චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබුණේද නැත. වෙලගෙදර සමග පසුගිය කාලය පුරා මගේ පයුරුපාසානයක් තිබුණේ ද නැත. එහෙත් කලකට පෙර එනම් 2006 වර්ෂයේදී ඔහු ලියූ "යාය තුන"නමැති සරල නවකතාව පිළිබඳව මම විචාරයක් ලියුවෙමි.එම විචාරය තුළ මම එම පොත පිළිබඳ කතා කළ කරුණු පිළිබඳව මම යළිත් ස්මරණය කරමි. ඔහුගේ අලුත් නවකතාව පිළිබඳව මම කිසිවක් නොදනිමි. මා එය තවම කියවා නැත. එහෙත් 2006 දී ඔහු ලියූ "යාය තුන" පිළිබඳව මා යමක් ලියූ බව මතකය යාය තුන වූකලී සරල නවකතාවකි. ඒත් ඒ සරලත්වයට යටින් කිසියම් සංකීර්ණතාවයක් තිබුණු බව ද මට මතකය. ඔහුගේ අනෙකුත් නවකතාවල ඇති ඓතිහාසික පර්යේෂණවල තිබුණු නීරස බව අභිබවා යාය තුන නමැති මේ සරල නවකතාව යටින් පැවති සංකීර්ණත්වය කැපී පෙනෙන හෙයින් මම එකී යාය තුන පිළිබඳව නැවත මෙලෙස ලියමි.
වෙලගෙදරගේ සංකේතීය හඳුනා ගැනීම් අනුව යාය තුන මනුෂ්‍ය විෂයේ පූර්ණ බව පිළිබඳ ෆැන්ටසීමය ගොඩනැගීමකි. ඔහුට අනුව එම නවකතාවේ එන බණ්ඩාර යනු ඒ පූර්ණ මිනිසා පිළිබඳ සංඥාවය වෙලගෙදරගේ සංකේත ලෝකය තුළ අඹුසැමි භේද ආරවුල් කිසිත් නැත. ඔවුහු එකිනෙකට ප්‍රාණසමව වෙසෙති. මේ ආරවුල් නැති අඹුසැමි ප්‍රේමය නවකතාව තුළ පුනරාවර්තනීය වූ සිදුවීම් ජාලයකි. එය හීන් මැණිකේ සහ බණ්ඩාරගේ අඹුසැමි ප්‍රේමයේ මුල් අදියර වන අතර නවකතාවේ දෙවැනි අදියර තුළ මුතු මැණිකා සහ අභයරත්න වශයෙන් පුනරාවර්තනීය වේ. සුබේරත්ත මිය ඇදෙන්නේ ක්ෂතීමය කම්පනයක් තම බිරින්දෑවරුන්ට ඉතිරි කරමිනුයි.සබඳතා ෆැන්ටසීමය වන්නේ කතුවරයාගේ සිතිවිලි ලෝකය සමඟ ඔවුන් අනන්‍ය වන බැවිනි.
එවිට එය නවකතාකරුවා නාසිස්මික ලෙස තමාගේම පවුල් ජීවිතය පිළිබඳ කරන ඒක පාර්ශ්වික විවරණයක ෆැන්ටසීමේ ප්‍රකාශනයක් බවට පත්වෙයි. යායතුන නවකතාවේ බණ්ඩාර යනු යථාර්ථවාදී නවකතාවේ කවර හෝ න්‍යායකට අනුව බැලුවත් පැතලි චරිතයකි. නවකතාකරුවා බණ්ඩාරගේ මේ පැතලි චරිත ලක්ෂණ සමාජ සේවය සමග සම්බන්ධ කරයි. අර්ථාන්විත වූ දේශපාලනීකරණයකට ලක් කිරීමක් නොවුණද බණ්ඩාර සමාජය නම් වූ අනෙකා සමග අනන්‍ය වීම අප වෙනත් කියැවීමකට මෙහෙයවයි .නවකතාකරුවාගේ යථාර්ථවාදී භාෂාත්මක පිට වැස්ම විනිවිද දකින විද්‍යාවක් අපිට අවශ්‍ය වේ.මෙි පිළබඳ විග්‍රහ කිරීමට යානිස් ස්ටව්‍රස්කිගේ ප්‍රවාද මෙහිදී මට අත්වැලක් වනු ඇත. ලැකානියානු න්‍යාය සමාජ දේශපාලනික විශ්ලේෂණයකට අදාළ වන්නේ එය විෂයයීකරණය පිළිබඳ සමාජ දේශපාලනික සංකල්පනයක් ඉදිරිපත් කරන බැවිනි.ආත්මය යනු එහි වචනයේ සම්ප්‍රදායික අරුතින්ම ආත්මය යන්න නොවේ. මිනිසත් බව මුල් ඈදුණු තැන වන අඩුව ආත්මය යන්නට සමානය. එනම් වෙනත් වචනවලින් කියන්නේ නම් ආත්මය යනු අසම්පූර්ණත්වයයි. සමාජය යනු මෙම ආත්මය තමා අහිමි තම අහිමි වූ අඩුව සොයමින් සිටින ස්ථානයයි. යායතන නවකතාවේ බණ්ඩාර පිළිබඳව නවකතාකරුවාට හසු කරගත නොහැකි වූ එහෙත් එම සංකේතනීය නිමැවුම තුළම රඳවා ගත් අර්ථයක් මතුකර ගැනීමට මනා වූ විද්‍යාවක් දැන් අපට හමුවී ඇත.
බණ්ඩාර සමාජයට කැපවීමෙන් නැතහොත් සමාජීය ලෙස යහපත් මිනිසෙකු සේ කටයුතු කිරීමෙන් සෙවුනා වූ දේ කුමක්දැයි ඒ අනුව පැහැදිලි කර ගත හැකිය. බණ්ඩාර යනු තම පියාගේ හදිසි වියෝව නිසා නගරයේ විද්‍යාලයක ලබමින් සිටි ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි කර ගැනෙමින් ගමේ ජීවිතයට ආපසු සැපත් වූ චරිතයකි. ඊළඟට ඔහුට අහිමි වන්නේ ගමේ ආරච්චිලකමයි. සංකේතීය වූ මේ අහිමිවීම් ඔහුගේ පරිකල්පනයක පැවැත්මට බලපෑ යුතුය. ආත්මයේ අඩුව යනු මේ සංකේතීය අහිමිවීම ඉක්මවා ගිය කිසිවක් බව ලැකානියානු අහිමිවීම් ඉක්මවා ගිය කිසිවක් බව ලැකානියානු න්‍යාය පිළිබඳව කියවන කිසිවකු දන්නා කරුණකි. ඒ අනුව ආත්මය පරිකල්පනීය ලෙස ගොඩනඟා ගනිමින් සිටි ආත්මීය බව දෙකඩවන්නේ මවගේ සිරුරෙන් වෙන්වීමත් සමඟය. ඔහු නැවත තම ආත්මීයතාව සංකේතීය පැවැත්ම තුළ සොයයි. මෙහිදී ඔහුට ඉවහල් වන්නේ භාෂාවයි. නැතහොත් පියාගේ නීතියයි. පියාගේ නාමකරණයයි. කාකිස් මනෝ විශ්ලේෂණයට දේශපාලනය සම්බන්ධ කරන්නේ එතැනදීය.බණ්ඩාරට පියා හදිසියේම අහිමිවෙයි. ඔහු තම අසම්පූර්ණ විෂය ගොඩනඟා ගත යුත්තේ කෙසේද ඒ සිදුවන්නේ අනෙකා සමග අනන්‍ය වීමෙනි. බණ්ඩාර සමාජ සේවයට කැපවීම සමාජය සමඟ අනන්‍ය වීමේ ප්‍රයත්නයයි. බණ්ඩාර සමාජ සේවයට කැපවීම තුළ සමාජය සමඟ අනන්‍ය වන්නේ එය සම්පූර්ණ වස්තුව ලෙස ගැනීමෙනි. සම්පූර්ණයයි ඔහු පරිකල්පනය කරන සමාජය කට අනුව ඔහු තම සම්පූර්ණත්වය සොයමින් සිටී.
එහෙත් වස්තුකරණයේ සේම විෂයීකරණයද අන්‍යෝන්‍ය ලෙසම ආශාවේ දෙයක් වන අතර අන්තිමේදී ඒවා විය නොහැකි දේ බවට පත්වේ. යනිස් ස්ටව්‍රකාකිස්ට අනුව යම් පුද්ගලයෙක් සමූහ වස්තූන් සමඟ අනන්‍ය වෙමින් ආත්මීය අනන්‍යතාවක් ගවේෂණය කරයි. මෙය සමූහ වස්තූන් යනුවෙන් අදහස් කරන්නේ අන් කිසිවක් නොව සමාජ අනෙකාය මේ සමාජ අනෙකා තුළ ශක්තිමත් ආත්මීය අනන්‍යතාවක් සඳහා වන සාධක වේ යැයි විශ්වාසයට ගනී. එහෙත් මේ අනන්‍යකරණය තුළ තව තවත් අඩුව ප්‍රතිනිෂ්පාදනය කරයි. ලැකානියානු න්‍යායට අනුව මෙහිදී සිදුවන්නේ අඩුවේ ආත්මය අනෙකාගේ අඩුව මුණගැසීමය. එනම් දෙකඩව ගිය ආත්මය දෙකඩව ගිය වස්තුව හමුවීමය. බණ්ඩාරගේ මරණය මේ හමුවීමේ ඛේදවාචකයයි. එම ඛේදවාචකයටම පුනරුක්තික ලෙස සුබේරත්නට ද මුහුණ දීමට සිදුවීම තුළ පෙන්වා දෙන්නේ ආත්මය සහ වස්තුව අතර පවතී යයි විශ්වාසයට ගැනෙන සම්ප්‍රදායික ප්‍රතිපක්ෂමය බව විසංයෝජනය වීමය. යායතුන කතාකරුවා ආත්මය සහ වස්තුව අතර පවතින මේ දයලෙක්තික සම්බන්ධතාව පිහිටුවාලීමේ සමත් අපූර්ව සන්දර්භයක් ගොඩනගා ඇත. මේ නවකතාවේ සිදුවීම් පෙළගස්වා ඇති ආකාරය අධ්‍යයනය කරන්න .බණ්ඩාර සමාජශීලී සත්වයකු ලෙස ජනප්‍රියව සිටියදී කැරැල්ලක සෙවණැලි මැද වෙඩිකා මිය යයි. එසේම සුබේරත්නද අන්‍යයන් අතර ජනප්‍රිය පුද්ගලයෙකු විය. ඔහුගේ සිහින වූ කලී බණ්ඩාරගේ පුරුෂ සිහිනමය.මහා සැඩ සුළඟක් සමග අනපේක්ෂිතව සර්පයකු දෂ්ට කිරීමෙන් ඔහු මිය යයි. ඔවුන්ගේ ස්ත්‍රීන්ට මේ අවස්ථා දෙකම ක්ෂතීමය අත්දැකීම් විය.
බණ්ඩාරගේ මරණින් පසු ඔහුගේ දියණිය වූ මුතු මැණිකාට තම උපන් ගම්බිම් දමා යාමට සිදුවිය. තම ස්වාමිපුරුෂයා වූ සුබේරත්නගේ මරණයෙන් පසු ඇයට තම ඉඩකඩම් දමා උපන් ගම්බිම් බලා ආපසු යාමට සිදුවේ. මේ අවස්ථා දෙකේදීම සිදුවන්නේ කිසියම් සොයා යාමකි. එම සොයා යාම තුළ අහිමි වූ කිසිවක් සොයයි. එනම් නවකතාවේ අවසානයේ අප දකින්නේ ආරම්භක පිටුවේදීම අපට හමුවූ තම මවගේ පියයුරු අතර මුහුණ හොවා ගන්නා මුතු මැණිකාමය. එයින් මුතු මැණිකාගේ ආපසු ගමන නවකතාකරුවා නවකතාව ලියා අහවර කර ලියන විවරණය පරිදි ජීවිත උරුමය සොයා තම මුල් ඇඳී ගිය සැමියා කරා යන ගමනක් ලෙස සරල කළ නොහැකිය. ඇත්තය ඔහුගේ එකී සරල විවරණය තුළ පවා අවිඥානික ලෙස එකී ආපසු යාමේ සංකීර්ණතාව විදාරණය වේ. එයින් නවකතාකරුවාට සවිඥානක නොවූ නවකතාවේ කලාත්මක භාවය ලෙස අපිට හඳුනාගත හැක්කේ ඒ සංකීර්ණතාවමය.
රාජකරුණානායකගේ ප්‍රේම පුරාණය ගැන අවසන් කළේ පුෂ්පා රම්ලනීගේ කේරළ කෙටිකතා එකතුවක් ගැන කතා කරන බවට සපථ කරමිනි. නිර්මාණකරුවකු පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ව
මීට දශක දෙකකට පමණ පෙර ලියැවුණු ප්‍රේම පුරාණය ගැහැනියක විසින් ලියන ලද පොතකැයි කියමින් මෙය පටන් ගැනීම බාගවිට අසාධාරණ විය හැකිය. ඔබේ නළලේ රැලි ගසන හේතුව ම
පශ්චාත් යටත් විජිතවාදය ලාංකේය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත් ගොඩ ගැනීමට දරන ප්‍රයත්න තැනින්
සිරිල් බී පෙරෙරාගේ ’’මරණ තුනක් ඇති මිනිහෙක්’’ නමැති නවකතාව පළවී හරියටම දැනට අවුරුදු හැට දෙකක් ගතවී ඇත. හරියටම කියනවා නම් එය මුල්වරට පළවූයේ 1962 දීය. එය දෙ
ගෝර්කිව විනාශ කළ ජනතාවාදී මහත්වරුන් අපේ රටේ සාහිත්‍යයේ ඉදිරි ගමන් මග ආපසු හැර වූ කාලකණ්ණි ප්‍රවණතාව වූයේ ජනතාවාදයයි. මේ වචන කියවන ජනතාවාදී උපාසක මහතු
චම්මින්ද වෙලගෙදර පසුගියදා අලුත් පොතක් ප්‍රකාශයට පත් කර ඒ පිළිබඳව උත්සවයක් ද පැවැත්වීය. මම ඒ දොරට වැඩීමේ උළෙලට සහභාගි නොවූයෙමි. ඒ සඳහා මට ආරාධනයක් තිබු
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
'යාය තුන' සරල - සංකීර්ණ නවකතාවක්