බොහෝ අය අජිත්ට ආකෘතික හංවඩුව එල්ලා අත සෝදා ගත්හ.එහෙත් යම් සාහිත්‍ය කෘතියක් විනිශ්චය කිරීමට යොදා ගත යුතු මිනුම්දඬු එම කෘතිය තුළම වේ යයි අජිත් මීට බොහෝ කලකට පෙර ප්‍රකාශ කරන විට ඔහු ඉන් ප්‍රතික්ෂේප කළේ ආකෘති වාදයමය. ආකෘතිය සහ අන්තර්ගතය අතර දබරයේදී අජිත් අන්තර්ගතය මහත් කොට ගත් බවක් මින් හැඟී නොයයි. විචාරකයන්ට අවිශ වූයේ තම තම නැණ පමණින් අජිත් කවර වූ හෝ පිළිගත් විචාර ආකෘතියක් තුළට දමා ගැනීමය. මීට නිදසුනක් ලෙස මීට කලකට පෙර කේ.කේ. සමන් කුමාර සහ ටෙනිසන් පෙරෙරා යන මහත්වරු අජිත් තිලකසේන පිළිබඳ කර ඇති ප්‍රකාශයක් පහත උපුටා දක්වමි. සැබවින්ම අජිත් පිළිබඳ ඔවුන්ගේ කියවීම අගය කළ යුතු නැතැයි මම නොකියමි. එහෙත් අජිත් තිලකසේනගේ සාහිත්‍ය පිළිබඳ ඔවුන් එළැඹෙන අවසාන නිගමනය කවරාකාරද යන්න විචක්ෂණශීලීව සලකා බැලීම වටනේය.
“පරාරෝපනයට පත් නාගරික මිනිසාගේ හුදෙකලාව, සුපිරි ගෝත්‍රික කාර්මික ශිෂ්ටාචාරයක සත්වයාගේ අවරෝධිත ආශයන් නිරූපණය කිරීමේ මාහැඟි නිදර්ශනයක් ලෙස අජිත්ගේ නිර්මාණ ගත හැක.”
-ලාංකීය සාහිත්‍යයේ යතුර නැතිවූ කෝෂ්ඨාගාරය 38 පිටුව
සර්පයාගේ මේ නිගමනය දේශපාලනික බව ඇත්තය. ඉන් ඔහු අඟවන්නේ අජිත්ගේ කෙටිකතා කිසියම් සමාජමය වෙනසක් ප්‍රක්ෂේපණය කරන බවකි. එම අර්ථයෙන් එම කියවීමෙහි ඊනියා ජනතාවදී නුරුස්සන සුලු බවක් මට දැනෙයි.එහෙත් අජිත්ගේ නිර්මාණ සමාජ විද්‍යාත්මක විග්‍රහය ඉක්මවා යයි. කෙටියෙන් කිවහොත් ඔහු තම කෙටිකතාවල චරිත මගින් ස්පර්ශ කිරීමට වෑයම් කරන්නේ මිනිස්ගති සොබාවල සුවිශේෂතා මිසෙක ඔවුන්ගේ පන්ති ලක්ෂණ නොවේ.
අජිත් තිලකසේන භාෂාව සමග යුද වැදී සිටින බව මම කියමින් සිටිමි.එසේම ඔහුගේ නිර්මාණ ලෝකයට පිවිසීමේ යතුර පිළිබඳ හෝඩුවාවක් ඔහු භාෂාව සමග යුද වැදී සිටින්නේ මන්ද? යනුවෙන් කෙනෙකු නගන ප්‍රශ්නයට සපයන පිළිතුර සමග බැඳී පවතී.සාහිත්‍ය නිර්මාණයක් තුළට පිවිසෙන සම්ප්‍රදායික විචාරකයා එම නිර්මාණයේ ඇති භාෂාමය අර්ථ විග්‍රහ කරයි.විචාරය පිරිපුන් වීමට නම් හැකි තරම් අර්ථ (නිර්වචන) ගොඩගසා ගත යුතුය යන්න ඔහුගේ විශ්වාසයයි. එහෙත් අජිත් තිලකසේනගේ කෙටිකතාවලට එසේ අර්ථ දැක්වීමට නොහැකිකම ඔහු අසරණ කරයි. භාෂාව සංඥා පද්ධතියක සංකීර්ණ ව්‍යුහයක් ලෙස ව්‍යුහවාදය විස්තර කරයි. මිනිසා මේ සංඥා පද්ධතිය නැතහොත් භාෂාව කතා කරන්නේ යයි අපි සිතන්නෙමු. එහෙත් ඇත්තට ම සිදුවන දේ නම් මිනිසා භාෂාව කතා කිරීම නොව භාෂාව මිනිසාව කතා කිරීමය. නැත්නම් බල්ලා වලිගය වනනු වෙනුවට වලිගය විසින් බල්ලා වනනු ලැබීමය. මෙ අර්ථය නම භාෂාව මිනිසා මත අධිකාරිවාදී ලෙස පවතින්නේය යන්නය. භාෂා දැනුම, සමාජය යටපත් කර ගත හැකි සිවිල් බලයක් වී ඇත්තේ එබැවිනි. (මෙම සිවිල් බලය සඳහා කරන භාෂා සටන වටහා ගැනීමට නම් සති අන්ත පුවත් පත් දෙස බැලීම මැනවි.) අජිත් තිලකසේන්ගේ කෙටිකතා යුද වැදී සින්නේ භාෂාවේ මෙකී අධිපතිවාදී බලයට එරෙහිවය. ඔහු භාෂාව මිනිසා කතා කරන රටාව වෙනස් කර මිනිසාම භාෂාව කතා කරණ තැනකට නිර්මාණකරණය රැගෙන යාමය.
අජිත් තිලකසේන්ගේ කෙටිකතා කියවීමට නම් කිසියම් ආකාරයක විද්‍යාවක් අවැසිබව මම කියමින් සිටියෙමි.එය කලාවක් නොව විචාර විද්‍යාවකි. විද්‍යාගාරයක් තුළ ගෙම්බකු විච්ඡේදනය කරන්නා සේ කෘතිය ඉතා සමීපව විශ්ලේෂණය කිරීමකි. මක්නිසාදයත්, නිර්මාණකරුවාගේ ප්‍රවේශයම විසංයෝජනීය වන බැවිනි.. භාෂාව අවිශ්වාස කරන ඔහු එය මනුෂ්‍ය ආත්මීයතාවය (human subjectivity) වසා ගත් පටලයක් සේ දකී ඔහුට අවශ්‍ය මේ පිට වැසුම් ලිහමින් ආරම්භය වෙත ආපසු යාමය.
නිර්මාණකරණයේදී අජිත් යථාර්ථවාදයෙන් මිදී නූතනවාදය වෙත පොලාපනී.(Interpolation). අජිත් තම කෙටිකතා වෙත මකනය කැඳවන්නේ ඒ අනුවය. මකනය යනු ඩෙරිඩියානු කියවීම් රටාව තුළ ඔප මට්ටම් වන සංකල්පයකි. මේ ඩෙරිඩියානු මකනය යනු කුමක්ද? එය අජිත්ගේ ලිවීම් සමග ගැට ගැසෙන්නේ කෙසේද?
මකනය ඉටු කරන්නේ අනවශ්‍ය යයි අපට සිතෙන දෙයක් ඉවත් කිරීමේ කාර්යයකි. එහෙත් යමක් අනවශ්‍ය යයි ඉවත් කළ බොහෝ තැන් වලදීද එය අපට තව දුරටත් අවශ්‍ය යයි සිතුන අවස්ථා කොතෙක්ද? ෂාක් ඩෙරිඩා මෙයට ප්‍රතිකර්මයක් සොයා ගත්තේය. එනම් ලිවීම මකනයට යටත් කර ලිවීමයි.(Writing under erasure). අපට එය මෙසේ තේරුම් කිරීමට පිළිවන.
යම් ලේඛකයකු වචනයක් හෝ වචන කීපයක් ලියන්නේ යයි සිතන්න. එහෙත් අප ලේඛකයාට ඇති ගැටලුව නම් තම ලිවීම තුළ ඔහුට අවැසි අරුත් සම්පාදනය නොවීමයි. ඔහු වහාම තම ලිවීම කපා දමා වෙනත් වචනයක් හෝ වචන පේලියක් ලියයි. ඔහුට පෙනී යන්නේ ඔහු අලුතින් ලියූ වචනය තරම්ම වූ යම් අර්ථයක් කපා දැමූ වචනයටද ඇති බවය. මේ නිසා ලේඛකයා තමා ලියූ පැරණි වචනය සහ අලුත් වචනය අතර අතරමං වේ.
ලේඛකයාට කළ හැකි යමක් ඇති බව ඩෙරිඩා යෝජනා කරයි. එනම් තමා කපා දැමූ වචනයද එලෙස කපා දැමූ ආකාරයෙන්ම තිබෙන්නට ඉඩ හැරීමය. වචනයක් ලියා එය කපා දැමූ ආකාරයෙන්ම තිබෙන්නට ඉඩ හල අවස්ථාවක් අජිත් තිලක්සේන මීට අවුරුදු පනහකට පමණ පෙර ලියූ “රාත්‍රියේ පූර්ව භාගය” කෙටිකතා පොතෙහි අපට හමුවේ. ඔහු එහිදී මෙලෙස ලියුවේය.
“........වහින්ඩ එනවා - පේමෙල් ආවට පස්සෙ....”
අජිත් මෙහිදී කරන්නේ වහින්ඩ එනවා යන වචන ලියා නැවත එය කපා දමා එලෙස කපා දැමූ ආකාරයෙන්ම තිබෙන්නට ඉඩ හැරීමය. එහි සඳහන් “වහින්ඩ එනවා” යනු සමස්ත කෙටිකතාවේම අර්ථය හකුලා ගත් රූපික යෙදුමකි. එහෙත් එහි සිදුවන සියල්ල සිදු වන්නේ ආගන්තුකයාගේ ආගමනයෙන් පසුව යයි කථකයා කල්පනා කරයි. ඔහු කෙටිකතාවේ නම “පේමෙල් ආවට පස්සේ” යනුවෙන් විය යුතු යයි දෙවන වර කල්පනාවට ගන්නේ එබැවිනි.
අජිත් මෙම ලිවීමෙන් කළේ භාෂාවේ විප්‍රකාරී බවට අභියෝග කිරීමයි. එහෙත් බොහෝ අය එය තේරුම් ගන්නේ භාෂාව නොසැලී ස්ථිතිකව පවතිද්දී අජිත්ගේ වහර විප්‍රකාරී වූ බවකි. අජිත් තිලකසේන හෝ වෙන කවර වූ හෝ කෙනකු එලෙස වචනයක් ලියා, එය කපා දමා, වචනය සහ එය කපා දැමීම යන දෙකම මුද්‍රණය කිරීම ඩෙරිඩා හඳුන්වන්නේ “මකනයට යටත් කර ලිවීම” ක් ලෙසය.
ලිවීම මකනයට යටත් කිරීම වූ කලී යමක් නිවැරදි නොවන මුත් එය පැවසීමේ අවශ්‍යතාව පවත්වා ගෙන යාමට යොදා ගත හැකි තාක්ෂණයකි. ඩෙරිඩාගේ Of Grammatology වියමන ප්‍රංශ බසින් ඉංග්‍රිසියට පරිවර්තනය කළ ගයාත්‍රි ස්පිවැක් එයට ලියා තිබූ පෙර වදන පිළිබඳව මම මීට පෙරද සඳහන් කර ඇත්තෙමි. ඩෙරිඩියානු ප්‍රවාද පිළිබඳ එහිලා ඇයකරණ අධ්‍යයනයේ එක් තැනක කර තිබූ සඳහනක් මම මෙලෙස දල සිංහලයෙන් මෙසේ නැවත කියමි.
“....වියමනෙහි අධිකාරිත්වය තාවකාලිකය. එහි සම්භවය වූ කලී හෝඩුවාවකි.(trace) ප්‍රතිවිරෝධී තර්කනයකි. අපට එකම විට අපගේ බස භාවිත කරන්නටත් එය මකා දැමීමටත් ඉගෙන ගැනීමට සිදුව ඇත...”
මකනයට යටත් කර ලිවීම යන ප්‍රවාදයේ මුල් අප සොයා යා යුත්තේ හෙයිඩගර්ගේ දර්ශනය තුළය. එනම් ඩෙරිඩා මෙම භාවිතයට ගන්නේ හෙයිඩගර්ගෙනි. හෙයිඩගර් 1956 දී ලියූ ලිපියක පැවැත්මේ ගැටලුව (Question of Being) නිර්වචනය කිරීමට උත්සාහ කළේය. එහිදී ඔහු මුහුණ දෙන ප්‍රොබ්ලමැතිකය නම් වචන පමණක් භාවිත කර යමක් නිර්වචනය කළ නොහැකි වීමය. ඔහු Being යන යෙදුම භාවිත කළත් පැවැත්ම ලෙස ඔහු තේරුම් කිරීමට වෑයම් කළ දේ ඉන් නොකියවිණි. හෙයිඩගර් Being යන වචනය කපා දැමුවේය. එහෙත් එය එසේම තිබෙන්නට හළේය හෙයිඩගරියානු මොඩලයට අනුව මකනයට යටත් කිරීම (under eraser ) භාෂාවේ අර්ථයාගේ විද්‍යමාන බව සහ අවිද්‍යමාන බව (presence and absence) පිළිබඳ ගැටලුව ප්‍රකාශමාන වේ. හෙයිඩගර් කළේ විද්‍යමාන අර්ථය තුළට අවිද්‍යමාන අර්ථය කැඳවීමය. එය කරන්නේ වචනය හෝ යෙදුම මකනයට යටත් කර ලිවීමෙනි.
අර්ථය පිළිබඳ සියලු ආධානග්‍රාහී ප්‍රවාද මින් බිඳී විසිරී යයි. එහෙත් වැදගත්ම දේ නම් මකනය හරහා විසංයෝජනය කළ හැක්කේ භාෂාමය ලෝකය පමණක් නොවන බවය. භාෂාත්මක ගොඩ නැගීම් වූ සංස්කෘතික සහ දේශපාලනික කියවීම් සියල්ලද මින් ප්‍රශ්න කරනු ඇත.අප විස්මයට පත් කරන්නේ පසු ආවර්තිත ලෙස අජිත් තිලකසේන්ගේ නිර්මාණ තුළ මෙම දාර්ශනික ප්‍රවාද අනුශීලනය වීමය. එවිට අපට ඔහු භාෂාව පමණක් නොව සමාජයද මකනයට යටත් කර කියවන සැටි දුට හැක.
ගීතා කුමාරි මුණසිංහගේ මල් පෙති මැද ලැව් ගිනි නමැති නවකතාව පළ වන්නේ 2006 අවුරුද්දේදී ය. එම නවකතාව පිළිබඳව කතා කිරීම අදටත් වලංගුය.
X කණ්ඩායම බිඳ වැටී අවුරුදු විස්සක් ගත විය. මට අනුව මෙම බිඳ වැටීම සංස්කෘතික ඛෙිදවාචකයකි. එක්තරා ආකාරයකින් X කණ්ඩායමේ පැවැත්ම මට පෙනී ගියේ වියනා කවයක බඳු බ
ජිම් කැරී නමැති නළුවා රඟපාන චාල්ස් රසල්ගේ ද මාස්ක් චිත්‍රපටයේ වීරයා නොංජලයකි. හදිසියේ සොයාගන්නා වෙස් මුහුණත් පැලඳ ගත් කල නෝංජල්කම ඔහුගෙන් පලායයි .
එක්ස් කණ්ඩායම කඩා වැටී දෙසැම්බර් 26 වැනිදාට අවුරුදු විස්සක් සපිරේ.X කණ්ඩායම වූ කලී මේ රටේ සංස්කෘතික චින්තනය උඩු යටිකුරු කළ සංවිධානයකි.මේ රටට දරා ගත නොහ
සුගතපාල ද සිල්වා පරිවර්තනය කළ funny boy(අමුතු ඉලන්දාරියා ) නවකතාව පිළිබඳව හරි අපූරු විස්තරයක් එස්. නන්දලාල් පසුගිය දවසක මතු මහලට ලියා තිබිණ.සැබැවින් මේ හරි අ
මම ලියන්න යන්නේ කවි පොතක් ගැන තමයි. මේ කවි පොත නූතන කවිය පෝෂණය කරන කවි පොතක් ලෙස මම හඳුන්වමි. සැබැවින්ම සිංහල කවියට හෙණ වැදුණේ කවි බස නම් වූ මිථ්‍යාවේ ගිල
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සුන්නද්දූලි කියවීමේ යතුර