ලොව උස ම භූමිභාගය වන කත්මණ්ඩු මිටියාවතේ සංචාරයක නියැළී, මීටර පන් දහස ඉක්ම වූ තැන පැතිර පැවැති අනන්තාපරිමාණ නිශ්ශබ්දතාව හා අබිරහස අත්විඳි නිරෝධ නම් හිමිනම වරක් මට හමු විය.උන්වහන්සේ පෙරාපර දෙදිග දර්ශනය හා ලෝක සාහිත්‍යය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් සහිත යතිවරයෙක් වූහ. එහිමි තාවකාලික ව වැඩ හුන් ආවාස ගෙයට නුදුරු සිහිල් අංගණයෙහි දී එක් සැඳෑවක සිදු කළ සංලාපයෙන් සැකැසුණු සටහනකි මේ.
අඩි 29,029ක් වන ලොව අග්‍රතම ගිරි ශිඛරය ,සදාතන ධවල හිමතලයෙන් වැසී,පරිවාර කඳු මුදුන් සමඟ ඈතින් මතු වනු දුටු මොහොතේ ඇති වුණු හැඟීම කෙබඳු ද , ඒ හැඟීම වචනයට නැඟිය හැකි ද යන්න නිරෝධ හිමියන් ගෙන් මම පළමු ව ඇසීමි.ඒ හිමියෝ මගේ ප්‍රශ්නය හමුවේ නිරුත්තර ව දෙඅත්ල දෙපසට විදහමින් උරහිස් හැකිළූහ.ලෝක භාෂා පහක පමණ අවබෝධයක් සහිත එහිමි ,ඒ ක්ෂණයෙහි පත් වූයේ වචන විරහිත තත්වයකට බව පැවැසී ය.
" ඒ මොහොතේ මා තුළ ඇති වුණු විස්මය ,ආහ්ලාදය වචනයට නඟන්න අපහසුයි.කිසි ම ගහක් කොළක් නැති අනන්ත තැනිබිම.... හරියට වෙන ග්‍රහලෝකයක් වගෙයි....! කුරුලු හඬක් පවා නැති මළ ලොවක්...නිහැඬියාව කන් අගුලු වැටෙන තරම් දැඩියි.ඒ අතරෙ ඈතින් මතු ව පෙනුණු හිමගිර මා වචන නැත්තකු බවට පත් කළා. මට කියැවුණේ "ආහ්" යන්න පමණයි ."
" ඇයි හාමුදුරුවනේ ඒ ක්ෂණය භාෂාවෙන් දක්වන්න බැරි ?"
"ඇත්තෙන් ම එබඳු සෞන්දර්යාත්මක මොහොතකදි වචන දහස් ගණනින් යුත් භාෂාව බෙහෙවින් අපොහොසත් එකක් බවට පත් වනවා.ඒ වගේ විශේෂිත සෞන්දර්යාත්මක මොහොතක් "සතොරි" අවස්ථාවක් ලෙසත් හඳුන්වන්න පුළුවන් .එබඳු ඒක්ෂණ වින්දනයක් වචන රැසකට අයත් වෙන්නෙ නැහැ .ඒක අවිඥානයෙ විවෘත වීමට ඉඩ සැලැසුණු ක්ෂණයක්.කඳුකරයේ හිරු බසින මොහොතක දී,සඳ එළිය හාත්පස පැතිර ඇති මහා භූමියක දී අප තුළ ක්ෂණික ව ඇති වන අමන්දානන්දය ප්‍රකාශ වන්නෙ ආහ් යනුවෙන්.ah -ness කියලත් ඒ ප්‍රකාශ වීම හඳුන්වනවා.ඇනා බාර්ටන් කියන ඇමෙරිකා කිවිඳිය ලියූ එක් හයිකු හැඩයේ කවියක් තිබෙනවා. ඒ කවිය මේ අපේ විෂයයට ගැළපෙනවා.
" Autumn horizon
Hill beyond hill
Each in deeper mist
( සරත් කල සිතිජය
ගිරි දුදුළු ගිරි දුදුළු
මීදුමේ ගැඹුරේ ගිලී)
මා මුහුණ දුන් අප්‍රමාණ සෞන්දර්ය මොහොත භාෂාවෙන් ගන්නව නම් මේ වගෙ කවියක් තමයි සුදුසු.භාෂාව මියගිය යමක් ලෙස සැලකීමක් හයිකු රීතියේ තිබෙනව.බලන්න සෙන් අධ්‍යාත්මයට ළං නොවුණත් මේ කවිය ඒ කිවිඳිය ගේ අභ්‍යන්තර විදර්ශනාවේ ඵලයක්.එ සේ නැතිව තමා දුටු දසුන වචනයට නැඟීමක් නොවෙයි.මෙය කිවිඳිය දුටු හදිසි දැක්මක් .නිමේෂගත දැක්මක් .ඇය එතැන ඒ මොහොතේ පැවැතුණු සුන්දරත්වයෙන් මිරිකුණු බවකුත් මෙහි නැහැ .පැවැත්ම වචන බවට පරිවර්තනය කරන්නෙ නැහැ. මේ කවිය.තමා අබිමුව මීදුම් බැඳුණු ගිරි දුදුළු දැකීමෙන් උපදින විමතිය ඇය ගේ අධ්‍යාත්මයෙන් ම පැනනැඟුණක් බව හැඟෙනව."
භාෂාවක් නොමැති ව බැහැර ලෝකයේ පැවැතුම් ,සිද්ධීන් ඊට හිමි අවස්ථාවේ ම පවතින්නට ඉඩ දිය යුතු ය යන්න ,සෙන් ධර්මය පිළිබඳ පුළුල් වැටැහීමකින් යුතු නිරෝධ හිමියන් ගේ අදහස විය.අත්‍යන්ත නිශ්චලත්වය හා බැඳුණු ස්වභාවධර්මයා ගේ නිර්වාචක ලෝකය ,වදන් රැහැනින් ගැනීමේ නිශ්ඵල භාවය නිරෝධ හිමි අවධාරණය කෙළේ ය.
" භාෂාව සමඟ අප කරන්නෙ යමක ගැලීම නැත්නම් පිහිටා සිටීම.හයිකු කවිය භාෂාවෙ නොපිහිටා ,එය චිත්තරූපික ලෙස ගන්නවා. අප දැක්වූ කවිය ,සරත් කල අනේක ගිරි දුර්ග මීදුමේ ගැඹුරේ ගිලී ගිය බව පවසන්නෙ ,එමඟින් ලෝක ස්වභාවය පිළිබඳ යම් ඉඟියක් සම්පාදනය කරන්නයි.මෙහි දී" සරත් කල " ඍතු සූචක පදයක් වගෙ ම චිත්ත රූපයකුත් වනව.සරත් කල කියන්නෙ අවපක්ෂයේ සංවේදනා ජනනය කරන චිත්ත රූපයක්.ධර්මයන් ගේ අවපාත සමය සරත් කල යන්නෙන් ඇඟැවෙනව.මීදුමට හසු නො වී ඉන්න මහ ගිරිකුළුවලට පවා නොහැකි බවට සංඥාකාරක යකුත් මේ කුඩා නිමැවුමේ තිබෙනව පුළුල් භාෂාත්මක ප්‍රකරණයකින් දැක්වීමට අවශ්‍ය යමක් මේ කවිය වචන නවයකින් අඟවනව."
අපි මල් දකිමින් ඒවා වචනයට නඟමු.කඳු දකිමින් ඒවා වදන්වලට නඟමු.භාෂාව වැඩියෙන් යොදමින් අප කරනුයේ ඒවාට හිමි දිව්‍යමය මොහොත පැරැණි වදන්වලින් අතීතය වෙත ඇද දැමීමකි.හයිකු කවියා කරනුයේ ඉන්ද්‍රීයරූප දෙක තුනකින් ගොඩනැඟෙන බසකින් යම් ඒක්ෂණ අවස්ථාවක් හසු කරගැනීම ය.එබඳු තවත් කවක් නිරෝධ හිමි සිහිපත් කෙළේ ය.
" Slowly
the sunset spreads
endless prairie "
(පැතිරෙයි හිරුබැස්ම
අනන්ත තැනිබිමෙහි
සෙමෙන් )
"මේ හයිකු ගණයේ කව "මාක් ඇලන් ඔස්ටර්හෑන්ඩ්ස්" නම් ඇමරිකා කවියගෙ.
මේ කවියත් නිමේෂගත අවස්ථාවක් ස්පර්ශ කරන්නක්.හිරු සෙමෙන් අවරපත් වෙමින් තිබෙනවා.අනන්ත තැනිබිමේ ඒ රත් පැහැය ගලාගිහින්.මෙයත් සියලු පැවැතුම්වලට සාධාරණ, අභාවය අඟවන චිත්තරූපික නිමැවුමක්."
සාමාන්‍ය කථනයේ හා ලේඛනයේ භාෂාව නොමැති ව මෙලොව කිසිවක් කළ නොහැකි බව සත්‍යයකි.එය සන්නිවේදනයේ ලා අත්‍යවශ්‍ය මෙවලමකි.එහෙත් එයට ජීවිතයේ ඉෂ්ටාර්ථය විය නොහැකි ය.එයට හැකි වන්නෙ මෙහෙ කිරීම පමණි.එය අපි කවර විටෙක හෝ අපේ හදවත්හි ඇති දෑ බැහැරට වැගිරවීමට භාවිත නො කරමු.කථනයේ දී හෝ ලිවීමෙහි දී භාවිත කරන බසෙහි ඇති අපොහොසත් බව නොහඟින්නෙකුට ජීවිතයේ හෝ ප්‍රකෘතියේ අබිරහස වෙත යොමු වූ භාවලෝකයක් නැතැ යි නිරෝධ හිමි කී ය.
"ලෝකය සෙමෙන් කෙමෙන් රේඛීය භාවයට පත් වන විට ,කාව්‍යය එහි අර්ථය අපට අහිමි කරන බව ඕෂෝ ගේ දේශන කෙරෙන් හෙළි වෙනව.ඒ ගැන ඔබවහන්සේ පවසන්නෙ කුමක් ද?"
"තොරතුරු හා දැනුම ඇසුරේ ම නිරර්ථක ජීවිතයක ඇරැඹුම සිදු වෙනවය කියල ඕෂෝ පැවසුවා.නූතන මනසේ අනවරත අර්ථශුන්‍යත්වයේ ස්වභාවය ඒකයි.මනස ඉතා දිළිඳුයි,මනස යදියෙක්.ඉතා සුළු නොවැදගත් දෙයින් යැපෙනව.එය භාෂාවේ වැඩට ගත හැකි අංශය ම යි සලකන්නෙ.මේ නිසා අප තුළ ම වන සුකුමාර බවක් ,සියුමැලි බවක් අපෙන් ඈත් ව යනව.දෛනික භාෂාවේ ලෝකය ,ඔබේ හදවතේ අපැහැදිලි අවිනිශ්චිත ලෝකය අත්හැරීමට බලකරන සාධකයක් වී තිබෙනව.නිෂ්ඵල වචන ගොඩවල් වගේ නිර්මාණ ,මහත් ඇල්මෙන් විවරණය කරන ප්‍රවීණ විචාරකයන් බිහි වන්නෙත් මේ ස්වභාවය ඇසුරේ ම යි."
" එනමුත් ජීවිත ලෝකයේ අබිරහස කෙ සේ නම් මඟහරින්න දැ යි මම එහිමියන් ගෙන් ඇසීමි.
"ඔබ ජීවිතයේ අබිරහස,විමතිය කරා යොමු වෙමින් ලියන කවි ,ආගමික පාර්ශ්වයට ලඝුකිරීමක්
නුදුරේ ම සිදු වේවි.රසිකයන් නිර්මාණකරුවකු ගෙන් අපේක්ෂා කරන්නෙ මිනිසුන් ගේ අපමණ පීඩා හමුවෙි ,සාහිත්‍යයික නිර්මාණයටත් ඒ වියවුල කැඳවාගන්නා මඟ ද,නැත්නම් ජීවිත ලෝකයේ අබිරහස ස්පර්ශ කරන මඟ ද යන්න නිරවුල් ව වටහාගත් පිරිසක් අද අවශ්‍ය යි.මේ මොහොතේ අර රේඛීය ලෝකය ඔබට අමතන්නෙ මිනිසුන් ගේ දුක් පීඩා වෙනුවෙන් කැප වුණු කවියකු වන්න කියලයි.එහෙත් මා කියන්නෙ ඔබේ යුගයේ සීමාවන් ගෙන් එපිටට යන්න කියල යි.එවිටයි ඔබට සැබෑ කලාවක සාරය වගෙ ම ආගමත්,විද්‍යාවත් සොයාගත හැකි වන්නෙ.
සන්තෙකා තනේදා කියන සෙන් භික්ෂුවක වූ හයිකු කවියා ඔහුගෙ Mountain tasty කියන සෙන් කාව්‍ය සංග්‍රහයෙ මෙහෙම පවසනව." සැබෑ හයිකු යනු කාව්‍යයේ ආත්මය යි.සැබැවින් ම වත්මන් පුද්ගල හදවත්හි හයිකු යැ යි යමක් නැත.සඳ බබළයි,මල් පිපෙයි,කෘමි සත්තු හඬ නඟති.දිය ගලා යයි.හයිකු යන්නෙහි සාරය එයයි.
එහි කාර්ය භාරය නොසොයන්න...! "
සිංහල නිදහස් කවියට මෙතෙක් අවිෂය විණැ යි හැඟෙන වස්තුවිෂයයක් සහිත ව මවිසින් නිමැවුණු කවියක් පිළිබඳ සටහනක් මෙවර ඉදිරිපත් කරනු රිසියෙමි . ඒ, එකී නිමැවුම ඔ
කාව්‍යයේ දී චිත්තරූප ( imagery ) යනු කවියා ගේ පෞද්ගලික අදහස් ,අර්ථකථන,නිගමන,ප්‍රකාශ යනආදි සියල්ල මැඬ නැගෙන සංඥා සමූහයකි.කවියන් මෙකී චිත්තරූප හෙවත් ඉන්ද්‍රී
අතිශය ඌන සමාජ සම්බන්ධතා සහිත නොදියුණු ලෝකයක් කරා ආපසු යෑම සුදුසු යැ යි ප්‍රමුඛ දේශපාලන දාර්ශනිකයකු වූ රූසෝ නිර්දේශ කෙළේ ය.ඒ 18 වැනි සියවසේ ප්‍රංශයේ පැවැ
ලොව උස ම භූමිභාගය වන කත්මණ්ඩු මිටියාවතේ සංචාරයක නියැළී, මීටර පන් දහස ඉක්ම වූ තැන පැතිර පැවැති අනන්තාපරිමාණ නිශ්ශබ්දතාව හා අබිරහස අත්විඳි නිරෝධ නම් හිම
ජපානයේ මූල කාව්‍ය මාර්ගය වූ වකා හෙවත් ටන්කා සම්ප්‍රදායයෙන් අනතුරු ව, 13 වැනි සියවසේ දී එක් වෙසෙස් කාව්‍ය විලාසයක් පෙරමුණට පැමිණියේ ය.හෙයිඅන් යුගය ( 794 - 1191)
අවරදිග ලෝකයේ පවා මහත් අවධානයට පාත්‍ර වූ ජපන් කිවියර ’’ර්යෝකන් තයිගු’’ (1758 - 1837 ) ස්වභාව ලෝකයේ නිසග සුන්දරත්වය හා මුසු ව විසූ හුදෙකලා සෙන් තපස්වී කෙනෙක් වි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තොරතුරු හා දැනුම හිස් ජීවිතයක ඇරැඹුම ද?