IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


බද්දක් වෙතොත් ගෙවිය යුතු පාරිභෝගිකයාය

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පාලනය කිරීම සඳහා මහජනතාව මත බදු පැනැවීමේ ක්‍රමවේදය ආණ්ඩුව තෝරා ගත්තේය. දැන් ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ වේ. ඇමරිකාවේ ආණ්ඩු බලය ලබාගත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහජනතාව බදු ගෙවිය යුතු නැති රටක් නිර්මාණය කරන්නට සූදානම් වේ. බලයට පත් වූ වහා ඇමරිකන් රජයේ ආකෘතිය වෙනස් කරන අතර අනවශ්‍ය ආයතන ඉවත්කර රාජ්‍ය කාර්යක්ෂම කරන තීරණ ගෙන ඇත. අධ්‍යාපන දෙපාර්තමේන්තුව අහෝසි කරන විධායක තීන්දුවට මෙයට සති දෙකකට කලින් ඇමරිකානු ජනාධිපතිවරයා අත්සන් තැබීය. තවත් රාජ්‍ය ආයතන ගණනාවක් අහෝසි කරන අතර එයින් ලබන වසරේ දී ඉතිරි කරගැනීමට අපේක්ෂා කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 150 කි. ඇමරිකානු රජයේ කාර්යක්ෂමතාව ගැන කොපමණ විශ්වාසයක් ඇතිකරන්නේ ද යත් එරට බදු ගෙවන මිලියන හැත්තෑනමයක පිරිසකට වසර අවසානයේ ඇමරිකානු ඩොලර් පන්දහස බැගින් ගෙවන බව ප්‍රකාශ වී තිබේ. ශ්‍රී ලංකාවේ ඉරණම මෙයට හාත්පසින්ම වෙනස්ය. ආර්ථික වර්ධනයක් සඳහා ජනතාව තවත් බදු ගෙවිය යුතු තැනකට තල්ලු කරමින් සිටී.

ජනතාව බදු ගෙවිය යුතු නැති ඇමරිකාවක් ගැන කරුණු දක්වන ට්‍රම්ප් ජනාධිපතිවරයා 1870 සිට 1913 දක්වා මහජනතාවගෙන් බදු අය නොකළ අතර එකල ඇමරිකාව ඉතා ධනවත් රාජ්‍යයක් බව පෙන්වා දෙයි. ආදායම් බදු අහෝසි කෙරේ. සමාගම් බදු ද අවම කරනු ඇත. අහිමිවන ආදායම උපයාගැනීම සඳහා ද්වී පාර්ශ්වික වෙෙළඳ පරතරය අනුව ප්‍රතිමුඛ බදු ක්‍රමයක් යෝජනා කර ඇත. සියයට දහයක පදනම් බද්ද අනිවාර්යයෙන් අය කෙරේ. එයට අමතරව සියයට 20 සිට සියයට 145 දක්වා පරාසයකින් රටවල්වලට බදු පැනැවේ. ශ්‍රී ලංකාවට සියයට 88 ක බද්දක් පැනැවිය යුතු නමුත් එය සියයට 44 කට සීමා කරන බව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. පසුව මෙම බදු ක්‍රමයට අනුවර්තනයවීම සඳහා දින අනූවක සහන කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. එයින් පසු ලෝක ආර්ථිකයට අත්පත්වන ඉරණම ගැන ආර්ථික විශ්ලේෂකයෝ කුතුහලයෙකින් පසුවෙති. ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමරිකාව සමග කෙළින්ම සාකච්ඡා ආරම්භ කර වෙෙළඳ ගිවිසුමකට පදනමක් යෝජනා කරන බව දැක්වේ.

පාලකයන්ගේ අභිමතාර්ථ ඉදිරියේ ජනතාව 

ඇමරිකාව නැවත ඔසවා තබන බවට ඡන්ද වේදිකාවේ දී කියාසිටි ඩොනල්ඞ් ට්‍රම්ප් ඔවුන්ගේ අපනයනවලට අනෙක් රටවල් අයකරන හා සමානව ඇමරිකාවට ගෙන්වන භාණ්ඩවලට ද බදු අයකරන ක්‍රමවේදය ඉදිරිපත් කරයි. එය පැහැදිලිවම, දුප්පත් රටවල් නැවත වටකින් සූරාගෙන ඇමරිකාව ඉහළට නගින වෑයමකි. ඉතාම දුප්පත් මැඩගස්කරය අපනයනය කරන භාණ්ඩවලට සියයට හතළිස් හතක බද්දක් අය කෙරෙනු ඇත. නොබෝදා භූමිකම්පාවකින් පසු ආධාර සඳහා ආයාචනා කළ මියන්මාරය පවා ඇමරිකාවට කරන අපනයන සඳහා සියයට 45 ක බද්දකට යටත් වේ. කම්බෝජියාවට සියයට 97 ක බද්දක් පනවන අතර ලෙ​ෙසා්තෝ කරන අපනයනවලට අය කරන බද්ද සියයට 50 කි. මේවා ලෝකයේ දුප්පත්ම රටවල් බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. 

මේ අතර රටවල් පණහක් පමණ ඇමරිකාව සමග වෙ​ෙළඳ සහයෝගීතාව සඳහා සාකච්ඡා කිරීම අලුතින් අරඹා තිබේ. ජපානය මුල් පියවර තැබීය. එරටට ආනයනය කරන රථ වාහන හා ඖෂධ සඳහා බදු අඩු කරන සහයෝගීතාවකට වෑයම් කරයි. ඉන්දියාව, කැනඩාව, මෙක්සිකෝ සහ දකුණු කොරියාව ද ඇමරිකාව සමග නිල සාකච්ඡා ආරම්භ කරන ඇති බව දැක්වේ. බලවත් රටවල් තමන්ට ඇති බලය හසුරුවමින් ඇමරිකානු අලුත් බදු වෙනස්කරන වෑයමක පසුවේ. ඇමරිකානු ආනයන සඳහා චීනය සියයට 125 ක ද අතිරේක ප්‍රතිශතයකින් බදු වැඩි කර ඇත. තවත් සමහර රටවල් ඇමරිකානුවන්ට බදු නංවන අතර ඇමරිකානු සමාගම්වල බදු ප්‍රතිශත වැඩි කරන බවට අනතුරු අඟවමින් සිටී. මෙම සියලු පියවර දැවැන්ත වෙෙළඳ සංග්‍රාමයක් නිර්මාණය කර තිබේ. මෙම තීන්දු අතරවාරයේ බටහිර මාර්ගවල භාණ්ඩ ප්‍රවාහනය කරන නැව් සමාගම් ස්ථිර තීරණයක් ලැබෙන තෙක් භාණ්ඩ හැසිරවීම ප්‍රමාද කරන්නට තීරණය කර ඇත. 

ට්‍රම්ප් බදු තවත් මාස තුනක් අවසානයේ දී ජාත්‍යන්තර වෙෙළඳාම ඉතාමත් සංකීර්ණ ස්වභාවයකට පත්වන අවදානමක් තිබේ. කොපමණ බරපතළ ද යන්න වෙනත් රටවලට පනවන බදුවලින් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 6,000 ක් උපයාගැනීමට ඉලක්ක කිරීමෙන් ම පෙනේ. ලෝකයේ සෑම රටකම ආර්ථිකයෙන් කොටසක් උදුරාගැනීමක් වශයෙන් මෙය සැලකිය හැකිය. අතිරේක බදු ගෙවන රටවල ජනතාවගේ ආදායම හැකිළෙන අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය පහතට වැටේ. 

පරතරය අවම කිරීම සඳහා ආනයන නැංවීම

2024 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන තුනක භාණ්ඩ ශ්‍රී ලංකාව අපනයනය කර ඇත. ඇමරිකාවෙන් ගෙන්වන ලද ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 441.15 කි’. දෙරට අතර වෙෙළඳාමෙන් ශ්‍රී ලංකාව ලබන වාසිය ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක් බව දැක්වේ. මෙම පරතරය පියැවිය හැකි මාර්ග ගැන සාකච්ඡා ආරම්භ කළහොත් රටට පනවන ලද සියයට 44 ක බද්ද ආපසු හරවා ගත හැකි බව දැක්වේ. ඉදිරි මාස තුන ඇතුලත ආණ්ඩුවේ උපාය ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්කරන ලද කමිටුව සිය නිර්දේශ ඉදිරි කාලය තුළ ප්‍රකාශයට පත්වීමට ඉඩ ඇත. සර්ව පාක්ෂික සමුළුව මගින් හඳුනාගත් පැති ඉදිරියට ගෙන යන්නට ඉඩ ඇති බව ද විශ්වාස කළ හැකිය. 

මෙරට අභ්‍යන්තර වාර්තා දක්වන පරිදි ඇමරිකානු ජනාධිපතිවරයා ගේ සමීප උපදේශකයන් ආමන්ත්‍රණය කර ඔවුන්ගේ උපදෙස් පරිදි ඇමරිකානු භාණ්ඩ ශ්‍රී ලංකාවට වැඩිපුර ආනයනය කරන්නට උත්සාහ කරනු ඇත. මෙහි දී ඛනිජ තෙල් කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කර තිබේ. අතරමැදියන් නම් කරන තෝරාගත් ඇමරිකානු සමාගම්වලින් මෙරටට ඉන්ධන ආනයනය කරන උත්සාහයකට යොමු වනු ඇතැයි සැලකේ. එයට අමතරව දැනට ආනයනය කරන ඇමරිකානු භාණ්ඩ සඳහා රේගුවේ දී අයකරන බදු පහත දමන්නට ඉඩ තිබේ. රේගු වාර්තා අනුව ඉලෙක්්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් උපාංග, ප්ලාස්ටික්, ඖෂධ වර්ග, කඩදාසි හා කාඩ්බෝඩ් ආනයන භාණ්ඩ අතර ඇත. 

මග සිටියත් ගෙදර ගියත් අවදානමක්

ඇමරිකානු භාණ්ඩ තවත් ගෙන්වන්නට රටට විනිමය අවශ්‍යය. ආර්ථික අර්බුදයේ උල්පත විනිමය හිඟය බව මතක තබා ගත යුතුය. බදු අඩු කර ඉන්ධන, ඉලෙක්ටි්‍රකල් හා ඉලෙක්ට්‍රොනික් උපාංග, ප්ලාස්ටික් ඇතුළු දේ තවත් ගෙන්වුවහොත් ඒවා යේ මිල රට තුළ පහත වැටේ. පරිභෝජනය ඉහළ යන අතර එයින් තවත් වටයකින් ඉල්ලුම වැඩි වේ. මෙම ඉල්ලුම තෘප්ත කරන වෙ​ෙළඳ ගනුදෙනු සඳහා විශාල විනිමය ප්‍රමාණයක් අවශ්‍ය කෙරේ. දැනට මෙරට විදේශ සංචිත තරකරන්නට බලපා ඇති මහ බැංකුවට සපයන ලද චීනයේ ණය, ඉන්දියානු ණය ආධාර හා ජාත්‍යන්තර ප්‍රජාවගේ ණය ගෙවීම අත්හිටුවා තිබීම වැනි කරුණු සලකා බලන පසු, ඇමරිකාවෙන් භාණ්ඩ මිල දී ගැනීම සඳහා එම වාසි භාවිත කිරීම කිසිසේත් පහසු නැත. අනෙක් අතට මෙරට ඇඟළුම් වැඩිම කොටසක් මිල දී ගන්නා රට ඇමරිකාව වේ. වෙෙළඳ පාරතරය අඩු කර නොගතහොත් අලුත් බදු ඇඟලුම් අපනයන අංශයට තර්ජනයක් ඇති කෙරේ. පර්‌යේෂණ වාර්තා අනුව මෙරට ඇඟලුම් සඳහා ඇමරිකාවේ ඉල්ලුම බරපතළ ලෙස අඩුවිය හැකි අතර රටට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ අවාසියක් සිදුවිය හැකිය.

වෙෙළඳ පරතරය අනුව බදු පනවන ඇමරිකානු ආණ්ඩුව එයින් උපයන ධනය සාධකයක් සේ සලකා බදු ගෙවිය යුතු නැති පුරවැසියන් සහිත රටක් සඳහා සැලැස්මක පසුවේ. ශ්‍රී ලංකාව තව තවත් බදු බර වැඩි කරන තැනට පත්වේ. ඇමරිකානු වෙෙළඳපොළ අහිමිවුවහොත්, විදේශ විනිමය හිඟය නැවත වතාවක් ගැටළු ඇති කරනු ඇත. අනෙක් අතට  විදේශ   වෙ​ෙළඳාම පදනම් කර අය කරන රේගු බදු අඩුවීම සලකා ශ්‍රී ලාංකිකයන්ගෙන් බදු නැවත වටයකින් වැඩි කරන්නට සිදුවනු ඇත. සෘජු හා වක්‍ර බදුවල බලපෑම උහුලන්නට නොහැකි ජනතාව නැවත නැවතත් සිය වැටුප් හා දීමනා නංවන සේ බලකරන වෘත්තීය ක්‍රියාමාර්ගවලට හැරෙන්නට ඉඩ තිබේ. එම පරිසරය තුළ වත්මන් ආණ්ඩුව ඉලක්කකරන කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ තවදුරටත් ප්‍රමාද වනු ඇත. 
මහත් උද්‌‌යෝගයකින් හා දූෂණ වංචා තුරන් කර අලුත් යුගයක් ඇතිකරන බලාපොරාත්තු සහිතව බලයට පත් ජාතික ජනබලවේගය සිය සැලැස්ම වහාම සමාලෝචනය කළ යුතුව තිබේ. ලෝකයේ රටවල් ඇමරිකානු බදු ඉදිරියේ කැලඹීමට පත්ව තිබෙන තරම දකින පසු ශ්‍රී ලංකාව වැනි රටකට ඇති විය හැකි බලපෑම ගැන විශේෂයෙන් සලකා බැලිය යුතුය.

මිත්‍ර රටවල් අලුත් ආකෘතියකට හැඩගැසීම

ඇමරිකාව හා චීනය දැනට පවතින පසමිතුරු වෙෙළඳ ගනුදෙනු ස්වභාවය අඛණ්ඩව පවත්වාගෙන යා නොහැක. රටවල් දෙකටම තමන්ගේ අවකාශය ගැන සීමාවක් තිබේ. ඇමරිකානු අධික බදු අනුව එරටට ගෙන්වන භාණ්ඩ හේතුකොටගෙන චීන පුරවැසියන්ගේ පැවැත්ම වෙනස්වන ආකාරයටම චීනයෙන් ගෙන්වන භාණ්ඩවලට අය කරන අධික බදු ඒවා මිල දී ගන්නා ඇමරිකානුවන්ට ප්‍රශ්න ඇති කරනු ඇත. දැනට තද තර්ජනාත්මක ස්වභාවයක සිටින චීනය හා ඇමරිකාව එක්තරා මොහොතක ද්වීපාර්ශ්වික සාකච්ඡාවකට ඇතුළුවීමට ඉඩ තිබේ. ඉන්දියාව පවා ඇමරිකාව සමග නොසතුටකින් සිටින්නට සූදානම් නැත. ඉන්දියාව දැනටමත් ඇමරිකන් ඉන්ධන තොග සඳහා ඇණවුම් සකස්කරමින් සිටී. පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් වූ ඉන්ධන බිල 2026 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 25 ක් විය හැකි බව ඉන්දීය මාධ්‍ය දැනටමත් දක්වයි. ලෝකයේ විශාලතම ජනගහනය සහිත වෙෙළඳපොළ  දෙකක් සමග සම්බන්ධ වූ පසු ඇමරිකානු අවශ්‍යතාව පහසුවෙන් සම්පූර්ණ වන බව සැලකේ.

ශ්‍රී ලංකාව වැනි සමස්ත ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන විස්සකට සීමා වී ඇති රටක් ජාත්‍යන්තර   වෙ​ෙළඳාමේ ඇතිකරන අලුත් තත්ත්වයට මුහුණ   දෙන්නේ  කෙසේද? වහාම මහා පරිමාණ ආයෝජන රටට ගෙන්වා ගත යුතු වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් කම්හල් සිය නිෂ්පාදන අංශ ඇමරිකානු බදු අඩුවෙන්ම අය කරන රටවලට ගෙන යන්නට උත්සුක බව බව දැක්වේ. ඉන්දියාවට පවා පැනැවෙන බදු සියයට විසි හයක් පමණක් හෙයින් ශ්‍රී ලංකාවේ සිට ඇඟලුම් අපනයනයට වඩා ඉන්දියාවේ සිට ඇඟලුම් කර්මාන්තය කරගෙනයෑම වාසිදායක බව තක්සේරු කරන්නට ඉඩ තිබේ. කර්මාන්ත හා ව්‍යාපාර සඳහා නම්‍යශීලී ප්‍රතිපත්ති, අලුත් ආයෝජන කැඳවා විනිමය ලබාගැනීම අලුත් වෙෙළඳපොළ සඳහා වන නැඹුරුව ඉතාම අවශ්‍ය පැතිකඩ වශයෙන් දැක්විය හැකිය. 

සාරා කන්දෙගොඩ

 

 



අදහස් (0)

බද්දක් වෙතොත් ගෙවිය යුතු පාරිභෝගිකයාය

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දු - පකිස්තාන යුද්ධයක පෙරනිමිති
2025 අප්‍රේල් මස 28 18 0

ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන “රජය” සහ එරට “අයි.එස්.” අංශය සිට


සදා නිහඬ වූ හඬක් නැත්තන්ගේ හඬ
2025 අප්‍රේල් මස 28 5 0

අප කුඩා කාලයේ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා භාවිත කළ අන්තර්ජාතික කෘතියකි, ප්‍රංශ කතුවර වික්ටර් හියුගෝගේ Les Misérables හෙවත්, අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ලය


ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම
2025 අප්‍රේල් මස 28 5 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී ති


ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 20 56 0

චීනය ප්‍රහාරක මාවතට අවතීර්ණ වී තිබේ. වෙළෙඳ යුද්ධය හරහා ලෝකයට ලැබෙන ප්‍රධාන පණිවුඩය එයයි. මෙතෙක් චීනය ඇමෙරිකානු හා බටහිර රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හමු


බද්දක් වෙතොත් ගෙවිය යුතු පාරිභෝගිකයාය
2025 අප්‍රේල් මස 20 24 0

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පාලනය කිරීම සඳහා මහජනතාව මත බදු පැනැවීමේ ක්‍රමවේදය ආණ්ඩුව තෝරා ගත්තේය. දැන් ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ වේ. ඇමරිකාවේ ආණ්ඩු බ


ට්‍රම්ප් පැරදුණාද?
2025 අප්‍රේල් මස 16 62 0

ට්‍රම්ප් දැවැන්ත ‘යූ ටර්න්’ එකක් ගසා තිබේ. ඒ මහා බ්‍රේක් පාරක්ද සමගිනි. ඔහු බදු පැනෙව්වේය. ලෝකය බියපත් කළේය. ලොව පුරා කොටස් වෙළෙඳපොළවල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 104 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 28 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1062 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site