ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන “රජය” සහ එරට “අයි.එස්.” අංශය සිටිනවා යැයි, ඉන්දියාව චෝදනා කිරීමත් සමග - කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ (ජම්මු කාශ්මීර් පාලන රේඛාව) ඉන්දීය හමුදා මුරපොළ කීපයකට පාකිස්තාන හමුදා වෙඩි තැබීය.
කෙසේ වෙතත් පාකිස්තාන හමුදා සෙබළුන් කළ එම වෙඩි තැබීම් වලින් - ඉන්දීය දේශසීමා සෙබළුන්ට අනතුරක් සිදු නොවිණි. පාකිස්තාන සෙබළුන් එල්ල කළ වෙඩි ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය සෙබළුන් පෙරළා වෙඩි තැබූ බවත්, එයින් ද පාකිස්තාන සෙබළුන්ට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් පැවසෙයි. කාශ්මීර බෙදුම්වාදී ත්‍රස්තයන්, කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ එම වෙඩි තැබීම්වලින් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර - 18 ක් තුවාල ලැබූහ. මියගිය පිරිස් අතරේ ඉන්දීය සංචාරකයන් 25 දෙෙනක් සහ එක් නේපාල ජාතික සංචාරකයෙක් සිටිති.
මෙම ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉන්දියාව හා පාකිස්තානය අතර නිදන්ගතව පවතින විරසකය සක්‍රිය වී ඔඩුදුවන්නට පටන් ගත් සෙයක් විද්‍යාමාන වූ අතර, ‘’සාර්ක්’ පදනම යටතේ (වීසා රහිතව ගමන් කිරීමේ පහසුකම) ලැබ ඉන්දියාවේ සිටින පාකිස්තානුවන්ට වහා රටින් පිටවන්නැයි දැනුම් දෙන ලදුව, රටින් පිටවීම සඳහා පැය 48 ක කෙටි කාලයක් පමණක් ලබාදීම ද සිදුවිය. තවද , දේශසීමා වසා දැමීමත් සමග ඉන්දියාව සහ පාකිස්තානය ජලය බෙදා ගත් ජල ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඉන්දියාව තීරණය කළේය. ජලගිවිසුම යනු ඉන්දු නදිය සහ එහි අතු ගංගාවල ජල පරිභෝජනය සම්බන්ධයෙන් දෙරට ඇති කරගත් එකඟත්වයකි.
පාකිස්තානයේ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ හමුදා නිලධාරීන් වහා කැඳවීමට ඉන්දීය රජය පියවර ගත්තේය.
ඉන්දියාවට අයත් හෝ ඉන්දියාවෙන් ක්‍රියාත්මක වන සියලුම ගුවන් සමාගම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තාන ගුවන් සීමාව වසා දැමුණි. පාකිස්තානය හරහා ඕනෑම තෙවන රටකට සහ ඉන් පිටතට ඉන්දියාව සමග සියලු වෙෙළඳාම අත්හිටුවිණි.
පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලෙකන “‘ලෂ්කාර් ඊ තයිබා සංවිධානය” ට සහාය දක්වන “‘ප්‍රතිරෝධක පෙරමුණ” හෙවත් ‘“ටී.ආර්.එෆ් සංවිධානය” විසින් භාරගනු ලැබ ඇත. පාකිස්තාන රජයේ මෙන්ම එරට ‘අයි.එස්. බුද්ධි අංශයේත් සහාය - ‘ලෂ්කාර් ඊ තයිබා ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයට හිමිවන බව ඉන්දීය බුද්ධි අංශ පමණක් නොව, ඇමෙරිකන් බුද්ධි අංශ ද තහවුරු කර ඇත.
පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලෙකන “‘ලෂ්කාර් ඊ තයිබා සංවිධානය” ට සහාය දක්වන “‘ප්‍රතිරෝධක පෙරමුණ” හෙවත් ‘“ටී.ආර්.එෆ් සංවිධානය” විසින් භාරගනු ලැබ ඇත. පාකිස්තාන රජයේ මෙන්ම එරට ‘අයි.එස්. බුද්ධි අංශයේත් සහාය - ‘ලෂ්කාර් ඊ තයිබා ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයට හිමිවන බව ඉන්දීය බුද්ධි අංශ පමණක් නොව, ඇමෙරිකන් බුද්ධි අංශ ද තහවුරු කර ඇත.
පහල්ගාම් ප්‍රහාරයට ත්‍රස්තවාදීන් තිදෙනකු සම්බන්ධ වී යැයි කියැවෙන අතර, ඔවුන්ගේ සිතුවම් මේ වනවිට ඉන්දීය ආරක්ෂක අංශ විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුට සමාව නොදෙන බවත්, අවසානය තෙක් ඔවුන් හඹා යන බවත්ය.
මේ අතර, පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ එරට ‘අයි.එස්. බුද්ධි අංශය සිටිනවා යැයි ඉන්දියාව එල්ල කරන චෝදනා අසත්‍ය බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා ඇත. ඉන්දියාව එසේ චෝදනා කරන්නේ නම් - සාක්ෂි සහිතව එය ඔප්පු කළ යුතු යැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.
ඒ කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික පියවර රැසක් අනුගමනය කිරීමට පාකිස්තාන රජය ද සූදානම් වෙතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ලුසිත ජයමාන්න
(එන්.ඩී.ටීවී)
ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන “රජය” සහ එරට “අයි.එස්.” අංශය සිට
අප කුඩා කාලයේ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා භාවිත කළ අන්තර්ජාතික කෘතියකි, ප්‍රංශ කතුවර වික්ටර් හියුගෝගේ Les Misérables හෙවත්, අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ලය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී ති
චීනය ප්‍රහාරක මාවතට අවතීර්ණ වී තිබේ. වෙළෙඳ යුද්ධය හරහා ලෝකයට ලැබෙන ප්‍රධාන පණිවුඩය එයයි. මෙතෙක් චීනය ඇමෙරිකානු හා බටහිර රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හමු
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පාලනය කිරීම සඳහා මහජනතාව මත බදු පැනැවීමේ ක්‍රමවේදය ආණ්ඩුව තෝරා ගත්තේය. දැන් ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ වේ. ඇමරිකාවේ ආණ්ඩු බ
ට්‍රම්ප් දැවැන්ත ‘යූ ටර්න්’ එකක් ගසා තිබේ. ඒ මහා බ්‍රේක් පාරක්ද සමගිනි. ඔහු බදු පැනෙව්වේය. ලෝකය බියපත් කළේය. ලොව පුරා කොටස් වෙළෙඳපොළවල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉන්දු - පකිස්තාන යුද්ධයක පෙරනිමිති