IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


සදා නිහඬ වූ හඬක් නැත්තන්ගේ හඬ

අප කුඩා කාලයේ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා භාවිත කළ අන්තර්ජාතික කෘතියකි, ප්‍රංශ කතුවර වික්ටර් හියුගෝගේ Les Misérables  හෙවත්,  අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ලයන් විසින් ‘මනුතාපය’ නමින් සිංහලයට පරිවර්තනය කර තිබූ නවකතාව. එහි දැක්වෙන සුවිශේෂී චරිතයක් වෙන්නේ, අතිශයින් කාරුණික දානපති කතෝලික පියතුමකු වූ “බිස්කුන් “ වහන්සේ ය. උන්වහන්සේගේ කරුණාව නිසා, ජනවර්ජන නම් දාමරිකයා මානුෂවාදියෙකු වෙයි. අප අතරින් සමුගත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තුළින් මා හට දිස්වෙන්නේ කුඩා කළ මා සිතෙහි තැන්පත් වූ බිස්කුන් වහන්සේය. ඒ උන්වහන්සේගේ පත්වීම හා අනෙකුත් කටයුතු පිළිබද අන්තර්ජාතික ප්‍රවෘත්තිකරණයේ යෙදීමේදී මා ලද අත්දැකීම් තුළිනි.   

උන් වහන්සේ 2015 වසරේ ශ්‍රී ලංකාවේ චාරිකා කළ අවස්ථාවේ, ඊට අදාළ මාධ්‍ය ආවරණයට එක්වෙමින්, උන් වහන්සේ සියැසින් දැකගැනීමට මා හට අවස්ථාව ලැබුණු මොහොතේ පවා, මගේ මනෝ චිත්‍ර අතරට බිස්කුන් වහන්සේ පැමිණියහ. ඒ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගැන මා අසා දැන තිබු කරුණු අනුවයි.  ඒ මගේ පුද්ගලික අත් දැකීම, ලොව බොහෝ දෙනෙකු තුළ පවතින බව හැඟී ගියේ, විවිධ අවස්ථාවල අන්තර්ජාතික මාධ්‍යවේදීන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන විට, පාප් වහන්සේ යන මාතෘකාව ඉස්මතු වූ විට ඔවුන් මා සමග පළ කළ අදහස් සලකා බැලීමේදීය.

“Voice for the voiceless”  (හඬක් නොමැති වූවන්ගේ හඬ...) මේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හැඳින්වීමට අන්තර්ජාතික මාධ්‍ය භාවිත කළ එක් අන්වර්ථ නාමයකි. ඒ ලෝකය එතුමන්ට පළ කළ ගෞරවය සනිටුහන් කරන එක් සටහනක් පමණි. තවත් එවැනි නාම කාණ්ඩයක් වෙන්නේ Father of the poor, Champion for the poor, voice for the poor එනම්‍ “දිළින්දන්ගේ පියාණන්“ යන අරුතැති නාම මාලාවයි. මේ සියල්ල අනෙකුත් පාප්වහන්සේලා නොලැබූ සුවිශේෂී ජනතා බුහුමන් ලෙස හැදින්විය හැක. මීට පෙර මෙතරම් ජන සම්භාවනාවට පත්ව තිබුණේ, ශුද්ධෝත්තම දෙවැනි ජුවාන් පාවුලු‍ පාප් වහන්සේය. (1978-2005).. උන්වහන්සේ ප්‍රකට, වන්දනාවේ පාප්තුමන් ලෙසිනි. ඒ සිය 27 වසරක ශුද්ධවූ මෙහෙවර සමය තුළ රටවල් 129ක ධර්ම චාරිකාවේ යෙදීම හේතුවෙනි. එමෙන්ම උන් වහන්සේ මානව දයාව හා මානුෂීය අයිතීන් ගැන සුවිශේෂී භූමිකාවක් ඉටුකළ බව ඉතිහාසය දෙස් දෙයි. 

එහෙත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ භූමිකාව ඊටත් වඩා මානුෂීය භාවය හා පරිවර්තනීය සංකල්ප වෙත යොමුවූවකි. ආජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවර  රදගුරුතුමන් වූ ජෝර්ජ් මාරියෝ බර්ගෝලියෝ පියතුමා 2013 වසරේදී පාප්වරයට පත්වෙන්නේ ශුද්ධවූ අසීසයේ ෆ්‍රැන්සිස් මුනිතුමන්ගේ නාමය ලබාගනිමින්, වසර 1300කින් පසු යුරෝපයෙන් බැහැරව බිහිවූ ප්‍රථම පාප්වහන්සේ ලෙස ඉතිහාසයට එක්වෙමිනි. මින් පෙර එම වරම ලබා සිටියේ ක්‍රිස්තු වර්ෂ 731-741 යුගයේ පදවිය හෙබවූ සිරියානු සම්භවයක් සහිත තුන්වැනි ග්‍රෙගරි පාප් වහන්සේය  (90වැනි පාප් වහන්සේ). 

ඉතිහාසය සලකා බලන විට, පාප් පදවිය යනු යුරෝපයේ අයිතියක් බවට පත්ව තිබූ බව පෙනේ.  ඉතිහාසයේ මෙතෙක් බිහිවූ පාප් වහන්සේලා 266 නම අතරින් යුරෝපාකරයෙන් බැහැර කලාපයක බිහිවූ පාප්වහන්සේලා සිටින්නේ 9 දෙනෙකු පමණි. ඉතිරි සියල්ලෝම යුරෝපා ජාතිකයෝ වෙති. ඉන් අතිමහත් බහුතරය එනම් 196ක් ඉතාලි ජාතිකයෝ වෙති.  යුරෝපය හා උතුරු අප්‍රිකා-බටහිර ආසියා- යුරේෂියානු කලාපයෙන් බැහැර පිටත මහාද්වීපයක, එනමි ඇමෙරිකානු මහද්විප දෙකම නියෝජනය කරමින් බිහිවූ ප්‍රථම පාප්වහන්සේ වෙන්නේ ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේය. උන් වහන්සේ නියෝජනය කළ ආජන්ටිනාව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයකි. තුන්වැනි ලෝකය නියෝජනය කළ රටකි. ඒකාධිපතිත්වය, හමුදා අධිකාරිත්වය හා ආඥාදායකත්වය වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග මැද ජනතා අයිතින් සුරැකීම හා මානව දයාව හා සාධාරණය උදෙසා කැපවූ බ්‍රගෝලියෝ රදගුරුතුමා පාප් පදවිය ලබා වතිකානයේ දිශානතිය වෙනතකට යොමු කිරීමට සමත්වූ බව නොරහසකි.

මේ නිසා අන්තර්ජාතික මාධ්‍ය අපුරු පාඨයකින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හදුන්වනු ලබයි. ඒ රෝමානු කතෝලික ආගමේ කේන්ද්‍රස්ථානය වෙන වතිකානයේ නායකත්වය දරමින් වතිකානය රෝමානු බවින් ඈත්කොට වඩාත් කතෝලික බව වෙත නැඹුරු කළ ශුද්ධවූ පියාණන් ලෙසයි. මේ තුළින් ගම්‍ය වෙන මුඛ්‍යතම කරුණවෙන්නේ, යුරෝපා අධිරාජ්‍යවාදි සංකල්ප, සුදු ජාතිකත්වය, යුරෝපා සුපිරිබව ආදී වූ අතිශය සුඛවාදී හා ආධ්‍යාත්මික බව වෙනුවට දේශපාලනික සුපිරි බව පිළිබිඹු කරන සංකල්පවලින් කතෝලික දහම මුදවා, ලොව පුරා පොදු ජනතාවට ඉන් ආධ්‍යාත්මික හා සමාජයීය සේවාවක් සපයන දහමක් ලෙස ලොව පහළම තලය දක්වා එම සංකල්පය ගෙන යාම පාරිශුද්ධ අරමුණක් වෙත ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කැපවී සිටි බවයි. උන් වහන්සේට පෙරාතුව ඒ සඳහා මෑත යුගයේ වැඩි අවධානයක් යොමුකොට තිබුණේ දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේ විසිනි. 

පොදු ජනතා නායකත්වය

සදාකාලිකව ලොවින් සමුගත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ලෝක වාසි කිතුණු හා සෙසු ආගමිකයන් අතර  ඉහළතම ප්‍රසාදයක් දිනාගත් ආගමික ප්‍රධානියෙකු බව මේ වෙනවිට පළවෙමින් ඇති විවිධ ප්‍රතිචාරවලින් දැක්වේ. කිතුනුවන් මෙන්ම සෙසු ආගමිකයන්ද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සලකන්නේ හුදෙක් එක් ආගමකට සීමා වූ නායක චරිතයක් නොව, පොදුවේ ලෝකයට සෙත සැලසීම සඳහා ඉදිරිපත් වූ අති පාරිශුද්ධ චරිතයක් ලෙසයි. ෆ්‍රැන්සින් පාප්වහන්සේ හඳුන්වා දුන් බොහෝ සහනසේවා හා පොදු ජන හිත සුව පිණිිස වෙන වැඩසටහන්  සියල්ල තුළින් ප්‍රතිලාභ ලැබුවේ හුදෙක් කිතුනුවන්ම පමණක් නෙවේ. කිතුණු ප්‍රජාවට මුල් තැන දෙන අතරම, බුදු වදනේ දැක්වෙන “බහුජන හිතාය- බහු ජන සුඛාය“ යන සංකල්පය පදනම කරගත් බොහෝ ව්‍යාපෘති වතිකානයේ පුණ්‍යාධාර යටතේ ලොව විවිධ ජන කොටස්වලට හිත සුව සලසමින් ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව, ලෝකය වඩාත් කතා බහ කරන්නේ උන් වහන්සේ වතිකානයට හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ පිළිබදවයි. 

මේ ප්‍රතිසංස්කරණ බොහෝ රැඩිකල් ස්වභාවයක් ගත් බව වතිකානයට සමීප ඉතාලි මාධ්‍ය ප්‍රකාශ කරන අතර, ඇතැම් ප්‍රතිසංස්කරණ වතිකාන පාලනය මගින් පිළිගත්තේද යන්න ගැන පවා ප්‍රශ්න පවතී. උන් වහන්සේ එතරම්ම ප්‍රතිසංස්කරණවාදී ස්ථාවරයක් දක්වා ඇත.  වතිකානයේ යුරෝපා හා බටහිර අධිපතිවාදයට නැඹුරුවිය හැකි ස්වභාවයන් ඉවත්කිරීම පමණක් නොව, ලොව කුඩාම රාජ්‍යය ලෙස වාර්තා අතරට එක්ව තිබෙන වතිකානය, ගෝලීය භූ දේශපාලනික ක්‍රියාවලිය තුළ වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළ ගෝලීය චරිතයක් බවටද ෆ්‍රැන්සිස් පාප්තුමන් පත්විය.  වතිකානයට ලෝක භූ දේශපාලනික ක්ෂේත්‍රයට කළ හැක බලපෑම කුමක්ද යන්න සමස්ත ලෝකයට වටහා දීමට උන්වහන්සේ උත්සුක වූහ. 

මෑත ඉතිහාසයේ වතිකානය ලොවට වඩාත් සමීප කළේ, මා කලින් සඳහන් කළ පරිදි, දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේය. විශේෂයෙන්ම 1989-1990 යකඩ තිරය හෙවත් ලොව නැගෙනහිර යුරෝපයට සීමා වූ සෝවියට් දේශයේ නායකත්වයෙන් යුත් කොමියුනිස්ට්වාදි බල  කඳවුර කඩා වැටීම හා ඒ ආශ්‍රිතව ලෝකය තුළ සිදුවු පරිවර්තනයට දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේගේ ඍජු හා ප්‍රබල දායකත්වයක් ලැබුණු බව ඓතිහාසික විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙයි. පිඩිත ජන සමාජයන්ට ආමන්ත්‍රණය හා ජනතා අයිතීන් සුරැකීම වෙනුවෙන් හඬ නැගිම උන් වහන්සේගේ ක්‍රියාවලියට ඇතුළත් වූ බව එහි දැක්වේ.  එහෙත් 2005 වසරේ උන්වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු, පාප් පදවියට පත්වූ ශුද්ධෝත්තම 16වැනි බෙනඩික්ට් පාප් වහන්සේ ජර්මානු ජාතිකයෙකු වූ අතර සාම්ප්‍රදායිකත්වයට  මුල් තැන දෙමින් වඩාත් ඇතුළාන්තයට නැඹුරු වූ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. ඒ නිසාම උන්වහන්සේගේ පත්වීම එදා අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළේ  වතිකානයේ භූ දේශපාලනික මෙහෙයුමේ අවසානය ලෙසයි. 

එහෙත් බෙනඩික්ට් පාප්වහන්සේ, ඉතා විරල සිදුවිමක් ලෙස තම රෝගි තත්ත්වයන් පෙන්වා දෙමින් පදවිය හැර යාමෙන් පසු, 2013 වසරේදි පාප් පදවිය හිමිකරගත් බර්ගෝලියෝ රදගුරුතුමාගේ මූලික අදහස වූයේ නැවතත් වතිකානය ලෝකයට යා කළ යුතු බවකි. උන් වහන්සේ තම පාප් පදවි කාල සීමාව ආරම්භ කළේ වතිකානයේ රාජ්‍ය තාන්ත්‍රික අංශය වඩාත් ශක්තිමත් කරමිනි. උන් වහන්සේ වතිකානය හා ලෝකය අතර පාලම යළි විවෘත කළහ. පිරිහි තිබු සබඳතා යළි වර්ධනය කෙරිණ. වෙනත් ආගම් සමග සහජීවනය වඩාත් ශක්තිමත් තලයක් වෙත ඔසවා තැබිණ. චීනය වැනි බටහිර ලෝකයට අභියෝගයක් වු බලවත් රටවල් සමග සබදතා ජාලය වඩාත් ශක්තිමත් කිරීමට පාප් වහන්සේ පියවර ගත්හ. ඇතැම් විට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අන්තර්ජාතික මැදිහත්කරුවෙකුගේ භූමිකාව රඟ දැක්වීමට පවා උත්සුක වූහ. එහිදි උන් වහන්සේ  ඔබාමා පාලනය යටතේ ඇමෙරිකාව හා කියුබාව අතර 1960 දශකයේ සිට පැවති එදිරිවාදී ස්වරූපය ඉවත් කොට, එම රටවල් අතර සහයෝගිතා වැඩපිළිවෙළක් ඇරඹීමේ ක්‍රියාවලියට මුල්තැන ලැබුණේ පාප් වහන්සේ ගේ දායකත්වයෙනි.  එමෙන්ම, උන් වහන්සේ දිගින් දිගටම ගෝලීය වශයෙන් ගැටුම් නිරාකරණය කොට සාමය ස්ථාපනය කිරිමේ වැදගත්කම පෙන්වා දුන්හ.  

රුසියා යුක්රේන යුද්ධය ආරම්භ වූ 2022 වසරේ සිටම ඉන් වෙන හානිය පෙන්වා දී, ආගමික සහයෝගිතාව රාජ්‍ය තාන්ත්‍රික සාම වැඩපිළිවෙළක් කරා යොමු කරවීමි දැඩි උත්සාහයක් දරණු ලැබීය.  යුක්රේන අර්බුදයේදී පාප් වහන්සේ පසුවුනේ බටහිර මතය සමග නොව ලොව වෙනත් විකල්ප බලවේග ලෙස හඳුන්වනු ලබන රටවල් හා එවැනි නායකයන්ගේ මතවාදය සමගයි. ඒ  නිරතුරුව උන් වහන්සේ බලවත් රටවල මතය නොව ලොව පොදු මතය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනු ලැබූ නිසාය. පලස්තිනය  නිදහස් රටක් බවට පිළිගත් ප්‍රථම පාප් වහන්සේ ලෙස ෆ්‍රැන්සිස් පාප් පහන්සේ  ඉතිහාසයට එක් වන්නාහුය.  මේ අනුව බලන කල, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානය වඩාත් ලොවට විවෘත කළ දෙවැන්නා ලෙස වාර්තා අතර එක්වන්නෝය. මේ ක්‍රියාවලියට වතිකානය තුළ පුර්ණ අනුමැතිය තිබුණා යැයි කිව නොහැක. ඒ මන්ද, සාම්ප්‍රදායික මතධාරි කාදිනල් හා රදගුරු  පුජක තුමන්ලා පාප්වහන්සේගේ මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ගැන වැඩි ප්‍රසාදයකින් පසු නොවූ බව මාධ්‍ය විශ්ලේෂණ පෙන්වා දෙයි. එහෙත් වතිකානය සදහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හඳුන්වාදුන් වඩාත් විවෘත විදෙස් ප්‍රතිපත්තිය බැහැර කිරිමට කිසිදු පාර්ශ්වයකට හැකියාවක් ලැබුණේ නැත. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය හා එහි වින්දිතයන් කෙරෙහි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ පැවතියේ බලවත් දයානුකම්පාවකි, දැඩි අවධානයකි. දිවි අහිමිවූවන් කතෝලික විරුවන් ලෙස වතිකානය මගින් නම් කරනු ලැබුවේ ඒ නිසාය. උන් වහන්සේ දිවිසැරියෙන් සමුගත්තේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ හයවැනි සමරුව දා වීමද විශේෂයකි.

අරමුදල් දිළින්දන්ට

පාප් වහන්සේ විවිධ පරිත්‍යාග හා දානපතියන්ගේ දායකත්වයන් නිසා හිමිකරගෙන ඇති මුල්‍යමය වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් පමණ බව අන්තර්ජාතික වාර්තා පෙන්වා දෙයි. මේ ධනය සෑම විටෙකම ලොව පුරා අඩු වරප්‍රසාද සහිත ජනතාවගේ ජිවිත සුඛිත මුදිත කිරීම සඳහා යෙදවුණු බව උන්වහන්සේගේ සමිතපමයෝ පෙන්වා දෙති. පාප් වහන්සේ තුළ නිරතුරුවම දක්නට ලැබුණේ දිළින්දන් වෙනුවෙන් කැපවිය යුතුය යන අදිටනයි. ඒ හා බැඳුණු දැඩි කැපවීමයි. මේ සියල්ල සලකා බැලීමේදී,  ධනයට නොව දානපතිත්වයට උන්වහන්සේ නිරතුරුව කැපවී සිටියහ. උන් වහන්සේ හා බැඳුණු පුද්ගලයන් හා ආගමික සංවිධානද එම මාර්ගයෙහි යාමට පෙළඹී තිබීම සුවිශේෂී කරුණකි. සරළ උදාහරණයක් වෙන්නේ, උන්වහන්සේ අත්සන තබා ආසිරි ගැන්වූ ‘හාලි ඩේවිඩ්සන්’ යතුරු පැදියක් පුණ්‍යායතනයක් විසින් වෙන්දේසිකොට යුරෝ 46000 ක මුදලක් ලබා, එය අප්‍රිකාවේ අනාථ දරුවන්ගේ අධ්‍යාපනය නැංවීම සඳහා යෙදවීමයි. එම උදාහරණ දහස් ගණනකින් එකක් පමණි. දිළින්දන් අවුවෙන් වැස්සෙන් ආරක්ෂා කිරීමට එසවු මුතු කුඩයක් මෙන් සිටි පාප් වහන්සේගේ වියෝව, ලොව පුරා දිළින්දන් නැවතත් අනාරක්ෂිත තැනකට තල්ලු‍ කරන්නේද යන්න සංවාදයට ලක්වූ කරුණකි.

සරළ බවට මුල්තැන

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ තිබු සුඛ විහරණ පවා පිළි නොගත්හ. උන්වහන්සේ ‘පෝප් ලිමුසීන්’ සුඛෝපභෝගි රථය භාවිත නොකළහ. බොහෝ විට සෙසූ කාදිනල්වරු සමග බස්රියෙන්, වෑන් රියකින් ගමන් කිරීමට පෙලඹුණහ. උන්වහන්සේ විසු ‘සන්තා මරියා කාසා’ කුටියද මහා සුඛ විහරණයන්ගෙන් යුත් මන්දිරයක් නොවේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙන්ම උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක ප්‍රථම පාප්තුමන් වූ ශාන්ත පීතර තුමන්ගේ මග යමින්, ලෝකයට ආලෝකයක් වීම ෆ්‍රැන්සිස් පියාණන්ගේ ඒකායන අරමුණ බව උන්වහන්සේ ඇසුරු කළ සමිපතමයෝ පවසති. වතිකානය හා කතෝලික ආගම නව ගෝලීය රටාව තුළ සුවිශේෂි තැනක තබමින් සමුගන්නා උන් වහන්සේගේ මෙහෙවර ඉදිරියේදී එම පදවිය භාර ගන්නා අනුප්‍රාප්තිකයා කෙසේ ඉදිරියට ගෙනයනු ඇත්ද, එසේත් නැත්නම් වෙනත් මගකට යොමු කරනු ඇද්ද නැතහොත් ආපසු හරවනු ඇද්ද යන්න  කිතු බැතිමත්හු සහ ලෝක ජනතාව විමසිල්ලෙන් බලා සිටිති.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

 



අදහස් (0)

සදා නිහඬ වූ හඬක් නැත්තන්ගේ හඬ

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දු - පකිස්තාන යුද්ධයක පෙරනිමිති
2025 අප්‍රේල් මස 28 18 0

ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන “රජය” සහ එරට “අයි.එස්.” අංශය සිට


සදා නිහඬ වූ හඬක් නැත්තන්ගේ හඬ
2025 අප්‍රේල් මස 28 5 0

අප කුඩා කාලයේ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විෂය සඳහා භාවිත කළ අන්තර්ජාතික කෘතියකි, ප්‍රංශ කතුවර වික්ටර් හියුගෝගේ Les Misérables හෙවත්, අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ලය


ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම
2025 අප්‍රේල් මස 28 5 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී ති


ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 20 56 0

චීනය ප්‍රහාරක මාවතට අවතීර්ණ වී තිබේ. වෙළෙඳ යුද්ධය හරහා ලෝකයට ලැබෙන ප්‍රධාන පණිවුඩය එයයි. මෙතෙක් චීනය ඇමෙරිකානු හා බටහිර රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හමු


බද්දක් වෙතොත් ගෙවිය යුතු පාරිභෝගිකයාය
2025 අප්‍රේල් මස 20 24 0

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පාලනය කිරීම සඳහා මහජනතාව මත බදු පැනැවීමේ ක්‍රමවේදය ආණ්ඩුව තෝරා ගත්තේය. දැන් ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ වේ. ඇමරිකාවේ ආණ්ඩු බ


ට්‍රම්ප් පැරදුණාද?
2025 අප්‍රේල් මස 16 62 0

ට්‍රම්ප් දැවැන්ත ‘යූ ටර්න්’ එකක් ගසා තිබේ. ඒ මහා බ්‍රේක් පාරක්ද සමගිනි. ඔහු බදු පැනෙව්වේය. ලෝකය බියපත් කළේය. ලොව පුරා කොටස් වෙළෙඳපොළවල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 105 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 28 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1062 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site