අජිත් තිලකසේනගේ සුන්නද්දූලි හි පළවෙනි කෙටිකතාව වූ “වැද්දන් සමග යුද වදින්නට” තුළ කියවෙන්නේ යථාර්ථය සේ ගන්නා මායාවෙන් නැතහොත් ප්‍රබන්ධයෙන් එළියට පැන සැබෑ යථාර්ථය නැතහොත් ප්‍රකෘතිය තුළට වැදීමට ඇති ආශාවෙන් ආතුර වූ දෙදෙනකු පිළිබඳවය. සිබීරා යනු බල්ලෙක්ද මොකෙක්ද කියා හරියට කියා දීමට වත් මංගලිකා කවරාකාර මනුෂ්‍ය ප්‍රාණියෙක්දැයි කියන්නටවත් කෙටිකතාකරුවා උනන්දු නොවෙයි. සාම්ප්‍රදායික ලෙස ඔහු භාෂාව භාවිත කරමින් එය විස්තර කළා නම් එහි අධිකාරි බලය තුළ ලේඛකයාත් පාඨකයාත් යන දෙදෙනාම හෙම්බත් වීමට ඉඩ තිබිණි.
අප සාමාන්‍ය ජීවිතයේදී කතා බහ කරන වචන වලට යම් අරුත් දී තිබෙන බව සැබෑය. එහෙත් එම අරුත් අපම දුන් ඒවා මිසෙක සැබෑ අරුත්ද? අප කතා කරන දෙබස අපට අවැසි දේ නොකියයි. අජිත්ට අවශ්‍ය වී ඇත්තේ එකී නොකියවෙන දේ ලිවීමටය. ඔහුගේ සංවාද, විස්තර අප විශ්වාසයට ගෙන සිටින මායාවී ලෝකයට වෙනස් වන්නේ එබැවිනි. එහෙත් ඔහු ස්පර්ශ කරන්නේ එකී සැඟවී තිබෙන “සැබෑ යථාර්ථයයි”.
නිර්මාණකරුවකු ලෙස අජිත් තිලකසේන තුළ දැවෙන භාෂාව පිළිබඳ අවිශ්වාසය. ඔහුගේ කෙටිකතාවල එන පාත්‍ර වර්ගයාගේ සිතිවිලි හරහා එළියට එන අයුරු අපට දක්නට පිළිවන. රූපාන්තරණය නම් කෙටිකතාවේ චරිතයක් වූ චන්ද්‍රසේන මෙසේ කියයි.
“මම මොනව කිව්වත්, කියල කට ගත්විටම නොකියවුන හරියක් කටේ ඉතුරු වෙනවා. මම කිසිවක් කියන්න කට අරිත්ම කඩා බිඳගෙන අනවසරයෙන් වැගිර ගන්නා වචන මට සවන් වැකෙන්නේ පාරිභාෂික ශබ්ද වැනි කෙඳිරිලි පරිද්දෙන්. වචන මට ප්‍රමාණවත් නොවෙයි.”
- සුන්නද්දූලි 50 පිටුව.
ඒ විදියටම “දිදුලන අලුත් ලෝකයක්” කියන කෙටිකතාවේ එන දල්පදාදු වචනවල තියෙන බෙලහීනකම ගැන කෑමොර දෙන්නේ මෙසේය.
“වචන මට එපා වෙලා. අයිසේ සුගුනපාල මගෙ වචන මගේ තොල් දෙකත් වේලවල. චක බක ගාන්නෙ නැතුව වෙන නැද්ද විදිහක් අපට කතා කරන්න. තැපැල් කන්තෝරුවෙදි වගේ තිත් වලින් ඉරිවලින් විස්තර ගොනු කර ගන්ඩ පුලුවන් විදියක්”
සුන්නද්දූලි 61 පිටුව.
සාම්ප්‍රදායික භාෂාව අප මුළා කරන බව වටහා ගැනීම නිසා සැබෑ යථාර්ථය ස්පර්ශ කිරීමේ විවිධ ක්‍රමවේදයන් බිහි වෙයි. මට හිතෙන අයුරින් අජිත් තිලකසේන පරිදිම භාෂාව කෙරේ නොපහන් වූ නූතන බටහිර ලේඛකයකු නම් ඉතැලෝ කැල්විනෝය. කැල්විනෝගේ The Castle of Crossed Destinies නම් කෘතියේ කියවෙන්නේ වනාන්තරයක අතරමං වූ පිරිසක් පිළිබඳවය. ඔවුන් සියලු දෙනාම මහ වන මැද පිහිටි කිසිවකු නොමැති විශාල මාලිගාවකදී හමුවෙති. එහෙත් කිසිවකුට කතා කළ නොහැකිය. ඇත්තටම නම් ඔවුන්ගේ කතා කිරීමේ බලය ගුප්ත ලෙස පැහැර ගෙනය. එහි එන පාත්‍රයෝ වචන කෙරේ වන අවිශ්වාසය නිසා කඩදාසි සෙල්ලමක් මගින් ඔවුන්ගේ අත්දැකීම් සන්නිවේදනය කර ගනිති.
ඔවුහු ටැරෝ (Tarot) නමැති කාඩ් 78 කින් යුතු ක්‍රීඩාව මගින් භාෂණයේ නියැළෙති. මේ කඩදාසි කුට්ටමේ ඇති පින්තූර කෘතිය පුරාම කැල්විනෝ භාෂාවක් ලෙස භාවිත කරයි. එකී පින්තූර පිටුවේ දෙපස නගා ඇත.කැල්විනෝ මේ ආකෘ තිය තුළ පළ කරනුයේ භාෂාව (වචන) කෙරේ ඔහු තුළ වන නොපහන් බව සහ නොපෑහීමය.
මේ ආකාරයටම මිලාන් කුන්දේරා ද ඔහුගේ නවකතාවල භාවිත කරන වචනවලට ඔහුම නිරුක්තීන් (aphorism) සපයයි. ඔහු වරක් තමා එම වචන භාවිත කර ඇත්තේ කවර අරුතකින්ද යන්න පැහැදිලි කිරීමට කුඩා ගැටපද විවරණයක් පවා සකස් කර ඇත. ඔහුට අනුව නවකතාව යනු දුරවබෝධ වූ නිර්වචන ගවේෂණය කිරීමකි. මේ හැම දෙයකින්ම පැහැදිලි වන්නේ භාෂාව අප මුළා කරන බව තේරුම් ගෙන එම මුළාවෙන් ගැලවී යථාර්ථය යළි කියවීමේ වුවමනාවෙන් ඔවුන් ලියූ බවය.
මෙහි එන සුන්නද්දූලි නම් කෙටිකතාව (එය වෙන්ව ගෙන කියවීමේ අවස්ථාව මේ වනවිටත් ඔබට ලැබී ඇත.) බෙලහීන බව (impotency) කේන්ද්‍රීය තේමාව ලෙස ගත් දෘෂ්ටාන්තයක් ලෙස මම කියවමි. හැමවිටම හැඟවුම්කාරකයේ කොන්දේසිය වන්නේ එය තවත් හැඟවුම්කාරකයක් වෙනුවෙන් ආත්මය හැඟවුම්කරණය කරන බවය. අප යම් කලා කෘතියක දෘෂ්ටාන්තමය කියවීමක් වෙත පිවිසෙන්නේ එම කොන්දේසිය ප්‍රකාරවය. එම කතාව ඇරඹෙන්නේ ලිංගිකව අප්‍රාණික පුරුෂයකු ඉදිරියේ අසරණ වන ස්ත්‍රියකගේ විලාපයක් ලෙසය. එහෙත් එය අවසන් වන්නේ යුද්ධය විසින් අකර්මණ්‍ය කළ සමාජයක බෙලහීන බව පිළිබඳ දෘෂ්ටාන්තයක් බවට පත් වෙමිනි.
ආත්ම මූලිකත්වය හැමවිටම අඩුවක් සහිත කිසිවකි. සමස්ත කෙටිකතාව පුරාම කේන්ද්‍රීයව පවතින්නේ ආත්මයාගේ එකී අඩුව පිළිබඳ කියවීමය. අනෙක් අතට මෙම කෙටිකතාව තුළ කිසියම් දෘෂ්ටිවාදී ආත්මයක් මනෝ විශ්ලේෂණීය ආත්මයක් බවට පොලාපැනීම නිරූපණය වේ. මෙම නිර්මාණ විලාසිතාවේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන්නේ අජිත්ගේ භාෂාව භාවිතයයි. මෙම ලිපි පෙළ තුළ මා දිගින් දිගට කියමින් සිටි කරුණු මෙම කෙටිකතාව තුළ කුලු ගැන්වෙන ආකාරය ගවේෂණය කරන්න.
එසේම මෙමගින් පළවන්නේ යථාර්ථවදයේ බෙලහීන බවය. කෙටිකතාකරුවා එකී බෙලහීන බව ජය ගන්නේ භාෂාවේ බෙලහීන බව එළිදරව් කරමිනි. එක් අතෙකින් සුන්නද්දූලි කෙටිකතාව මීට පෙර අජිත් අත්හදා බැලූ මකනයට යටත් කර ලිවීම වෙනත් ආකාරයකින් නැවත කැඳවයි. මෙය යථාර්ථවාදය ඉක්මවා නූතනවාදී ස්වරූප ගන්නේ ඒ අනුවය. ඔහුගේ ශෛලිය කිසිවිටෙක පශ්චාත් නූතන ලිවීමක් ලෙස නොසැලකිය යුතු බව මම අවධාරණය කරමි.
සිංහල සාහිත්‍යය තුළ ආත්මීයතාව (subjectivity) විද්‍යාත්මක ලෙස ගවේෂණය කිරීම ආරම්භ කළේ අජිත් තිලකසේනය. සුන්නද්දූලි තුළ කැපී පෙනෙන වැදගත් දේ නම් ඔහු සමාජය මහත් කොට නොසැලකීමය. කොටින්ම සයිමන් නවගත්තේගම තරම්වත් අජිත් තිලකසේන සමාජ විපර්යාස මායිං නොකරයි.ඔහු විශ්වාසයට ගන්නා පරිදි විශ්වය තිබෙන්නේ සමාජ කුලක තුළ නොව ආත්මීයතාව තුළය. එක් එක් පුද්ගලයාගෙන් වෙනස් වන මේ විශ්වයන්ගේ අරුමය භාෂාව සාහිත්‍යය පමණක් නොව දේශපාලනය විසින් ද පැහැරගනු ලැබ ඇත. අජිත්ගේ නිර්මාණකරණය තුළ පළ වන්නේ එය තෝරා බේරා එළියට ගැනීමේ පොහෝණා භාෂාත්මක රසායන විද්‍යාවයි. අජිත්ගේ නිර්මාණ කරණය විද්‍යාවක් නම් එය කියවීමට විද්‍යාවක් අවශ්‍ය බව මා කියන්නේ එබැවිනි.
සාහිත්‍ය නිර්මාණවල අර්ථ ගවේෂණය කිරීම විචාරය කරගත් ශබ්දාර්ථ විද්‍යාව (semiotics) එහිදී අසරණය. සැබවින්ම නූතනවාදී ලේඛකයන් කියවීමේ යතුර නැතිවී නැත. නිර්මාණකරුවා තම නිර්මාණය තුළ ප්‍රකාශයට පත් කරන සංඥා ගොන්න හරහා සංකල්පගත වීමේ විද්‍යාව තුළ එය සැඟවී තිබේ. ඒ යතුර භාවිත කර සුන්නද්දූලි කියවීම මගින් කියවන්නියගේ විශ්වය පුළුල් කරයි.
ඉවරයි.
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යථාර්ථවාදයේ බෙලහීනත්වය විනිවිද දුටු ’’සුන්නද්දූලි’’