මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන මගේ ඒ හැටි විශ්වාසයක් නැති බව ඇත්ත. මට හිතන විදිහට චරිතාපදානවලදී එහි කේන්ද්‍රීය චරිතය ඔහුට හෝ ඇයට වඩා වූ කිසිවකු බවට පත්වෙනවා. මේ නිසා චරිතාපදාන හැම විටම භාවාතිශය රචනාවක් වීම වළක්ව ගන්න බැහැ. චරිතාපදාන ගැන විශ්වාසය බිඳී යාමට මට තවත් හේතුවක් වන්නේ දේවල් අවරෝධනය කිරීම එහි ප්‍රමුඛ ලක්ෂණයක් වන නිසයි. එය ස්වයං චරිතාපදානයක් නම් අවරෝධනය කිරීම බහුල වෙන්න පිළිවන්. චරිත කතාවේ වීරයා සර්ව නාමයක් නම් ඒ ලියැවෙනවා ඇත්තේ එක්කෝ ඔහු හෝ ඇය මුරුංගාත්තේ තැබීමට. එහෙම නැත්නම් එම චරිතය විනාශ කර දැමීමට. චරිතාපදානයක කේන්ද්‍රීය චරිතය( ඒ ස්වයං චරිතාපදානයක් වූ විට) හරියටම කියවන්න නම් කතුවරයා අවරෝධනය කළ තැනින් අල්ලගන්න වෙනවා.
සුන්දර ලියන චරිතාපදානයේ කේන්ද්‍රීය චරිතය වන්නේ තමන් ඉගෙන ගත් පාසල් මව.(alma mater) මෙවැනි ලිවීමක් තුළ අපට හඳුනාගන්න පිළිවන් වන රෝග ලක්ෂණය තමයි නොස්ටැලිජියාව ( Nostalgia ) නැත්නම් අතීතකාමය. කෙනකුගේ ජීවිතයේ මුල් අවදියට සිතින් ආපසු යාමට ඇති බලවත් ආශාව අතීත කාමය ලෙස නිර්වචනය කරන්න පිළිවන්. ශබ්ද කෝෂකරුවන් බොහෝ විට අතීතකාමය විස්තර කරන්නේ නිවසින් බැහැරව නේවාසිකව සිටින අයකු තුළ ආපසු නිවස වෙත යාමට ඇති ආශාව නිසා ජනිත වන කාංසාව ලෙසයි. එහි ඇත්ත ස්වරූපය නම් එය අත්දකින්නේ වේදනාවක් ලෙස වීමය. ඇත්තටම නම් එය අතීත වේදනාවකි. අතීතකාමය තුළ මතුවන වේදනාවට හේතු වන්නේ වර්තමානය පිළිබඳ කලකිරීමය.( ඒ අර්ථයෙන් ගත්විට මහින්දෙ තමයි ඉස්කෝලේ කෘතිය තුළ කුණුවුණු වර්තමාන සමාජය පිළිබඳ කලකිරුණු මිනිසකු අපට හමුවෙයි) ජාතිකමය වශයෙන් වුවත් වර්තමානයට වඩා අතීතය අපට සෞභාග්‍යවත් වූ බවට විශ්වාස කිරීම අද ජනප්‍රිය ලක්ෂණයක්. එහෙත් ඇත්ත කාරණය නම් අතීතය එලෙස තොරොම්බල් කරන තරමින් සෞභාග්‍යවත් සාමකාමීවත් නොවූ බවය. එලෙස අගය කරන අතීත සමාජය තුළත් භික්ෂූන්ගේ ලේ සෙලවුණා. අතීතකාමය රෝගයක් වන්නේ එම ඇත්ත අමතක වීම තුළයි. අතීතකාමය යනු අතෘප්තිය සහ ද්වේශයේ නිෂ්පාදනයක් ලෙස සමකාලීන මනෝවිශ්ලේෂණය හඳුනාගන්නවා. වර්තමානය සහ අතීතය අතර වන දොම්නස සමනය කරන්නේ එමගින්. අතීතකාමය බරපතළ වන විට ඉන් පෙළෙන්නන් ප්‍රචණ්ඩකාරී වෙන්ඩ පිළිවන්. තම තමාගේ රට පිළිබඳ මහත් ඉහළින් සිතන විට අතීතකාමය කරළියට එනු ඇත්තේ රණකාමී මුහුණුවරකින්. අතීතකාමය සුන්දර නිහතමානි ද මැල්ට පෙර සිටි සියලු කවීන් සහ ලේඛකයන්ගේ නිර්මාණ තුළ පවා තොරොම්බල් වුණ තේමාවක්. හෝමර්, හිපො ක්‍රීටස් වැනි පුරාතන රචකයන් සේම බයිබලය පවා අතීතකාමී වූ තැන් තිබෙනවා. බයිබලය එසේ අතීතකාමී වූ අවස්ථාවක් මෙසේය. Yea,We wept when we remember zion කලකට පෙර බොනී.එම් ( Boney .M) නමින් ප්‍රකට වුණ සංගීත කණ්ඩායමක ජනප්‍රිය ගීයක පදවැලක් වුණේ එම බයිබල් පාඨයයි.
මීට බොහෝ කලකට පෙර ගුණදාස අමරසේකර තමා මේ ගීයට ඉතා කැමති බව පුවත්පතකට කියා තිබුණා මට මතකයි. අමරසේකර එම අතීතකාමී ගායනයට කැමති වීම පුදුමයක් නොවේ. හෝමර් අපට කියන්නේ යුලිසීස් වීරයා විසි වසරක් තිස්සේ තම නිවසට පැමිණීමට නොහැකිව සිටියදී නිවස සිහි වූ විට බිම පෙරළී වැලපුණු බවයි. අපගේ බෞද්ධ සාහිත්‍යය මුළුමනින්ම වාගේ අතීතකාමී වූ ලියවිලි. පූජාවලිය යනු පුරාතන ලාංකීය සමාජය පිළිබඳ අතීතකාමයක් ලෙස දකින්න පිළිවන්. ඇත්ත. මේ සුන්දරගේ පොත පිළිබඳ විචාරයක් නොවෙයි. එහෙත් ඉහත සඳහන් කළ අතීතකාමයේ සෙවණැලි මෙම කෘතිය තුළ පවා දකින්න පුළුවන්. විශේෂයෙන්ම පුවත්පත් කතුවරයෙකු ලෙස ජනමාධ්‍ය නිදහස පිළිබඳ ඔහු තුළ පවතින නොපහන් බව සහ වේදනාව ප්‍රකට වන තැනක් නම් අසුවියේදී ඔහු පළ කළ බව කියන බබලු සඟරාවට අත් වූ ඉරණමයි. එය තහනමට ලක්වූයේ එහි ලියා තිබූ විවාදාත්මක කතුවැකිය නිසයි. මෙම පොත දොරට වැඩිය දා පළමු කථිකයා ලෙස මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර එම සමස්ත උත්සවයම " අල" කර දැමූ බව ඇත්තය. එහෙත් තමා නම් කිසි දිනක මෙවන් පොතක් නොලියන බව ඔහු පවසන විට ඉන් පළවුණේ ද අතීතකාමයක් බව ඔහුට නොවැටහිණි එය හරියටම නම් අතීත වේදනාවකි. අතීතකාමයක්(nostalgia ) ලෙස නම් එය සුන්දරගේ වේදනාව තරම් අහිංසක නැත. මට මතක හැටියට මේ පොත ලියන කාලයේ සුන්දර කතුකම් කළේ සිළුමිණ පත්තරේ. ඒ කියන්නේ ආණ්ඩුවේ පත්තරේ. ඉතින් සුන්දර මහින්ද තමයි ඉස්කෝලෙ කියනකොට එකල ආණ්ඩුවේ නායකයා ගේ චින්තනය පිළිබඳ ප්‍රවාදයක් ඉස්සරහට පනින එක වළක්වන්න බෑ.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
’ මහින්දෙ තමයි ඉස්කෝලේ ’ අතීතකාමයේ කැඩපතක්