(අංජුල මහික වීරරත්න)
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හයේ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් ලාභය සියයට 78 කින් ඉහළ ගොස් ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
2024 පළමු මාස හයේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 9049 ක් ලෙස සටහන් වූ අතර 2025 පළමු මාස හයේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 16,133 ක් ලෙස සටහන් වන බව අමාත්‍යංශය කියයි.
2025 පළමු මාස හයේ ගුවන් ගමන් වාර 32423 ක් සම්පූර්ණ කර ඇති අතර ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමග එය සැළකිය යුතු ලෙස වර්ධනය කිරීම ගුවන් තොටුපල අධිකාරියේ අපේක්ෂාව බවද අමාත්‍යංශය පවසයි.