IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කොරියානු ගුවන් අනතුර පිටසක්වළ බලපෑමක්

වායුවේ බලවත්කම නිසා ගුවන් යානාවල එන්ජින් නතරවීම සහ රේඩාර් සන්නිවේදන පද්ධතිය අක්‍රිය වීම සිදුවෙයි. දැන් ගුවන් යානය හැසිරෙන්නේ මේ වායුවට අවශ්‍ය පරිදිය. එනම් වායුවේ බලයෙන් යානය විනාශ වීම අවසානයේදී සිදුවෙයි. ගුවන් යානයට හරියටම සිදු වූයේ මෙන්න මේ සිදුවීම ය. 

මේ ලෝකය අතිවිශාල අභ්‍යවකාශ මධ්‍යස්ථාන වැනි පර්‌යේෂණාගාර 18 ක් පිහිටා තිබෙයි. මේ මධ්‍යස්ථානයක සිට ඒ ප්‍රික්ෂි නම් ලෝකයේ සිට අභ්‍යවකාශ ගත කරන ලද විද්‍යාගාරයක්, පර්‌යේෂණ මධ්‍යස්ථානයක් ඉහළ ආකාශයේ රඳවා තිබෙයි. එය හරියට තාරකාවක හැඩයකින් යුක්ත වෙයි. එනම් අතිවිශාල තරුවක් ආකාරයට පෙනෙයි.

කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ  බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙළි කරන විස්තරයක් මෙසේ ඉදිරිපත් කරමු. විද්‍යාව අතිශය දියුණු සමයක පාඨක ඔබව ආපස්සට ගෙන යෑමට හෝ ඔබට මවිතයක් ඇති කිරීම අපගේ අරමුණ නොවේ. මෙම ස්වාමීන්වහන්සේ ලබා ඇති යම්කිසි හැකියාවක් ඇති බව පැහැදිලිව දැක ගත හැකි අතර උන්වහන්සේ තමන් දන්නා දෙයක් කියා දීමටද පසුබට නොවෙති. එහෙත් ධර්මදේශනාවලට නොවඩින උන්වහන්සේ සමග බොහෝ දෙනා ධර්ම සාකච්ඡාවලට එක්ව තිබේ. ඒවා අප්‍රකටව මෙතෙක් සිදුවිය. එහෙත් මෙම සිදුවීම සම්බන්ධයෙන් උන්වහන්සේ දුටු දෙය හෙළි කිරීමට උන්වහන්සේගේ අවසරය ලැබුණි. ඉදිරි සති කිහිපයේ දී උන්වහන්සේ හෙළි කරන තවත් කරුණු ඔබ වෙත ගෙන එන්නෙමු. එහිදී පැන නගින ගැටලු වෙත්නම් උන්වහන්සේ හමුවී ඒවා විසඳාගත හැකිය.

මේ කතාව අපට හෙළි කළ ඒ අප්‍රකට හිමිනම විසින් පැවසනු ලැබූ තොරතුරු අනුව සැකසූ ලිපි කිහිපයක්ම මා සතුව ඇත. ඒ හිමි නම විසින් හෙළි කරන ලද විස්මිත තොරතුරු අතර නිතර අහස්යානා අතුරුදන් වන්නා වූ බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස විසඳා දුන් ලිපිය මේ ලිපිගොනු අතර තිබූ නිසා සහ ඒ හිමි නමට මේ විශ්වයේ ඕනෑම දෙයක් දැකිය හැකි යැයි පවසන අතිවිස්මිත නුවණක් තිබෙන නිසා මේ ලිපියේ මාතෘකාව වන බෝයිං වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයක් දකුණු කොරියාවේදී අනතුරට පත්වීමේ සිදුවීම ගැන ද මම මේ ස්වාමීන් වහන්සේගෙන් විමසුවෙමි.
අදාළ සිදුවීම විශාල පරාසයක විහිදී ඇති බවත් තමන් වහන්සේ එම විස්තර බැලූ බවත් ඒ ගැන සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස මා හට දැනුම් දීමක් ලැබුණු බැවින් ඒ විස්තරය දැන කියාගැනීමේ කුතුහලයෙන් මම එහි ගියෙමි.
මා ගිය පසු ඒ හිමි නම විසින් පොතක එම විස්තරය සටහන් කර රූප සටහන් කිහිපයක් ද එහි ඇඳ තිබිණි. එහි ප්‍රථමයෙන් ලියා තිබුණේ මාගේ ඇමතුම පිළිබඳවයි. මේ ප්‍රශ්නය යම් මහතකු තමා වෙත ඉදිරිපත් කළ බවත් ඒ අනුව එහි විස්තර බැලූ බවත් උන්වහන්සේ මුලටම ලියා තිබුණහ. ඉන්පසු ඒ හිමියන් විසින් මේ ලියා ඇති විස්තරය මට ඇහෙන්නට කියවූහ. ඊටත් පෙර එයට මනා සිහියෙන් සවන් දිය යුතු බවද උන්වහන්සේ මට පැවසූහ.
ඒ හිමිනම කියූ විස්තරය මේ ලිපියේ මෙතැන් සිට දිග හැරෙන්නේය.
මේ සිදුවීම් මාලාව ඒ කියා ඇති ආකාරයට සිදු වූවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔබට භාරය තබමින් ඒ ඇසූ විස්තරය මෙසේ වාර්තා  කරමි. මේ විස්තරය සේම ඉදිරි ලිපි මාලාවත් විදෙස් රටවල අය පවා දැනගත යුතු බවට මම විශ්වාස කරමි. එයට හේතුව නම් මෙවන් බලසම්පන්න යෝගී හිමිනමක් පිළිබඳ අප දන්නා ඉතිහාසයක අප විසින් අසා නොමැති වීමය.


  දියුණු ජීවීන් සිටින ලෝකයක්  


මෙම ගුවන් අනතුරට සම්බන්ධ ලෝකය අපගේ 31 තලය පිහිටා ඇති සක්වළ සීමාවට අයත් නොවන වෙනත් සක්වළට අයත් එකක් බව හිමියෝ පැවසූහ. එසේම එම පිටසක්වළ ලෝකය අපගේ මනුෂ්‍ය ලෝකයටත් වඩා කිහිප ගුණයක් එනම් තුන් ගුණයක් පමණ අතිවිශාල එකකි. මේ හිමිනමට අනුව ඒ ලෝකයට නමක් තිබේ. එහි නම “ ප්‍රික්ෂි” ලෙස උන්වහන්සේ පැවසූහ. 
මේ ලෝකය අපගේ ලෝකයේ සිට බලන විට උතුරු දිශාවේ පිහිටා තිබේ. එසේම මෙම ලෝකයේ සිටින්නේ මනුෂ්‍යයන්ට රූපයෙන් අතිශයින්ම සමාන ජීවීන් පිරිසකි. එසේ නමුත් මේ පිටසක්වළ ලෝකයේ තාක්ෂණික දියුණුවට අදාළ නිර්ණායක සැලකූ විට අපගේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් ඒ මට්ටමට තබා ඒ ළඟටවත් පැමිණ නැති බව මේ හිමියන්ගේ මතයයි. මෙය බුදුවරුන් පහළවන මනුෂ්‍ය ලෝකයක් නොවන බවද හිමියෝ පැවසූහ. 
“මේ විස්තරය දැන් ඔය මහත්මයා ඇහුව නිසා තමයි මේ බැලු‍වේ” යැයි පවසමින් ඒ පොතේ ඇති විස්තරය උන්වහන්සේ පැවසූහ. මම ඒ විස්තරය පටිගත කළෙමි. මෙම ලෝකයේ ජීවීන්ගේ රූපය මනුෂ්‍ය රූපයට බොහෝ සමාන වෙයි. එසේම මෙම ජීවීන්ගේ ඉදිරිපස පමණක් බෙල්ල පිහිටා ඇත. එනම් පිටුපසින් බැලූ විට ඔවුන්ට බෙල්ලක් තිබෙන බවක් නොපෙනේ. හිස කොටස පිට ආරම්භ වන තැනටම සම්බන්ධ වී තිබෙන බව පෙනෙයි. 
මෙම  සත්ත්වයාගේ හිස කොටස උරහිස් දක්වාම විහිදී තිබෙයි. අත් සහ කඳ දෙස බලන විට ඒවා එකම ප්‍රමාණයේ සැකසීමකින් සහිත බව පෙනේ. අපගේ ලෝකයේ මනුෂ්‍යයන්ගේ කකුල් අත්වලට වඩා මහත්ව පිහිටයි.
මේ ලෝකයේ අයගේ අත්වල සහ කකුල්වල හැඩය ප්‍රමාණයෙන් බොහෝ දුරටම එක සමානය. එනම් කෙට්ටු කකුල් දෙකක් ඇත. ශරීරයද කෙට්ටුය. කළු පැහැති ශරීර දරයි. මේ ලෝකයේ විද්‍යාත්මක දියුණුව ගැන කියනවානම් එය ප්‍රතිශතාත්මකව අපගේ ලෝකය සම්බන්ධ කර සංසන්දනය කළ නොහැකි තරම් ඉහළ පරිමාණයකට දියුණු වී තිබේ. අපගේ ලෝකය සමග බලන විට සියයට ලක්ෂ වාරයකින් ඒ ලෝකය තාක්ෂණික දියුණුවක් ලබා ඇත. මෙය තවදුරටත් අතිවිශාල ලෝකයක් බැවින් හැම විස්තරයක්ම මෙහි කියන්නට නොයයි.


 අති දියුණු පර්‌යේෂණාගාර  


මේ ලෝකය අතිවිශාල අභ්‍යවකාශ මධ්‍යස්ථාන වැනි පර්‌යේෂණාගාර  18 ක් පිහිටා තිබෙයි. මේ මධ්‍යස්ථානයක සිට ඒ ප්‍රික්ෂි නම් ලෝකයේ සිට අභ්‍යවකාශ ගත කරන ලද විද්‍යාගාරයක්, පර්‌යේෂණ මධ්‍යස්ථානයක් ඉහළ ආකාශයේ රඳවා තිබෙයි. එය හරියට තාරකාවක හැඩයකින් යුක්ත වෙයි. එනම් අතිවිශාල තරුවක් ආකාරයට පෙනෙයි. සුදු යකඩ ඇලු‍මිනියම් පාටකින් යුක්ත මෙම විද්‍යාගාරයේ මුලින් කී ආකාරයේ මනුෂ්‍ය පෙනුමක් ඇති ජීවීන් හතර දෙනෙක් රැඳී සිටිති. මෙම විද්‍යාගාරය ඒ ලෝකයේ කිසිදු වායුවක් නොමැති හිස් අවකාශයේ ස්ථානගත කර ඇත. මෙම විද්‍යාගාරයට ඒ ලෝකයේ සත්වයන් ගමන් කරන වාහන විශාල තාර බැරලයකට සමාන වෙයි.
මේ ලෝකයේ සිටින ජීවීන්ට අපේ ලෝකයේ විස්තර ඉතා පහසුවෙන් සොයාගත හැකිය. අහසේ පාවෙන විද්‍යාගාරයට සම්බන්ධ මේ ජීවීන් භාවිත කරන තවත් සක්වළ යානා වර්ගයක් තිබේ. මෙම යානා වර්ගය ගිනි අවි භාවිත වන වෙඩි උණ්ඩයකට සමාන පෙනුමකින් යුක්ත වේ. එසේම මෙහි තාරකා හැඩයෙන් යුක්ත යානා වර්ගයක් ද ඇත. මෙම තාරකා හැඩැති යානා කෙතරම් අධික වේගයෙන් ගමන් කළත් ඒ යානය තමා වටා ඉතාම සෙමින් කැරකෙමින් තිබීම ඒ යානයේ විශේෂත්වයකි. ගමේ යානාවල වේගය කිව නොහැකි තරම් වේගයකි. ගමන් කරන විට මෙම යානා නොපෙනේ. එතරම් අධික වේගයක් ඒවාට ඇත. අපේ මනුෂ්‍ය ඇස් දෙකට මේ යානා ගමන් කරන විට නොපෙනේ.
එසේම ඒ යානා හසුකරගත හැකි තරමේ රේඩාර් පද්ධතියක් මේ අපේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයා මෙතෙක් නිපදවා නොමැත. කිසිම මනුෂ්‍යයකුට මේ ලෝකයේ ඇති යානාවලින් මෙහි පැමිණෙන අය දැකගත නොහැකිය. මෙම යානා ගමන් කරන වේගය අඩු කළහොත් පමණක් අපගේ මනුෂ්‍ය ලෝකයේ අයට ඒවා දැක ගත හැකිය. එසේ නමුත් අපගේ උපකරණ කිසිවකට ඒවා හසු නොවෙයි.


 මනුෂ්‍ය ලෝකයේ තොරතුරු  සොයන යානා 


මෙම යානා යම් කලකදී අපගේ මනුෂ්‍ය ලෝකයේ ඉරට සහ හඳට කිලෝමීටර් දහස් ගණනක් ඉහළින් සක්වළ චාරිකාවේ නිරත වනු දැකගත හැකිය. ඒ ඔවුන්ගේ යානා විශ්වයේ තොරතුරු ගවේෂණය කිරීමට යන එන අතරවාරයේදීය. වෙඩි උණ්ඩය හැඩයක් ඇති යානාද තාරකා හැඩැති යානාද මෙසේ ගමන් කරයි. මේවා පිටත් කර එවනු ලබන්නේ අර මුලින් කී අහසේ රඳවා ඇති විද්‍යාගාරයේ සිට බව දැනගත යුතුය.
මෙකී යානා විශ්වයේ සැරිසරමින් තොරතුරු ගවේෂණය කරන කාලයට මෙම යානාවලින් නිකුත් වන යම්  ශක්තියක් විශ්වයේ තැන්පත් වන අතර ඒවා මෙම යානා ගමන් ගන්නා මාර්ගය දෙපස තරමක් විශාල කැටියක ආකාරයෙන් තැන්පත් වේ. ඒවා අපේ රේඩාර් පද්ධතීන්ට හෝ දැනට තිබෙන තාක්ෂණයට හසු නොවෙයි. මේ ශක්ති කැටිති එකකට එකක් සම්බන්ධ වී පවතී.  
අපගේ පෘතුවියට මෙම වායුව ඇතුළු වූ පසුවත් එය සෙමෙන් සෙමෙන් පහළට ගමන් කරයි. මෙම වායුව ගමන් කරමින් තිබෙන තැනකට අපගේ ලෝකයේ ගමන් කරන ගුවන් යානයක් පැමිණි විට ඒ වායුව විසින් අපගේ ලෝකයේ ඇති මෙම ගුවන්යානා විනාශ කීරීමට තරම් ඒ වායුවේ ශක්තිය ප්‍රමාණවත් වෙයි. මේ ඇතුළු වූ පසුවත් එය සෙමෙන් සෙමෙන් පහළට ගමන් කරයි. මෙම වායුව ගමන් කරන තැනකට අපගේ ලෝකයේ ගමන් කරන ගුවන් යානයක් හසු වූ විට ඒ වායුව විසින් අපගේ ලෝකයේ ඇති ගුවන්යානා විනාශ වීමට තරම් ඒ ශක්තිය ප්‍රමාණවත් වෙයි. මේ මනුෂ්‍ය ලෝකයේ බොහෝ ගුවන් යානා විනාශ වන්නේ මේ හේතුව නිසාය.
මෙම වායුව අපගේ ලෝකයේ ගුවන් යානාවල පණිවුඩ හුවමාරු කරන පද්ධතියට ඇතුළුවීමත් සිදුවෙයි. එසේ ඇතුළුවීමකින් පසු අර ගුවන්යානයේ අදාළ සන්නිවේදන තරංග පාලනය කිරීම සිදුකරනුයේ මෙම විෂ වායුව විසිනි. ගුවන් යානයේ එන්ජින් පද්ධතිය නතරවීම ද සිදුවනුයේ මෙම වායුවේ ක්‍රියාකාරීත්වය විසින්මය. එවිට ගුවන් නියමුවාට ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක් නොමැත. එසේම ගුවන්යානාවලට මෙම වායුව කාන්දමක් මෙන් ඇදී ඒමක්ද සිදුවෙයි. මේ ආකාර දෙකටම යම්කිසි ගුවන් යානයක් මේ වායුවේ පාලනයට නතු විය හැකිය. 
එසේ නතුවීමෙන් තිරස් ඇදී ඒමක් ද සිදුවෙයි. මේ ආකාර 2 ටම යම්කිසි ගුවන්යානාවක් මේ වායුවේ පාලනයට නතු විය හැකිය. 
එනම් මේ වායුවේ බලවත්කම නිසා ගුවන් යානාවල එන්ජින් නතරවීම සහ රේඩාර් සන්නිවේදන පද්ධතිය අක්‍රිය වීම සිදුවෙයි. දැන් ගුවන් යානය හැසිරෙන්නේ මේ වායුවට අවශ්‍ය පරිදිය. එනම් වායුවේ බලයෙන් යානය විනාශ වීම අවසානයේදී සිදුවෙයි. ගුවන් යානයට හරියටම සිදු වූයේ මෙන්න මේ සිදුවීම ය. තවදුරටත් මේ වායුවට හසුවන ඕනෑම යානාවක් විනාශ වන බව ද පැවසිය හැකිය. මේ වායුව ප්‍රබල අවස්ථාවේ පවතිද්දී ගුවන් යානයක් එයට හසු වූයේ නම් එම අවස්ථාවේදීම එම ගුවන් යානයත්, එහි සිටින සියලු දෙනාත් ඉටිපන්දමක් දිය වී වාෂ්ප වී යන්නාක් මෙන් වාෂ්ප වී යනු දැකගත හැකිය. වසර ගණනාවකට ඉහත දී අතුරුදන් වූ ගුවන් යානා සහ ඒවායේ සිටි මගීන්ට බොහෝ දෙනෙකුට සිදුවූයේ එය බව මේ හිමියෝ පවසති.
ඇතැම් විට ඉහළ අහසේදී මේ වායුවට හසුවන ඇතැම් යානා විනාශ වීමෙන් පසු ඒ යානාවන්ගේ කැබලි මුහුදට සහ ගොඩබිමට වැටෙයි. ආකාශයේ කෙතරම් ඉහළින් ගමන් කරනවා ද, කෙතරම් පහළ ආකාශයේ ගමන් කරනවා ද යන්න මත පදනම් නොවී මේ වායුවට හසුවන ඕනෑම යානාවක් විනාශ වෙයි.
ඉතින් මේ වායුවේ බලය අඩු වීමක් සිදු වන්නේ අපගේ වායුගෝලයට ඇතුළු වූ පසුවයි. එසේ නමුත් ඒ බලයේ අඩු වීම ගුවන් අනතුරු සිදු නොවීමට තරම් ප්‍රමාණවත් නොවේ. මෙම වායුව බල රහිත වන්නේ මුහුදු වතුරට වායුව ස්පර්ශ වූ විට පමණි. ඒ මහ පොළොවේ ඇති ගුණයකි. 
පොළොවට ආසන්නයේ අඩි 6000, 3000 ක් මට්ටමට පැමිණි අවස්ථාවේදී වුවත් මෙයට හසුවන ඕනෑම යානයක් අක්‍රිය වී විනාශ වෙයි. 
මෙයට වසර ලක්ෂ ගණනාවකට පෙරත්, වසර දහස් ගණනාවකට පෙරත් අපගේ මනුෂ්‍ය ලෝකය පිටසක්වළින් පැමිණි විවිධාකාර ජීවීන්ගේ වාසස්ථානයක් බවට පත්වී තිබෙයි. එසේ වූ විට ඒ පිටසක්වළ ජීවීන්ගේ යානාවලින් විහිදෙන ශක්තියෙන් එවකට ජීවත් වූ මනුෂ්‍යයන් සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වී ගොස් තිබේ.
මේ කාලයේදී පෘථිවිය වටා ඇති ආරක්ෂිත ආවරණය ඇතැම් තැන්වලින් බිඳී ගොස් තිබෙයි. විශ්වයේ සිටින වෙනත් පිටසක්වළට මේ ආරක්ෂිත ආවරණය හරහා ද විනිවිද ගමන් කළ හැකිය. මුලින් කී වායුව කෙතරම් විනාශකාරී ද යත් එයට අපගේ ගුවන් යානා විනාශ කිරීමට පමණක් නොව අපගේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය වන සූර්යයා පවා විනාශ කර දැමීමට ඒ වායුවට බලයක් ඇත.  එහෙත් එයට ඒ වායුවෙන් අතිවිශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. 
මේ පොළොවේ තිබෙන යම් ශක්තීන් සහ මුහුදු වතුරෙන් මේ වායුවේ විනාශකාරී බව දුර්වල කර දමන නිසා ගොඩබිමේදී මේ වායුවේ විනාශකාරී බලය බොහෝ දුරට අවම වී ඇත. මේ විශ්වයේ මේ විවිධාකාර ලෝකවලට ඕනෑම ජීවී විශේෂයකට හැකියාවක් තිබේ නම් ගමන් කළ හැකිය. එනම් විශ්වයේ ලෝකවලට අයිතිකරුවන් ඇති බවක් සැලකිය නොහැකිය. මේ හිමියන්ගේ මතය නම් මේ කරුණ නිසා මේ මනුෂ්‍ය ලෝකය පමණක් නොව ඕනෑම ලෝකයක් විනාශ කර දැමීමට  තරම් මේ අයගේ තාක්ෂණය බලවත් බවයි. ඒ නිසා මේ ලෝකය පමණක් නොව සමස්ත විශ්වයම ආරක්ෂිත ස්ථානයක් බව සැලකිය නොහැකි බවත්, බුදුන් වහන්සේ සියල්ල අනිත්‍ය බව සහ විශ්වීය දුක අවබෝධ කරගත්තේ මේ සියල්ලම දැකීමෙන් පසුව බවත් ඒ හිමියෝ කියති.


 බලපෑම තොරතුරු සොයන  කාලයට පමණයි 


මේ ගුවන් යානා කඩා වැටීම සිදු වන්නේ එක්තරා කාලසීමාවකදී පමණක් බව මේ හිමියෝ කියති. එය සැමවිටම සිදු නොවෙයි. එයට හේතුව මෙම විද්‍යාගරයේ සිට විශ්වයේ තොරතුරු සොයමින් යන පිටසක්වළ යානා නිතරම අපගේ මනුෂ්‍ය ලෝකය පවතින දිශාවට නොපැමිණීමයි. ඒවා විශ්වයේ හැම දිශාවකටම ඔවුහු පිටත් කර යවති. මේවායින් එක්තරා කොටසක් එක්තරා කාලයකදී අපගේ පෘථිවිය ආසන්නයෙන් ද ගමන් කරයි. මෙහි ගෝලාකාර ලෙස විද්‍යාගරය සටහන් කර ඇත. ඒත් එහි සැබෑ පෙනුම නැවක ආකාරයේ හැඩයක් ගන්නා බව මේ හිමියෝ පැවසූහ.
ඉහත සඳහන් කළ විද්‍යාගාරයේ සිට ගමන් කරන යානා නිසා එම යානයේ ගමන් මග දෙපස යානයෙන් නිකුත් වන ශක්තියක් වායුවක් ආකාරයට තැන්පත් වීම සිදුවෙයි. ඒ විද්‍යාගාරයෙන් යන හැම යානයක්ම මේ ආකාරයේ සම්බන්ධයක් පෙන්වයි. ඒ යානා නැවත මෙම විද්‍යාගාරයට පැමිණියත් මුලින් කී අර වායුව විශ්වයේම එම යානයේ ගමන් මග පුරා තැන්පත් වී පවතී. 
එවිට මෙම ශක්තීන් වඩාත් නිදහසේ පාවී විශ්වය පුරා ගමන් කරයි. ඒ වායුව අපගේ ලෝකයට පැමිණි විට මුලින් කී ආකාරයේ ව්‍යසන අපේ ලෝකයේ සිදුවෙයි. ඇතැම් කාලයන්හිදී පමණක් දිගින් දිගටම ගුවන් යානා කඩා වැටෙන්නට හේතුව මෙය බව නිශ්චිතවම සඳහන් කළ හැකිය. මන්ද නිතරම මේ විද්‍යාගාරයෙන් යානා පිටත් කර හරින්නේ නැත. එසේම අපගේ ලෝකය අසලින් හෝ එයට ඉහළින් නිතර මෙම යානා ගමන් නොකරයි. නමුත් ඕනෑම වෙලාවක එසේ ගමන් කිරීමක් සිදුවිය හැකිය. 
තවදුරටත් මේ කියන විෂ වායුව ගුවන් නියමුවාගේ කන් යොමුව සහිත සන්නිවේදන පද්ධතිය ඔස්සේ ක්‍රියා කිරීමෙන් ගුවන් නියමුවාගේ මනස අවුල් ජාලයක් බවට පත් කරයි. එවිට තමන් කරන්නේ කුමක් ද යන්න සිහියක් නියමුවාට නොමැත. මෙම වායුව ප්‍රබලව පවතින අවස්ථාවේදී ගුවන් යානයක් වාෂ්ප කර දැමීමට වුවත් එයට හැකියාවක් ඇති බව ද දැනගත යුතුය. 
මේ සිදුවීම නම් අතිශය විශ්මයජනකය. ඒ ගැන ගවේෂණය කරන්නට ඔබට අවශ්‍ය නම්, ඔබට මෙම හිමියන් මුණගැසීමට සිදුවෙයි. විශ්වයේ සිදුවන නොයෙකුත් ක්‍රියාවලීන් ගැන අපිට සිතාගත නොහැකි වුව ද, ඒවා හේතු සහිතව මනාව දැකගැනීමේ හැකියාවක් මෙම හාමුදුරුවන් වහන්සේට ඇත. මේ විස්මයජනක හැකියාවන් උන්වහන්සේට ලැබුණේ කෙසේ ද? ඒ පිළිබඳව නිසැක වශයෙන් ඔබව දැනුවත් කළ යුතු නිසා තවත් ලිපි කිහිපයක් ලියමින් කරුණු පැහැදිලි කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
මේ හිමිනම කියූ පරිදි මේ හැකියාව තනිකරම බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කළ විට ලැබුණු හැකියාවක් ය.
ඒ ධර්මය අවබෝධ කරන ඕනෑම අයෙකුට මෙවැනි විස්මිත හැකියාවන් ලැබීම සාමාන්‍ය දෙයක් බව ද ඒ හිමියන් පවසති.
බොහෝ දෙනා නිසි පරිදි භාවනා නොකරන නිසා භාවනා ප්‍රතිඵල නොලබන බවත්, හරියට නිසි ගුරු ඇසුරක් යටතේ භාවනා කරන්නේ නම් ඕනෑම මනුෂ්‍යයකුට මෙවැනි හැකියාවන් තමාගේ කුසල් බලයෙන් උපදවා ගතහැකි බව ද පැවසූහ. ඕනෑම මනුෂ්‍යයෙකුට මේ ආධ්‍යාත්මික අවදිවීම ළඟා කර ගත හැකි මට්ටමක පවතින බව ඒ හිමියන්ගේ අදහස යි. 
ඒ හිමියන්ගේ තවත් විස්මිත තොරතුරු බොහොමයක් තිබෙයි. 
තමන්ගේ මනෝකායෙන් විශ්වයේ ඕනෑම තැනකට ගමන් කළ හැකි බවත්, මේ “ප්‍රික්ෂි“නම් ලෝකය පවා අවශ්‍ය වේ නම් මනසින් හෙවත් මනෝමය කයකින් ඒ පිටසක්වළ ලෝකය වෙත ගමන් කර පරීක්ෂා කළ හැකි බවත් ඒ හිමියෝ පැවසූහ. 
මේ හිමියන් විසින් බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස මේ ලෝකයට ප්‍රථම වරට හෙළි කිරීම පිළිබඳව මීළඟ ලිපියෙන් කතා කිරීමට අපි බලාපොරොත්තු වෙමු. 
එසේම උන්වහන්ගේ ශරීරයේ චක්‍ර පද්ධතිය අවදි වූ ආකාරය සහ ඒ වෙනුවෙන් අනුගමනය කළ භාවනා ක්‍රම සහ ප්‍රතිපත්ති ගැන ද ඉදිරි ලිපියකින් හෙළි කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඔබට ඇති ඕනෑම ගැටලුවක් මේ හිමිනම වෙත ඉදිරිපත් කළ හැකිය. එසේ උන්වහන්සේ මුණගැසීමෙන් මේ ඕනෑම කාරණයක් පිළිබඳව වැඩිදුර විස්තර විමසිය හැකිය. 
මේ විශ්වයේ ක්‍රියාත්මක වන ඕනෑම දෙයක් තමාගෙන් විමසාගත හැකි බවත්, ධර්ම මාර්ගයේ ගමන් කරන අයට මගපෙන්වා දීමට සහ අවශ්‍ය සියලු උපකාර කිරීමට තමන් වැඩිදුර උනන්දු වන බවත් මේ හිමියෝ මා වෙත විශේෂයෙන් පැවසූහ.  
ඔබ සැමට තෙරුවන් සරණයි. සියලු සත්වයෝ සුවපත් වේවා!
කරන්දෙණියේ ප්‍රඥාදීප හිමියන් සමග කළ සාකච්ඡාව වාර්තා කිරීමකි.
(ධර්ම කරුණු සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගැනීමට තිළිණ තෙෂාන් ඇමතිය හැකිය.  0771598721)
තිළිණ තෙෂාන් 



අදහස් (0)

කොරියානු ගුවන් අනතුර පිටසක්වළ බලපෑමක්

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

කොරියානු ගුවන් අනතුර පිටසක්වළ බලපෑමක්
2025 ජනවාරි මස 20 246 0

කොරියාවේ දී පසුගිය දා සිදුවූ, නිසි හේතුවක් තවමත් අනාවරණය කරගත නොහැකි වූ බෝයිං ගුවන් යානයේ අනතුර සම්බන්ධයෙන් භාවනායෝගීව සිටින ධ්‍යානලාභී හිමිනමක් හෙ


අසාද් යයි සිරියාව කාටද? ඊස්ශ්‍රාලයත් බොර දියේ මාළු බායි
2024 දෙසැම්බර් මස 16 143 0

සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 1266 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


තමිල්නාඩු විජේගේ දේශපාලනයට සම්ප්‍රාප්තිය
2024 නොවැම්බර් මස 04 250 0

දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලු‍පුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික


ගාසාවෙන් ආරුගම්බේට පතිත වූ මිසිලය
2024 ඔක්තෝබර් මස 28 195 0

සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම


මියන්මාරයේ පිපිරීමට ආසන්න ථෙරවාදී බලකොටුව
2024 අගෝස්තු මස 21 492 0

මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site