IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


​කේන්දරයක් හදන්න ඉගෙන ගනිමු

කේන්දරයක් සාදන්නට දැනගත් පමණින් හෝ ග්‍රහයන් පිහිටුවීමට දැනගත් පමණින් හෝ කෙනෙකු ජ්‍යෝතිෂවේදියකු වන්නේ නැත. කෙනෙකුගේ කේන්දරය සාදා එය නිවැරදිව විග්‍රහ කර අතීත – වර්තමාන – අනාගත වශයෙන් සියලු ජීවන තොරතුරු පෙන්වාදීමට සමත් කෙනෙකු විය යුතුය. එය කෙළින්ම අපල ලේඛනයක් ද සඵල ලේඛනයක් ද නොවිය යුතුය. සමබර පල ප්‍රකාශයක් විය යුතුය.

අද ජ්‍යෝතිෂවේදීන් බොහෝ දෙනෙකු මෙහිදී පලාපල කියන්නේ සෙනසුරු මුල්කරගෙනය. සෙනසුරුගෙන් තොර පලාපලයක් ඔවුනට නැත. එහෙත් සත්‍යය එයනම් නොවේ. නිවැරදි කේන්දර විග්‍රහයකට අයත් වන්නේ සෙනසුරු පමණක්ම නොවේ.

තන්ත්‍ර – හෝරා - සංහිතා වශයෙන් ජ්‍යෝතිෂයේ ප්‍රධාන කොටස් තුනක් තිබේ. ග්‍රහයන් සහ ග්‍රහයන්ගේ හැසිරීම් රටා - ග්‍රහයන්ගේ බල දුබලතා විග්‍රහය – චන්ද්‍ර ග්‍රහණ - සූර්ය ග්‍රහණ – ග්‍රහ ගමන් රටා ගණිතය අයත් වන්නේ තන්ත්‍ර කොටසටය. මුහුර්ත සාධනය – හෝරා පල ප්‍රකාශනය - මුහුර්ත සාධනය ආදිය අයත් වන්නේ හෝරා කොටසයට. පලාපල කථනය – අනාගතය දැක්ම – ආදිය පෙන්වා දෙන්නේ සංහිතා කොටස තුළිනි. දැනට භාවිත කෙරෙන බොහෝ ජ්‍යොතිෂ ග්‍රන්ථ ඇතුළත් වන්නේ මෙම සංහිතා කොටසටය. තාරු සංහිතාව – වෘහත් සංහිතාව – ජාතක පරිජාතය – ජාතක ඵල දීපනිය – ආදියත් සාරාවලිය – වරහ මිහිර – ලඝු ජාතකය – ශම්භු හෝරා ප්‍රකාශනය ආදියත් මෙහිදී වැදගත් තැනක් ගනී. ජයමිණි සූත්‍රය – පරාශරයන්ගේ ග්‍රන්ථ ද මෙහිදී වැදගත්වේ. මෙම ග්‍රන්ථය සැකසීමේදී මෙම ග්‍රන්ථ ඇසුරු කරගත් බව සඳහන් කරන්නේ ගුරු බැතියෙනි.

නිවැරදි පලාපල කථනයකට අදාළ තොරතුරු සෙවීමේ දී වැදගත් වන අවස්ථා තුනක් තිබේ. එනම් දශා ඵල විග්‍රහය – නාඩි ජ්‍යෝතිෂය සහ අෂ්ඨක ඵල බිංදු හෙලීම යන ක්‍රම තුන මුල් තැනක් ගනී. දශාඵල විග්‍රහයට අදාළ ග්‍රන්ථ රැසක් තිබේ. නාඩි ජ්‍යෝතිෂයට අදාළ ග්‍රන්ථ ද රැසක් වේ. එහෙත් එකට ගොනු කළ අෂ්ඨක ඵල විග්‍රහයක් හමුව නැත. එම අඩුව සරල වශයෙන්වත් සොයා බැලීම මෙහි අරමුණයි.

"අෂ්ඨක වර්ග දශා මාර්ගම් 

සර්වේෂා මෘතමෝත්කමම්" යනුවෙන් ප්‍රකාශකර ඇත්තේ මේ නිසාය.

කේන්දරයක් නිවැරදිව විග්‍රහ කිරීමේ දී සියලුම ග්‍රහයන්ලේ උච්ච – නීච – ස්වක්ක්ෂේත්‍ර – ආදී බල සමූහයම සලකා බැලිය යුතුය. එහෙත් අෂ්ඨක වර්ගයේදී මෙම තත්වයෙන් බැහැර වීමට සිද්ධ වේ. මෙහිදී ග්‍රහයන් නව දෙනෙකු ගැන කතා කරන්නේ නැත. රාහු + කේතු දෙදෙනා අෂ්ඨක වර්ගයට ඇතළත් කර නැත. ප්‍රධාන ග්‍රහයන් වන රවි + සඳු + කුජ + බුද + ගුරු + ශුක්‍ර + ශනි යන සත් දෙනා පමණක් මෙහිදී බලගන්වා තිබේ.

මෙහිදීත් අප භාවිත කරන්නේ අපේ හුරු පුරුදු කේන්දර ක්‍රමයමයි. විවිධ ක්‍රම දක්වා ඇතත් සියල්ල මෙහිදී විග්‍රහ නොකරමි.

රාහු + කේතු දෙදෙනා වාසෂ්ටියක් සහිත ග්‍රහයන් ලෙස හඳුන්වන්නේ නැත. එහෙයින් ඔවුනට රශ්මි විහිදවීමේ බලයක් නැත. රශ්මි විහිදවන්නේ නැතිනම් ඔවුන් බාධක ජායා දෙකක් වේ. ග්‍රහයාගේ බලය (තමන් සමග සීටින) අඩු හෝ වැඩි කිරීමට පමණි ඔවුනට හැක්කේ. ඔවුනට පලාපල බලයක් නැත්තේ එහෙයිනි.

පරාශර ඍෂිවරයාගේ පලාපල ක්‍රමයට අනුවද අෂ්ඨක වර්ග බිංදු ක්‍රමයට අනුවද ආදර්ශ කේන්දරයක් විග්‍රහ කර දක්වා තිබේ. බොහෝ දුරට නිවැරදි පලාපල විස්තරයක් කිරීමට නම් ජ්‍යෝතිර්වේදියා වෙහෙසිය යුතුය. එහෙත් අද පවත්නා ක්‍රමයට අනුව මෙවන් විග්‍රහයක් කර ගතවන කාලයට මිලක් නියම කිරීමට ජ්‍යෙතිර්වේදියාට හැකියාවක් නැත. එය ඔබ වෙතට එන ග්‍රාහකයාට කෙරෙන අසාධාරණයක් වෙයි. මේ නිසා සෑම විටෙකම අපට කළ හැක්කේ දල විග්‍රහයක් කිරීම පමණකි.

ඩී.ඇම්. ධර්මසේන



අදහස් (0)

​කේන්දරයක් හදන්න ඉගෙන ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

Iranama

වසර 30කට පසුව කර්මයට තීන්දු දෙන සෙනසුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද?
2025 මාර්තු මස 04 29265 1

සෙනසුරු ග්‍රහයා ගේ සුවිශේෂී ග්‍රහ මාරුවක් 2025 මාර්තු මස 29 වැනි දින සිදුවීමට නියමිතව ඇත. එය වසර 30කට පසුව සිදුවෙන්නකි. එදින සෙනසුරු ග්‍රහයා මීන රාශියට සම්ප


බිහිසුණු සිදුවීම් ඇතිකරමින් යුරෙනස් මේෂයට
2024 නොවැම්බර් මස 25 3255 0

යුරෙනස් වක්‍ර ගමනින්ම අඟහරුට අයත් මේෂ රාශියට 2024 දෙසැම්බර් මස 13 වැනිදා කිවි දින දවල් 11.20ට පිවිස 2025 මාර්තු මස 19 වැනිදා බුධ දින අලුයම 5 පසුවී විනාඩි 50 දක්වාම යු


බුධ වෘෂ්චිකයට අඟහරු නීච වෙමින් කටකයට
2024 ඔක්තෝබර් මස 28 9890 0

ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධි කාරයා වූ බුධ තමාට සම රාශි භවනක් වූ වෘෂ්චික රාශියට 2024 – ඔක්තෝම්බර් 29 වන කුජ දින රාත්‍රී 10.39 ට පිවිසෙන අතර නොවැම්බර් මස 26 වන කුජ ද


කාල සර්ප යෝගය මඟහරින්න පුළුවන්ද?
2024 ඔක්තෝබර් මස 14 2426 0

‘’’කාල සර්ප යෝගය’’ -පුද්ගලයකුගේ ජීවිතයේ කුඩා කාලය, තරැණ කාලය හා මහලු කාලය යන අවධි තුනේදී , වෙන් වෙන් වශයෙන් බලපානු ලබනවා. කුඩා කාලයේදී කාලසර්ප යෝගය ඵලදී


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 6378 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 2074 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 446 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site