ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධි කාරයා වූ බුධ තමාට සම රාශි භවනක් වූ වෘෂ්චික රාශියට 2024 – ඔක්තෝම්බර් 29 වන කුජ දින රාත්‍රී 10.39 ට පිවිසෙන අතර නොවැම්බර් මස 26 වන කුජ දින වක්‍ර වෙමින්ද දෙසැම්බර් 16 වන සඳු දින නැවත සුපුරුදු ගමනින්ද ගමන් කරමින් 2025 ජනවාරි 4වන ශනි දින දහවල් 12 පසුවී විනාඩි 5 දක්වාම බුධ වෘෂ්චිකයේ ගමන් කරනු ඇත. අඟහරු ග්‍රහයා තමාට නීච රාශී භවනේ 2024 ඔක්තෝම්බර් 20 වන ඉරු දින දවල් 2 පසුවී විනාඩි 19 සිට ගමන් කරන අතර දෙසැම්බර් 7වන ශනි දින වක්‍රව ගමනින් ගමන් අරඹා 2025 ජනවා 21 වන ශනි දින වක්‍රයෙන්ම මිථුන රාශියට ගමන් කරනු ඇත.
විශේෂයෙන් බුධ වෘශ්චික රාශිගත වීමත් අඟහරු නීච වීමත් තුළින් අප රටට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට විවිධ වූ විපත්වලට මුහුණ දීමට සිදුවනු ඇත. අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේ දී සුබ සිදුවීමක් ඇති නොවන කාල වකවානුවක් වනු ඇත. පතල් ආශ්‍රිතව නිරත පුද්ගලයන් මෙම වකවානුව තුළ ඉතා කල්පනාකාරිව එම කටයුතුවල නිරත විය යුතු වේ. මහජනයා පීඩාවට පත්කරමින් උණ ආශ්‍රිතව වසංගත රෝග තත්වයක් සීඝ්රයෙන් පැතිර යාම නිසා ජනතාව ඉතා අසරණ තත්වයට නැවත පත්වන කාලයක් බවට පත්වනු ඇත. කර්මාන්තශාලා ද ගොඩනැගිලි හදිසි ගිනි ගැනීමට ලක්වීමත් පිපිරිම්වලට ලක්වීමත් රථ වාහන ආශ්රිත අනතුරු ඉහළ යාමත් හදිසි ගිනි ගැනීම් ද වාර්තා වනු ඇත. නාවික යාත්‍රා මෙන්ම නැව් බෝට්ටු ආශ්රිත අනතුරු ද වාර්තා වනු ඇත. නීති අංශයේ ප්රධානියකුට මෙන්ම මහජන ගෞරවයට පත් ප්‍රසිද්ධ පුද්ගලයකුට මාරක ද ගෙන දෙන කාලයක් වේ. විනෝද ස්ථාන අධ්‍යාපනික ආයතන අනික අශුභ සිදුවීම් වාර්තා වනු ඇත. උසස් ආයතන පිරිහීමට පත් වීමත් ආර්ථකයේ යම් කිසි ආකාරයක සුලු පසුබෑමක් ද ඇතිවන කාලයක් වේ.
විදේශීය වශයෙන් අවධානය යොමු කිරීමේ දී රිට්ච මාපාංක 7 ඉක්මවූ ප්‍රභල භූචලනයක් ඇතිවන කාලයක් වන අතර එමඟින් හදිසි විපත් ද විශාල ජීවිත දේපල හානි ද වාර්තා වනු ඇත. ළමයින් මෙන්ම තරුණ පුද්ගලයන්ගේ මරණ ඉහළ යන කාලයක් වන අතර ප්‍රධාන පාලකයකුගේ වෙනස් වීමක්ද සිදුවන කාල පරාසයක් වනු ඇත.
මීළඟට ඔබට
මේෂ ලග්නයට – භූමිය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යන කාලයක් වන අතර නව ඉදිකිරීම්වලට ශුභ වන කාලයකි. නමුත් හවුල් කටයුතු ආරම්භයට සුබ නොවනු ඇත. ව්‍යාපාරික කටයුතු වල නිරත අයට ලාබ අඩු වන කාලයකි. පවුල් දිවියේ දී සමඟියට බාධා එල්ල වන අතර ඉවසීමෙන් කටයුතු කල යුතු කාලයක් වේ. ලියවිලිවලට අත්සන් තැබීමේදී ඉතා පරිස්සම් විය යුතුවේ. වගා කටයුතු මෙන්ම භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් ඵලද උදාවනු ඇත.
වෘෂභ ලග්නයට – තමා ගැන වැඩිපුර සිතා කටයුතු කරන කාලයක් වන අතර එම හේතුවෙන්ම තම සහෝදරයන් ද හිත මිතුරන් ද තමා සමඟ සිත් අමනාපකම් ඇති කරගනු ඇත. තමාට එරෙහිව තිබූ සතුරු උපද්‍රව හඳුනාගත හැකි වනු ඇත. අවිවාහක අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වන කාලයක් වේ. ආර්ථික වාසි අත්වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයට යහපත් ඵල උදාවන්නා වූ කාල සීමාවක් වනු ඇත.
මිථුන ලග්නයට – තම දේ රැක ගෙන කටයුතු කිරීමට උත්සාහ දරන වකවානුවක් වේ. හදිසි කේන්තියකි. පාලනය කරගත යුතු වේ.
නෑදෑයන්ගෙන් යම් යම් බාධාවන් තමා වෙත එල්ල කරන කාලයක්ද වේ. මෙම වකවානුව තුළ දී තමා සමඟ හිත මිතුරුකම් ඇති කරගන්නා අය ගැන දැයි අවධානයකින් සිටිය යුතු වේ. ආගමික කටයුත්තක් වෙනුවෙන් මහන්සි වී වැඩකරන කාලයක් ද වනු ඇත. ආර්ථික අපහසුතා මඟහැරී යන නව ආර්ථික උත්පාදන මාර්ගද ඇතිවන කාලයකි.
කටක ලග්නයට – නිතර ආවේගශීලීව කටයුතු කරන්න පෙළඹෙන වකවානුවක් බැවින් ඉවසීම යහපත් වනු ඇත. තමා ළඟින්ම අසුරු කර ආදරවන්තයා සමඟ සිත් අමනාපකම් ඇතිවන කාලයකි. අධ්‍යාපන කටයුතුවල නිරත 3 දරුවන්ට ඉතා යහපත් ඵල අත්වන කාලයක් වේ. නිවසේ අලුත් වැඩියා කිරීමක් කිරීමට ද සුබ කාලයක් වන අතර ආර්ථිකය යම් තාක් දුරට යහපත් වන කාලයකි. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට නම් යම් යම් බාධාවන් ද අවහිරතා ද මතුවනු ඇත.
සිංහ ලග්නයට – ඔබට අයහපත් නොවනු ඇත. ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වන්නා වූ කාලයක් වේ. තමා විසින් අනුමානයට කරන කටයුතු ඉතා ප්‍රතිඵල දායක වනු ඇත. තමාට එරෙහිව පැවති සතුරු උපද්‍රව හඳුනාගත හැකි වනු ඇත. පවුල් දිවියේ ද පැවති යම් යම් ප්‍රශ්න මතභේද දුරුවී යනු ඇත. ඔබ ආශ්රිත පීඩාවක් මෙම වකවානුව තුළ මතුවනු ඇත. ඔබ විසින් ඉඩමක් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටියේ නම් කිරීමට ද ඉතා යහපත් වන කාලයක් වේ.
කන්‍යා ලග්නය – භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ ඵල අත්වනු ඇත. තමදේ රැකගෙන කටයුතු කිරීමට උත්සාහ දරන කාලයක් වන අතර හදිසි ලැබීම් ද ඇතිවනු ඇත. හදිසි ලැබීම් ද ඇතිවනු ඇත. නමුත් යම් යම් හේතු මත විශාල වියදම් ඇතිවන අතර එම වියදම් නිශ්ඵල වියදම් බවට පත්වන කාලයකි. තරඟ විභාගවලට ඉදිරිපත් වන අයට තරඟ ජයද ලබාගත හැකිවනු ඇත. ස්නායු ආශ්රිත පීඩා මතුවනු ඇත.
තුලා ලග්නයට - ඔබට අයහපතක් නොවනු ඇත. ඔබ කරන කටයුතුවල සාර්ථක වීමක් ඇති වනු ඇත. සේවා ස්ථානයේ පැවැතියා වූ යම් යම් ප්‍රශ්න ගැටලු මගහැරී යනු ඇත. නව රැකියාවකට යාමට ද සුබ වන කාලයක් වේ. අත ඉතිරිය අඩු වනු ඇත. නිවසට අවශ්‍ය යම්කිසි භාණ්ඩයක් මිලදී ගැනීම හේතුවෙන් තැන්පත් ධනය ද වියදම් වනු ඇත. උගුර ආශ්රිත පීඩාවක් ද බඩේ පීඩාවක් ද මතු වනු ඇත.
වෘෂ්චික ලග්නයට – යම් යම් කටයුතු වලින් ඔබට ලැබෙන ඵල ප්‍රයෝජන අඩු වන්නා වූ කාල සීමාවක් වේ. නමුත් ඔබගේ කටයුතු බාධක මධ්‍යයේ වුවද ඉටු වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාබ ලැබීම් අඩු වනු ඇත. ශරීර ශක්තියට යම් යම් බාධා තිබුණද එම රෝග මඟහැරී යන නමුත් හදිසි වැටීම් තුවාල වීම් ඇති විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි.
ධනු ලග්නයට – ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ හිත මිතුරන්ගෙන්ද ඔබට ප්‍රශ්න ඇතිවනු ඇත. රැකියා ස්ථානයේ ප්‍රශ්නද වෙනස් වීමක් හෝ ද වනු ඇත. යම් කිසි ආරංචියක් නිසා තම ධනය හානියට පත්වීමක් ද වේ. හදිසි තුවාල පීඩා වලින්ද පරිස්සම් විය යුතුයි. දරුවන් ලැබීමට සිටින මව්වරුන් මෙම වකවානුව තුළ පරිස්සම් විය යුතු වේ.
මකර ලග්නයට මෙම කාල සීමාව තුළ නව ව්‍යාපාර ආරම්භයට සුබ වන අතර ඔබ විසින් කලින් කරන ලද ව්‍යාපාරවලට යම් යම් පාඩු ද ඇතිවන කාලයක් වේ. පවුල් දිවියේ ද සමඟියට බාධාවන් ඇතිවනු ඇත. විශාල වියදම් දැරීමෙන් වැලකී සිටිය යුතු කාලයක් වේ. සේවා කටයුතුවල නිරත අයට ශුභ වන අතර අමතර ලැබීම් ද ඇතිවනු ඇත. මුත්‍රා පීඩා ද යටි බඩ ආශ්රිත පීඩා ද මතු වනු ඇත.
කුම්භ ලග්නයට – ඔබට යහපත් ඵල උදාවන කාලයක් වනු ඇත. ඔබට එරෙහිව පැවතිය තුරු උපද්‍රව දුරුකර ගත හැකි වේ. යම් කිසි ආකාරයක උසස් වීමක් අපේක්ෂා කළේ නම් එම බලාපොරොත්තුව ඉෂ්ඨ කරගත හැකි වන්නා කාලයක් වේ. දුරගමන් විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත. ලැබීම් මාර්ග ද ඇතිවන වකවානුවක් වේ.
මීන ලග්නයට – හදිසි ශරීර පීඩා ඇතිවන්නා වූත් කාල වකවානුවක් වේ. මෙම වකවානුව තුළ ඔබ විසින් කරන කටයුතුවල සාර්ථක වීමක් තිබුණ ද ප්‍රමාද වීම් ද ඇතිවනු ඇත. තරඟ විභාගවලට ඉතා යහපත් කාලයක් වේ. හිත මිතුරන්ගෙන් ප්‍රශ්න මත ගැටුම් ඇති වනු ඇත. බඩ ආශ්රිත පීඩාවක් ඔබට ඇතිවනු ඇත.
රාජ්‍ය සම්මානලාභී ජොතිෂ්යාචාර්ය රේණුක වික්‍රමසිංහ,
ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධි කාරයා වූ බුධ තමාට සම රාශි භවනක් වූ වෘෂ්චික රාශියට 2024 – ඔක්තෝම්බර් 29 වන කුජ දින රාත්‍රී 10.39 ට පිවිසෙන අතර නොවැම්බර් මස 26 වන කුජ ද
‘’’කාල සර්ප යෝගය’’ -පුද්ගලයකුගේ ජීවිතයේ කුඩා කාලය, තරැණ කාලය හා මහලු කාලය යන අවධි තුනේදී , වෙන් වෙන් වශයෙන් බලපානු ලබනවා. කුඩා කාලයේදී කාලසර්ප යෝගය ඵලදී
ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද
මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්
කාලයකට පසුව මකර රාශිය බලවත් වී තිබේ.ඊට හේතුව වන්නේ අඟහරු සිකුරු බුධ සහ ප්ලුටෝ යන ග්‍රහයන් සිව් දෙනා එහි එක පොදියට ගමන් කරමින් සිටීම යි.
හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බුධ වෘෂ්චිකයට අඟහරු නීච වෙමින් කටකයට