පසුගිය දවසක ජනක ඉනිමංකඩ අපූරු වැඩක් කළේය. ඔහු විදර්ශන සාහිත්‍ය ත්‍යාගය නමින් නව ආරක තරගයක් සාහිත්‍ය සමාජයට හඳුන්වා දුන්නේය. එහිදී තරග වදින්නේ ලේඛකයන්ගේ ප්‍රකාශිත කෘති නොව අත්පිටපත් ය. නවකතා,කෙටිකතා, කාව්‍ය සංග්‍රහ සහ සිංහල බසින් ඉංග්‍රීසියට පෙරළු පරිවර්තන ඒ සඳහා තරග වැදිණ.මෙහි ඇති විශේෂත්වය නම් තමන් විනිශ්චය කරන්නේ කවරකුගේ කෘතියක්දැයි ජූරි සභිකයන් නොදැන සිටීමය.අත්පිටපත් ඉදිරිපත් කළ ලේඛකයන් කවුරුන්දැයි එළිදරව් වන්නේ දිගු ලැයිස්තු ගත කිරීමේ අවස්ථාවේදීය.
නිශ්ශංක විජේමාන්න කෙටි කතා අත් පිටපත් අංශයෙන් තරග වැදී සිටි බව අප දැනගන්නේ ඒ අනුවය. එහෙත් ඔහුගේ කෙටිකතා කෙටි ලැයිස්තු ගත කරන විට ඉවත් වී තිබීමෙන් පෙනී ගියේ ජූරිය පුද්ගල නාම මායිම් නොකළ බවකි. සම්මාන ප්‍රදානෝත්සවයේදී මට හමුවූ ආධුනික ලේඛිකාවක් මා සමග කියා සිටියේ ජනප්‍රිය ප්‍රකට නවකතා කාරියකගේ නවකතා අත්පිටපත දිගු ලැයිස්තු ගත කිරීමට පවා හසු නොවී ඉවත්ව තිබුණ බවය. කෙසේ වෙතත්, සාහිත්‍ය විනිශ්චය කාර්යකදී සැබවින්ම විනිශ්චයට ලක් වන්නේ එහි විනිසකරුවන් වීම බැහැර කළ නොහැකි සත්‍යයකි. එහෙත් මෙම විනිශ්චය කරුවන් කිසිවකු ලේඛකකාරකාදීන්ගේ සිවිල් බලය නොව ඔවුන් විසින් ලියන ලද කෘතියම සලකා බැලූ බව මෙම ක්‍රියාවලියෙන් පැහැදිලි විය.
කෙටි ලැයිස්තු ගත කිරීමට හසු නොවී යටකී තරගයෙන් ඉවත් වීමට සිදු වුවත් නිශ්ශංක විජේමාන්න යනු ශූර කෙටි කතා කරුවකු බව මීට බොහෝ කලකට පෙර සිටම තහවුරුව සිටි අයෙකි. ඔහු ලියූ චන්ද්‍ර කින්නරාවී නම් කෙටිකත සංග්‍රහය මා යළි එළියට ගන්නේ එබැවිනි. බොහෝ කලකට පෙර මෙම කෙටිකතා පොත කියවද්දී එකල සාහිත්‍ය කතිකා තුළ අධිනිශ්චය වී සිටි ගාර්ෂියා මාකේස් ගෙන් මට ගැලවීමක් නොවිනි. එනම් එය කියවන තුරාවට මාකේස් මගේ සිහියට නැගුණු බවය.මාකේස් සහ නිශ්ශංක අතර සම්බන්ධය මම වෙනස් අයුරකින් දකිමි.
ගාර්ෂියා මාකේස්ගේ සියක් වසක් හුදකලාව (One Hundred Years of Solitude) නවකතාව ඇරඹෙන්නේ මැකොන්ඩා නමැති ගම්මානයට වරින් වර පැමිණෙන සංචාරක අහිගුණ්ඨිකයන් පිළිබඳ විස්තරයකිනි. මෙබඳු එක් අහිගුණ්ඨිකයක්ගෙන් බුවෙන්ඩියා නමැති ගම් නායකයාට ඉන්ද්‍රජාල යෂ්ටි දෙකක් ලැබෙයි. සෑහෙන මිලක් ගෙවා ලබාගත් මෙම ඉන්ද්‍රජාල යෂ්ටි දෙකට කාලාන්තරයක් තිස්සේ සොයාගත නොහැකිව නැතිවී අතහැර දමා තිබෙන කවර හෝ වස්තුවක් යළි සොයා ගැනීමේ බලයක් තිබිණි. බුවෙන්ඩියාගේ වුවමනාව වූයේ බ්මේ මැජික් පොලු දෙක මගින් පොළොවේ රත්‍රන් තිබෙන තැන් සොයා ගැනීමය. එහෙත් කොතෙක් වෙහෙසුණද බුවෙන්ඩියාට රත්‍රන් හමු වූයේ නැත. මාස ගණනකට පසු බුවෙන්ඩියාට සහ ඔහුගේ සගයන්ට ගොඩ දමා ගත හැකි වූයේ පහළොස් වැනි සියවසට අයත් මළකඩ කෑ යුද ඇඳුමක් පමණකි. මෙම යුද ඇඳුම අමාරුවෙන් දෙපළු කළ විට ඒ තුළ ගණ බවට හැරී තිබූ ඇට සැකිල්ලක් හමු විය.ඇටසැකිල්ලේ ගෙල වටා වූයේ ස්ත්‍රියකගේ කෙස් රොදක් දමා වැසූ තඹ මාල පෙත්තකි.
මාකේස්ගේ මේ පරිකල්පනීය විස්තරය තුළ නූතන් කෙටිකතා විචාරයේ යතුර සොයා ගත හැකි වෙතැයි මා කිවහොත් ඔබ තරමක් විමතියට පත් විය හැකිය. මම මෙසේ කියමි. නිශ්ශංක විජේමාන්නට නූතන නිර්මාණකරණය නම් වූ පොළොවෙහි සැඟවුන මිණි කැට සොයා ගැනීමේ පොහෝනා ඉන්ද්‍රජාල යෂ්ටිය හමුවී ඇත. එහෙත් ඔහු හාරා ගොඩ ගන්නේ සැබෑ රත්‍රන්ද? නැතහොත් පහළොස්වැනි සියවසට අයත් (සම්ප්‍රදායික පැරණි යන අරුතින්) මළකඩ කෑ යුද සැට්ට තුළ සිරවුන ඇටසැකිලිද?
සම්ප්‍රදායික නිර්මාණකරණය නොන්ඩි ගසන්නේ එහි අනේකත්ව බව (plurality) නැතහොත් එකකට වැඩි අරුත් නගන ගුණය නොමැති බැවිනි. එහෙත් ශූර නිර්මාණකරුවා කතාවට ඔහේ නිදැල්ලේ ගලා යාමට ඉඩ දෙන්නේ නැත.කියවද්දී අපට අවැදගත් යයි සිතෙන දත්ත ඔහු අපිළිවෙළකට ගොනු කරයි. එමගින් ඔහු තමා ලියන වාක්‍යවල වාච්‍යාර්ථය ඉක්මවන අරුතක් එකතු වේ යයි කල්පනා කරයි. ( මේ වන විට එරික් ඉලයප්පාරච්චි ගේ නිර්මාණ හැඩ ගැසෙන්නේ එපරිදිය) නිශ්ශංක කතාව කියන ආකාරය කැබැලි කරයි.පාඨකයා යම් අරුතක් නිර්මාණය කර ගන්නේ එම කැබැලි සියල්ල එකතු කර ගැනීමෙනි. නිමි කෘතිය තුළ දත්ත අක්‍රමවත්ව විසිරී යන තරමින් ආඛ්‍යානය ශූර නිර්මාණකරණයක් වෙයි. එය එසේ වන්නේ එබඳු ආකෘ තියක් තුළ නිර්මාණකරුවා පාඨකයාගේ නිර්මාණාත්මක කියවීමට ගරු කරන බැවිනි.
නිශ්ශංක විජේමාන්නගේ චන්ද්‍ර කින්නාරාවිය නූතනවාදී හොඳ කෙටිකතා පොතක් වන්නේ මා යට කළ විස්තරය සමග සමපාත වන බැවිනි. නිදසුනක් ලෙස මේ කෙටි කතා ගොන්නෙහි මුල්ම කතාව වූ ආරණ්‍යයට ගමනක් නම් කෙටි කතාවේ ආරම්භක ඡේද කීපය ගෙන බලන්න. මිනිසෙක් වන අරණකට පිවිසෙන බවට අඟවන සංඥාව විහිදුවමින් කතාව පටන් ගනී. එහෙත් ඊළඟ වාක්‍ය තුන හතරක ඇවෑමෙන් එහි ක්‍රමික ගලායාම නැවතී විසිරී යන්නට පටන් ගනී. මේ අඛණ්ඩතාවක් නැතිකම (discontinunity) සමග කතාකරුවා කරන ක්‍රීඩාවේ අරුත කුමක්ද? ඔහු විස්තර කරන චරිතයේ අරුත කුමක්ද? ඔහු විස්තර කරන චරිතයේ පෞරුෂය ආඛ්‍යානයේ පවතින මේ බිඳී ගිය ස්වරූපය මෙන් කැබැලි වී ගිය එකක් බව අපට ක්‍රමයෙන් වැටහෙන්නට පටන් ගනී.
නිශ්ශංක විජේමාන්නගේ කෙටි කතාවල මා දකින විසිරුණු ස්වභාවය උපස්ථිතික වේ. නැතහොත් කතුවරයා තමාගේ මනසෙහි කා වැදුණු ධාරණා යථාර්ථය සේ විශ්වාසයට නොගෙන මොහොතක් පාසා බස්වන සංවේදනා පිටපත් කිරීමක් යයි පෙන්වා දිය හැකිය. මා කියන මෙම කරුණු පැහැදිලි කර ගැනීමට “බැමි බිඳී ගිය පසු” නම් කෙටිකතාව කියවා බැලීම මැනවි. වැවක් ඒ වැව රැක ගැනීමට දිවි දුන් මහා පුරුෂයන් සහ සාමූහික විඥානය තුළ ගිලී ගිය ජන විශ්වාසයන් ආශ්‍රය කර හනිමින් එම කෙටි කතාව නිර්මාණය වෙයි.සමහර තැනක සමහර සිදුවීමක් නිර්මාණකරුවා ස්පර්ශ කරනුයේ එය මතකයට නගා ගැනීමට තරම් හෝ අවැදගත් දෙයක් ලෙස සලකමිනි. එහෙත් ඊළඟ මොහොතේ එය වෙනත් වෙසක් ගෙන පාඨකයා හමුවට පැමිණෙන්නේ මේ වන විටත් සිත බර කරන මතකයක හැඩය සමගය. කතාව ආරම්භයේදීම වේතාලයා ආයු සංස්කාරකය අත් හරින්නට ඉල්ලීම කතාවෙන් වෙන්කොට ගත් නොවැදගත් සිදුවීමක් නොවේද? එහෙත් මහ අලංගේ මරණය සමග වේතාලයාට ඇති ගනුදෙනුව පාඨකයාගේ සිත් පත්ලට කිඳී යන බරසාර සංවේදනාවක් වෙයි. නිර්මාණකරුවා මේ ආඛ්‍යානික උපක්‍රමයෙන් අපේක්ෂා කරනුයේ වෙන කිසිවක් නොව කතාව තුළ නගන අරුත් සොබාවික කිරීමය. එමගින් තමා කියන කතාවේ යථාර්ථමය බවට විශ්වසනීය බවක් ගෙන දීමය. එවිට අපට පැහැදිලි විය යුතු දේ නම් මේ කතා ගොන්නේ ආඛ්‍යාන රීතිය යථාර්ථවාදයෙන් පිට නොපනින බවය.
මෙම කෙටිකතාවල ආඛ්‍යානික සුවිශේෂතාවක් ඇති බව සත්‍යයකි. එහෙත් ඒවා යථාර්ථවාදී සීමා මායිම් තරණය නොකරයි. නිශ්ශංක විජේමාන්න ස්පර්ශ කරනුයේ ජීවිතයේ සරල යථාර්ථයයි. “නගරය මළගමට සරසන විට” නමැති කෙටි කතාව තුළ ඔහු ජීවිතය දෙස යථාර්ථවාදී බැල්මක් හෙළයි. එහෙත් තමා යථාර්ථය සේ දක්නා දේ ඇත්තක්ම බව පාඨකයාට ඒත්තු ගන්වාලීමේ ක්‍රමෝපායන් කෙරේ ඔහු විමසිලිමත් වෙයි. එම අරමුණ තමා දකින සත්‍යය ඕලාරික ලෙස විස්තර කිරීමකින් ඉටු නොවන බව ඔහු දනී. උතෝපියානු දෘෂ්ටාන්තයක් තුළ හෝ සරල කතාන්තරයක් තුළ යථාර්ථය නොපිහිටින බව මේ කෙටිකතාකරුවා වටහා ගනී. මේ දැනුවත් බව නිර්මාණශීලීව මුදාහැරීම කලාත්මක කෙටිකතා කීපයක් ලෙස එළියට එන බව කිවයුතුය.
මා යටකී කරුණු සන්සන්දනාත්මක විග්‍රහයක් ඔස්සේ පැහැදිලි කරගත හැකිය. මෙහි එන “මරණයේ කැටයම” නම් කෙටි කතාව බොහෝ කරුණුවලින් මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ කරත්තය කෙටි කතාවට සමාන වෙයි. කෙටිකතා දෙකෙන්ම කියවෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය සමග ආරවුල් ඇති කරගන්නා ජීවිතය පිළිබඳව යථාර්ථවාදීව සිතන්නන් දෙදෙනෙකු පිළිබඳවය. එහෙත් කරත්තය කෙටිකතාව සම්ප්‍රදායික යථාර්ථවාදී රීතිය අනුදත් මුල මැද අග සහිත පිරිපුන් කෙටි කතාවක් වෙයි. එහිදී කෙටිකතාකරුවා යථාර්ථය සේ පිටතින් දකින දේ පාඨකයා තුළ කම්පනයක් ඇති කරවන ලෙස ඉදිරිපත් කිරීමට උත්සුක වෙයි.එහෙත් එනයින්ම කරත්තය කෙටි කතාව ඔහු ශාබ්දික ලෙස අනේක වූ අරුත් නොනගන පැතලි කතාන්තරයක් වෙයි. එය යථාර්ථවාදී කතා කලාවේ අසරණකම මිස අන් කිසිවක් නොවේ. එහෙත් නිශ්ශංක විජේමාන තමන්ට බාධා කරන්නේ කුමක්දැයි වටහා ගැනීමෙන් යථාර්ථවාදයේ සිට නූතනවාදයට පොලා පනී.
ඔහු කතාව ලියන්නේ පාඨක පරිකල්පනය සමග රහසිගතව ඇතිකර ගත් ගිවිසුමක් ඇත්තාක් සේය. කෙටි කතා කරුවා කතාව හසුරුවන්නේ නැත. ඔහු තෝරා බේරා ගත් සිදුවීම් පමණක් ඉදිරිපත් කරන්නේ මංගල උත්සවයක් ආවරණය කරන පින්තූර ඇල්බමයක ශෛලියකිනි. මේ නිසා කරත්තය කෙටිකතාවේදී මෙන් නොව යථාර්ථයේ පැතලි බව මැඩ ගෙන පරාරෝපිත ආත්මීයතාව කැපී පෙනෙයි.කතා කරුවාගේ අරමුණ වන්නේ තමා යථාර්ථය සේ දකින දේ පාඨක පරිකල්පනය අවදි කරවීමෙන් ඇත්තක් සේ ඒත්තු ගැන්වීමය.
සැබවින්ම මෙම කෙටි කතා පොත ගැඹුරු පාඨකමය කියවීමකට ලක් කළ යුතු කෘතියක් බව සැබෑය.රොලන්ඩ් බාත් නමැති විචාරකයා බල්සාක් නම් ප්‍රංශ ලේඛකයාගේ Sarasine නමැති කෙටි කතාව එබඳු කියවීමකට හසු කරයි. එබඳු කියවීමකදී ලිවීම යනු කතුවරයා වෙතින් මිදී පාඨකයාට සමීප කරවන යම් පණිවිඩයක් සමීප කිරීමක් නොවන වග වැටහී යයි. සැබවින්ම කෘතිය තුළ ප්‍රතිරාවය වන්නේ එය කියවීමේදී නගන ශබ්දයම ය (voice of reading). කොටින්ම කෘතිය තුළ පාඨකයාම කතා කරයි.පාඨකයා තමාගේම කටහඬ අසන්නට (පරිකල්පනය කරන්නට) නිශ්ශංක විජේමාන්නගේ චන්ද්‍ර කින්නරාවිය හි එන කෙටි කත සාවධානව කියවීම මැනවි. එවිට ඔහු ස්වකීය ආඛ්‍යානික ඉන්ද්‍රජාල යෂ්ටියෙන් හාරා ගොඩ ගන්නේ රත්‍රන්ද නැත්නම් මළකඩද කියා පාඨකයා වටහා ගනු ඇත.
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදර්ශන සාහිත්‍ය තරගයෙන් විජේමාන්න විසි වුණේ ඇයි?