IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


කාල සර්ප යෝගය මඟහරින්න පුළුවන්ද?

“කාල සර්ප යෝගය’’ - පුද්ගලයකුගේ ජීවිතයේ කුඩා කාලය, තරැණ කාලය හා මහලු කාලය යන අවධි තුනේදී , වෙන් වෙන් වශයෙන් බලපානු ලබනවා. කුඩා කාලයේදී කාලසර්ප යෝගය ඵලදීම සිදුවන්නේ - මවගෙන් හෝ පියාගෙන් වෙන්වීම, මවුපියන් දික්කසාද වීම, මවුපියන් කුඩා කාලයේදීම මියයාම හෝ මවුපියන්ගෙන් වෙන්ව ජීවත්වීම මගින්. මෙම කාලයේදී - ඒරාෂ්ටක යෙදීමත් , නරක දසාවන් යෙදීමත් සමග කාල සර්ප යෝගය ඉහත ආකාරයට කුඩා කාලයේදී, ඵලදීම සිදුවනවා.”

 

"කාල සර්ප යෝගය යනු මග හැරිය නොහැක්කක්. නමුත් එහි ප්‍රභලත්වය යම්තාක් දුරකට අඩු කිරීම සඳහා විවිධ උපක්‍රම යෙදිය හැකියි.”

 

 

 

කාල සර්ප යෝගය පිළිබඳ විමසා බැලීමේදී පෙනී යන්නා වූ පොදු කරැණක් නම්, සමාජයේ බොහෝ දෙනකු මෙම යෝගය පිළිබඳ දක්වන්නේ, ඉතා ඍණාත්මක අදහසක් බවයි. නමුත් සත්‍යය වන්නේ මෙම යෝගය මගින්- පුද්ගලයන්ට විවිධ කරදර බාධක ඇති කරන අතරම, ජීවිතයේ බෝහෝ දේ අත්පත් කර ගැනීමටද, මෙම කාල සර්ප යෝගයෙන් උපන් අය සමත්වන බව නිරීක්ෂණය වන බවයි. මේ පිලිබඳව අදහස් දැක්වූයේ ජ්‍යෝතීර්විද්‍යාව පිළිබඳ කථිකාචාරිණී, සෙත් කවි විශාරද, කංනකේ - ලතා ද සිල්වා මහත්මිය යි.

කේන්ද්‍ර සටහනක – රාහු , කේතු යන ග්‍රහයන් දෙදෙනා වාමාංශිකව හෝ දක්ෂිණාංශිකව පිහිටීම, එසේත් නැතිනම්, කේන්ද්‍ර සටහනේ එක් පැත්තකට පමණක් සීමා වී අනෙක් පැත්ත හිස්ව පිහිටීම, කාල සර්ප යෝගය ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම යෝගය ඒ දවස ඇතුළත හෝ ඒ මාසය ඇතුළත පවතිනවා. විශේෂයෙන් මාසයක් ඇතුළත් පවතින්නේ නම් , මෙම කාලසර්ප යෝගය දින 15ක් එක දිගට පවතිනවා. මීට අමතරව , චන්ද්‍රයා රාශි දොළහ තුළ එක් පැත්තකට දින 15ක් ගමන් කිරීමේදී එම දිනවලට කාල සර්ප යෝගය යෙදෙන අතර , අනෙක් පැත්තේ දිනවලට කාලසර්ප යෝගය යෙදෙන්නේ නෑ. ඊට හේතුව නම් , චන්ද්‍රයා එසේ දින 15ක් ගමන් කිරීමේදී රාහු සහ කේතු පසුකරන විට අනෙක් දින 15 කාලසර්ප යෝගය අහෝසි වීමක් සිදුවීමයි . චන්ද්‍රයාගේ ගමන් මාර්ගය අනුව චක්‍රාවාටය තුළ ග්‍රහයින්ගේ පිහිටීම එක දිශානතියකට පිහිටීමක් සිදුවනවා. මෙය කාල සර්ප යෝගයේ පිහිටීම ලෙස දක්වන්න පුළුවන්.

කෙසේ නමුත්, යම් පුද්ගලයකු මෙම කාල සර්ප යෝගයට මැදිව උපදින විට, එම පුද්ගලයාට මෙයින් බලපෑමක් ඇතිවනවා. අතීතයේ සිටම කාලසර්ප යෝගය කෙරෙහි සාමාන්‍ය මහජනතාව තුළ පවතින්නේ - විශාල බියක්. ඇතැම් ජ්‍යෝතිෂ්‍යවේදීන් සමාජගත කර ඇති මත අනුවත්, මෙම කාල සර්ප යෝගය පිළිබඳව අනවශ්‍ය භීතිකාවක් මිනිසුන් ඇති කරගෙන තිබෙන බවක් පේනවා. නමුත් මෙම කාල සර්ප යෝගයේ ප්‍රායෝගික තත්ත්වය නම්, එකාංශිකව පිහිටීම නිසා - ග්‍රහ පිහිටීමේ සමබරතාව නැති වී යාමයි. එම නිසා මේ යෝගය විෂ සහිත බව කියැවෙනවා. කේතු හා රාහු ග්‍රහයන්ගේ බලපෑමෙන් වස - විස, අවි - ආයුධ වැනි දෑ නියෝජනය කෙරෙන තත්ත්වයන් බොහෝ දුරට පවතිනවා. ඒ නිසා මෙම යෝගයෙන් උපදින පුද්ගලයන් බොහෝ භයානක ගති පැවතුම් පෙන්වන උදවිය බවට පත්වීමට වැඩි ඉඩක් තියෙනවා. එහෙත් මෙවැනි තත්ත්වයක් කාලසර්ප යෝගයෙන් උපදින සෑම කෙනකුටම උදාවන්නේ නැහැ. එම නිසා කාල සර්ප යෝගය විෂ සහිත බව පැවැසීමට අපහසුයි.
කේන්ද්‍ර සටහන තුළ චන්ද්‍රයා හෝ සෙනසුරැ පළමුවැන්නට යෙදීම මගින්, ඒ දරැවා ජන්ම ඒරාෂ්ටකය යන අපලයෙන් ඉපදීම සිදුවනවා. එසේ ජන්ම ඒරාෂ්ටකයෙන් උපදින දරැවකු කාල සර්ප යෝගයකට ද මැදිව ජන්ම ලාභය ලබා ඇත්නම් නම් යට දැක්වූ තත්ත්වයන්ට මුහුණදීම වැඩි ඉඩක් පවතිනවා.


තරැණ වයසේ කාල සර්ප යෝගය ඵලදෙන පුද්ගලයන්ගේ කුඩා කාලය ඔවුන්ගේ හොඳම දශාවන් ගෙවීම දක්නට ලැබෙනවා. ඔවුන් තම මවුපියන් සමග සතුටින් කාලය ගතකරනවා. කුඩා කාලය ඉතාම සාර්ථක ලෙස ගෙවීයනවා. ඒ පුද්ගලයාගේ කාල සර්ප යෝගය බලපෑම් ඇති කරන්නේ තරැණ අවධියේදී , විවාහ ජීවිතයට. තරැණ අවධියේ කාල සර්ප යෝගය බලාත්මක වන්නේ නම්, බොහෝ විට මෙම පුද්ගලයන්ට විවාහ දෙකක් සිදුවීමට පුළුවන්. ඒ වගේම හිතුවක්කාර විවාහයන් සිදුකර ගැනීම, මවුපියන්ගේ දැඩි බලපෑමෙන් විවාහයන් සිදුකර දීම, වැනි ක්‍රමයකින් විවාහය සිදුවීමෙන් පසු - ඔවුන්ගේ විවාහ ජීවිතය ව්‍යාකූල වීමේ වැඩි ඉඩක් පෙන්නුම් කරනවා. තරැණ කාලයේදී - නරක දශාවන් උදාවීම , විවිධ ඒරාෂ්ටක අපල උදාවීම, වැනි තත්ත්වයන් පදනම් වී කාල සර්ප යෝගය බලාත්මක වන බව කේන්ද්‍ර සටහන පරික්ෂා කිරීමෙන් සොයා ගැනීමේ හැකියාව පවතිනවා.

කාලසර්ප යෝගය පවතිනවා කියන්නේ, තමන්ට විවාහවීමට නොහැකි හේතුවක් නොවෙයි. මෙවැනි පුද්ගලයන්ගේ විවාහය බොහෝවිට පමාවනවා. විවිධ සෙත්ශාන්ති, පුද පූජා පවත්වා - තමන්ගේ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. මම පෞද්ගලිකව කාල සර්ප යෝගය පවතින බොහෝ දෙනෙක් විවාහ කරවලා තියෙනවා. ඒ සියලු දෙනා අද වෙන විට ඉතා සාර්ථක යුගදිවි ගත කරනවා.

වයස 35න් හෝ 40න් පසු කාල සීමාව කාලසර්ප යෝගය බලාත්මක වන තුන්වන අවධිය ලෙස සැලකිමට පුළුවන්. මෙම අවධිය වනවිට බොහෝ විට අදාළ අයගේ කුඩා කාලයේද හා තරැණ කාලයේදී ඉතා හොඳ දශාවන් ගෙවී යාම සිදුවනවා. කුඩා කාලය හා තරැණ අවධිය සාර්ථක ලෙස ගෙවී යාම සිදුවනවා. මෙම අවධියේදී බිරිඳ හෝ ස්වාමි පුරැෂයා අහිමිවීම, දරැවන්ගෙන් ඈත්වීම දරැවන් නොසළකා හැරීම, තනි වීම, දරැණු රෝගවලට ගොදුරැ වී තනිව කාලය ගතකිරීමට සිදුවීම, ආරෝග්‍ය ශාලාවල තනිව කාලය ගත් කිරීමට සිදුවීම, නිවෙසේ වුවත් වෙන් වී ජීවත් වීමට සිදුවීම. හදිසි ගිනි අවි ප්‍රහාරවලට ලක්වීම, වස විස ශරීරගත වීම හේතුවෙන් හෝ සතකුගේ විෂක් ශරීරගත වීම හේතුවෙන් පීඩාවට පත්වීම හා එම පීඩාව හේතුවෙන් මරණය පවා අත්වීමට ඉඩකඩ පවතිනවා.

මීට අමතර පෙර පින් නොමැති වෙනත් ඒරාෂ්ටක අපල ද සහිතව දුක් විදීමට උරැමකම් කියන වෙනත් යෝග ද ඇතුළත්ව කාල සර්ප යෝගය පැවතියහොත් එම පුද්ගලයාට ජීවිතයේ අවස්ථා තුනේදීම මෙම කාල සර්ප යෝගයෙන් පීඩා විදීමට සිදුවනවා. එය ඉතාම දුර්ලභ අවස්ථවක් වගේම ඒ කාල සර්ප යෝගයේ උච්චතම අවස්ථව මිස පොදුවේ කාල සර්ප යෝගයෙන් උපදින සියලු දෙනාට හිමිවන ඉරණම නොවෙයි. බොහෝ දෙනෙක් කාල සර්ප යෝගය ගැන සිතා සිටින්නේ කාල සර්ප යෝගය පවතින පුද්ගලයන් පැවිදි කරවිය යුතුයි, ඒ පුද්ගලයන් විෂ සහිත අය ලෙසයි.

පෙර ආත්මවල අනුන්ගේ දරැවන් උදුරා ගැනීම, දරැවන් මහමගට ඇද දැමීම , අනුන්ගේ දරැවන්ට ඊර්ෂ්‍යා කර අධ්‍යාපනයට බාධා ඇති කිරීම හා නිවෙසේ ඇති සැප පහසුකම් නැති කිරීම නිසා කුඩා කාලයේ කාල සර්ප යෝගය ඵලදීම සිදුවිය හැකියි. වීවහවීමට සිටින දෙදෙනකු කේලාම් කියා වෙන්කිරීම, විවාහ කඩාකප්පල් කිරීම වැනි දේ පෙර ආත්මවල සිදුකිරීම නිසා තරැණ අවධියේදී කාල සර්ප යෝගය ඵලදීමක් සිදුවිය හැකියි. පෙර ආත්මවල මවුපියන්ට නොසලා හැරීම, ඔවුන්ට හිරිහැර කිරීම මහ මග අතරමං කිරීම වැනි හේතු නිසා තුන්වන අවධියේදී කාල සර්ප යෝගය ඵලදීමට හැකියාව පවතිනවා.

කාල සර්ප යෝගය ඇති අය බොහෝ දක්ෂතා ඇති පුද්ගලයන් බවට පත් වනවා. පාසල් අධ්‍යාපනය පමණක් නොවෙයි අනෙකුත් නොවිදිමත් අධ්‍යාපනය හරහාද සමාජයෙන් ලබාගන්නා දැනුම මගින් ලබන අධ්‍යාපන හේතුවෙන් ද ජීවිතයේ විවිධ ජයග්‍රහණ ලබාගන්නවා පමණක් නොවෙයි විශාල දැනුම් සම්භාරයක් ඇති උගතකු හෝ බුද්ධිමතකු බවට පත් වෙනවා. මෙම යෝගයෙන් උපදින බොහෝ පුද්ගලයන් හදිසියේ පොහොසත්වීමක් දක්නට ලැබෙනවා. හදිසියේ සිදුවන ස්ථාන මාරුවීම් හා ජීවීතය හදිසියේම වෙනසකට ලක්වීම සිදුවනවා. ආයුෂ යෝග, ධන යෝග, රාජ යෝග වැනි යෝග ඵලදීම මගින් ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් බවට පත්වීමේ හැකියාව පවතින්නේද මෙම කාල සර්ප යෝගය පවතින පුද්ගලයන්ටයි. කාල සර්ප යෝගය ඇති පුද්ගලයන් සමාජයේ ඉහළ තලයේ වැජඹෙන පුද්ගලයන් බවට පත්වනවා පමණක් නොවෙයි බොහෝ විට නායක්ත්ව තනතුරැ සඳහා හිමිකම් කියන්නේ ද මෙම යෝගයෙන් උපන් පුද්ගලයන්.

කාල සර්ප යෝගය යනු මග හැරිය නොහැක්කක්. නමුත් එහි ප්‍රභලත්වය යම්තාක් දුරකට අඩු කිරීම සඳහා විවිධ උපක්‍රම යෙදිය හැකියි. කාල සර්ප යෝගයෙන් උපන් දරැවකුනම් බොහෝවිට මවුපියන්ගෙන් වෙන්කොට වෙනත් කෙනකු ළඟ හැදී වැඩීම. තරැණ අවදියේ දී නම් විවාහ වී රටවල් දෙකක විවාහවීම සාර්ථකයි. දරැවන් සමඟ සතුටින් කාලය ගතකරනවා නමුත් අඹුසැමියන් තැන් දෙකක වෙන්වෙන්ව ජීවත් වීම සිදුවනවා. මහලු කාලයේ දරැවන්ගෙන් වෙන්ව වෙනත් ස්ථනයක් රදවා තබා සැලකීම සිදු කල හැකියි. මෙහිදී පුද්ගලයන්ට නොදැනී කාල සර්ප යෝගය ඵලදීමක් සිදුවනවා. කාල සර්ප යෝගය ඇති පුද්ගලයන් කළ යුත්තේ මේ පිළිබඳව අවබෝධ කරගෙන පින් දහම් සිදුකරමින් මතු භවයකට මෙවන් පාපයකට ගොදුරැ නොවීමට වග බලාගැනීමයි.


ලිහිණි ලියනගේ



අදහස් (0)

කාල සර්ප යෝගය මඟහරින්න පුළුවන්ද?

ඔබේ අදහස් එවන්න

Iranama

කාල සර්ප යෝගය මඟහරින්න පුළුවන්ද?
2024 ඔක්තෝබර් මස 14 195 0

‘’’කාල සර්ප යෝගය’’ -පුද්ගලයකුගේ ජීවිතයේ කුඩා කාලය, තරැණ කාලය හා මහලු කාලය යන අවධි තුනේදී , වෙන් වෙන් වශයෙන් බලපානු ලබනවා. කුඩා කාලයේදී කාලසර්ප යෝගය ඵලදී


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 5717 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1884 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මකර බලවත්වී ලග්න පහකට සුබයි
2024 පෙබරවාරි මස 19 11871 2

කාලයකට පසුව මකර රාශිය බලවත් වී තිබේ.ඊට හේතුව වන්නේ අඟහරු සිකුරු බුධ සහ ප්ලුටෝ යන ග්‍රහයන් සිව් දෙනා එහි එක පොදියට ගමන් කරමින් සිටීම යි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 13456 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


ශනි මංගල දෝෂය නිසා ඔබත් පීඩාවෙන්ද?
2023 දෙසැම්බර් මස 04 3824 1

විවාහ දෝෂ අතුරින් ප්‍රධාන වශයෙන් පවතින ශනි මංගල දෝෂය පිළිබඳවයි අද අපේ අවධානය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 633 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site