නීට්ෂේ - කුන්දේරා - සයිමන්
එකම කතා කලාලයක
පසුගිය ලිපිය අවසානයට මම කෆ්කාගේ රූප විකෘතිය නමැති කෙටිකතාව පිළිබඳ සඳහන් කළෙමි. එකී කෙටිකතාව ලිවීමේදී කෙටිකතාකරුවා අනුදත් අධියථාර්ථවාදී රීතිය නිසා, පෙළ ඉක්මවා ගිය අරුතක් ඉන් මතු කරන්නේ යයි මා කියා තිබුණ බව බවද ඔබට මතක ඇති. ඇත්තටම නම් යථාර්ථවාදය සහ නූතනවාදය අතර ඛණ්ඩනය එමගින් සලකුණු කරයි. එනම් යථාර්ථවාදය සහ නූතනවාදය එකක් නොව දෙආකාර වූ ශික්ෂණයක් බවය. යථාර්ථවාදය හැමවිටම අන්තර්ගතය තොරොම්බල් කරන අතර කලා කෘතියක අර්ථය අප වටහා ගන්නේ එහි ආකෘතිය තුළ බව නූතනවාදය සොයාගනී.යථාර්ථවාදය සහ නූතනවාදය අතර වෙනස ඉදිරි ලිපිවල දී වැඩි දුර කතබහ කරන බැව් සලකන්න.
සයිමන් නවගත්තේගමගේ සංසාරණ්‍ය අසබඩ නවකතාවේ දැකිය හැකි අධියථාර්ථවාදය එවැන්නකි.පෙළට ඔබ්බෙන් වූ ගැඹුරු අරුත් ස්පර්ශ කළ හැක්කේ මේ අධියථාර්ථමය ආඛ්‍යාන භාවිතය පිළිබඳ සාවධානව කල්පනා කිරීමෙනි. ඒ අර්ථයෙන් මෙය යථාර්ථවාදී නවකතාවක් නොව නූතනවාදී නවකතාවකි. සයිමන් නවගත්තේගම මේ නවකතාව ලිවීමෙන් මතු කිරීමට වෑයම් කරන්නේ කර නම් වූ මතවාදයක් දැයි අපට වටහා ගත හැකිවනු ඇත්තේ එය ඊනියා යථාර්ථවාදී ආඛ්‍යානයක් නොවන බව වටහා ගැනීමෙනි.
සංසාරාරණ්‍ය අසබඩ නවකතාවේ වෘතාන්තය ඇරඹෙන්නේ එක්තරා ආගන්තුකයකුගේ සම්ප්‍රාප්තියෙනි. කතා කලාලය වියෙන්නේ ඔහු ප්‍රධාන කොටගෙනය. ඔහු කොහේ සිට පැමිණියෙක්දැයි අපි නොදන්නෙමු. උස් සිරුරක් ඇති දැවැන්තයෙකැයි කියනවා මිසෙක ඔහුගේ මුහුණේ හෝ සිරුරේ හැඩ රුව ගැන පැහැදිලි විස්තරයක් නවකතාවේ නැත.ඔහු හරියට ෆ්‍රාන්ස් කෆ්කාගේ බලකොටුව(The Castle) නවකතාවේ බලකොටුව ගමට පැමිණෙන K නමින් හඳුන්වන ආගන්තුකයා වැනිය. ඔහුට අතීතයක් නැත. රූපයක් නැත. වර්තමානය තුළ පමණක් දවසරී.
අප සාමාන්‍යයෙන් යථාර්ථවාදී නවකතා විචාරයේදී භාවිත කරන මිනුම්දඬු මෙවැනි නවකතාවක් කියවා බලන්නට සුදුසු නැත. ආගන්තුකයාගේ චරිතය නිරූපණය කර තිබෙන ආකාරය විමසන යථාර්ථවාදී විචාරකයා සංසරණ්‍ය අසබඩ අපභ්‍රංසයක් කියා හංවඩු ගසන්නටත් බැරි නැත. එය එසේ වීමට බලපෑ හැකි ප්‍රධාන හේතුවක් නම් චරිත නිරූපණයේදී පුද්ගලයා පිළිබඳ හැකිතාක් විස්තර සැපයිය යුතුය යන මුඛ්‍ය කොන්දේසිය සයිමන් නවගත්තේගම විසින් මායිං නොකර තිබීමයි.
පුද්ගලයකුගේ ගති සොබාව සහ චරිත ලක්ෂණ අතර කිට්ටු සබඳතාවක් තිබේද? දරුණු මිනීමරුවකුටත් සෞම්‍ය මුහුණක් තිබෙන්න පිළිවන. මිලාන් කුන්දේරා නමැති නවකතාකරුවා ගේ Immortality නම් නවකතාවේ මෙලෙස සඳහන් වේ.
“Individual cars differ only in their serial number of a human specimen in the face, that accidental and unrepeatable combination of features. It reflects neither character nor soul, nor what we call the self. The face is only the serial number of specimen.”
මෙහි දල සිංහල පරිවර්තනය මෙසේය.
“රථ වාහන එකිනෙකින් වෙනස් වන්නේ එහි අනුක්‍රමික අංකවලිනි. මිනිස් ආදර්ශයක අනුක්‍රමික අංකය තමයි මුහුණ. අර ආකාස්මික ව යළි විය නොහැකි ලෙස සිදු වුන රූප ලක්ෂණ වල අච්චාරුව. ඉන් චරිතයවත් ආත්මයවත් අපි ඔය පුද්ගලත්වය යයි කියන දේවත් ප්‍රතිබිම්බනය වන්නේ නැහැ.”
සංසාරණ්‍ය අසබඩ නවකතාවේ ආගුන්තුකයාගේ චරිතය නිරූපණය කරද්දී ඔහුගේ මුහුණුවර පාඨකයා විසින්ම සිතින් මවා ගනු ලැබීමට ඉඩ දී තිබෙන්නේ ඒ නිසයි. ආගන්තුකයා දැවැන්තයෙකි. ඔහු පෙනී සිටින්නේ යහපත්දේ වෙනුවෙනි. ඔහුගේ මුහුණුවර දෙවියන්ට දී තිබුණේ වුවත් එය අපට අවශ්‍ය ආකරයෙන් සිතින් මවා ගැනීමට (පාඨක සහභාගිත්වයෙන් නිර්මාණය පරිපූර්ණත්වයට පත් වීමට) ඉඩ දී තිබිණි. එසේ පිබිදෙන පාඨක පරිකල්පනය විසින් පරිපාකයට පත් කරනු ලබන සංසාරණ්‍ය අසබඩ නවකතාවේ ආගන්තුකයාගේ චරිතය තුළින් විශද වන්නේ බෝධි සත්ව සංකල්පයක් හරහා හුදු ලෝකෝත්තර සත්තාවක් සාක්ෂාත් කිරිමකට පටු නොකළ මනුෂ්‍යත්වය පිළිබඳ දහමකි. සංසාරාරණ්‍ය අසබඩ නවකතාවේ ප්‍රධාන වන්නේ නමක් ගමක් නොදන්නා ආගන්තුකයාගේ චරිතයයි. එහෙත් තමාගේම වූ ආත්ම භාෂණයක් නොමැති ඔහු ගුප්තය.
එහෙත් මේ ගුප්ත ස්වභාවය මැද්දේ ආගන්තුකයා අප දකින්නේ නවකතාවේ අනෙක් චරිත විසින් විහිදවනු ලබන ආලෝකයෙනි.අනෙක් සියලු චරිත සහ සිදුවීම් පෙළ ගැසෙන්නේ ආගන්තුකයා වටාය.මේ නිසා අගන්තුකයා වීදුරුවක් පිටු පස රැඳවූවකු බඳුය. ඔහු අපට දැකිය හැකි මුත් ස්පර්ශ කළ නොහැකිය. සංසාරාරණ්‍යයේ අගන්තුකයා මතු නොව ලොකු හාමුදුරුවන් පවා නිරූපිතව ඇත්තේ බුද්ධත්වයට පෙරුම් පුරණ බෝධි සත්ව ජීවිත මෙනි. සයිමන් නවගත්තේගම මෙවැනි නිර්මාණාත්මක අභ්‍යාසයකින් උත්තමාර්ථයක් බවට පත් කරන මනුෂ්‍යත්වය යුරෝපියානු දාර්ශනික සන්දර්භයක් තුළ වඩාත් සමීප වන්නේ ජර්මන් දාර්ශනිකයකු වූ ෆ්‍රෙඩ්‍රික් නීට්ෂේ ගේ Thus Spoke Zarathustra වැනි කෘතිවල ප්‍රධාන හරය වූ උත්තර මිනිසා (Super Human) වැනි සංකල්පයකටය.
මේ නවකතාවේ තිබෙන විශේෂත්වයක් වන්නේ මහායානය සහ එහි අත්තක් වූ තන්ත්‍රවාදයට අදාළ මතවාද පිටු ගණන් දක්වා තිබීමයි.මහා යානය, තන්ත්‍රවාදය හෝ ආලය විඥානය ගැන හාංකවිසියක් නොදන්නා කෙනකුට මේ නිර්මාණය රස විඳීමට නැත්නම් දිරවා ගැනීමට බැහැ කියන කල්පනාව යමකු තුළ ජනිත වන්නට පිළිවන. එහෙත් එසේ වන්නේ සයිමන් නවගත්තේගම මේ පොත ලිව්වේ යම් මහායානික කල්පනාවක් විචාරාත්මක ලෙස සාධාරණීකරණය කිරීමේන් අරමුණකින් වුණා නම් ය.එහෙත් මෙහිදී නවකතාකරුවා එවැනි ආගමික සහ දාර්ශනික මතවාද යොදා ගන්නේ තේමාව (කතා පුවත නොවේ) තීව්‍රව එළි දැක්වීමට පමණය. එසේද වුවත් බොහෝ නූතන නවකතාවල අතුරු කතාව (digression) හරහා තේමාව ප්‍රබලව දැක්වීමේ ප්‍රවණතාවක් දුට හැකිය. මෙම digression යන වචනයේ අරුත අනවශ්‍ය තොරතුරු කීමක් ලෙස ගැනීමට පිළිවන.
එහෙත් නවකතාවේ මුඛ්‍යාර්ථය ලෙස යම් දාර්ශනික එල්ලයක් සපුරා ගැනීමට වෑයම් කරන නූතනවාදී නවකතාකරුවාට එය අනවශ්‍ය තොරතුරු කීමක් නොවේය. එය කතාව සහ එහි පාත්‍ර වර්ගයා සමග සහ සම්බන්ධය.
මිලාන් කුන්දේරාගේ Unbearable Lightness of Being නමැති නවකතාව පටන් ගන්නේ නීට්ෂේගේ Eternal Recurrence (සදාතනික පුනරාගමනය) නමැති සංකල්පය ගැන කියමිනි. කුන්දේරා තමාගේ නවකතාවේ මුල් පරිච්ඡේද දෙකම නීට්ෂේගේ දාර්ශනික මතය පිළිබඳව සමකාලීනයන් තුළ ඇති කළ විපිළිසර බව ආශ්‍රිත දීර්ඝ විස්තරයකට වියදම් කරයි. එකම දේ යළි යළිත් සිදුවන බව කියන නීට්ෂේ ගේ දාර්ශනික සංකල්පය මහායානික මත හරහා සංසාරාරණ්‍ය අසබඩ තුළ එළිය වෙයි.
“ඔබ නැවතත් අසන්නේ මීට පෙරද ඇසූ ප්‍රශ්නයම වෙනත් ආකාරයකින් , පුත්‍ර. සංසාරී පුද්ගලයා චක්‍රයක් වටා නැවත නැවතද දුවමින් නැවත නැවතද එකම කඩඉම් පසු කරමින් සිටින්නේ යයි කියන්නේ මෙයයි”
සංසාරාරණ්‍ය අසබඩ 415 පිටුව
මා යටකී කොටස සංසාරාරණ්‍යයෙන් උදුරා දැක්වූයේ නීට්ෂේ සහ බෞද්ධ සංකල්පනා අතර ඇති යම් සමානත්වයක් මතු කිරීමට නොවෙයි. වැදගත් වන්නේ කුන්දේරා සහ නවගත්තේගම තම නිර්මාණ කාර්ය තුළ මේ ආගමික හා දාර්ශනික මතවාද යොදා ගන්නා සැටි විමසීමය. Unbearable Lightness of Being හි ටොමාස් නමැත්තා පත්වී සිටින තත්වය නිරූපණය කිරීමට කුන්දේරා නීට්ෂේව කැඳවනවා සේම නවගත්තේගම සංසාරික චක්‍රය තුළ මිනිසාගේ පැවැත්ම සහ එහි සාංදෘෂ්ටික ස්වභාවය වෙනස් නොවන බව කියන්නට බෞද්ධ සංකල්පයක් ඔප මට්ටම් කරගනී.
අනෙක් අතට පුනරාවර්තනය (repetition) නැතහොත් එකම දේ යළි යළිත් සිදුවීමේ අනතුර මග හැර යා නොහැකි බව මනෝ විශ්ලේෂණය අපට උගන්වයි. එකී මනෝ විශ්ලේෂණීය අභ්‍යාස සයිමනියානු ප්‍රවාද සමග සම අසුන් ගන්නා සැටිද විමසමින් සංසාරාරණ්‍ය වැඩිදුර කියවීම කල් තබමි.
සුමිත්‍රා රාහුබද්ධ ’’ලොබ නොසිඳයා ’’ නම් නවකතාව ලියන්නේ මීට දශකයකට පෙරාතුවය. එම නවකතාව ගැන එදවස මා ලියූ දේ පපුනරාවර්තන ය වීම අහම්බයක් නොවෙයි. අනුරපුර
මහින්දෙ තමයි ඉස්කෝලේ නමින් සුන්දර නිහතමානී ද මැල් ලියන්නේ චරිත කතාවක්. වෙනස තමයි එහි ප්‍රධාන චරිතය පාසලක්වීම. සාහිත්‍ය ශානරයක් විදිහට චරිතාපදාන ගැන ම
වරාමල්වලට පස්සේ මට අනුරාධපුරයේ වෙසෙන ශාන්ති දිසානායකගේ ස්ත්‍රීවාදී චින්තනය අහුවෙනවා.
ගීද මෝපසාං වූකලී ලාංකේය කෙටිකතා කරුවන්ට අතිශයින් බලපෑම් කළ ලේඛකයකු ලෙස හඳුනා ගත හැකිය. ඉන් අදහස් වන්නේ ලාංකේය කෙටිකතාවේ හැඩය කලකට පෙර මෝපසාං වීමය. මෝප
පසුගිය සතියේ ලංකාදීප මතුමහලට සමන් නන්දලාල් රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ගෝරා පිළිබඳ අපූරු විස්තරයක් ලියා තිබිණි.
දසක තුනක් තරම් වූ කාලයකට පෙර මම ඉරිදා ලක්බිමට, අවුරුදු හතරක් තිස්සේ, ග්‍රන්ථ විචාරයක් ලිව්වෙමි.එම ලිවීම “දෙඤ්ඤම් බැටේ විචාරය”කැයි සමහරු වරදවා ගත්හ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංසාරාරණ්‍ය අසබඩ 2