සුමිත්‍රා රාහුබද්ධ "ලොබ නොසිඳයා " නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර වාසී ලේඛිකාවක වූ ශාන්ති දිසානායකගේ අනෙකා සූත්‍රා රාහු බද්ධය.ශාන්තිගේ ගිරිකුල නවකතාව පිළිබඳ ලිපියක් මීට මාස කීපයකට පෙර මා ලියූ බව ඔබට මතක ඇති .එය ලිංගිකත්වය පිළිබඳව අනුරපුර වාසී ස්ත්‍රී මනසක් තුළ ෆැන්ටසි කරණය වූ පාරභෞතික පිළිබඳ විවරණයක් විය.දැන් අපට කොළඹ පුරවාසී ස්ත්‍රී මනසක ලිංගිකත්වය සහ ප්‍රේමය ෆැන්ටසිකරණය වන සැටි දැකගැනීමට පිළිවන. නවකතාවක් යනු නවකතාකරුවාගේ නිර්මාණාත්මක පරිකල්පනය ප්‍රකාශ වීමක් ලෙස ගැන මා සමග වාද නොකරනු මැනවි. නවකතාවකින් එය ලියූ ලේඛකයාගේ මනස ඔබ කියවන්නේද ඇත්තටම නම් නවකතාව යනු නවකතාකරුවාගේ මනසේ පිළිබිඹුවකයි මම කියමි.ඒ එලෙස වනසැටි අපට වුවමනා නම් රෝලන්ඩ් බාත් නම් විචාරකයාගෙන් දැනගත හැකිය. අප යම් වියමනක් කියැවීමෙන් ලබන සතුට කුමක් විය හැකිද යන්න පිළිබඳ විවරණයක් බාත් the pleasure of the text නමින් ලියා ඇත. ඇත්තටම නම් එම සතුට සම්භෝග සුවයට සමාන වූවක් ලෙස බාත් දකින බැවින් ඔහු එය හඳුන්වන්නේ jouissance ප්‍රංශ වදනිණි .මෙම ප්‍රංශ වදන රොලන්ඩ් බාත්ගේ පරිවර්තකයා වූ රිචඩ් මිලර් bliss යනුවෙන් ඉංග්‍රීසියට නගයි .මෙම ලිපිය බාත් ගේ වියමන ගැන විවරණයක් නොවන බැවින් එය සුමිත්‍රාගේ නවකතාවට අදාළ වන සැටි මා ඉක්මනින් පැහැදිලි කළ යුතුව ඇත. රොලන් බාත් කියා සිටින අර ප්‍රමෝදය රාගික තෘප්තියට ළං වන්නකි. ඒත් පාඨකයා විඳගනුයේ ලේඛකයා එම ලිවීම තුළ වින්දනය කරන්නාවූ සම්භෝග සුවයට සමාන ප්‍රමෝදයයි.මේ ප්‍රමෝදය උදුරා ගත් සැණින් අප නවකතාව තුළ නවකතාකරුවාගේ මනස දකින සැටි දැන් ඔබට පැහැදිලි විය යුතුය.
ලිංගිකත්වය සහ ප්‍රේමය පිළිබඳ මෙම නවකතාවේ චරිත තුළ ෆැන්ටසිකරණය වන සියලු මනස්ගාත සුමිත්‍රා රාහුබද්ධ ගේම මනස්ගාත ලෙස හඳුනාගැනීමේ විද්‍යාව එයයි. ප්‍රේමය සහ ලිංගිකත්වය මෙම නවකතාව තුළ ෆැන්ටසිකරණය වන සැටි වැඩි මහන්සියක් නොවී එකවරම හඳුනාගැනීමට හෝඩුවාවක් මම ඔබට සපයමි. කරුණාකර පොත අනෙක් පස හරවා එහි පසුපිට කියවන්න නවකතාවෙන් තෝරාගත් චරිත හතරක් විසින් ප්‍රේමය ගැන කියනු ලබන කියමන් සතරක් උද්ධරණය කර දක්වා ඇත. රන්මලී අනගි භාතිය සහ පළිඟු ප්‍රේමය යනුවෙන් තොරොම්බල් කරනුයේ අනෙකා තුළ සොයන පාරභෞතික ප්‍රේමය බව හඳුනා ගැනීමට දැන් නවකතාව මුල සිට කියවීමට ඔබට සිදුවෙයි.මෙම කියවීමේදී ඔබට මේ නවකතාව තුළ පාර භෞතික ප්‍රේම කතාන්තර හතරක් පහක්ම හමුවණු ඇත. පළමුව රන්මලී සහ නාරද අතර වන ප්‍රේමය ගෙන බලන්න. රන්මලී නම් ගැහැනිය නාරද නම් කලාකරුවා තුළ සොයන්නේ කුමක්ද ඇත්තටම නම් එය කුමක්ද යන්න ඇය තබා දෙවියන් වහන්සේ වත් නොදනී.එය නාගරික ප්‍රේමය ෆැන්ටසිකරණයේ විගඩම් ස්වභාවයයි. බලන්න
"ඒත් ඇයගේ සිත වෙවුලා ගියේය පසුගිය මාස දෙකක පමණ කාලය තුළ තමාත් නාරදත් සිතින් බොහෝ ළංවී ඇතැයි රන්මලී සිතුවාය. මෙසේ ඔහුට සමීපව හිඳගෙන ගැඹුරු ස්වරයෙන් ඔහු දොඩන බසකට ඔහු ගයන ගීයකට කන් දෙන්නට ඇත්නම් මැනවයි රන්මලි සිතුවාය. හෙන හඬින් වේදිකාවට පිවිසෙන ඒ හැඟුම්බර මිනිසා අතින් අල්ලාගෙන හැකි මානයේ දැන් සිටි ඔහුගේ සුසුමද දැනෙයි. ඒ ඇසෙහි තෙතමනයෙන් තම හිත සිහිල් වී යයි"
ලොබ නොසිඳේයා - 12 පිටුව
එහෙත් ඇය නාමසුන්දරගේ නිවසේදී නාරද තනිකර දමා පාරට බහින්නේ ඇයි? නාගරික ප්‍රේමයේ ඕලාරික බව මෙවැනි විගඩම් ප්‍රශ්න බවට නැගීමට සිදුවී ඇත්තේ නාරද තුළ රන්මලී සොයන දේ ගැන ඇයවත් නොදන්නා බැවිනි. නාරද යනු රන්මලී තුළ ෆැන්ටසිකරණය වූ ප්‍රේමවන්තයෙක් බව සුමිත්‍රාට වටහා ගත නොහැකිය. එයට හේතුව ඇය දවසරින නාගරික සමාජයේ සමාජ භාවිතාවන් අනුභූතික ලෙස යථාර්ථය සේම ගෙන සිටින බැවිනි සුමිත්‍රාගේ අනෙකා වූ ශාන්ති දිසානායක අනුරපුර වාසී වීම ඇගේ වාසිය පිණිසම වී ඇත. ඇයට අනුව අනුරාධපුර වාසී ගැහැනියට තමා ප්‍රිය කරන පුරුෂයා හතර රියන් රූපකායකි. අනුරාධපුරයේ කර්කශ පොළොව සමග නැගෙන හැපෙන ගැහැනිය සොයන්නේ ස්වභාව ධර්මයේ ගැහැටින් තමා ආරක්ෂා කර ගත හැකි දැවැන්ත ශක්තිවන්තයකු මිස පියර බබෙකු නොවේ ඒත් නාගරික ගැහැනිය පුරුෂයා තුළ සොයන්නේ කුමක්දැයි ඇයවත් නොදනී. ගරා වැටෙන මධ්‍යම පාන්තික නිවෙසක සුළු ධනේශ්වර සිතුම් පැතුම් මැද සිරකාරියක වී සිටින පළිඟු නම් මෙහෙකාරිය තමා දකින පුරුෂයන්ගේ කඩවසම තොරම්බල් කරන්නේ මන්දැයි තේරුම් ගත යුත්තේ ඒ අනුව එහෙත් දැන් ඔබට එක් ගැටලුවක් වන බව මම දනිමි. මේ නාගරික ගැහැනුන් පිරිමින්ගේ රූපකායන් ගැනද උනන්දුවන සැටි සමහර චරිතයක සිතිවිලි අතර දිගේලිව තිබෙන බව ඔබ දකින්නට ඇත. ඉතින් ඒ ගැන මා කුමක් කරන්නද? නාගරික පන්තියේ ගැහැනුන් සහ මිනිසුන් ගැන ලියූවක් ඒ චරිත නිරූපණ තුළින් මතුවන අමු ගැමිකම පළිඟු ද ඉක්මවන තරම්ය. මේ නවකතාවේ සුමිත්‍රා ගොඩනඟන රැඩිකල් වීරවරිය අනගි නාම සුන්දරය. ඇයට ඕනෑම පිරිමියකු සමග නිදි වැදීම සේම ඔහු ඇඳුමක් ගලවන්නා සේ අතහැර දැමීමද පහසු කටයුත්තක් සේ කියවෙයි.බැලූ බැල්මට ඇය පුරුෂාධිපත්‍යයට එරෙහි වූ ස්ත්‍රීවාදිනියක වැනිය. එහෙත් ඇය තමා විසින්ම භාණ්ඩයක් බවට පත්වන සැටි අනගේම වදන්වලින් පැහැදිලි වේ. කියවා බලන්න. "
"ප්‍රේමය කියලා මළ ඉලව්වක් නෑ ප්‍රසාදි. ප්‍රේමය කියන්නේ මොහොතින් මොහොත වෙනස් වන දෙයක්. මට මේ ළඟදි මුණගැහුණා මගේ පළවෙනි බෝයිෆෙන් අවුරුදු විස්සකට පස්සේ. දිවුරන්නම් ඌ දැක්කම මගේ හිත හිරිවැටිලා ගියා. මම නම් කියන්නේ නෑ කිව්වට සුප්‍රසාදී දන්නෙත් නැහැ ඌ දැක්ක හැටියේම මට ආස හිතුණා. ඌව එක කොහේ හරි යන්න ඌ එක තනිවෙන්න. ආපහු අවුරුදු විස්සක් පස්සට යන්න. එහෙම හිතලා අපි දෙන්නා දවසක් දා දා ගත්තා.කුඩා කෙල්ලක සේ සිනා සෙමින් අනගි කීවාය"
- 92 -93 පිටු
එහෙත් තමා රැවටුණු බව ඇය ඔහු සමඟ තනි වූ විට වටහා ගනියි. ඇගේ පළමු පෙම්වතාට තම ස්ත්‍රී ශරීරය ඔහුගේ කාම පවස නිවන භාණ්ඩයක් පමණක් වන බව වැටහීමෙන් ඇය කලකිරීමට පත්වෙයි.ඒ අර්ථයෙන් ගත්විට අනගි තුළ සිටිනුයේ ද නූතන ගැහැනියක නොව සම්ප්‍රදායික රැවටෙන සුළු ගැහැනියකම නොවේද? ප්‍රේමය යනුවෙන් කියවෙන මළ ඉලව්වක් නැතැයි කියන මුත් එවැනි මළ ඉලව්වක් තිබෙන බව අනගිට වැටහෙන සැටි කියවන විට මට ස්ලාවෝ ජිජැක්ගේ කියුමක් සිහිවෙයි.
අනෙකාගේ සිරුරේ ප්‍රමෝදය ප්‍රේමයේ සංඥාවක් නොවේJouissance of the body of the other is not a sign of love මේ නවකතාවේ චරිත ඉබාගාතේ සැරිසරන්නේ ප්‍රේමයේ සංඥාව සොයමිනි. නවකතාවේ 11 වැනි පරිච්ඡේදයේදී සම්ප්‍රදායික විවාහය විශ්වාසයට ගෙන නාරද සමඟ තර්ක කරන රන්මලී පිරිමියාට අවනත වීම හෙළාදකී.මෙහිදී ගැහැනියගේ ප්‍රේමය යනු පුරුෂයාට අවනත වීම බව ඇයට අවිඥානකය. එහෙත් දොළොස් වැනි පරිච්ඡේදයේ එකසිය තිස් එක පිටුව කියවන්න
" අනගි ලියූ ලිපියක් හදිසියේම රන්මලීගේ ඇස ගැටිණි. අනගි මෙන් ලෝකයට විවර විය යුතු යයි රන්මලී සිතුවාය අනගි නොදන්නේ මොනවාද ප්‍රේමය රසවිඳි පොතපත කියවයි. දේශපාලනය හදාරයි. විටක නන්නත්තාර වෙයි. සැහැල්ලුව හැසිරෙයි"
- 131 පිටුව
මෙතනදී සුමිත්‍රා රාහුබද්ධ අනගි නාම සුන්දර හරහා පළ කරන්නේ හිතුණු විටක නන්නත්තාරවීමේ පොදු ස්ත්‍රී අභිලාෂය යි. සංස්කෘතිය විසින් යටපත් කරනු ලැබ තිබෙන බැවින් ඇයට අවිඥානක වූ ස්ත්‍රී ස්වාධීනතා චින්තනයයි. මානුෂික හැඟීම් අත්හළ ලිංගිකමය වූ ශාරීරික සබඳතා තුළ ස්ත්‍රියට ස්වාධීන වීමට හැකියයි වැනි කල්පනාවක් ඉන් වහනය වෙයි. එහෙත් එය ස්ත්‍රිය තුළ ෆැන්ටසිකරණය වූ මනස්ගාතයක් වන සැටි අනගි තම පළමු පෙම්වතා හා සම්බන්ධ කර්කශ අත්දැකීමෙන්ම පැහැදිලි වේ. දැන් ඉතින් අපට එළැඹිය හැකි නිගමනය වන්නේ ලොබ නොසිඳයා වූ කලී ප්‍රේමය පිළිබඳ විචිත්‍ර කල්පනා ගොන්නක් බවයි. ඒත් නවකතාකාරිය මේ ෆැන්ටසිකරණය කළ මනස්ගාත( මනස්ගාත යනු විකාර කියන පටු තේරුම ඉක්මවූ බැරෑරුම් අරුතකින් මෙහි යෙදේ) යථාර්ථය සේ පෙන්වා සිටීමට උත්සුක වෙයි. දේශපාලනේ ද අනුපාන වශයෙන් ගෙන ගොඩනගන මෙසා වූ පාරභෞතික ලෝකය සුමිත්‍රා රාහුබද්ධගේ හිස ඇතුළාන්තරයේම පරිවර්තනයකි.කොටින්ම අපි ලොබ නොසිඳීයා නම් වූ නවකතාව නොව සුමිත්‍රා රාහුබද්ධ නම් වූ ස්ත්‍රී මනස කියවමින් සිටින්නෙමු.
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ලොබ නොසිඳයා’’ ස්ත්‍රී ලිංගිකත්වය ෆැන්ටසිකරණයක්