කාව්‍යයේ දී චිත්තරූප ( imagery ) යනු කවියා ගේ පෞද්ගලික අදහස් ,අර්ථකථන,නිගමන,ප්‍රකාශ යනආදි සියල්ල මැඬ නැගෙන සංඥා සමූහයකි.කවියන් මෙකී චිත්තරූප හෙවත් ඉන්ද්‍රීයරූප භාවිත කරනුයේ යම් ඓන්ද්‍රීය අත්විඳීමක් සඳහා රසිකයා ඇදගැනීමට ය.ඒවා ඇස,කන,නාසය,දිව, සිරුර යන පාර්ශ්ව අමතා යම් යම් සේයාරූ නොහොත් snapshots ලබා දෙයි.එකී සේයාරූ කවියේ අර්ථය පිළිබඳ යම් දැනැවීමක් පිණිස නියෝජිත කාර්‍යයක යෙදැතැ යි කීම නිවැරැදි ය.
කවියක අර්ථය හැඩගැස්වීමට මෙහෙ කරන මූලධර්ම ඇත.එහෙත් චිත්තරූපය යනු කවියේ අර්ථය ම වෙයි.එය නොමැති ව,කවියක් ද නො වනු ඇත.( The other elements help to shape the meaning ; the image is the meaning.Without it the poem would not be )සැබෑ කවියක චිත්තරූප හුදු අලංකාර හෝ සැරැසිලි නො වේ.කවියේ අර්ථ කණිකා දරා සිටිනුයේ ඒවා ය.
හයිකු මාර්ගයේ දී හෝ සංක්ෂිප්ත කවියක දී,වචනයෙන් පැවැසිය නොහැකි තතු ජනනය කිරීමට චිත්තරූප සමත් වෙයි.නිදසුනක් ලෙස ජෙෆ් විට්කින් නම් ඇමරිකා හයිකු කවියා ගේ උක්ත නිමැවුම සලකමු.
ගොම්මන:
පිරිතිරී ගිය හිම මත
පිරෙයි මීදුම නිම්නයක
මේ පාද තුනේ ම වන චිත්තරූප සාමූහික ව අප තුළ දනවන්නේ මහා නිශ්චලත්වය ,නිශ්ශබ්දතාව හා,ඒ භූමියේ පැතිරි ගොම්මන් ඇඳිරි ස්වභාවය යි.මේ ඉන්ද්‍රීයරූප විවිධ මනෝගත චිත්‍ර අප තුළ ප්‍රක්ෂේපණයට සමත් වෙයි.හිමපතනයෙන් විසංඥ භාවයට පත් අනන්ත හුදෙකලා බිම් පෙතක්,ඒ මත පැතිර ගන වූ හිම,මීදුම්බර නිම්නය,සැඳෑ මඳ එළිය, යන ඇඟැවුම් අපේ භාවලෝකයේ ඇති කරන්නේ ප්‍රබෝධයක් නො වේ.එය දිගු පුළුල් ඇඳිරි සුසාන භූමියක ස්වභාවය යමකුට සිහිපත් කරයි.තවත් කිසිවකුට මරණයා ගේ අඩවියක් ලෙස මෙය හැඟී යා හැකි ය.කවියා ගේ ඉදිරිපත් වීම් වෙනුවට යම් අරුතක් දනවන ඉඟිලෑම් චිත්තරූපික ක්‍රමෝපායයන් ලෙස සැලැකිය හැකි ය.ධ්වනිවාදයේ දී "ව්‍යංජක" යනුවෙන් පැවැසුණේ මෙකී චිත්තරූපික ක්‍රමෝපායයන් ම බව කිව යුතු ය.
සිය නිමැවුම මඟින් කවියා මැදිහත් ව කරන පැවැසුම්වලින් දුරස් ව,යම් ඇඟැවුම්කාරී උක්තීන් භාවිත කිරීම චිත්තරූපික මාර්ගය වෙයි.රණවීර කවියා ගේ "කාර්යාල කාර්‍ය සහායක ගේ මරණය " නම් නිමැවුමක් ඇත.කාර්යාල සහායකයා ගේ අවමඟුලට යන නිලධරයනට බසයෙන් බට කල හමු වන හාත්පස දර්ශනය දෘශ්‍යාත්මක චිත්තරූප මඟින් රණවීරයන් මෙ සේ අප තුළ මවාලයි.
" නියඟය දපාගෙන හිඳින
වෙල් එළිය හරහා වැටුණු
නිරන්තර පා මැඬුමෙන්
සුදු වුණු නියර දිගේ ගොස්
හිඳී බීගත් මළ දොළින් පැන"
එකී පුද්ගලයා ගේ මරණය හෝ ඊට හේතු,ඔහු ගෙවූ ජීවිතය කවරක් ද යන කිසිවක් මෙහි දී කවියා අපට නො පවසයි.ඒ වෙනුවට පෙර කී දෘෂ්ටිගෝචර චිත්තරූප ආදේශ කරයි.ඔහු ගේ ජීවිතය පසුබිම් කොට පැවැති "නියඟය",අපමණ දුෂ්කරතා පිළිබඳ කේන්ද්‍රීය සංඥාවක් කවියා අප ගේ සංවේදනා පථයට මෙලෙස පතිත කරයි."සුදු වුණු නියර", "හිඳී බීගත් මළ දොළ" වැනි චිත්තරූප ,මළ තැනැත්තා ගේ ජීවිතය පිළිබඳ වෙසෙස් ඇඟැවුම් ය. කා.කා.ස ගේ මරණයට හේතු වූ කරුණ ගැන ඉඟියක් අනතුරු ව එන මේ ශ්‍රව්‍ය චිත්තරූප කෙරෙන් ධ්වනනය වෙයි.
"ගිලුණු නෙත කෙවෙනි තුළ
කසිප්පුවෙන් ඉදිමුණු නෙතින්
හතර පස් දෙනකු තැන තැන
දොඩන වාචාල බස් කපාගෙන...."
කා කා ස ද ඔවුන් ගේ මිතුරු කට්ටුවෙහි කෙනෙකැ යි යන දැනැවීම මෙමඟින් අප තුළ පහළ නො වේ ද?
චිත්තරූප පිළිබඳ ප්‍රස්තුතයේ දී, වික්ටෝරියන් සමයට ගැනෙන ඉංග්‍රිසි කවියකු හා නාට්‍ය රචකයකු වූ රොබට් බ්‍රවුනිං ( 1812 - 1889) ගේ සුප්‍රකට කාව්‍ය නිර්මාණයක් වන Meeting at night (සැඳෑ හමුව) ද සිහිපත් වෙයි.
" The grey sea and the long black land ;
And the yellow half - moon large and low ;
And the startled little waves that leap
In fiery ringlets from their sleep,
As I gain the cove with pushing prow,
And quench its speed i' the slushy sand.
Then the mile of warm sea - scented beach ;
Three fields to cross till a farm appears ;
A tap at the pain,the quick sharp scratch
And blue spurt of a lighted match,
And a voice less loud , through its joys and fears,
Than the two hearts beating each to each !"
මවිසින් වඩාත් නිදහස් ව කැරුණු මේ කවියේ අනුවාදය ද ඔබට ඉදිරිපත් කරමි.
" අළු පැහැ මහ මුහුද දිගු අඳුරු ගොඩබිම ;
නුබ පහළ විසල් කහ අඩසඳ;
ඔරුව දියකඳ කපා වැල්ල මත රැඳුණු විට
නිදි බිඳී ඇවිස්සුණු තිගැස්සුණ සිහිනි රළ
වැතිර පැතිරෙයි තෙතැති වෙරළ වැලිතලය පිස
උණු කරදිය සුවඳගත් වෙරළතින්
මයිලයක ගමනක් ය ඉනික්බිති
ගොවිපොළක් පෙනෙන තෙක්
කෙත් තුනක් හරහා යන
ඉදිරි දොර වෙත පැමිණ සන් කරමි
සරස් ගා එක් වර ම ඇරෙයි දොර
ගිනිකූර අග දිලෙන එළිය දෙයි නිල් දලුව
ප්‍රමෝදය බිය එතූණු හදවතට හදවතක්
වදන් හඬ ඉක්මවා එකට එක් වී ගැහෙන "
මේ වනාහි ආදරය පිළිබඳ කවියක් වුවත්,ඒ ගැන වදනක් හෝ නො පවසන කවියකි.යමකු ආදරයෙන් බැඳීගත් කල ,ඔහුට හාත්පස සියල්ලෙහි යම් මිහිරක්,වෙනදා නො වූ සෞන්දර්යයක් ඇතැ යි හැඟේ.එවැන්නකුට ඉතා සුළු දෙයෙහි පවා යම් විස්මයක් ඇතැයි හඟී.හේ , තම පෙම්වතිය ලොව අගනා ම වස්තුව ලෙස සිතයි.ඇය වෙසෙන නිවහන කරා යන මඟ අල්ප වූ දසුනක් වුව,අතිරමණීය ලෙස ඔහුට දැනෙයි.එවැන්නියක දැක්මට බොහෝ දිගු මංවල,අනෙක බාධා නො සලකා ඇවිද යෑමට පෙම්වතෙක් පසුබට නො වේ.එබඳු ගමනක දී තම දෑසට හමු වන දසුන්,හඬ, සුවඳ යන මේ සියල්ලෙහි වෙනදා නො වූ අමුත්තකි.
මේ කවියෙහි එබඳු පෙම්වතකු ගේ ගමන හා ඒ ගමනේ දී හමු වන දෑ කෙරෙහි යොමු වීම යන ආකාර දෙක ප්‍රමුඛ වේ.සිය හදගත් යුවතිය ගැන හෝ තම සිත තුළ උතුරා යන හැඟුම් කිසිවක් අනවශ්‍ය ලෙස වදන් බහුල කොට කීමක් ද මෙහි නො වේ.මෙහි දී කවියා තම අත්විඳීම සන්නිවේදනය කරන අයුර අප කා හටත් මහරු අභ්‍යාසයක් වෙයි.
අළු පැහැ සාගරය,දිගු අඳුරු ගොඩබිම,කහ අඩසඳ,තිගැස්සුණ සිහින් රළ,උණු කරදිය සුවඳගත් වෙරළ තීරය යන සියල්ල පසිඳුරන්ට ම හසු වන ඉන්ද්‍රීයරූපාවලියකි.එහෙත් තමා නිමැවූ එකී චිත්තරූපික පරිසරය යම් අන්‍ය වූ කාව්‍යෝචිත අභිප්‍රායයක් කරා යොමු කිරීමට රොබට් බ්‍රවුනිං කවියා මෙහි දී ප්‍ර්‍රෝත්සාහී නො වී ඇති බව ද කිව යුතු ය.
සිංහල නිදහස් කවියට මෙතෙක් අවිෂය විණැ යි හැඟෙන වස්තුවිෂයයක් සහිත ව මවිසින් නිමැවුණු කවියක් පිළිබඳ සටහනක් මෙවර ඉදිරිපත් කරනු රිසියෙමි . ඒ, එකී නිමැවුම ඔ
කාව්‍යයේ දී චිත්තරූප ( imagery ) යනු කවියා ගේ පෞද්ගලික අදහස් ,අර්ථකථන,නිගමන,ප්‍රකාශ යනආදි සියල්ල මැඬ නැගෙන සංඥා සමූහයකි.කවියන් මෙකී චිත්තරූප හෙවත් ඉන්ද්‍රී
අතිශය ඌන සමාජ සම්බන්ධතා සහිත නොදියුණු ලෝකයක් කරා ආපසු යෑම සුදුසු යැ යි ප්‍රමුඛ දේශපාලන දාර්ශනිකයකු වූ රූසෝ නිර්දේශ කෙළේ ය.ඒ 18 වැනි සියවසේ ප්‍රංශයේ පැවැ
ලොව උස ම භූමිභාගය වන කත්මණ්ඩු මිටියාවතේ සංචාරයක නියැළී, මීටර පන් දහස ඉක්ම වූ තැන පැතිර පැවැති අනන්තාපරිමාණ නිශ්ශබ්දතාව හා අබිරහස අත්විඳි නිරෝධ නම් හිම
ජපානයේ මූල කාව්‍ය මාර්ගය වූ වකා හෙවත් ටන්කා සම්ප්‍රදායයෙන් අනතුරු ව, 13 වැනි සියවසේ දී එක් වෙසෙස් කාව්‍ය විලාසයක් පෙරමුණට පැමිණියේ ය.හෙයිඅන් යුගය ( 794 - 1191)
අවරදිග ලෝකයේ පවා මහත් අවධානයට පාත්‍ර වූ ජපන් කිවියර ’’ර්යෝකන් තයිගු’’ (1758 - 1837 ) ස්වභාව ලෝකයේ නිසග සුන්දරත්වය හා මුසු ව විසූ හුදෙකලා සෙන් තපස්වී කෙනෙක් වි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කවියේ අර්ථයට වගකියන චිත්තරූප