙන ගැහැනියයි. එම ස්ථානයට එන තැන පුරුෂයෙක් ඇයගේ ඊළඟ ගොදුරය. ඇය මෙසේ වැලපුණේ තම ජීවිකාව උපයා ගැනීමටය.මෝපසාං කිසි විටෙකත් ඇගේ ආත්මයට එබී බලන්නට වෑයම් කරන්නේ නැත.
මෝපසාං සොහොන්කොත් කෙටිකතාවේ ගැහැනිය නිරූපණය කරන්නේ ඇගේ ඇත්මීයතාව කතාව තුළට නොකැඳවමිණි. එසේ වුවත් බොහෝ නූතන කෙටිකතාකරුවන් වෑයම් කළේ කතා ආකෘතිය නොබිඳ මහත් වූ මනෝ විද්‍යාත්මක වියමනක් සැපයීමටය. මෝපසාං කළේ චරිතයේ බාහිර විස්තරයකින් සැනසීමය. එහිදී චරිතයාගේ ශාරීරික හා සිවිල් තත්වය පිළිබඳ විස්තර ඔහු අපට සපයයි. දහනව වන සියවසේ සිටි කෙටිකතාකරුවා චරිත දකින්නේ එලෙසය.
ඔහුගේ උසස් නිර්මාණයක් ලෙස සැලකෙන (බණ්ඩාර සෙනෙවිරත්නගේ පරිවර්තන කලාලයට හසුවන) කෙටිකතාවක් නම් Le boulle de souffe නම් කතාවය. මෙහි එන Boulle de suif (මෙම ප්‍රංශ නමෙහි ඉංග්‍රීසි පරිවර්තනය නම් Tallow Ball යන්නය. එහි අරුත වන්නේ මේද ගුලිය යන්නය.) මේ චරිතය විස්තර වන්නේ ස්ථූල ශරීරයක් ඇති ගණිකාවක ලෙසය. මේ කෙටිකතාව බණ්ඩාර සෙනෙවිරත්න සිංහලට නගන්නේ සිවුවෙනි වතාවටය. මට මතක ඇති පරිදි සිරිල් සී පෙරේරා මීට අවුරුදු පනහකට පමණ පෙර වෙඬරු ගුලිය නමින් සිංහලට පරිවර්තනය කළේය. කේ. ජී. කරුණාතිලක එයම ඉටි බෝලේ නමිනුත් ටී. අන්ද්‍රාදි පිටි මුට්ටය ලෙසත් සිංහල කරයි. බණ්ඩාර සෙනෙවිරත්න එය පරිවර්තනය කරන්නේ “පරිත්‍යාගය” නමිනි.
ඇත්තෙන්ම එහි පරිත්‍යාගයක් නැත. ගණිකාවක් තම සිරුර සතුරු හමුදා නිලධාරියාට පිදීමෙන් ඇයට සහ අනෙක් අයට නිරූපද්‍රිතව පිටව යාමට ලැබෙන බව ඇත්තය. එහෙත් අනෙක් අය සිතන්නේ ගණිකාවක් වූ ඇය තම සිරුර සතුරකුට හෝ පිදීම ඇගේ වෘත්තීය මෙහෙවරක් ලෙසය.ඇත්ත. මෙතනදීත් මෝපසාං සමාජ වටිනාකම් ක්‍රියාකාරී වන සැටි පෙන්වයි. හැබැයි ඔවුන්ගේ චරිතවලට මනෝ විද්‍යාත්මකව සමීප බවක් පෙන්වන්නේ නැහැ.
මෙම කෙටිකතාවේ විශේෂත්වය වන්නේ ඇගේ ශරීරයයි. මෝපසාංගේ අභිප්‍රාය නොසලකා හැර මනෝවිශ්ලේෂණීය ලෙස මෙම කතාව පිළිබඳ කියවීමකට එළැඹුණ හොත් ස්ථූල ශරීරයකට ලොබ බැඳි හමුදා නිලධාරියකුගේ විපරිත කාමය(perversion) අපට හමු වෙයි. මේ නිසා මෝපසාං ගේ කෙටිකතා තුළ විස්තර වන චරිත වල ශරීර ස්වාභාවය අපට නැවතත් කියවීමට පිළිවන.
හැබැයි මෝපසාංට පටහැනි ලෙස අපේ කාලයේ මිලාන් කුන්දේරා තම කෙටිකතාවල චරිත පිළිබඳ වද වෙයි. ඔහුගේ Hitchhiking Game (මෙම කෙටිකතාව මීට අවුරුදු විසි හයකට පෙර (1998) මා ආගන්තුක සෙල්ලමක් නමින් සිංහල කළෙමි. බලන්න (නොනිමි පෙරවදන) නම් කෙටිකතාවට ආත්මීය බව අදාළ නොවන්නේ නම් කිසිදු අරුතක් නැති තරම් ය. එම කෙටිකතාවේ ප්‍රධාන කාරණය නම් උපරි සංවේදිතාව (over sensitivity) සහ උපරි ප්‍රති ක්‍රියාව (over reaction යන කාරණා කුන්දේරාගේ ගවේෂණයට ලක් වීමය. මේ නිසා කතාව නිම වන්නේ තම පෙම්වතා සමග අහිංසක ක්‍රීඩාවක නියැළෙන තරුණියට තම අනන්‍යතාව අහිමි වීමෙන් ය. මෝපසාං නූතන කෙටිකතා කරුවාගෙන් වෙන්වන තැන එතැනය.
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෝපසාං පතුරු ගැසීම