IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී තිබේ.

ට්‍රම්ප් ලෝකයට එල්ල කළේ දැවැන්ත තීරු බදු ප්‍රහාරයකි. සියලු‍ රටවලට සියයට 10 ක් සහ බොහෝ රටවලට අමතර විශාල බදු නියම කොට තිබේ. එයින් චීනයට කළ බදු වැඩි කිරීමට චීනය ද ප්‍රති ප්‍රහාර එල්ල කිරීම නිසා එය බදු යුද්ධයක් වී තිබෙන අතර වෙනත් රටවල් ද විවිධ ආකාරයේ ප්‍රතිචාර දක්වමින් ඇත. ට්‍රම්ප්ගේ මහා බදු ක්‍රියාත්මක කිරීම දින 90 කට නවතා ඇතත්, සාමාන්‍ය සියයට 10 බදු දැනටමත් ක්‍රියාත්මක ය.

යුරෝපා සංගමය, කැනඩාව, ජපානය ඇතුළු බොහෝ රටවල් දක්වන ප්‍රතිචාර එකිනෙකට වෙනස් වුවත් සියලු‍ ජාතීන්ට මෙය බරපතළ කම්පනයක් සහ පීඩාවක් වී ඇති බවට සැකයක් නැත. ලෝක ආර්ථික අර්බුදයක් පිළිබඳව ද බිය පළ වී තිබේ.

මෙම අර්බුදය වර්ධනය වෙන ආකාරය සහ එහි අනාගතය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමට නම් පළමුවෙන් මේ සිදුවෙන දේ අවබෝධ කරගත් යුතු ය. එහි දී මෙය සිදුවෙන සන්දර්භය තේරුම් ගැනීම අවශ්‍ය වෙයි. අපට මුහුණ දීමට සිදුවිය හැකි අර්බුදය තේරුම් ගෙන ක්‍රියා මාර්ග තේරුම් ගැනීමට හැකි වෙන්නේ එවිට ය.

මෙම ලිපියේ අරමුණ වෙන්නේ එබඳු තේරුම් ගැනීමක් සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම යි.

මෙහිදී අප තේරුම් ගත යුතු වන්නේ මෙය හුදෙක් ඇමෙරිකාව තම වෙළෙඳ ප්‍රතිපත්තිය වෙනස් කිරීමක් පමණක් නොව දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ගොඩ නැගී තිබු ජාත්‍යන්තර ආර්ථික දේශපාලන සැකැස්ම බිඳ වැටීමක් බව යි.

දෙවන ලෝක යුද්ධයට පෙර ලෝක වෙළෙඳපොළ පැවතියේ බලවත් ජාතීන් විසින් ලෝකය බෙදාගෙන යටත් විජිත ලෙස වෙළෙඳපොළ යුද බලයෙන් පාලනය කිරීමක් වශයෙනි. නමුත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය බෙදාගැනීම වෙනුවට නිදහස් රාජ්‍යයන් ලෙස පවත්වා ගනිමින් පොදු ලෝක වෙළෙඳපොළක් ලෙස ක්‍රියාත්මක වීමක් දකින්නට ලැබිණි. නවසිය අසු ගණන්වල ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් සහ බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් විසින් ක්‍රියාත්මක කළ නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ සහ එවකට පැවති සමාජවාදී කඳවුර බිඳ වැටීමත් සමග ලෝකයේ ගෝලීය නිදහස් වෙළෙඳපොළ විශාල ලෙස වර්ධනය වීය.

එසේ වුවත්, ලෝකයේ කිසිදු රටක් පරිපූර්ණ නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් ක්‍රියාත්මක කළේ නැත. නිදහස් වෙළෙඳපොළ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි මහාචාර්ය මිල්ටන් ෆ්රීඩ්මන් පෙන්වා දුන්නේ ජනාධිපති රේගන්ගෙන් පසු ඇමෙරිකාව එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව නවතා දැමු බව යි. මේ අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා රාජ්‍ය ආයතන රාශියක් අහෝසි කරමින්, සමාජ සුබසාධන කපා හරිමින් සිටීමෙන් පෙන්නුම් කරන්නේ ඉහත කී විවේචනය සාධාරණ බව යි. දැන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වෙළෙඳපොළ පාලනය නැතහොත් නියාමනය සඳහා තිබු ආයතන අහෝසි කරමින් රට තුළ වෙළෙඳපොළ නිදහස් කරමින් සිටියි. ඒ ඒ රටවල ජාතික වෙළෙඳපොළ තුළ ආරක්ෂණ පවත්වාගෙන යෑම අතින්  බ්‍රිතාන්‍යය සහ ලොව අනෙක් රටවල් සම්බන්ධයෙන් ද තත්ත්වය එය මය.

මෙලෙස ආර්ථික සංවර්ධනය සඳහා නිදහස් ලෝක වෙළෙඳපොළක් පැවතිය යුතු බව පිළිගෙන ඒ සඳහා ප්‍රතිඥා දුන් බොහෝ රටවල් තම තමන්ගේ ආර්ථිකයන්හි ඇතැම් අංශ බාහිර තරගයෙන් ආරක්ෂා කිරීමට විවිධ ක්‍රියාමාර්ග යොදා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබිණි. චීනය වැනි රටවල් රාජ්‍යයේ පාලනය යටතේ මෙම පිළිවෙත කැපී පෙනෙන ලෙස ක්‍රියාත්මක කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙය හඳුන්වන්නේ වෙනත් රටවල් පවතින ක්‍රමයෙන් අයුතු ලාබ ලබමින් ඇමෙරිකාවේ ධනය සොරකම් කරමින් සිටීමක් වශයෙනි. ලෝක ආර්ථිකයට ඔහුගේ ප්‍රහාරය එල්ල වෙන්නේ මෙම ක්‍රමය ඇමෙරිකාවේ වාසියට හරවා ගැනීම සඳහා ය.

මෙලෙස ආර්ථික සංවර්ධනය කළ හැක්කේ නිදහස් වෙළෙඳපොළ වර්ධනය කිරීමෙන් බව ලෝකයේම පිළිගැනීමට ලක්ව තිබුණත්, රටවල්වල අභ්‍යන්තර දේශපාලනය ක්‍රියාත්මක වූයේ එයට පටහැණිව රාජ්‍ය මැදිහත්වීම සඳහා ය. බොහෝ විට එසේ වූයේ ආර්ථිකයේ වුවමනාවන් අනුව නොව දේශපාලන වුවමනාවන් නිසා ය. පූර්ණ නිදහස් වෙළෙඳ පොළ ක්‍රමයකින් පළමුවෙන් ඇතිවෙන කම්පනයන්ට ඉඩ දීමට දේශපාලනඥයෝ කැමති නොවූහ.

මහාචාර්ය මිල්ටන් ෆ්රීඩ්මන් කීවේ සමාජවාදය අසාර්ථක බව සියලු‍ දෙනා පිළිගත්තත් හැමෝම කරන්නේ එය ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීම බව යි. ඔහු සමාජවාදය යැයි කීවේ ආර්ථිකය රජය මගින් පාලනය කිරීම යි.

චීනය වැනි රටවලට චෝදනා එල්ලවෙන්නේ කම්කරු අයිතිවාසිකම්වලට ඉඩ නොදී , වැටුප් මට්ටම් පහත දැමීම සහ ඇතැම් අංශවලට සහනාධාර දීම වැනි නොයෙක් මැදිහත්වීම් මගින් දේශීය වෙළෙඳපොළ වර්ධනය වළකා ලෝකයේ පවතින නිදහස් වෙළෙඳපොළ තුළ වැඩි වාසි අත්කර ගන්නා බවට ය.

කෙසේ වෙතත්, ලෝකයේ සියලු‍ රටවල ආර්ථික සංවර්ධනයට නිදහස් වෙළෙඳපොළ ක්‍රමය අවශ්‍ය බව පිළිගත් සියලු‍ රටවල් එක්ව ලෝක වෙළෙඳ සංවිධානය හරහා ඒ සඳහා ක්‍රියා කළේය. එහි එක් වැදගත් සන්ධිස්ථානයක් වූයේ වොෂින්ටන් සම්මුතිය ලෙස හඳුන්වන ලද වැඩ පිළිවෙළ යි. ලෝකයේ බොහෝ දුරට පූර්ණ නිදහස් වෙළෙඳපොළක් බිහි කිරීම සඳහා සියලු‍ රටවල් ක්‍රියා කළ යුතු ආකාරය එම සම්මුතියට ඇතුළත් වී ය.

එසේ ගිවිස ගත්ත ද ලෝකයේ ප්‍රබල රටවල් එය ක්‍රියාත්මක කළේ නැත. අවසානයේ එම වැඩ පිළිවෙළ අසාර්ථක ලෙස සලකා අතහැර දමනු ලැබීය. මෙහි දී ද පෙන්නුම් කළේ ජාතික රාජ්‍යයන්ගේ දේශපාලන අවශ්‍යතා ලෝකයේ ආර්ථික සංවර්ධන අවශ්‍යතා සමග ගැටෙන ආකාරය යි.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ලෝකයේ දෙවැනි ක්‍රමයක් ලෙස ක්‍රියාවට නගන ලද්දේ ද්වි පාර්ශ්වික සහ බහු පාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්වලට එළඹීම යි. එබඳු ගිවිසුම් මගින් කරන්නේ එක් එක් රටක් වෙනත් රටක් හෝ රටවල් සඳහා තමන්ගේ රටේ පවතින වෙළෙඳ සීමා එකඟවන ප්‍රමාණයකට ලිහිල් කිරීමට ගිවිසුම්ගත වීම යි. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වී ඇත්තේ ද එක් එක් රටවල් තම වෙළෙඳපොළ සඳහා බදු සහ බදු නොවන විවිධ සීමා ක්‍රියාත්මක කොට තිබීම හේතුවෙනි. ඉන්දු- ලංකා ETCAගිවිසුම සඳහා සාකච්ඡා දශක දෙකකට වැඩි කලක් දික් ගැසෙමින් පවතියි.

මෙයින් ද පෙන්නුම් කරන්නේ, රාජ්‍යයන් තම වෙළෙඳපොළ විවෘත කිරීමට දක්වන මැළිකම යි. එසේ වුවත්, වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා වෙළෙඳපොළ විවෘත කිරීම අත්‍යවශ්‍ය බව ද ලොව පුරා අත්දැකීම් මගින් තහවුරු වී තිබෙන බැවින් එම උත්සාහය ද දිගට ම ක්‍රියාත්මක වෙයි. සැබෑ ප්‍රතිවිරෝධය පවතින්නේ මෙහි ය.

ඒ කියන්නේ එක් අතෙකින් ගෝලීය නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් වෙනුවෙන් ක්‍රියා කිරීමත්, ඒ සමගම ජාතික මට්ටමින් ආරක්ෂණවා දී ලෙස ක්‍රියා කිරීමත් යන ප්‍රතිවිරෝධී තත්ත්වයක් ලොව පුරා පවතියි. එම ආරක්ෂණවාදී ක්‍රියාවලියට හේතු වෙන්නේ රටවල් අභ්‍යන්තරයේ පවතින ආර්ථික දේශපාලන සාධක යි. ඇතැම් ප්‍රජාවන්ගේ ජීවනෝපාය රැකගැනීම, ව්‍යාපාරික කොටස් ආරක්ෂා කිරීම වැනි කරුණු එයට හේතු වෙයි.

ට්‍රම්ප් ලෝක ආර්ථිකයට ප්‍රහාරයක් එල්ල කරන්නේ එහි වැඩි වාසි ඇමෙරිකාවට දිනා ගැනීම අරමුණු කොට ගෙන ය. සාර්ථකවීම හෝ අසාර්ථකවීම කෙසේ වෙතත් උත්සාහය එය යි.

ලෝකයේ පවතින මෙම තත්ත්වය සම්භාව්‍ය මාක්ස්වාදී දර්ශනය සහ හේගල්ගේ දර්ශනයේ එන දයලේක්තිකවාදය පිළිබඳ ඉගැන්වීම් ඇසුරෙන් වඩා හොඳින් විග්‍රහ කළ හැකි ය. එම දර්ශනයට අනුව, ලෝකයේ සහ සොබාදහමේ පැවැත්ම සහ වර්ධනය සිදුවෙන්නේ ප්‍රතිවිරෝධයන් නිසා ය. එනම් ප්‍රතිපක්ෂයන්ගේ ගැටුම නිසා ය. විද්‍යුතයේ ධන සහ ඍණ විදුලිය, පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රටෝන වැනි ප්‍රතිපක්ෂයන්ගේ ගැටුම ඒවායේ පැවැත්මේ සාධක වෙයි.

ලෝකයේ ගෝලීය වූ ආර්ථිකය සහ ජාතික රාජ්‍යයන් ලෙස පවතින දේශපාලන ක්‍රමය අතර ප්‍රතිවිරෝධය ද එවැන්නකි.

අද ලෝකයේ ඇත්තේ ගෝලීයකරණය වූ ආර්ථික ක්‍රියාවලියකි. නිෂ්පාදනය ගෝලීය ය. බෙදාහැරීම ද ගෝලීය ය.

ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් සඳහා සියයට 70 කට වඩා විදේශීය යෙදවුම් අවශ්‍ය වෙයි. ඒවායේ හිමිකාරීත්වය ඇත්තේ එහි ප්‍රමිතිය සහ නිර්මාණය නැතහොත් විලාසිතාව සකසන සන්නාම හිමියන්ට ය. වෙළෙඳපොළ ගෝලීය ය. මෙය සම්පූර්ණයෙන් ගෝලීය ආර්ථික ක්‍රියාවලියකි.

ඇමෙරිකාවේ ෆෝඩ් මෝටර් රථය සඳහා ද සියයට 50 කට වැඩි විදේශ යෙදවුම් අවශ්‍ය ය. ඇපල් අයි ෆෝනයේ කොටස් රටවල් හැට ගණනක නිපදවනු ලබයි. ඒවා ගෝලීය නිෂ්පාදන වෙයි.

ගෝලීය අගය දාම ක්‍රියාවලිය ලෙස ආර්ථික විද්‍යාඥයන් හඳුන්වන්නේ මෙම ක්‍රියාවලිය යි.

අනෙක් අතට, ලෝකයේ දේශපාලන සැකැස්ම පවතින්නේ ජාතික රාජ්‍යයන් වශයෙනි. ඒවා ජාතික රාජ්‍ය සීමා තුළ ක්‍රියාත්මක වෙයි. ඒවා ජාතිකවාදී (Nationalist ) ය. ඇතැම් විට ජාතිවාදී (Racist) ය. (Make America Great Again !).

ලෝකයේ ක්‍රියාකාරීත්වය තීරණය වන්නේ ගෝලීය වූ ආර්ථික ක්‍රියාවලිය සහ ජාතික වූ දේශපාලන ක්‍රියාවලිය අතර මෙම ප්‍රතිවිරෝධතාවය ක්‍රියාත්මක වීමක් වශයෙනි. ප්‍රතිපක්ෂයන්ගේ ගැටුමක් වශයෙනි.

ගෝලීය ආර්ථිකය පවත්වාගෙන යෑම සඳහා ගෝලීය සංවිධාන සහ රාජ්‍ය කණ්ඩායම් ඇතිවීම මෙන්ම රටවල් තුළ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වරෙක දැඩි කිරීම සහ තවත් වරෙක ලිහිල් කිරීමත් සිදුවන්නේ මෙම ගැටුමේ වර්ධනයන් වශයෙනි.

ලෝක ආර්ථික ක්‍රමයට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රහාරය මෙම ගැටුම උත්සන්න වූ අවස්ථාවකි. ඒ සමග ම අප තේරුම් ගත යුතු වන්නේ එයට ක්‍රියාත්මක විය හැක්කේ ඉහත කී සන්දර්භයේ සීමා යටතේ බව යි.

ට්‍රම්ප් ඇතිකළ ආර්ථික වියවුල කුමන ආකාරයෙන් වර්ධනය විය හැකි ද ? ඒ අනුව ලෝකයේ අනාගත වර්ධනයන් කුමන ආකාරයේ විය හැකිද? යන්න තේරුම් ගත හැකි වන්නේ මෙම ප්‍රධාන ප්‍රතිවිරෝධය තේරුම් ගැනීම මගින් ය.

සී.ජේ. අමරතුංග 

 



අදහස් (0)

ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දු - පකිස්තාන යුද්ධයක පෙරනිමිති
2025 අප්‍රේල් මස 28 18 0

ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන “රජය” සහ එරට “අයි.එස්.” අංශය සිට


සදා නිහඬ වූ හඬක් නැත්තන්ගේ හඬ
2025 අප්‍රේල් මස 28 5 0

අප කුඩා කාලයේ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා භාවිත කළ අන්තර්ජාතික කෘතියකි, ප්‍රංශ කතුවර වික්ටර් හියුගෝගේ Les Misérables හෙවත්, අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ලය


ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම
2025 අප්‍රේල් මස 28 5 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී ති


ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 20 56 0

චීනය ප්‍රහාරක මාවතට අවතීර්ණ වී තිබේ. වෙළෙඳ යුද්ධය හරහා ලෝකයට ලැබෙන ප්‍රධාන පණිවුඩය එයයි. මෙතෙක් චීනය ඇමෙරිකානු හා බටහිර රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හමු


බද්දක් වෙතොත් ගෙවිය යුතු පාරිභෝගිකයාය
2025 අප්‍රේල් මස 20 24 0

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පාලනය කිරීම සඳහා මහජනතාව මත බදු පැනැවීමේ ක්‍රමවේදය ආණ්ඩුව තෝරා ගත්තේය. දැන් ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ වේ. ඇමරිකාවේ ආණ්ඩු බ


ට්‍රම්ප් පැරදුණාද?
2025 අප්‍රේල් මස 16 62 0

ට්‍රම්ප් දැවැන්ත ‘යූ ටර්න්’ එකක් ගසා තිබේ. ඒ මහා බ්‍රේක් පාරක්ද සමගිනි. ඔහු බදු පැනෙව්වේය. ලෝකය බියපත් කළේය. ලොව පුරා කොටස් වෙළෙඳපොළවල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 104 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 28 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1062 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site